Letters to Asgiriya and Malwaththa -ජිනීවා යෝජනාව නිසා රට ඉදිරියේ ඇති අනතුර
Posted on November 15th, 2015

රoජිත් සොයිසා SPUR (Society for Peace, Unity and Human Rights for Sri Lanka Inc)     Australia                         

13 /11/ 2015 දින

අති පූජ්‍ය  තිබ්බටුවාවේ ශ්‍රී සුමoගල මහනායක හිමි,

මල්වත්ත මහා විහාරය, මහනුවර.

අති පූජ්‍ය  ගලේගම ශ්‍රී අත්තදස්සී මහනායක හිමි,

අස්ගිරි රජ මහා විහාරය,  ශ්‍රී ධර්මපාල මාවත,  මහනුවර.

ජිනීවා යෝජනාව නිසා රට ඉදිරියේ ඇති අනතුර

දැනට අවුරුදු  විස්සක පමණ කාලයක් ඕස්ට්‍රේලියාවේ  සිට ශ්‍රී ලoකාවේ සාමය, ඒකීය භාවය සහ මානව අයිතීන් රැකීම උදෙසා කටයුතු කරන ‘ස්පර්’ නමින් හදුන්වන අප සoවිධානය, ජිනීවා මානව අයිතීන් කවුන්සිලය,  ශ්‍රී ලoකාවේ මානව අයිතීන් කඩවී ඇතැයි පවසමින්, බටහිර රටවල්                               ( විශේෂයෙන්ම ඇමරිකාව හා එoගලන්තය)  සහ අසල් වැසි ඉන්දියාවේද කලාපීය දේශපාලන අරමුණු ඉටුකර ගැනීම් වස්, සම්මත කර ගෙන ඇති යෝජනාව පිළිබඳව ගෞරවනීය ඔබ වහන්සේගේ කාරුණික අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

තිස් වසරක දෙමළ බෙදුම් වාදීන්ගේ කුරිරු ඝාතන හා දේපල විනාශය, විශේෂයෙන්ම, බෞද්ධයින්ගේ මුදුන් මල්කඩක් බඳු ශ්‍රී දළදා මාළිගාවට හා  ශ්‍රී මහා බෝධියට එල්.ටී.ටීය බෝම්බ ගසා වනාශ කිරීමට දැරූ උත්සහය, අරන්තලාවේ භික්ෂූ ඝාතනය වැනි සාපරාධ,  එදත්, අදත් බෙදුම්වාදය පෝෂණය කරමින් දෙමළ ජාතිවාදීන් වෙනුවෙන් පෙනී සිටින, දේශීය සහ විදේශීය බලවේග, ඔවුන්ගේ ගැත්තන් හා ඉත්තන් මගින් ‘සoහිඳියා’ සළුපිළි වලින් වසා දැමීමට තැත් කලද,  සැතපුම් දහස් ගනනක් ඈත විසුවද,  අපේ මතකයෙන් නම් මකාලිය නොහැක.

එවන් මිනිස්  ඝාතකයන් ගෙන් රට මුදවා ගෙන රටට සාමය උදාකල රණ විරුවන් හා සේනාධිපතීන් අද යුද අපරාධකරුවන් බවට හoවඬු ගසති. එදා අනගාරික ධර්මපාල තුමා පැවසූ පරිදිම අදත් සිoහලයා පක්ෂ පාට වලට, කුල මල වලට, උඩ රට, පහත රට වශයෙන් බෙදීයද්දී බෙදුම්වාදී මතයෙන් පෝෂණය වූවෝ එකට  එක්ව අප රට බෙදා වෙන් කිරීමට පිඹුරුපත් සකසමින් සිටී.

1815 දී සුද්දන්ගේ බසට රැවටී තාන්න මාන්න බලාපොරොත්තුවෙන් රට ජාතිය හා ආගම ගිවුසුමකින් ව්දේශිකයිනට පවරාදුන් එදා සිoහලේ පාලකයින් සිදුකළ මහාපාවාදීම සිහි කරමින් ඉන් වසර දෙසීයකට පසු අද අපි දකින්නේ ඉතිහාසයේ පුනරාගමනයයි. අද ද තාන්න මාන්න, විවිද සැප සම්පත් හා  සුඛ විහරණ වලට දේශපාලකයින් ඇතුලු විවිද වග කියයුතු නායක කාරකාදීන් ජනමතය පාගා දමද්දී රට තුල   දියත් වන්නේ විදේශීය බලවතුන්ගේ  න්‍යාය  පත්‍රයයි. අද අපේ පාලකයෝ එම න්‍යාය පත්‍රයට සියලු පහසු කම් සැළසීමේ දේශීය භූමිකාවට පන දෙති.

ජිනීවාහීදී අපට එරෙහිව ගෙන ආ යෝජනාවන්ට අප රජයම පාර්ශව කරුවෙකු වීමට තරම් නිවට දීන තත්වයකට රට දැන් පත්කර අවසන්ය. අපේ පාලකයින්ම අපේ රට සිoහල බෞද්ධ නොවන බවත්, සිoහල බෞද්ධ ආධිපත්‍යය නැතිකරන බවත් පුන  පුනා පවසති.

ජිනීවා යෝජනාවල නිර්දේශ මගින්;

  • ඊනියා සත්‍යය හා යුක්තිය සඳහා ජාත්‍යන්තරයේ මැදිහත්වීම පිළිගැනෙයි. (දෙවැනි වගන්තිය)
  • ඊනියා සිවිල් සමාජය හ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළත් කිරීම ගැන සඳහන් වෙයි. (තුන්වැනි වගන්තිය)
  • ජාත්‍යන්තර විනිශ්චයකරුවන් නීතිඥයන් හා වෙනත් අය සහභාගි වන අධිකරණමය යාන්ත්‍රණයක් පිහිටුවීම තරයේ සහතික කරයි. (හයවැනි වගන්තිය)                                              මෙය කොමිසමක් නොව අධිකරණයකි. වරදක් සිදු වී ඇත්නම් එය විභාග කළ යුත්තේ   එවකට පවත්නා නීතිය යොදාගනිමිනි. ඒ සඳහා අළුතෙන් නීති සැකසීම වරදකි.
  • රණවිරුවන් නීති විරෝධී අධිකරණයට ගෙන යෑමට අවසර ලැබෙයි. (අටවැනි වගන්තිය)
  • සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීම සිදුවෙයි. (නවවැනි වගන්තිය)                                                        ඕනෑම අයකුට බොරු සාක්‍ෂි දීමට මෙයින් අවසර ලැබෙයි. චැනල් ෆෝ වීඩියෝ දරුස්මාන් වාර්තව  පිළියෙළ කළ අයුරෙන් මේ නීති විරෝධී විනිශ්චය සභාව බොරු සාක්‍ෂි මත පදනම් වී සේනාධිපතීන්, ඔවුන් සමීපයේ සිටි අය හා රණවිරුවන් වෑරදිකරුවන් කරනු ඇත.
  • හමුදා කඳවුරු වසා ඉඩම් ආපසු ලබා දීම යුක්ති යුක්ත කෙරෙයි. දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමේ දී රාජ්‍ය නොවන සංවිධාන අදිය යොදාගත යුතු යැයි ද කියැවෙයි. (දහවැනි වගන්තිය)
  • මහජන ආරක්‍ෂක පණත සංශෝධනය කිරීමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත මුළුමනින් ම ඉවත්කිරීමත් සිදු වෙයි. (දොළොස්වැනි වගන්තිය)
  • ඊනියා දේශපාලන විසඳුමක් ගැන කියමින් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව හා පළාත්සභා සියළු බලතල සහිතව ක්‍රියාත්මක විය යුතු බව පවසයි. ඉඩම් හා පොලිස් බලතල එමගින් පළාත්සභා වලට පැවරෙයි. (දහසයවැනි වගන්තිය)
  • රණවිරුවන් නීති විරෝධී අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් වරද කරුන්ට දඬුවම් දිය යුතු බවත් කියැවෙයි. (දහහත්වැනි වගන්තිය)
  • එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම දිගින් දිගට ම ලංකාව සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බව කියැවෙයි. (දහඅටවැනි හා විසිවැනි වගන්ති)                                                          ඉතා පැහැදිලිව මින් මතු අපේ නීති සම්පාදනය කෙරෙන්නේ පාර්ලිමේන්තුවෙන් නොව එකිසත් ජාතීන්ගෙ මානව  හිමිකම් කොමිසම මගිනි.

ගෞරවනීය ස්වාමීන්වහන්ස!

ඉහත සඳහන් ජිනීවා යෝජනාවන්ට එකඟ වීමෙන් ඉතා පැහැදිලිව අප රටේ ස්වෛරීභාවය නැතිකර ඇත. එබැවින් එම යෝජනා පරාජය නොකල හොත් මේ ගෙවෙන්නේ අභිමානවත් රටේත්, ජාතියේත් හෙල බෞද්ධ උරුමයේ අවසන් හෝරාවයි. මෙවන් මොහොතක සoඝ පීතෘවරුන්ගේ වගකීම සම්බුද්ධ ශාසනයේත් මේ උතුම්  පුන්‍ය භූමියේත් අනාගත ඉරණම කවරාකාරී වියහැකිද යන්න හඳුනාගෙන එමගින් ජාතියත් ශාසනයත් බේරාගැනීමට අර්ථයෙන් ධර්මයෙන් අනුශසනා කිරීම බැව් අපගේ වැටහීම වේ.

 

රoජිත් සොයිසා

නියෝජිත (ස්පර් සoවිධානය)

SPOKESPERSON (SPUR)

2 Responses to “Letters to Asgiriya and Malwaththa -ජිනීවා යෝජනාව නිසා රට ඉදිරියේ ඇති අනතුර”

  1. Hiranthe Says:

    Waste of time writing to them Ranjith,

    These two are very proud of being in the American Camp.

    They are not prepared to listen to grievances of Mother Lanka. They have more important things to do with the Church and the friends of Michelle Secson.

    Please do not disturb their sweet dream!!!

  2. Ancient Sinhalaya Says:

    It is no point writing to them as the two of them have been avid fans of catholic-run UNPatrotic party
    who has been working very hard to destroy Buddhism and Buddhists in Sri Lanka to please the catholic west.

    Catholic-run UNPatriotic party killed more than 60,000 jvpers since they were all Buddhists. They were simply brutal
    and killed them, burned their bodies etc. etc.

    But the catholic tigers of tamil dreelam (ltte) were dealt with a slap on
    their wrists since they were killing Buddhists and destroying Buddhist temples in the north and the east. They killed more
    than 200 Buddhist monks and attacked the two most sacred temples of the Buddhists (Sri Maha Bodhiya and Sri Dalada Maligawa) but never killed a single catholic priest or destroyed a single church. Yet the two chiefs of Malwatta and Asgiriya still chose to support the UNPatriotic party. They were supposed to
    be the guardians of Buddhism in the country. Buddhism does need any enemies when you have enemies within, like them?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress