කොල්ලකාරී අයවැයට එරෙහි විරෝධතා රැලිය දෙසැම්බර් 17 (හෙට) දින සවස 3.00ට මහරගම පරණ පොල භූමියේදී
Posted on December 16th, 2015

පෙරටුගාමී සමාජවාදී පක්ෂය

‘පැන්ෂන්, ETF-EPF, පොහොර – නිල ඇඳුම්, සහන කපන කොල්ලකාරී අයවැයට එරෙහි විරෝධතා රැලිය’ යන මැයෙන් රැලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. එම රැුළියේ අරමුණ වන්නේ මෙවර අයවැය මගින් ඉදිරිපත් කෙරුණු ජනතා විරෝධී යෝජනා ගණනාවකට විරෝධය දැක්වීම හා පසුගිය මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු ගණනාවක් ඉටු නොකිරීම සම්බන්ධ දේශපාලන පක්ෂවල සහ වෙනත් බහුජන සංවිධානවල විරෝධය ප‍්‍රකාශ කිරීමය.

‘බයික් – ත‍්‍රීවීල් වාහනවලට ගැසූ ජඩ බදු හකුලාගනිව්!’, ‘හවුල් ආණ්ඩුව පැන්ෂන් එකට කෙලී, ETF-EPF කොල්ලකයි!’, ‘පොහොර – නිල ඇඳුම් සහනාධාර ඉවරයි. ආණ්ඩුවේ ගුණ්ඩුවලට හසුනොවෙමු!’ යන ප‍්‍රධාන සටන්පාඨ මුල්කරගනිමින් පවත්වන මෙම රැුලිය, දෙසැම්බර් 17 (හෙට) දින සවස 3.00ට මහරගම පරණ පොල භූමියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මේ අවස්ථාව සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, කම්කරු අරගල මධ්‍යස්ථානය, ලංකා ගුරු සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, රැුකියා විරහිත උපාධිධාරී සංගමය, සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය, රජයේ ලිපිකරු සේවා සංගමය, එකාබද්ධ ජනරජ සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, එක්සත් පොදු සේවක සංගමය, සමාජවාදී වතු සේවක සංගමය, වමේ හඬ සංවිධානය, එක්සත් සමාජවාදී පක්ෂය, සමාජවාදී පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන දේශපාලන පක්ෂ හා සංවිධාන සහභාගීවීමට නියමිතය.

මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියකු සම්බන්ධ කරවන මෙන් හා මේ සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ පූර්ව ප‍්‍රචාරයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු. රැලියට අදාල ප්‍රචාරක පෝස්ටරය මේ සමඟ එවා ඇත.

මාධ්‍ය ඒකකය

2015.12.16

පෙරටුගාමී සමාජවාදී පක්ෂය

One Response to “කොල්ලකාරී අයවැයට එරෙහි විරෝධතා රැලිය දෙසැම්බර් 17 (හෙට) දින සවස 3.00ට මහරගම පරණ පොල භූමියේදී”

  1. Ancient Sinhalaya Says:

    Thambi mudiyanselage alugosu (to Buddhists only) sent 40,000 government servants home. His nephew pol pot
    ponil is more treacherous and more dangerous than the old fox. Be careful! be very very careful! Him and his henchmen
    john mara, karupaiya got enough pathalyin to silence any opposition.

    You won’t get anything from this murderous gang. Put up and wait for their demise. But some traitor Sinhalese will
    vote them into power after a few diabolical lies and a few false promises. Unpatriotic party always get the support of the
    enemies of the state tamils and mussies. So it is win win for UNPatritoics! Don’t have to do anything. Have a jolly good time and make money, make merry. Newspapers, tv and websites will do enough fool the masses! Enjoy yamapallange yamapalanaya folks. Maru sira been baptised don juan maru sira and join pol pot ponil’s club. It is all merry go round for
    the yamapallans!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress