මුතුරාජ වෙල පරිසර විනාශය අ වම කිරීමට කටයුතු කරමු.
Posted on January 3rd, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

පරිසර හිතකාමී ජනාධිපතිලා, පරිසර සම්බන්ධ ඇමතිලා, පරිසරවේදීන් ආදී මහා පරිසර මහත්වරුන් සිටින යුගයක් අප රට තුලම තිබී නැත. නමුත් මේ යුගයේ තරම් පරිසර විනාශයන් සිසුවෙන තවත් යුගයක් නැති තරම්ය.

  1. විල්පත්තු වන විනාසයට පසුව
  2. මුතුරාජවෙල පරිසර පද්ධතිය තුලද පරිසරයට තෙල් කාන්දුවීම නිසා මහා පරිසර විනාශයක් සිදුව ඇත.

දැන් සටන ඇරඹී ඇති අතර කිසිවෙක් සිදුව ඇති පරිසර විනාසය සම්බන්ධව කථා නොකරයි. කථා කරන්නේ තමන්ට සිදුව ඇති කරුණු කාරනා සම්බන්ධවය.

ඇත්ත වශයෙන්ම මේ පරිසර විනාශය මුලු ජීවී ප්රජාවටම තර්ජනයක්ව ඇති අවස්ථාවක ලාම්පු තෙත් වලට මොනවාද කරන්නේ? ඒවා බලධාරීන්ට මිලදී ගන්නවාද? යන ප්රශ්න කිසිදු වැදගම්මකට නැති, සෑබෑ ප්රශ්නය මතු නොකරන අමන සිදුවීම්ය. මේ අමන ජනතාව තමන්ට සිදුව ඇති සැබෑ හානිය අවබෝධ කර නොගෙන තමන් එකතු කරගත් ලාම්පු තෙල් මිලදී ගැනීමට තර්ජනය කිරීමවත්; ජනතාව විසින් එකතු කරගත් ලාම්පු තෙල්, ආයතනයට අයත් සම්පත් බැව‌ින් ඒවා යලි ආයතනයට ගෙනවිත් බාරදෙන ලෙස දන්වන නිලධාරීන් දැකීමත් මහා පිලිකුල් සහගත සිදුවීම්ය.මේ අමන රැගුම අත්හැර මේ සිදුව ඇති විනාශය වහාම නවතා ගන්නේ කෙසේදැයි කිසිවෙකුටත් අවබෝධයක් නැතිවා සේ කටයුතු සිදුවෙමින් පවතී. සිදුව ඇති පරිසර විනාශය ඇති මහත්ය. එය කිසිවෙකුටත් ගනනය කල නොහැක. නමුත් මේ විනාශය මේ බිමේ පවතින කාලය අඩු කර ගැනීමට අපට හැකිය. පලමුව අවබෝධ කරගත යුත්තේ පහත දැක්වෙන කරුණුය.

  1. මිනිසුන්ට වන හානිය.
  2. ගෘහස්ත ආර්ථික වශයෙන් වැදගත් සතුන්ට වෙන හානිය.
  3. මත්සය ප්රජාවට සිදුව ඇති හානිය
  4. උරග ප්රජාවන්ට සිදුව ඇති හානිය.

5පක්ෂී ප්රජාවට සිදුව ඇති හානිය

  1. ශාක ප්රජාවට සිසුව ඇති හානිය වශයෙන් දල වර්ග කිරීමක් කොට තත්වය සලකා බැලිය යුතුය.

වර්තමාන තත්වය තුල උරග, මත්ෂය හා පක්ෂීනට ප්රජාවන් රාශියක් මියගොස් ඇති බවත් ජීවත්ව ඉන්න සවල්පයක් ජීවීන් ඉතාම අසාද්යව ඇති බවත් අපට වටහා ගැනීමට සිදුවේ. මේ මිය ගිය හා මියදිමින් සිටින සතුන් කුුණුවීමත් සමග හට ගන්නා පාරිසරික තත්වය පවතින ජලය හා වාතය දූෂණය කරමින් මිනිසුන්ගේ ජීවන තත්වය තවත් පහතට ඇද දමන බව අවබෝධ කරගත යුතුය. මේ තෙල්තට්ටුව සිදුකල විනාශය වසරකින් දෙකකින් හෝ වසර 30 කින් නිමවේ යයි සිතීම මහා මුලාවකි. නිහඩව බලා සිටියොත් මේ සිදුව ඇති විනාශයේ ප්රතිඵල  වසර සිය ගනනක් ඈතට දිව හනු ඇත. එබැවින් අප වහාම ක්රියාත්මකවී මේ තෙල් තට්ටුව පවතින අතරවාරයේ භූමිය කාණ්ඩ වශයෙන් ගිනි තැබීමකට භාජනය කල යුතුය. ඒ ගිනි තැබීම විද්යාත්මකව පාලනයකට නතුකර කල යුතු ගිනි තැබීමකි. එසේ කිරීම තුලින් පවතින ඒ තෙල් මුළුමනින්ම මාසයක පමං කාලයක් තුලදී විනාශ කල හැක. තවද මලගිය සතුන් මෙන්ම මලගිය ශාකද දැවී හලුවී යනු ඇත. වසර ගගනනාවක් ඒ පොලොවට මහා විනාශයක් කොට ඒ පලාතේ ජනතාවට මපරම්පරා ගනනක් වින කල හැකි මේ පරිසර හානියට මූලික වූ තෙල විනාශ කොට ඉතිරි කාර්යය කිරීම  ස්වභාවයට භාර දෙන්න. මේ කට යුත්ත කිරීමට බුද්ධිය හා ශක්තිය ඔවුනට ලබාදෙන ලෙස අප හැම එක්ව දෙවියන් යදිමු

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress