රටට හොරෙන් CEPA අත්සන් කරන ලකුණු. මෙන්න පිළිගත හැකි මූලාශ්‍ර…
Posted on September 15th, 2015

උපුටාගැණීම www.mahinda.info

සීපා ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට වෙන හානිය හේතු කොටගෙන එය අත්සන් කිරීමෙන් වැළකීමට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කටයුතු කළේය.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී ‘සීපා’ ගිවිසුම් අත්සන් කිරීමක් හෝ ඒ ගැන සාකච්ඡා කිරීමක් හෝ සිදු නොවන්නේ යයි මලික් සමරවික්‍රම මහතා පවසා තිබුණි. විස්තරය.

නමුත් සීපා ගිවිසුම ගැන සාකච්ඡා සිදුවෙන බවත්, අත්සන් කිරීමට නියමිත බවත්, පිළිගත හැකි ජනමාධ්‍ය වාර්තා බැලීමේදී පෙනී යයි. (මේවා පිළිගත හැක්කේ මුල් වාර්තා දෙක ඉන්දීය ජනමාධ්‍ය වීමත් 3 වැන්න එජාප ජනමාධ්‍යයක් වීමත් හේතුකොටගෙන ඒවා CEPA ගිවිසුමට අදාල පාර්ශවයන්ගේම මාධ්‍ය වාර්තා නිසයි). අපි ඒවා එකිනෙක බලමු.

[1]. අද දින පළවූ ඉන්දියවේ ද හින්දු” පුවත්පත රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය විස්තර කරමින් වාර්තා කර ඇත්තේ  වික්‍රමසිංහ මහතාගේ ඉන්දියා සංචාරය තුළදී දිනා ගැනීමට කැමති වැදගත් එක් කරුණක් වන්නේ සීපා ගිවිසුම ලෙසිනි.

It is in these circumstances that Mr. Wickremesinghe is visiting India. A Comprehensive Economic Partnership Agreement (CEPA) will be one of the important issues that India would like to clinch during this visit.

source: 2015/09/15 thehindu.com / archive.org 

(වෙබ් අඩවියක තිබෙන දෑ ඕනෑම මොහොතක පහසුවෙන් වෙනස් කළ හැකි නිසා සෑම විටම මූලාශ්‍රයක් පරිශීලනය කිරීමේදී archive.org හි save කළ ලිපිය භාවිතා කරමු. වැඩි විස්තර: Internet Archive)

 

[2]. ඉන්දියාවේ පළ වෙන ප්‍රධානතම ජාතික පුවත්පතක් වන The Indian Express” මගින් 2015/09/06 දින හෙළි කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයේදී සීපා ගිවිසුම සම්පූර්ණ කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වෙන බවයි. රනිල් වික්‍රමසිංහ මහතා සීපා ගීවිසුම සඳහා තම සහයෝගය පළ කර ඇති බවත් එහි සඳහන් වෙයි. එසේම විපක්ෂ කණ්ඩායම එය නතර කිරීමට කටයුතු කරන බවත් එහෙත් රනිල් වික්‍රමසිංහගේ ජාතික ආණ්ඩුව සමග කටයුතු කර එම ගිවිසුම ඉටු කිරීමට සූදානම් බවත් ය.  ලිපියේ අදාල කොටස පහතින්.

Sri Lankan PM Ranil Wickremesinghe to visit on Sept 14

India is likely to push for an early finalisation of the Comprehensive Economic Partnership Agreement with Sri Lanka during the September 14-16 visit of Prime Minister Ranil Wickremesinghe to New Delhi.

Wickremesinghe had expressed his support for a Comprehensive Economic Partnership Agreement (CEPA) with India only two months ago at a business forum in Colombo, asking Sri Lankan businessmen not to fear it but see it as an opportunity.

The two countries have been talking about a CEPA for several years, but Sri Lankan opposition to it stalled its finalisation. India, government sources said, will now be looking to tie up the details with Wickremesinghe’s national unity government” and work towards finalising the agreement.

source: 2015/09/06 indianexpress.com / archive.org

 

[3]. එක්සත් ජාතිකපක්ෂයෙන් පත් වූ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට අයත් සන්ඩේ ටයිම්ස් පුවත්පත් වෙබ් අඩවියේ දැක්වෙන්නේත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම කෙරෙහි අවධානය යොමු කරන බවයි. ඒ බව නියෝජ්‍ය විදේශ ආමත්‍ය හර්ෂ ද සිල්වා මහතාත් තහවුරු කර තිබේ.  මූලාශ්‍රය: 2015/09/13 sundaytimes.lk / archive.org

 

සීපා ගිවිසුම ගැන සාකච්ඡා කිරීමක්වත් සිදු නොවන බව මලික් සමරවික්‍රම මහතා පැවසුවද, ඉහත මූලාශ්‍ර අනුවනම් පෙනී යන්නේ සීපා ගිවිසුම ගැන අනිවාර්යයෙන්ම සාකච්ඡා සිදුවෙන බවත් හොර රහසේම අත්සන් කරන බවත් ය.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

One Response to “රටට හොරෙන් CEPA අත්සන් කරන ලකුණු. මෙන්න පිළිගත හැකි මූලාශ්‍ර…”

  1. helaya Says:

    Ane BURU Ranil. Do you have GOMA in your brain.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress