මද්දෙගම- මීගහතැන්න ඩිමෙල් මාවත අබලන් යැයි ගම් වාසීන් මැසිවිලි නගති
Posted on December 22nd, 2015

පේශල පසන් කරුණාරත්න

 වලල්ලාවිට ප්‍රාදේශ්‍රීය ලේකම් කොට්ටාසයේ මීගහතැන්න, වලල්ලාවිට ප්‍රධාන මාර්ගයේ මද්දෙගම සිට මීගහතැන්න දක්වා ඇති අතුරු මාවතක් වන ඩිමෙල් මාවත 849D ග්‍රාම සේවා වසම හරහා ඇති එකම මාර්ගයයි.

ගම් වාසීන්ගේ එදිනෙදා කටයුතු කරගෙන සිදු කර ගැනීමට අති මෙම ඩිමෙල් මාවත මේ වන විට විශාල වශයෙන් හානී වී ඇත. කඳු බැවුම් සහිත ප්‍රදේශය හරහා වැටී ඇති මේ මාර්ගයද විශාල බෑවුම් සහිත මාර්ගයකි. මෙම ප්‍රදේශයට වසර පුරා පතිතවන දැඩි වර්ශා පතනය නිසාම මෙම මාර්ගය විශාල වශයෙන් ‍සෝදා පාළුවට ලක්ව ඇත. මෙයට හේතුවක් වශයෙන් දැකිය හැකි වන්නේ නිසි කානු පද්ධතියක් මෙම මාර්ගයට නොමැති වීමයි. ගම් වාසීන් එකතු වී සුළු සුළු සංස්කරන කටයුතු සිදු කලත් ඒවා තාවකාලික විසඳුමක් පමණක් වේ. මේ වන විට වහන ගමනා ගමනයට මෙන්ම පා ගමනින් යාමටවත් අසීරූ තත්වයක් ගම් වාසීන්ට උදා වී ඇත.

පසු ගිය රජය සමයේ මෙම මාර්ගය කාපට් අතුරා නිසි කානු පද්ධතියක් යොදා මාර්ගය සංවර්ධනය කිරීමට මුල් ගල් තැබුවද, එම මුල් ගල්ද අද වන විට සොයා ගැනීමටවත් නොහැක. මැතිවරණ කාලය තුලදී මැති ඇමති වරුන් පැමිණ ගම් වාසීන්ගේ බලාපොරොත්තු අළුත් කර ඔවුන්ගේ කාරිය කරගෙන ගිය පසු නැවත ඔවුන් පැමිනෙන්නේ තවත් මැතිවරණයක් පැමිණී විට පමණි.. නීසි බලදාරීන්ගේ අවධානය මේ සඳහා යොමු නොවන්නේ මන් දැයි ගම් වාසීන් මැසිවිලි නගති.

නීසි බලදාරීන්ගේ අවධානය යොමු වීමට ඔබ මාධ්‍ය ආයතනයේ සහය ඉල්ලා සිටිමු. 

අබලන් වී ඇති ඩිමෙල් මාවතේ වීඩ්යෝ දර්ශන පහත Link මගින් ලබා ගත හැක

https://www.youtube.com/watch?v=PKS7usjC7BQ

ස්තූතියි.

පේශල පසන් කරුණාරත්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress