තනපට විසිකිරීම මෛත්‍රී කඳවුරේ තාර්කික අවසානයයි
Posted on December 28th, 2015

ජේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ යුතුකම සංවාද කවය

 තමන්ට ඡන්දය දුන්නේ එන්රික් වැනි ගායකයින්ට පමණක් නොව, කැබරේ ඩාන්ස් සුනිල් පෙරේරා වැන්නන්ට පවා වශීවී බ්‍රෙසියරය මතු නොව සෙසු යට ඇඳුම් වුව උනාලීමට තරම් පරල වෙනසුළු දුබල පෞරුෂැති පිරිසක් විසින් බව ජනපති මෛත්‍රීපාල අමතක කොට ඇති සෙයකි. මේ ඔහු වැපිරූ ඵල නෙලන කාලයයි. වයස පහළොව දාසයේ කෙල්ලන්ට ටියුෂන් පන්තිවල කුණුහරුප කියන අතරතුර මෙරට තිස් වසරක් තිස්සේ විනාශයට ඇද දැමූ ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු සොයමින් නන්දිකඩාල් පීනූ සන්නස්ගල, ලෝක පූජිත ජය ශ්‍රී මහා බෝධිය අසල අඩියක් ගැසීමට සිහින දකිමින් සිටින ඩබ්ලිව්. ජයසිරි හා එම මානසිකත්වයෙන් ම කල්ගෙවන රස්තියාදුකාර අලුත් පරපුර හා පුරවැසි බලය මතු නොව, මෙරට බෞද්ධ සංස්කෘතික පදනම නැතිකළ යුතු බව ප්‍රසිද්ධියේ කිවූ රෝසි සේනානායක වැන්නන්ගේ විනාශකාරී අදහස් ය ජනපති මෛත්‍රීපාලගේ මැතිවරණ වේදිකාව දෙසින් මුළු රටට ම මීට වසරකට පෙර ඇසුණේ හා තාමත් ඇසෙන්නේ. ජනපති ධුරයට පත්වීමෙන් ද සන්නස්ගලගේ පොත් එළිදැක්වීමකට සහභාගී වෙමින් මෛත්‍රීපාල විසින් කිය වූ ඔහුට ලියාදුන් පු# වැනි වචන ජනපතිවරයෙකු තබා සාමාන්‍ය පුරවැසියෙකු විසින් වුව ප්‍රසිද්ධියේ නොකියනසුළු ඒවා ය. ඒවාහි එක ම අරමුණ නම් මෙරට පුරවැසියාගේ අතින් සදාචාර මාලිමාව ඉවත දැම්මවීම ය. අපි දැන් මග නොමග නොදැන සදාචාර වංකගිරියක වසන්නෙමු.

ජනපතිවරයා හා ඔහුගේ අනුගාමිකයින් සැම විට ම කතාවෙන් හා ක්‍රියාවෙන් රටට පෙන්වා දුන්නේ තමන් මෙරට වටිනාකම් පද්ධතිය තඹ දොයිතුවකට මායිම් නොකරන බව ය. ජනපති මෛත්‍රීපාල විසින් කිවූ මහින්ද විසින් එන්ගලන්තයෙන් ගෙනා රත්තරන් අශ්වයින් හා හෙලිකොප්ටර් වැනි නීලකාස කෙබර මෙරට ජනයාගේ බොරුකීම පිළිබඳ යම් විළිබියක් තිබුණේ නම් එය ද නැතිකර දැම්මේ ය. මේ අතර, දේශපාලන එදිරිවාදිකම වෙනුවෙන් සිය මිතුරා හා නායකයාට එරෙහිව කුමන්ත්‍රණය කිරීම හා පසුව පාවාදීම තුළින් ඒවාට සුජාතබවක් දීම මෙන් ම කළගුණ සැලකීම වැනි මහාර්ඝ ගුණාංග පිළිබඳ ජනතා විස්වාසය අවුල් කිරීම ද මෛත්‍රීපාල කඳවුර විසින් ගත් ස්වයංවිනාශකාරි.පියවරයන් ය.ඉදින්, එවැනි දෘෂ්ටිවාදයක් දේශපාලනික ඔළුගෙඩි ප්‍රමාණයෙන් ජයග්‍රහණය කොට තිබෙන අවස්ථාවක දුබල කෙල්ලක උම්මත්ක ව සිය යට ඇඳුම් ඉණිම කැලණි පාලමෙන් ගලා ගිය පොල් ලෙල්ලක් වැනි ය.

ඇත්ත වශයෙන් ම මේ තරුණිය විසින් සිය බ්‍රෙසියර ගලවා විසි කළේ එන්රික් වෙත නොව ජනපති මෛත්‍රීපාල වෙත ය. ඒ හරහා මෙම තරුණිය විසින් සංකේතාත්මක ව පෙන්වා දුන්නේ යහපාලය යටතේ අප ජයග්‍රහණය කළේ මේ කාමවාදය බව ය. එනම් රනිල්-මෛත්‍රී දේශපාලන භාවිතයේ තාර්කික අවසානය මෙය බව තරුණිය මොනවට පෙන්වා දුන්නේ ය. එය ස්වභාවික ය. අපට තේරුම්ගත නොහැක්කේ මේ පිළිබඳ ජනපතිවරයාගේ උදහස් වීම ය.

– ජේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ   >>

යුතුකම සංවාද කවය
www.yuthukama.com

5 Responses to “තනපට විසිකිරීම මෛත්‍රී කඳවුරේ තාර්කික අවසානයයි”

  1. Kumari Says:

    Well said doctor Pathirana. As mentioned the undergarment was not thrown at the singer but at Sirisena.

  2. sarathk Says:

    සිරිසේන අපේ සතුරා වුවත් ඔහු කී දේ ඇත්තය. ලංකාවට බෙහෙවින් ගෙන්වන්නේ බටහිර තිබෙන දහජරා තුප්පහි දේවල්ය. මත් කුඩු ගෙන්වන්නෝත් තුප්පහි සංස්කෘතිය ගෙන්වන්නොත් තරාතිරම නොබලා මඩු වලිගයේ පහරට ලක්විය යුතුය. මෙම ලිපිය ලිය ඇත්තේ සිරිසේනට (සිරිසේන අපේ දේශපාලන සතුරා වුවත්)පහර දීමේ චේතනාවෙන් ම ම මිස තුප්පහි සංගීත සංදර්ශනය නිසා සිදුවූ පහත ක්‍රියා වලට පහර දීමට නොවේ. මෙහි සන්දර්බය රටට යහපත් නොවේ. එම සන්ගීත ප්‍රසංගය සංවිධාන කලවුන්ට මඩු වලිගයෙන් පහර දියයුතුය. එයින් ලද සියලු අදායම් රාජසන්තක කල යුතුය.

  3. NAK Says:

    Strange logic Sarathk.
    Whatever Sirisena said he had two birds in sight with one stone. The first was to divert attention from his weak handling of government and to attack Sanga for declining his public offer.

    These latino songs this partcular singer sung are sung by others in this country day in and day out,you can listen to them on many radio channels and look at the amount of “dahajara thupphi” stuff that are dumped on our society by many sattelite tv channels. What are we to do? hide? there is no place to hide. These girls are simply imitating what takes place in the west in events like this. It is the responsibility of their parents to teach them to behave in public and if any one is to be thrashed with a Ray’s sting it should be the parents of these youngsters.

    We started this cultural slide when we opened up to the west in 1978 now we are almost at the bottom and there is no goin back. The only thing that can be done is to arrest the slide and that can only be achieved through education and not with a Ray’s sting.
    The gist of what Dr. Pathirana says “I think” is that we have no future with a President who has no shame or fear in lieing and deception.

  4. Christie Says:

    Christie Says:
    December 28th, 2015 at 10:35 pm
    ලීලත් අමු සින්හල නෙමේ සිවලින්ඟෙ ඔබාගත්ත සින්හල වගේ. තොවිල් කියන්නෙ ඔය මහේලයයි සන්ඟයයි කරපු බජව්වම තමයි. ඉස්සරත් අදත් සින්හලරටේ. තොවිලයක පරල වෙන උන් අන්තිමට හෙලුවෙන් තමයි නටන්නෙ.

  5. sarathk Says:

    Hi NAK
    You logic is the strange one. Look at the headlines of divaina today(31-12-15). Sanga and Mahel deserved to be punished. See who the bloody culprits are- Mahel and Sanga.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress