මහින්දෝදයට මඩ ගහන අයට NCASL එකෙන් අභියෝගයක්. හැකිනම් එම මුදලට හදා පෙන්වනු!
Posted on September 21st, 2015

උපුටාගැණීම www.mahinda.info

මහින්දෝදය ඉදිකිරීම්වලදී දූෂණ අක්‍රමිකතා වූ බවට චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා – ජාතික ඉදිකිරීම් සංගමය කියයි” මැයෙන් යුතුව මහින්දෝදය විද්‍යාගාර වලට එරෙහිව චෝදනා කරන උදවියට පිළිතුරු ලිපියක් දිවයින පුවත්පතේ පළ වී තිබේ.

පසුගිය රජයේ පාලන කාලයේදී රාජ්‍ය පාසල් සඳහා ඉදිකරනු ලැබූ මහින්දොaදය විද්‍යාගාර ඉදිකිරීමේදී දූෂණ හා අක්‍රමිකතා සිදුවී ඇතැයි ඇතැම් දේශපාලකයන් හා වෘත්තීය සමිති නියෝජිතයන් එල්ල කර සිටින චෝදනා තම සංගමය ප්‍රතික්‍ෂේප කරන බව එම ඉදිකිරීම් කටයුතු කළ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසා සිටී.

එහි සභාපති දේශමාන්‍ය ආචාර්ය සුනිල් ලියනආරච්චි මහතා ඒ පිළිබඳව අදහස්‌ දක්‌වමින් පවසා සිටියේ තම සංගමයේ සාමාජිකත්වය දරන ඉදිකිරීම් ආයතන හා සමාගම් 3000 ක්‌ පමණ පවතින බවත් එම ආයතන අතුරෙන් කීපයක්‌ මෙම විද්‍යාගාර ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතු සිදු කළ බවත් ය.

මෙම විද්‍යාගාරයන් ඉදිකිරීම සඳහා රුපියල් ලක්‍ෂ 100 කට අධික මුදලක්‌ වැයවන බවට රාජ්‍ය ආයතන ඇස්‌තමේන්තු කර තිබියදී ලක්‍ෂ 80 ක්‌ වැනි ඇස්‌තමේන්තුවක්‌ යටතේ එම ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට තම සංගමයට අයත් ඉදිකිරීම් ආයතන කැමැති කරවා ගැනීමට හැකි වූ බව ද සුනිල් ලියනාරච්චි මහතා පවසයි.

මෙම ව්‍යාපෘතියට තම සංගමය සහය දැක්‌වූයේ රජයේ සංවර්ධන වැඩ පිළිවෙලට සහාය දැක්‌වීමක්‌ වශයෙන් බව ද හෙතෙම කියා සිටී.

ඒ සඳහා සංගමයේ සහෝදර ඉදිකිරීම් ආයතන තමන් වෙත කරුණු තුනක්‌ ඉදිරිපත් කළ බව ද ඒ අනුව මෙම ඉදිකිරීම්වලදී තමා ඉගෙන ගත් පාසල, තම දුවා දරුවන් ඉගෙන ගත් පාසල හා තම ආයතනයට හෝ කාර්යාලයට ආසන්නව පවතින පාසල් දෙස අවධානය යොමු කර මෙම කටයුත්ත සිදු කළ බව ද සුනිල් ලියනාරච්චි මහතා පවසයි.

අදාළ ඉදිකිරීම් ජාතික ඉදිකිරීම් සංගමයේ අධීක්‍ෂණය යටතේ ඉදිකළ බවත් රු. ලක්‍ෂ 80 ක්‌ වැනි ඇස්‌තමේන්තුවක්‌ යටතේ සිදු කළ ඉදිකිරීම් පහසු කර ගැනීම සඳහා උපකරණ හා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී අදාළ ආයතන දැනුවත් කර අවම මිල ගණන් යටතේ ඒවා මිලදී ගැනීමට සංගමය හැම විටම කටයුතු කළ බවත් හෙතෙම කියා සිටී.

මෙවැනි ඇස්‌තමේන්තුවක්‌ යටතේ එවැනි ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීම අපහසු කරුණක්‌ වන බවත් පෙන්වා දෙන සභාපතිවරයා ඒ පිළිබඳව චෝදනා කර සිටින අයට එවැනි ගොඩනැඟිල්ලක්‌ එම ඇස්‌තමේන්තු යටතේ ඉදිකර පෙන්වා දෙන ලෙසත් අභියෝග කරන බව ද සඳහන් කළේය.

කුඩා ප්‍රමාණයේ ඉදිකිරීම් ආයතන අටසීයක මෙහෙයවීමෙන් විනිවිදභාවයකින් යුතුව මහා පරිමාණ ව්‍යාපෘතියක්‌ ලෙස මහින්දොaදය විද්‍යාගාර ඉදිකිරීමේ කටයුතු සුළු කාලයකින් නිමා කිරීමට හැකිවීම ගැන සතුටු වන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress