මේ පාපතර මෙහෙයුමට එරෙහි සටනට දේශපාලන පෙරමුණ නව වසරේ එනවා… ලොව කොතැන සිටියත් සටන් වදින්න සැරසෙන්න…
Posted on December 2nd, 2015

lanka C news

මේ පාපතර මෙහෙයුමට එරෙහි සටනට දේශපාලන පෙරමුණ නව වසරේ එනවා… ලොව කොතැන සිටියත් සටන් වදින්න සැරසෙන්න…

ලොව කොතැනක වාසය කළත් ලක්මාතාවගේ පහස ලැබූ කාටත් අද පැහැර හැරිය නොහැකි බරපතළ වගකීමක් තිබෙනවා

ලොව කොතැනක වාසය කළත් ලක්මාතාවගේ පහස ලැබූ කාටත් අද පැහැර හැරිය නොහැකි බරපතළ වගකීමක් තිබෙන බවත් එම බරපතළ වගකීම වන්නේ මරබියෙන් ගලවාගත් රට පත්ව ඇති අවදානම නිවැරදිව දැකීම සහ එය වළක්වාලීම සඳහා නිවැරදි පියවර ගැනීමට දායකවීම බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

පසුගියදා ලන්ඩනයේ ෆෙල්තම් කොමියුනිට් කොලේජ් ශාලාවේදී ‘සුදදන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව’ නම් වූ සිය දේශනය පවත්මින් විමල් වීරවංශ මහතා එසේ පෙන්වා දුන්නේය.

විද්වත් වෘත්තිකයන් ඇතුළු ලන්ඩනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම දේශනය පවත්වමින් ජානිපෙ නායකවරයා මෙසේ ද දීර්ඝ ලෙස අදහස් දැක්වූයේය.

‘‘මීට ප‍්‍රථමයෙන් ඔබව මුණගැසී මේ දේශනය පැවැත්වීමට සුදානමින් සිටියත් ‘යහපාලන ආණ්ඩුවේ යහපාලන මහිමය’ හේතුවෙන් ලන්ඩන් එනවා වෙනුවට රහස් පොලීසියේ අත්අඩංගුවට පත්වීමට සිදු වුණා. අධිකරණයට මේ ප‍්‍රශ්නය ඉදිරිපත් කළාම ඊළග වසරේ මැයි මාසයට නඩුව කල් දැමුවා. රහස් පොලීසියට අපට එරෙහිව වරදක් ඔප්පු කිරීමට හැකියාවක් තිබුණා නම් ඔවුන් ඊට කලින් දිනයක් ඉල්ලනවා. අපට එරෙහිව කවර මෙහෙයුම් ක‍්‍රියාත්මක කළත් අපි තීරණය කළා. ‘ලක්මාතාවට අසීමිතව ආදරය කරන විදෙස් රටවල වෙසෙන ඔබව රට ඉදිරිපිට තිබෙන ඇත්ත අභියෝගය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා මේ මැදිහත් වීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි’ කියලා.

අපට නැවත එකතුවෙන්න බල කෙරෙන වටපිටාවක් අද නිර්මාණය වී තිබෙනවා. ලක්මාතාවට එරෙහිව විදේශ ආක‍්‍රමණ දියත් වන හැම අවස්ථාවකම, ලක්මාතාවගේ හුස්ම පොද උදුරා ගන්න විවිධ මෙහෙයුම් ක‍්‍රියාත්මක වන හැම අවස්ථාවකම ඇයගේ සුජාත දූ පුතුන් ලෙස ඒ එන තර්ජනයට හා අභියෝගයට එරෙහිව සකල වාදභේද පසෙකලා එකමුතු වෙන්න අපට බල කෙරෙනවා. 1815දී යටත්විජිතවාදීන් උඩරට රාජධානිය ඇතුළු අපේ රට සම්පූර්ණයෙන්ම යටත්කර ගනු ලැබුවා. ඊට හරියටම වසර 200කට පසුව නැවත වෙනත් ආකාරයකින් මේ රට නූතන යටත් විජිතවාදීන්ගේ ගොදුරක් බවට පත්ව තිබෙනවා.

එදා සුදු අධිරාජ්‍යවාදීන් යුද්ධ කරලා උඩරට රාජ්‍යය යටත්කර ගන්න කිහිප වතාවක් උත්සාහ කළා. නමුත් අපේ ස්වදේශීය සේනා ගිරිදුර්ග අතර ඉඳගෙන එල්ල කරපු ප‍්‍රහාර නිසා ඒ යුද ජයග‍්‍රහණය අත්පත්කර ගන්න ඔවුන්ට බැරි වුණා. රජු සහ උඩරට රදල පැළැන්තිය අතර භේද හදලා, රජු පිළිබඳ දූෂමාන ආරංචි ජන සමාජය තුළ පතුරුවා හැරලා එදා ජෝන් ඩොයිලිලාට පුළුවන්කම ලැබුණා යුද්ධ කරලා බැරි වුණු ජයග‍්‍රහණය ලබාගන්න. එදා ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගත්තාට පසුව වැලකින් ගැට ගහලා ඇදගෙන යන්න එක්නැලිගොඩලා කටයුතු කළා. ඒක දැකපු සුද්දන් කීවා ‘මේ නුඹලාගේ හිටපු රජු එයාට එහෙම සලකන්න එපාෟ’ කියලා. උඩරට රාජධානිය ගිලගෙන වසර 200 පිරෙන විට අපේ රට එදා මුහුණ දුන් අන්තරායට සමාන අන්තරායකට මුහුණ පා තිබෙනවා. ඒ නිසා අද මේ ලෝක සිතියමේ කොතැනක වාසය කළත් ලක්මාතාවගේ පහස ලබපු අපි කාටත් පැහැර හැරිය නොහැකි වගකීමක් තිබෙනවා. ඒ වගකීම තමයි, පළමුකොටම මේ අවදානම සහ අන්තරාය නිවැරදිව දැකීම. දෙවනුව, එය වළක්වාලීම සහ පරාජය කිරීම සඳහා ගත හැකි නිවැරදි පියවර ගැනීම.

‘අවදානම සහ අන්තරාය නිවැරදිව දැකීම’

ජනවාරි 08 වැනිදා ශ‍්‍රී ලංකාවේ බල පෙරළියක් සිදු වුණා. එයට ‘විප්ලවවාදී සමාජවාදී’ ජනතා විමුක්ති පෙරමුණ, නව ලිබරල්වාදී එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී දෙමළ ජාතික සන්ධානය, සිංහල බෞද්ධවාදී හෙළ උරුමය දායක වුණා. ඒ වගේම මුස්ලිම් මූලධර්මවාදී බලවේග ලෙස ඔවුන් විසින් මීට ඉහතදී හඳුන්වන ලද පක්‍ෂත් ඊට අතිරේකව මේ බල පෙරළියට සහයෝගය දැක්වූවා. මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ‍්‍රී ලනිපයෙන් කැඞී ආ පිරිසක් මෙන්ම හිටපු ජනාධිපතිනී චන්ද්‍රීකා කුමාරතුංග මැතිනියත් මේ බල පෙරළියට මුල් වුණා. මේ සියලූ දෙනා තමන්ගේ එක් පොදු අවශ්‍යතාවක් ඉටුකර ගැනීමටයි එකතු වුණේ.

පසුගිය පෙබරවාරියේ පැවැති ඉන්දීය ජනරජ දින උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබමා මහාතා එහිදී පැවසුවා, ‘ශ‍්‍රී ලංකාවේ සහ මියන්මාරයේ සිදු වුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී බල වෙනස්කම් සඳහා ඉන්දියාව ලබා දුන් සහයෝගයට අපි ස්තුතිවන්ත වෙනවා’ කියලා. මේ බල පෙරළිය සිදුකළේ ශ‍්‍රී ලංකාවේ ජනතාව නම්, අනුර දිසානායක මහත්තයා කියන විදිහට ශ‍්‍රී ලංකාවේ දේශපාලන න්‍යාය පත‍්‍රය මෙහෙයවමින් මහින්ද රාජපක්‍ෂ ගෙදර යැව්වේ ඒ අය නම් බරක් ඔබාමා මේ කියන කතාවේ තේරුම කුමක්ද? මේ බල පෙරළියේදී අපි නොදන්නා උදව්වක් ඉන්දියාව කරලා තියෙනවා. කාටද? ඇමෙරිකා එක්සත් ජනපදයට. ඔබාමා මේ විදිහට ඉන්දියාවට ස්තුති කරන්නේ, බලපෙරළියේ ප‍්‍රධානියා ඇමෙරිකා එක්සත් ජනපදය නිසයි. ඒ වගේම ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඔවුන්ගේ කොන්ග‍්‍රස් මණ්ඩලයට කියනවා ‘ලංකාවේ සිදු වුණු බල පෙරළිය අපේ වැඩක්’ කියලා. ඒ වගේම එරික් සෝල්හයිම් ඒ දිනවල විදේශ මාධ්‍යවලට පැවසුවා ‘බලාපොරාත්තු වූ දෙය ඉටු වුණා. ශ‍්‍රි ලංකාවේ ජනතාව ඒ විශ්මිත දේ කළා. එය පිටුපස සිටියේ අපයි’ කියලා. මේ බල පෙරළිය සිදු වී ගෙවී ගිය මාස 10 තුළ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අංක 01 සිට අංක 04 දක්වා ඉහළම නිලතල දරන අය ශ‍්‍රී ලංකාවට ආවා. රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත සමන්තා පවර්, දකුණු ආසියාව භාර සහකාර ලේකම් නීෂා බිස්වාල් යන අය ඒ අතර වෙනවා.

ඒ වගේම ජනවාරි 08 වැනිදා බල පෙරළියට පෙර ඒ සඳහා වූ සූදානම ‘ඉන්ටර්නැෂනල් ක‍්‍රයිසිස් ගෲප්’නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ ප‍්‍රධානී ඇලන් කීනන්ගේ පහත ප‍්‍රකාශයෙන් පැහැදිළි වෙනවා. ඔහු 2013දී දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් අමතමින් පවසනවා ‘ඔබගේ පරමාර්ථ මුදුන්පත්කර ගැනීමට නම් ඔබට රාජපක්‍ෂ පළවාහරින තෙක් ඉවසා සිටීමට සිදු වෙනවා’ කියලා. ඒ අනුව අපට පෙනෙනවා ඇමෙරිකා එක්සත් ජනපදයට, ඉන්ටර්නැෂනල් ක‍්‍රයිසිස් ගෲප් වැනි රාජ්‍ය නොවන සංවිධානවලට, දෙමළ ඩයස්පෝරාවට වැනි සියල්ලන්ටම පොදු උවමනාවක් තිබුණු බව. ඒ තමයි ‘රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ග‍්‍රහණයෙන් ශ‍්‍රී ලංකාව ගලවා ගැනීම.’ ඒක කරන්න නිකම් බැහැ. ඒකට මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රතිරූපය විනාශ කරන්න ඕනෙ. සිංහල සමාජය තුළ රාජපක්‍ෂට විරුද්ධව වෛරය නිර්මාණය කිරිමේ කොන්ත‍්‍රාත්තුව, කිහිප දෙනකුට පැවරුවා. අනුර දිසානායක, පාඨලී චම්පික රණවක, අතුරලියේ රතන හිමියන් වැනි අය වෙන වෙනම සිටිමින් ඔවුන්ගේ ඒ මෙහෙයුම ඒකාබද්ධව දියත් කළා. අවසානයේ ඔවුන්ට අවශ්‍ය දේ සිද්ධ වුණා. ප‍්‍රබල නායකත්වයක් ගෙදර යවලා, දුබල නායකත්වයකට රටේ සුක්කානම මාරු කළා.

බටහිර ගැති කුමන්ත‍්‍රණකාරී මෙහෙයුමකින් බටහිරට උවමනා වෙනස සිදුකර ගැනීමට තමයි ජනවාරි 08 වැනිදා මේ බල පෙරළිය සිදු වුණේ. දැන් බලන්න ජනවාරි 08 වැනිදායින් පසුව රට තුළ සිදු වෙමින් පවතින දෙය. ලංකාවේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කළාද? ඩොලරයට සාපේක්‍ෂව රුපියල 145 දක්වා බංකොලොත් වෙලා. රුපියල වැටෙන හැම තත්පරයක් ගානේම ආනයන භාණ්ඩවල මිල ඉහළ යනවා. ආර්ථික වශයෙන් දුන් පොරොන්දු කිසිවක් මේ ආණ්ඩුව ඉටුකර නැහැ. අද පවතින්නේ මෑත ඉතිහාසයේ ලොව පැවැති අඩුම ඉන්ධන මිල. ඒත් ජනතාවට ඒ සහනය ලබාදීමට මේ ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. මුදල් ඇමති රවී කරුණානායක කියනවා, ‘රාජ්‍ය සේවයට ඇතුළු වෙන්න එපා! ලබන වසරේ සිට රාජ්‍ය සේවයට ඇතුළු වන අයට අපි විශ‍්‍රාම වැටුප් දෙන්නේ නැහැ’ කියලා. රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවෙන් කාර් එකක් ගන්න සිහිනයක් ගැන, මහ මැතිවරණ දැන්වීම්වලින් කියපු දැරිවියට අද පාරේ බැහැලා යන්න බැහැ. ගමේ කොල්ලෝ හූ කියනවා. මේ ආණ්ඩුව අය-වැයෙන් වාහන මිලත් ඉහළ දමා තිබෙනවා.

‘වී වෙනුවට අල වවන්නලූ’

ඒ වගේම මුදල් ඇමතිවරයා කියනවා ‘හාල් කිලෝව ඉන්දියාවෙන් ගෙනත් රුපියල් 35ට දෙන්න පුළුවන්. ඒ නිසා කුඹුරුවල වී වෙනුවට අල වවන්න’ කියලා. එතුමා දන්නේ නැහැ බොහෝ ප‍්‍රදේශවල කුඹුරුවල වී වෙනුවට අල වගා කරන්න බැහැ කියලා. ඕනෑම රටක ප‍්‍රධාන ආහාරය ඒ රටේ පොළොව තුළ වැව්වොත් ආහාර සුරක්‍ෂිතතාව ඇති වෙනවා. ඒක රටක ස්වෛරීභාවය පිළිබඳ ප‍්‍රශ්නයේදී ඉතා වැදගත්. මෙතැනදී මේ රටේ පාලකයෝ කරන්න ඕනේ ‘වී වෙනුවට අල වවන්න’ කියන එක නොවෙයි. ‘ඉන්දියාවට හාල් කිලෝව රුපියල් 35ට දෙන්න පුළුවන් නම් අපට බැරි ඇයි?’ කියන ප‍්‍රශ්නයට පිළියම් සෙවීමයි. ඉන්දියාවේ ගොවියාට බොහෝ සහනාධාර දෙනවා. මේ ආණ්ඩුව පොහොර සහනාධාරයත් කප්පාදු කරලා, දැන් කියනවා ‘වී ගොවිතැන අත් හරින්න’ කියලා. මේ සියල්ල දෙස බලන විට පෙනී යන්නේ ආර්ථිකමය වශයෙන් ජනතාවට දීපු සිහින, මේ ආණ්ඩුව මහ දවල් කුඩු පට්ටම් කරලා ඉවර බවයි.

ජනතාවට දුන්නු පොරොන්දු ඉටු නොකරන මේ ආණ්ඩුව මේ මාස 10 තුළ ඉටු කරමින් සිටින්නේ කාට දුන්නු පොරොන්දුද? සමන්තා පවර් නෝනා ලංකාවට ඇවිත් කියනවා, ‘මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ලෝකයට ආදර්ශයක්’ කියලා. ඇත්ත තමයි එතුමියගේ රටට, එතුමා හොඳ ආදර්ශයක්. ලෝකයේ වෙන කිසිම තැනකින් මෙහෙම ‘මොඩල්’ එකක් ඇමෙරිකා එක්සත් ජනපදයට මෑත ඉතිහාසයේ හමු වෙලා නැතිව ඇති. දැන් මාසෙකට වතාවක් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියෙක් ශ‍්‍රී ලංකාවට එනවා. ආපු ගමන් උතුරේ නෑදෑයෝ බලන්න යනවා. ආපසු එන ගමන් කියනවා‘උතුරෙන් හමුදාව ඉවත් කරන්න’ කියලා. සමන්තා පවර් නෝනත් ලංකාවෙන් ගියේ ඒ ටික කියාගෙන. ඒ වගේම අද කොටි ත‍්‍රස්තවාදීන් ක‍්‍රම ක‍්‍රමයෙන් නිදහස් කරමින් සිටිනවා. ඒ විතරක් නොවෙයි අපේ රට බෙදා වෙන් කරන්න බිහිසුණු ත‍්‍රස්තවාදී ක‍්‍රියාවල නිරත වූ කොටි ත‍්‍රස්තවාදීන් සමරා පහන් පත්තු කිරීමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කරනවා. අපේ රටේ තවමත් තහනම් ත‍්‍රස්තවාදී සංවිධානයක් වන කොටි සංවිධානයේ නිර්මාතෲ ප‍්‍රභාකරන් ඇතුළු මිනීමරු ත‍්‍රස්තවාදීන් පිරිස මහ විරුවන් සේ සමරන්න මේ අය කටයුතු කරනු ලැබුවා. මේ පිළිබඳ ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහත්තයාගෙන් විමසුවාම ඔහු කියනවා ‘ ඕනේ කෙනෙකුට, ඕනෙම මැරුණු කෙනෙක් සමරන්න පුළුවන්. ඒක අපට ප‍්‍රශ්නයක් නොවෙයි’ කියලා. ඔන්න අද ශ‍්‍රී ලංකාවේ වෙලා තිබෙන ‘වෙනස.’ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ කොටි ත‍්‍රස්තවාදීන් නිදහස් කරනවා. කොළඹ කොටි බෝම්බ පිපිරෙන එක වළක්වන්න මෙහෙයුම් කරපු බුද්ධි අංශ නිලධාරීන්, ප‍්‍රදීප් එක්නැලිගොඩ නැමති සිංහල කොටි ත‍්‍රස්තවාදියා මරා දැමීම කියන චෝදනාව එල්ල කරලා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නවා. ඒ විතරක් නොවෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් රහස් පොලීසිය සමග ත‍්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ඇතුළට ගිහිල්ලා එහි තිබෙන බි‍්‍රතාන්‍ය පාලන සමයේ ඉදි කරපු භූගත අවි ගබඩා පරික්‍ෂා කරනවා. කිසිම ස්වෛරී රටක් විදේශිකයන්ට තම රටේ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසරය දෙන්නේ නැහැ. මෙහෙම දෙයක් සිදු වුණේ ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට. මේ පරික්‍ෂා කිරිම්වලින් පසුව නාවික හමුදා නිලධාරීන් පිරිසක් අතඅඩංගුවට ගෙන තිබෙනවා. තවත් 20 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. මෙසේ පරික්‍ෂා කිරීමට හේතුව තමයි ‘දෙමළ ත‍්‍රස්තවාදී සැකකරුවන්ට වධහිංසා සිදු කළාද?’ යන්න සොයා බැලීම. මෙන්න සිදු වූ ‘වෙනස.’

‘හොරු ඇල්ලීමේ ව්‍යාජ සටන් පාඨය’

ශ‍්‍රී ලංකාව නම් වූ ඔබේත්, මගේත් මාතෘභූමිය දශක තුනක් තිස්සේ වඳ වින්දා. මළකඳන් දැක දැක නිදා ගත්තා. මරබිය සමාජගත වෙලා තිබුණා. ප‍්‍රවෘත්ති විකාශන, විවිධ ආකාරයට මියයන මිනිසුන්ගේ තොරතුරුවලින් වර්ණගැන්වී තිබුණා. ඒ පාපතර අඳුරු මතකයන් අතීතයට සීමා කරලා මාතෘභූමියට නිදහස්, නිවහල් ජීවිතයක් උරුම කරදීමට සටන් වැදුණු මිනිස්සු අත්අඩංගුවට ගෙන සිරගත කරන යුගයක් ජනවාරි 08 වැනිදායින් පසුව උදා වී තිබෙනවා. හිටපු හමුදා ප‍්‍රධානීන් රැුගෙන යනවා මූල්‍ය අපරාධ කොට්ඨාසයට(FCID). දැන් මේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට නොගෙනයන කෙනෙක් නැහැ. ‘චන්න-උපුලී’ වැනි කලාකරුවන් එතැනට රැගෙන ගියා. ‘භාතිය-සන්තුෂ්’ රැගෙන යන්න නියමිතයි. තවත් FCID වගේ ආයතනයක් පිහිටුවා තිබෙනවා, ‘බරපතළ දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිසම’ කියලා. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පවත්වාගෙන යන ඒ කොමිසමට ප‍්‍රවීණ කලාකරු බන්දුල විජේවීර මහතා රැුගෙන ගියා. ඔහුගෙන් ප‍්‍රශ්න කරලා තිබුණේ ‘එයාර් ලංකා ආයතනයේ උත්සවයකට සහභාගී වුණාද? දිවා ආහාරය ගත්තද? දිවා ආහාරය සැපයුවේ කවර කේටරින් සර්විස් එකෙන්ද? ඇයි එතැනට ගියේ?’ වැනි ප‍්‍රශ්න. දැන් රාජ්‍ය උත්සවයකට කලාකරුවන් ගෙන්වන්නත් ටෙන්ඩර් කැඳවන්න වෙයි. අසනීප තත්වයෙන් සිටින නාමල් උඩුගම කලාකරුවාගෙන් මෙවැනි කරුණක් පිළිබඳව ප‍්‍රශ්න කරන්න මේ අය ඔහුගේ බිරිඳ රුවන්ති මංගලා කලාකාරිනිය කැඳවීමට සූදානම් වෙනවා.

මේ ආණ්ඩුව නීතිවිරෝධී ආකාරයට පොලීසියට අලූත් කොට්ඨාසයක් එකතු කළා, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) කියලා. මේ නීති විරෝධී කොට්ඨාසයෙන් විමර්ශනය කරන්නේ, අගමැතිගෙන් ලැබෙන පැමිණිලි. අගමැති නොවෙයි ඒ පැමිණිලි හදන්නේ අනුර ‘සහෝදරයා.’ එයාට වැඬේ කරන්න අරලියගහ මන්දිරයෙන් වෙනම කාර්යාලයක් හදලා දීලා තියෙනවා, ‘දූෂණ චෝදනා විමර්ශන කාර්යාලය’ කියලා. ඒකේ ප‍්‍රධානියා කවුද? අනුර දිසානායක කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කරපු 2004-2005 කාලයේ එයාගේ පෞද්ගලික ලේකම් විදිහට කටයුතු කරපු කෙනා. ඒ අනුව ඉතා පැහැදිලියි, මේ කටයුත්ත නොනිල වශයෙන් මෙහෙයවන්නේ අනුර දිසානායක කියලා. ඒ නිසයි එයා ?, දවල් දෙකේම ‘හොරු අල්ලපියෝ’ කියලා කෑමොර දෙන්නේ. හිටපු හමුදා ප‍්‍රධානීන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම ගැන ජනාධිපතිවරයාගෙන් විමසුවාම ඔහු කියනවා ‘මම ඒ ගැන දැනන් උන්නේ නැහැනේ හිටං’ කියලා.

එක පැත්තකින් ‘හොරු ඇල්ලීමේ සටන් පාඨය’ ඉදිරියට දාලා මේ යහපාලන හොර හවුල තමන්ට එරෙහි දේශපාලන බලවේග දරුණු ලෙස දඩයම් කරනවා. යහපාලන හොර හවුල විසින් මැතිවරණයට කලින් එතනෝල්කාරයෝ, කුඩුකාරයෝ, හොරු කියමින් චෝදනා කරපු අය, ඔවුන්ට යටත් වෙලා ඇමති කටු අරගෙන අද යහපාලනය තුළ යහමින් වැජඹෙනවා. කොටි ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයෙන් මේ රට බේරාගැනීමට මූලික වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඇතුළු එම ක‍්‍රියාදාමයට සජීවීව දායක වූ ඒ ජයග‍්‍රහණය රැක ගැනීමට අදටත් කැපවන දේශපාලන නායකයන්, සිවිල් සමාජ නායකයන් දඩයම් කිරීමටයි මේ යහපාලන හොර හවුල ‘හොරු අල්ලනවෝ’ සටන් පාඨය පාවිච්චි කරන්නේ.

‘බටහිර බලවේග කපන අලූත් පාර’

මරබියෙන් ජාතිය ගලවා ගෙන වසර 06ක් ගතවන විට මෙහෙම වෙන්නේ ඇයි? ලක්මාතාවගේ සුජාත දූ පුතුන් ලෙස මේ සිදු වෙමින් පවතින මතුපිට ජවනිකා ගැඹුරින් වටහා ගත යුතුයි. ශ‍්‍රී ලංකාව කොටි පරදා ලැබූ යුද ජයග‍්‍රහණය බටහිරට අවමානයක්. ඔවුන්ට අනුව එවැනි ජයග‍්‍රහණයක් ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ට ලැබෙන්න විදිහක් නැහැ. තමන් ‘කිරිපොවා ඇති දැඩි කළ’ කොටි ත‍්‍රස්තවාදය පරාජයට පත්කළ හැකි බලවේගයක් නැහැ කියන මතයේයි ඔවුන් සිටියේ. ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදය බලවත් වෙහෙසක් ගත්තා, අවසන් මොහොතේ හෝ කොටි නායකයන් බේරා ගැනීමට. අපි දිනුවේ වන්නි සටනයි. අපි වන්නි සටන දිනුවාම ඔවුන් අපි පරද්දන්න වෙනම පාරක් කපන්න පටන් ගත්තා. නැවත ශ‍්‍රී ලංකාව පැරදවීමේ නව පාර කපන්න බැහැ, මහින්ද රාජපක්‍ෂ ගෙදර යවන්නේ නැතිව. මේ අලූත් පාර කැපීමේ පූර්ව කොන්දේසිය ‘මහින්ද රාජපක්‍ෂ ගෙදර යැවීම.’ ඉන් පසුව තමන්ට නැටවිය හැකි රූකඩ පාලනයක් ශ‍්‍රී ලංකාව තුළ ඇටවීම. මේ අලූත් පාර කුමක්ද? 2009දී අපි යුද්ධය ජයග‍්‍රහණය කළා. 2011දී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අපි බරපතළ විදිහට යුද්ධය අවසන් කාලයේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට බැන අඩගහන්න පටන් ගත්තා. 2012දී ඔවුන් ශ‍්‍රී ලංකාවට හතුරු යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළා. එක්සත් ජාතින්ගේ මහ ලේකම් බන්කි මූන් මහත්තයා තමන්ගේ දැනුවත්වීමට කියලා දරුස්මාන් වාර්තාවක් ගත්තා. ඒ වාර්තාවෙන් කිව්වා ‘ශ‍්‍රී ලංකා රජයේ හමුදා දහස් ගණන් දෙමළ වැසියන් ඝාතනය කරලා’ කියලා. එතැන් සිට මේ අය ශ‍්‍රී ලංකාවට එරෙහිව චෝදනා ගණනාවක් වර ගන්වා ඉදිරිපත් කිරීමට පටන් ගත්තා. අවසානයේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ අපට එරෙහි යෝජනාවට මේ ආණ්ඩුව ස්වකැමැත්තෙන් එකග වුණා.

ජනවාරි 08 වැනිදා මේ ආණ්ඩුව බලයට ආවා. මාර්තුවේදී මානව හිමිකම් කවුන්සිලයේ 29 වැනි සැසිවාරයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉල්ලූවා, ‘ශ‍්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව එළිදැක්වීම 30 වැනි සැසිවාරය දක්වා කල් දමන්න’ කියලා. එසේ ඉල්ලූවේ එම වාර්තාව මහ මැතිවරණයට කලින් එළිදැක්වූවා නම් මහින්ද රාජපක්‍ෂ නැවත බලයට පත්වීමට අවශ්‍ය ජනතා ආකර්ෂණය එයින් ලැබේවි’ කියලයි. කෙසේ නමුත් 2015 සැප්තැම්බරයේ පැවති 30 වැනි සැසිවාරයේදී පිටු 261කින් යුත්, ලෝකයේ හමුදාවකට එල්ල කරන්න පුළුවන් බරපතළම චෝදනා සහිත ශ‍්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව එළි දැක්වූවා. ශ‍්‍රී ලංකා රාජ්‍ය පද්ධතිය අපරාධ කිරීම සඳහා සැකසූ රාජ්‍ය පද්ධතියක් බව එහි සඳහන් වෙනවා. ඒ වගේම එම වාර්තාවෙන් කියැවෙනවා, ‘යුද්ධය අවසන් සමයේ 40,000කට අධික දෙමළ සිවිල් වැසියන් ප‍්‍රමාණයක් මරා දමලා’ කියලා. නීතියට පිටින් රඳවා ගැනීම්, ලිංගික වද හිංසා සිදුකිරීම්, බලහත්කාරයෙන් පැහැර ගැනීම් සිදු කළා කියලා එහි සඳහන් වෙනවා. ඒ වගේම ශ‍්‍රී ලංකා හමුදා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනය කර තිබෙනවා’ කියලත් එහි සඳහන් වෙනවා. ‘අපි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ 20,000කගෙන් පමණ සාක්‍ෂි අරගෙන. ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් අපි ඒ සාක්‍ෂිකරුවන් අවුරුදු 20ක් යනතෙක් හෙළිදරව් කරන්නේ නැහැ’ යන්නත් එහි සඳහන්. ඒ විතරක් නොවෙයි එම වාර්තාවෙන් නිර්දේශ කරනවා ‘ශ‍්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ පිළිබඳව සෙවීමට විදේශීය විනිසුරුවරුන්, නීතිඥයන්. අභිචෝදකයන් හා පරික්‍ෂකයන් සහිත දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවිය යුතුයි’ කියලා. ඒ වගේම ‘ශ‍්‍රී ලංකාවේ අපරාධ නීතිය, සාක්ෂි ආඥා පනත සංශෝධනය කරන්න, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත, මහජන ආරක්‍ෂක ආඥා පනත අහෝසි කරන්න. මානව හිමිකම් කොමසාරිස්ගේ කාර්යාලයක්් කොළඹ විවෘත කරන්න, යන මේ සියල්ල එහි තිබෙනවා.

එම වාර්තාව ඉදිරිපත් වුණාට පස්සේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසි වාරයේදී ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මංගල පින්සිරි සමරවීර මහත්තයා කතාවක් කරමින් එම වාර්තාවේ අඩංගු නිර්දේශ තමන්ගේ ඒවා ලෙස ප‍්‍රකාශ කරමින් ඒවා ක‍්‍රියාත්මක කරන බව පවසනවා. ඉන් පසුව ඇමෙරිකා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවට එරෙහි තම යෝජනාව ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ එකගතාව සහිතව ඉදිරිපත් කරනවා. එහි පළමු ක‍්‍රියාකාරී යෝජනාව තමයි ‘ශ‍්‍රී ලංකාව දැනටමත් ක‍්‍රියාත්මක කිරීමට එකග වී ඇති, මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවෙහි අඩංගු කරුණු, නිර්දේශ සාදරයෙන් පිළිගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබේ’ යන්න. මීට වඩා යටත්වීමක්, අවනතවීමක් තියෙන්න පුළුවන්ද? මේ මහා පාවාදීම සිදු කරලා, නිව්යෝර්ක් ගිහිල්ලා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය අමතලා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ශ‍්‍රී ලංකාවට එන කොට, යහපාලන හොර හවුල ගහන බැනරයේ තියෙනවා ‘බටහිර උගුලෙන් හමුදාව බේරාගත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ජයම වේවාෟ’ කියලා.

අවසන් සටනේදී මේ රට ත‍්‍රස්තවාදයෙන් බේරා ගන්න රණවිරුවන් 27,000ක් ජීවිත පූජා කළා. ඉදිරි ආරක්‍ෂක වලල්ලේ පස් කන්දක් ගොඩගහලා ඒකේ බිම් බෝම්බ දහස් ගණනක් වලලලා තියන්න තරම් අවසන් සටනේදී කොටි ත‍්‍රස්තවාදීන් කුරිරු වුණා. ඒ බිම් බෝම්බ විනාශ කරන්න ක‍්‍රමයක් තිබුණේ නැහැ. අන්තිමේදී අපේ තරුණ හමුදා සොහොයුරන් පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා ‘අපේ ජීවිත පරිත්‍යාගයෙන් මේ බෝම්බ ටික නිෂ්ක‍්‍රීය කරන්නම්. අනෙක් අය අපේ පිටුපසින් එන්න’ කියලා. ඊට පස්සේ ඒ ජීවිත පරිත්‍යාග කළ සොහොයුරන්ගේ මළ සිරුරු මතින් තමයි අනෙකුත් පාබල සේනාංක නන්දිකඩාල් කලපුව දෙසට ගමන් කළේ. එහෙම ජීවිත පරිත්‍යාග කළ 27,000 දැන සිටියා නම් යුද ජයග‍්‍රහණයෙන් වසර 06කට පස්සේ ඊට උර දුන්නු තමන්ට එරෙහිව යුද අපරාධ අධිකරණ පිහිටුවලා දඩුවම් කරයි කියලා, ඔවුන්ට මෙවැනි පරිත්‍යාගයක් කරන්න හිතෙයිද? ඒ වගේම අතපය අහිමිව ජීවිතය පමණක් ඉතිරි වූ තවත් 23,000ක් අද රණවිරු සෙවණ ඇතුළු ස්ථානවල සිටිනවා. ඔවුන් ඇදහිය නොහැකි මේ පරිත්‍යාග සිදුකළේ සියලූ පුරවැසියන්ට මරබියෙන් තොරව ලක් පොළොව මත ජීවත් වෙන්න. ඒ විදිහට කැප කිරිම් කරලා බේරා ගත්තු රටක් මේ විදිහට පාවා දෙනවා නම් මේක ඉවසිය හැක්කේ කාටද?

‘අපේ වගකීමට උරදෙමු!’

මේ නව දෙමළ ඊළාම් මෙහෙයුම සහ ඉන්දියාවේ 26 වැනි ප‍්‍රාන්තය බවට මේ රට පත් කිරිමේ මෙහෙයුම යන දෙආකාර මෙහෙයුම්වලින් අපගේ සුජාත මාතෘභූමිය ගලවා ගැනීමේ බරපතළ වගකීම අපගේ උරමත පැටවී තිබෙනවා. ‘ඔබ ලාංකිකයකු නම්, ඔබේ මාතෘභූමියෙන් හමන සුළගට ඔබ ආදරේ නම්, ඒ හමන සුළගේ සිසිල භූක්ති විඳින්නකු නම්, ඔබේ නෑසිය මිතුරන්ගේ කටහඩට ආදරේ නම්, ඒ අතීත මතකයන්ට ආදරේ නම්, ඒ මාතෘභූමියට ඉහත කී විපත සිදු වීමට ඉඩ හැර ඔබට බලා සිටිය හැකිද?’ ජීවිතයේ අවසන් කාලයේ හෝ අපි අපේ මාතෘභූමියේ හතර රියන සොයා ගෙන යා යුතුයි. ඒ හතර රියන තරම් සුව පහසු වෙනත් හතර රියනක් අපට තිබෙයි කියලා අපි හිතන්නේ නැහැ. අපේ නාඩි වැඩ කරන්නේ ඒ පොළොවේ. අපේ සිතුවිලි ඉපදුණේ ඒ පොළොවේ. අපේ චින්තනය, අපේ පරිකල්පනය වර්ධනය කළේ ඒ පොළොවේ. අපේ සංස්කෘතික ජීවන රටාව උපදවා දුන්නේ ඒ පොළොවේ. වසර 2500කට එහා අතීතයකට යන බෞද්ධ සංස්කෘතියේ සාරවත් පොහොර මත ඒ පොළොවේ ඥාතීත්වයෙන් අත් මිදෙන්න අපට බැහැ. ඒ නිසා අපට බල කෙරෙනවා මොන තරම් අභියෝගාත්මක වුණත් මේ පාපතර හවුලේ ලක්මාතාව ගිල ගැනීමේ මෙහෙයුම පරදවන්න.

‘මේ පාපතර මෙහෙයුමෙන් ලක්මාතාව බේරා ගනිමු!’

මේ පාපතර හවුලේ ඉහත මෙහෙයුම පරදවන්න පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටත සිටින මෛත‍්‍රීපාල සිරිසේනගේ දඩු අඩුවට යටත් වුණේ නැති, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරු ප‍්‍රමුඛ දේශපාලන පක්‍ෂ 10කට වැඩි ප‍්‍රමාණයක් අද එක පෙරමුණකට පැමිණ තිබෙනවා, ඒකාබද්ධ විපක්‍ෂයක් ලෙස ගොනු වී සිටිනවා. ඒ ඒකාබද්ධ විපක්‍ෂය අනාගතයේදී ඒකාබද්ධ විපක්‍ෂ පෙරමුණක් වෙනවා. ඒ පෙරමුණ තවත් ඉදිරියට ගිහිල්ලා දේශපාලන පෙරමුණක් බවට පත් වෙනවා. ‘ඒ ප‍්‍රබල දේශපාලන පෙරමුණේ නායකත්වයෙන් මේ මහා විපතෙන් ලක්මාතාව නිදහස් කර ගැනීමේ සටන මෙහෙයවනවා’ කියන සහතිකය අප විදෙස්ගත ශ‍්‍රී ලාංකික ඔබට මේ අවස්ථාවේදී ලබා දෙනවා. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන් ඇතුළු ලක්මාතාවගේ සූජාත නායකයන් ඒ මහා සටනේ අවිය සියතට ගන්නවා. ඒ නිසා බලාපොරොත්තු අත්හැර ගන්න එපාෟ පරාජිත මානසිකත්වයේ ගොදුරක් බවට පත් වෙන්න එපාෟ බලාපොරොත්තු දල්වන්න. ලක්මාතාව ඔබේ සේවය වැඩියෙන් ඉල්ලන මේ වෙලාවේ ඒ සේවය ලබාදෙන්න. අනෙකුත් සතුරු බලාවේගවලට රැවටුණු ලාංකික ප‍්‍රජාව දැනුවත් කොට ඔවුන් නිවැරදි මාවතට ගැනීමට කටයුතු කරන්න. වාදභේද දුරලන්න. මේ තියුණු අභියෝගය දකින්න. ඒ හමුවේ අනෙකුත් ප‍්‍රතිවිරෝධතා, මතභේද අත හරින්න. ලක්මාතාව වෙනුවෙන් අපට අතහරින්න බැරි ප‍්‍රතිවිරෝධතා, මතභේද නැහැ. කට්ටිවාදය, කල්ලිවාදය, එපා! එකතු විය හැකි පුළුල්ම කොඩිය යටතේ එකතු වෙමුෟ එය පමණයි මේ පාපතර හවුලෙන්, නව දෙමළ ඊළාම් මෙහෙයුමෙන්, ඉන්දියාවේ 26 වැනි ප‍්‍රාන්තය බවට පත් කිරිමේ මෙහෙයුමෙන් ලක්මාතාව බේරා ගැනීමේ එකම මග.

ලබන වසරේ මුල සිට ඇරඹෙන මීට එරෙහි සටනේ සජීවී කොටස්කරුවන් බවට පත් වෙමු. ඒ සටන පෝෂණය කරන්න. ඒ සටනට ජීවය, ගතිකත්වය දෙන්න. සිංහ කොඩියට යළි ප‍්‍රාණය ලබා දෙන ඒ මහා සටනට ලෝක සිතියමේ කොතැනක සිටියත් උර දෙමු! ඒ සඳහා ඔබ සැමට යෝධ බල, යෝධ වීර්ය ලැබේවා’’

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්, මහාචාර්ය අතුල සුමතිපාල, ලන්ඩන් ශාඛාවේ සංවිධායක වජිර කමල් සමරක්කොඩි, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලන්ඩන් ශාඛාවේ සභාපති මෙත්සිරි විජේරත්න යන මහත්වරු ඇතුළු ලන්ඩනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයෝ රැසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

5,716 Viewers

2 Responses to “මේ පාපතර මෙහෙයුමට එරෙහි සටනට දේශපාලන පෙරමුණ නව වසරේ එනවා… ලොව කොතැන සිටියත් සටන් වදින්න සැරසෙන්න…”

  1. Indrajith Says:

    Thank you, Wimal! You are doing a great service to our mother Lanka.

  2. LANKAPUTHRA Says:

    Indrajith, Yes we all thank him but what is he doing about toppling the government by calling people and students to the streets and blocking the Election Commissioner in his office or at his residence? What is he doing about the Budget that got passed?

    1. What is he doing about the Photo comparison by the Finance minister, Pramadase’s son, Mangala Samaraweera, Ranil Punk and CBK(How many prescription drugs does she take?) Who are the Sri Lankan Doctors that are treating her? Why does Wimal protest about it in the Parliament? Why is every Sri Lankan deaf to what G.L. Peiris is stating? Terrorist Prevention Act can be used on any body. It was planned by Muslim Obama in 2006 by the request of Erick Soldhiem! Why is opposition fragmented (My answer is money). When will patriotic mother Lanka living in Los Angeles, USA understand and physically attack the RANIL PUNKS SL Governing Office in Los Angles? (Long ago Walter Jayawardena organized such protests to get rid of CBK)

    2. If some action by divine gods topples this illegal entity, then put MR as a care taker and give the people assurance that he will start the parliament with the old constitution and Jail Ranil Punk, Finance minister, Mangala Samarweera, and the Election Commissioner. Executive Presidency is MUST. Read the e-mail distribution by Bernard Kulathilake, former ambassador to USA. He states that Executive Presidency is the corner stone of the republic and only modified by people and the Parliament.

    3. Judges who gave Judgments in the Prevention of terrorism act court must be removed immediately and must not be allowed to hold legal positions. They can only practice privately. Must not be allowed to leave the country for two years.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress