වෘකයන් අතර නග්නව
Posted on December 6th, 2015

වෛද් රුවන් එම් ජයතුංග

 වෘකයන් අතර නග්නව

බුකන්වල්ඩ් මරු භූමියේ

මාරක විදුලි වැට අතරින්

කුඩා පාද තබමින් යන​

මිනිස් දරු පැටව මේ අසව​

Nakedamongwolves

මනුෂ්‍යත්වය පහ ක​ළ

ඒ සාපලත් කාලයේ

යුදෙව්වෙකු වීම නිසා

මරණයේ ඉරණම් ලැබූ

මිලියන ගනනක් අතර​

නුඹද එක් අසරණ වූ ජීවියෙකි

 

ජැන්කොව්ස්කිගේ සූට්කේසය

තම මුළු විශ්වය කරගත්

කුඩා මිනිස ගුලිවී නිදනු

කිසි හඞක් නොනගනු

වටේටම ඉව කර කර යන​

එස් එස් වෘකයන් ගෙන්

බේරී ජීවත්වී ඉන්නට නම්

 

නුඹගේ මව හා පියා

සොයුරු සොහොයුරියන්

ජීවිත වලට සමුදී

දුමක් වී චිමිනිය තුලින්

ගිය අයුරු නොදුටුවත්

 

හුදකලා වූ මේ ලෝකයේ

නුඹට සෙවන දෙන්නට

නුඹ වැනිම අසරණ වූ

බඩසයින් පෙලෙන

මිනිසුන් ස්වල්පයක්

සිටින බව දන්නේද

 

වධයට ලක් කළත්

කිසිවෙකු හෙළි නොකලේය​

නුඹව සැඟවූ ස්ථානය

මේ බුකන්වල්ඩ් මරු භූමියේ

තෝරාගති ඔවුන් මරණය​

පුද කොට නුඹට ජීවිතය

 

යම් දිනෙක අනාගතයේ

මිනිසා මිනිසාට වෛර කරන

මිනිසා මිනිසා මරා දමන​

වියරු භීම කාලය අවසන් වූ දිනයක

පා තබනු පුත නිදහස වෙත

නුඹගේ කුඩා පාද තබමින්

වෛද් රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress