නියමිත දර්ශනයක් නැති ආරෝපිත නායකයෝ මංමුලාවී අවසානයේ පස්චාත්තාපයට පත්වෙති
Posted on November 15th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

මාදුළුවාවේ සෝභිත හිමියන් ගැන  මේ වන විට  ඇති ත රම්  ලියවී  ඇත  එතුමෝ කලක්  සිංහල බෞද්ධයන් වෙනුවෙන්  අභීත ලෙස  පෙනී සිටියේ එවන් තවත්  දේශප්‍රේමීන් සමගය  එහෙත් එදේශ ප්රෙමීන්ට වඩා එතුමන් තුල වූ  ප්‍රසන්න පෙනුම මෙන්ම චතුර කථිකත්වය නිසා ත්    ජාතියේ මුරදෙවාතවුන් ලෙස සලකන සංඝයා වහන්සේ කෙනෙක් වූ නිසාත්  සියල්ලන් අතරින් එතුමෝ කැපී පෙනුනේය. ජාතික වාදීන් කවුරුත් හිතුවේ  එතුමෝ  නිසග බුද්ධිමතෙක්  ලෙස පැහැදිලි දර්ශනයක් මත පිහිටා කටයුතු කරන බවකි. එහෙත් එතුමන් විසින් කලේ මතුවී තිබු  ජාතික සටන  ජනප්‍රිය තලයට ගෙනයාමට උදව් වීමකි. එය අඩුපාඩුවක්ම නොවෙතත් , එවැනි අයද මේ සටනට අවශ්‍ය අය වුවත් , එවැන්නෙක් නොමග හෝ අයාලේ හෝ ගියොත්  එවැනි අය මත”’ යැපෙමින් , සිටින ”’ පරිවාර ජනයා  අන්දුන්කුන්දුන් වෙනවා පමණක් නොව  විස්සොපයටද පත්වෙති .
                                                               සෝභිත හිමියෝ  නියම ජාතික දර්ශනයකින් පෝෂණය වී සිටියේ නම්  කවර දාවත්ම මේ වෙලාවේ  විධායක ජනාධිපති ධුරය අහෝසිකරන්නට වලිකන්නේ නැතුවා මෙන්ම ජාත්‍යන්තරය නැවත කොටි බලවත්කරන්නට ගන්නා උත්සාහය ගැන මුළුමහත් ජනතාවට තෙරුම්කරදීමේ කාර්ය භාරයට උරදී  කොටි පරදු  මහින්ද රැකගැනීමේ සටනට උරදිය යුතුව තිබුණි . මහින්දගේ ”’ මුල්‍ය  දුෂණ ”’  ඇත්නම් ඒවාද නිවරදිකරවා  රට ගැන සිතිය යුතුව තිබිණි. එවෙනුවට එතුමා කලේ  අලුගොසුවෙක් බඳු  රනිල් සහ චව්ර ගැහැනියක් සමග එකතුවී රට ආපසු බෙදුම්වාදීන්ට දීමට උන් සමග එකතුවීමය. කිසිසේත් එජාපය සමග එතුමා එකතුවෙයය් ජාතික වාදීන් සිතුවේ නැත.  එපමණක් ද  චම්පක හා රාජිත වැනි, විශේෂයෙන්   සින්හලයිනටත්  බෞධයිනටත්   මෙන්ම  මුලුරටතත්  වලකපන  ද්‍රෝහීන් සම පයුරු පාසාන පවත් වන්නේ නැත. රනිල් වැනි  විසිතිස් වාරයක් ජනතාව විසින් එළවා දමුවෙක් රටේ බලයටපත් කිරීමට බටහිරයන් සමග එකතුවන්නේ මොන ද්‍රෝහියාද. ඒ මොන දැක්මක් ද ? එතුමන් ව ”බ්ලැක් මේ ල් ” කලා යය් හිතමු . එහෙමත් කට කතා ඇත . එහෙමනම් ”’මේ තරම් ජවයකින් ””’ මහින්ද ඒ ලවා රනිල්  චන්ද්‍රිකා බලයට පත් කරන්නට  එතුමාට කටයුතු නොකර සිටින්නට ඉඩ තිබුනේය. –”’ කරන්නන් වාලේ  බයට ඔහේ ඇදී යන්නට ”””  තිබුනේය .
                                                      ඉතින් සිදුවුනේ  සිංහල බෞද්ධයන් ගේ උරුමය සොයා යාමේ සටන  දියාරුකර  දෙමල  මුස්ලිම් වාර්ගිකයන්ගේ  අවශ්‍යතා  ඉටුකිරීමට සුසැදි රජයක්    බිහිවීමට සෝභිත හිමියන් දායකත්වය සැප යීමය.  අහෝ එතුමන්ගේ සිංහල බෞද්ධ දායකයෝ  එතුමන්ට අමතක විය.  අවසානයේදී ”’ මහත්තයෝ අපිට වැරදුනා ”””’ යය කියමින්  පසුතැවෙන්නට  එතුමාට සිදුවිය.  වරදිමග ගියේ  දැනුවත්වමය.  තිස් වාරය ජනතාව විසින් රනිල්  ප්‍රතික්ෂේපක ලේ ජනතාවට නිවැරදි දැක්මක් තිබු නිසය්  ජනතාවට නායකත්වය දෙන යට  ඒ දැක්ම නොතිබුනේ කොහොමද .   
                                       වෙනස සැපදය් දැන් අපි නොඅසමු.    ජාතික වාදීන්ට සිදුවී ඇත්තේ පසුත්විලිවෙමින් තව කලක් ජීවත් වෙන්නටය එයම වේදනාවකි . ඔබතුමන් නම්  එවෙදනාවෙන් මිදුනේය . දැන් ඉතින් අපට යන කලදසාව  මොකක් ද.  මෙය අපට හොඳ පාඩමකි.      
                                        කොටි 227 ක්  එලියට යන්නේය.  රණවිරුවන් 17ක්  හිරගෙට යන්නේය.  රට රැකදෙමින් සටන් කල රණවිරුවන් හිරගෙදරට යවමින් කොටි නිදහස් කරන්නට කටයුතුකළ හිමියන් මේවා බලන්නට හිටියානම් මොනවා හිතෙය් ද?    ඕවා ඔහොම තමය් කියය් දා  කනගාටුවෙය් ද.    මට නම් ෂුවර්  නැත .
                                                       ප්‍රංශයට කෙලවී ඇත .අපි ත්‍රස්තයන් මර්දනය කරන විට  අපට කෙලවාන්නට ගිය ප්‍රංශයට  දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදී ඇත .. මහින්ද ප්‍රංශයට  සිය කනගාටුව පලකල ලිපියෙන්  අපි එදා වින්ද දුකද මතක් කරදී තිබීම   විශිෂ්ටය. එය නිවැරදි දැක්මකි .
   

6 Responses to “නියමිත දර්ශනයක් නැති ආරෝපිත නායකයෝ මංමුලාවී අවසානයේ පස්චාත්තාපයට පත්වෙති”

  1. Indrajith Says:

    As usual, very good writing by Senevi.
    Thank you, Senevi.

  2. Dr.K Says:

    සෝභිත හාමුදුරුවෝ අවංකව රටට ආදරයෙන් දියත්කල මෙහෙවර කෙලවර වී ඇත්තේ රටේ මහා විනාශයක දොරටුව අසලය

  3. Independent Says:

    විමල් වීරවංශ 1989 භීතියට සහභාගී වූවෙකි. නමුත් ඔබට ඔහු අද වීරයෙකි. එහි වරදක් නැත​. මෝඩයකු පසුපස ගොස් ත්‍රස්ත ක්‍රියා කලාට , ත්‍රස්තවාදය ඉවරුවූ පසු ඔහු මරාදැමිය නොහැක​.
    එසේම අල්ලාගත් කොටි තරුණියන් දූෂණය කොට මරාදැමීම රණවිරුවෙක්‍ කරයි ද ?
    එසේකලා නම් ඔහුත් ආරක්‍ෂා කල යුතුද ?

  4. Kumari Says:

    Ven. Sobitha was instrumental in misleading thousands of voters. It was too late for him and the country when he realised how deceitful the foxes were.

  5. Leela Says:

    මටත් කියන්නට අැත්තෙ සෙනවි කියූ ටිකමය.

  6. Independent Says:

    තවත් ධර්ශ්නයක් ඇති තරබාරු නායකයෙක් සහ මෙහෙමත් මෝඩ ජනතාව ක් ? !

    ෙෆ්ස්‌ බුක්‌වලට රැවටී…. ජන. 8 කරගත් මෝඩකම ගැන ජනතාව අද පසුතැවෙනවා

    – ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

    වැලිමඩ – අර්නි දඹදෙණිය

    මේ යහපාලන ආණ්‌ඩුව මොනවද දැන් කරන්නේ කියා ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් ෙෆ්ස්‌ බුක්‌ රැවටීමට ලක්‌වී ජනවාරි 8 වැනිදා කරගත් මෝඩකම ගැන ජනතාව අද පසුතැවෙන බවත් ප්‍රවාහන ඇමැති නිමල් සිsරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

    ඇමැතිවරයා මෙසේ සඳහන් කළේ ඇල්ල ඌව කරඳගොල්ල ප්‍රදේශයේ 14 දා පැවැති රැස්‌වීමකට සහභාගි වෙමිනි. එහිදී ඔහු මෙසේ ද කීවේය.

    අපි ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්‌වෙලා මේ රජයේ ඇමැති තනතුරු භාරගත්තේ සන්ධානයට සහය දුන් ජනතාවට සේවයක්‌ කරන්න මිස රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වෙන්න නොවෙයි. සන්ධානයේ මන්ත්‍රීවරු ඇමැති තනතුරු භාරගත්තේ අපිට සහය දුන් ජනතාවට සේවය කරන්නයි. එහෙම නොවුණහොත් අපේ ජනතාවට වැඩක්‌ කරගන්න දිගු කාලයක බලාගෙන ඉන්න වෙනවා.

    දැන් අපි එකතුවෙන්න ඕනේ. දැන් සිටම අපි එකතුවෙලා සන්ධාන රජයක්‌ බිහිකරගන්න කටයුතු කළ යුතුයි යෑයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

    එහිදී ඔහු මෙසේද පැවසීය..

    යහපාලන බෝඩ් ලෑල්ල ඉස්‌සරහට දාගෙන දියවන්නාව එතෙර වන්න කටයුතු කළ ඇතැම් ඇමැතිවරු අද කිසි වැඩක්‌ නොකර රජයෙන් දෙන දීමනා හා වරප්‍රසාද ලබාගෙන ඔහේ නිකමුන් වගේ බලා ඉන්නවා. ඒත් මහජනයා බලාපොරොත්තු වුණේ ඒක නෙවෙයි. යහපාලනයට ජනතාව ඡන්දය දුන්නේ ඇමැතිකම් ලබාගෙන නිකම්ම නිකන් තමන්ගේ දීමනා හා වරප්‍රසාද ලබාගෙන ඉන්න නොවෙයි. දූෂණය ගැන භීෂණය ගැන යහපාලනය ගැන කතා කරපු අය අද කෝ? ඒ කතා කරපු අය අද පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. අපිත් අද බලාගෙන ඉන්නේ මේ යහපාලනයෙන් මොකක්‌ද වෙන්නේ කියලා.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය අනුව ආණ්‌ඩුවට එකතු වෙන්න අපි තීරණය කළා. ඒ කළේ අපි තමුන්නාන්සේලාට යමක්‌ ඉටුකර දෙන්න.

    මේක අපේ ආණ්‌ඩුවක්‌ නොවෙයි. අපි ජාතික ආණ්‌ඩුවකට ගියා කියලා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දියවෙන්නෙ දෙන්න බැහැ. අපි ජාතික ආණ්‌ඩුවට ගියා කියල පක්‍ෂය අලියට ඡන්දය දෙන්න කියන්නේ නැහැ. අපේ බලාපොරොත්තුව ඒකයි. අද ජවිපෙ කෑලි කෑලිවලට කැඩිලා. සීනුව තිබුණ තැනක්‌වත් නැහැ. මෛත්‍රීපාල මහත්තය අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා ඉතුරු ටිකත් අහෝසි කරනව නම් හොඳයි. ඊළඟට මහ මැතිවරණයට අපි දැන්මම සූදානම් වෙමු.

    අද ලෝක ත්‍රස්‌තවාදය ගැන අපට උපදෙස්‌ දුන් අපේ ගුරුවරු වන ප්‍රංශය, ඇමරිකාව මේ වන විට ත්‍රස්‌තවාදයට ගොදුරු වෙලා. ඊයේ දිනයේදී ප්‍රංශයේදී 153 ක්‌ බෝම්බ පිපිරීම්වලින් ඝාතනයට ලක්‌වුණා. ඔවුන් අපට කීවේ අපි සුළු ජාතීන්ට සලකන්නේ නැහැ. අපි සංහිඳියාවෙන් කටයුතු කරන්නේ නැහැ කියලා. ඒත් අපි අහනවා ප්‍රංශයෙන් අද ප්‍රංශයෙත් සංහිඳියාවක්‌ නැද්ද? ඒකද මේ බෝම්බ පුපුරන්නේ කියලා. ඔවුන් එදා ත්‍රස්‌තවාදීන්ට උදව් කළේ ඔවුන්ට අසාධාරණකම් වෙනවා මහජාතියෙන් කියලා. ඒක අද ඔවුන්ටම තේරෙනවා ඇති. ත්‍රස්‌තවාදයේ භයානකකම නිසා අද ඔවුන්ට සංහිඳියාව මතක්‌වෙලා. අද ත්‍රස්‌තවාදය කියන්නේ මේ ලෝකයම වෙලා ගත්ත වසංගතයක්‌.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress