අපගේ රණවිරුවන්ට එරෙහිව පවත්වන්නා වූ නඩු විභාග හා අනෙකුත් විවිධ දේශපාලනික තර්ජන ගර්ජන වලින් ආරක්ෂා කර ගනිමු.
Posted on January 10th, 2016

Global Sri Lankan Forum  රංජිත් සොයිසා ජාත්‍යන්තර සම්බන්ධිකාරක

  2010 ජනවාරි මස ජනමාධ්‍යකරුවෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ හදිසි අතුරුදහන් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ උසස් බුද්ධි අංශ නිළධාරින් (DMI) හා සෙබළුන් ඇතුලත්ව පස් දෙනෙකු වත්මන් රජය විසින් අත් අඩංගුවට ගෙන තිබීම අප රටේ ආරක්ෂාවට අහිතකර කරුණක් බව කවුරුත් දන්නා කියන නොරහසකි. මෙම විශේෂ බුද්ධි අංශ නිළධාරීන්ගෙන් තිදෙනෙක් 2015 අප්‍රේල් මස 24 වන දින සිට අත් අඩංගුවේ රඳවාගෙන  සිටින අතර අනෙකුත් නිළධාරීන් ඊට පසු දිනක සිටද රඳවාගෙන සිටින බව අපට යම් යම් ආරංචි මාර්ග හරහා දැන ගැනීමට ලැබී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව වාර්තා කලහැකි ඉතාමත්ම උපහාසාත්මක මෙන්ම අසංවර කරුණ වන්නේ, මෙම අභීත බුද්ධි අංශ රණවිරුවන් අපේ රටේ දශක තුනක්  පමණ පැවති ත්‍රස්තවාදී යුධ සමයේ දී ඔවුන්ගේ අමිල ජීවිත පරදුවට තබා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් කොටි සංවිධානය පරාජය කිරීමට සක්‍රීයව ක්‍රියාකලාක් මෙන්ම පුදුමයට තුඩුදෙන කරුණ වන්නේ මෙම රණවිරුවන්ට අනේකවිධ වද හිංසා දෙමින් රඳවාගෙන  ඉහත කී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් වන ශාන් අබේසේකර හා කණ්ඩායමක් විසින් ක්‍රියා කිරීමයි. ඉහත සඳහන් වද හිංසා කිරීමේ උච්ච්ච්තම අවස්ථාව වන්නේ ඉහත සඳහන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් අදාළ බුද්ධි අංශ රණවිරුවන්ගේ නිවෙස් වලට පවා විටින් විට යමින් මෙම විරුවන්ගේ බිරින්දෑවරුන්ට හා අනෙකුත් පවුලේ සාමාජිකයන්ට පවා මානසික බලපෑම් කරමින් මෙම පරීක්‍ෂණය කිරීමට නියෝග කර ඇති ඉහළ පැලැන්තියේ දේශපාලනික හෙංචයියලාගේ උවමනා එපාකම් වලට සරිලන පරිදි පාපොච්චාරණ ලබා ගැනීමය.

මෙම රඳවා තබා ගැනීම් හා මානසික වද හිංසා වලට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැකිවන්නේ, ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන් වීම හෝ ඝාතනය සිදු වුයේ ප්‍රධාන වශයෙන්ම මහින්ද රාජපක්‍ෂ රජය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කල ගරු ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම අතුරුදහන් කරවීම හෝ ඝාතනය කල බව සඳහන් වෙන පාපොච්චාරණය මෙම අභීත බුද්ධි අංශ නිලධාරීන්ගෙන් බලහත්කාරයෙන් ලබා ගැනීමය. මෙම අත් අඩංගුවේ පසුවන බුද්ධි අංශ නිළධාරීන් ට ඇත්ත වශයෙන්ම මානසික වද හිංසන වලට යටත් වීමට සිදුවීම සනාථ කිරීමට ඉතා ප්‍රභල සාධකයක් වන්නේ මොවුන් අත් අඩංගුවට ගත් දා සිට මොවුන්ට නීත්‍යානුකුලව ලැබිය යුතු වේතන හා දීමනා කිසිවක් අදවන තුරු නොලැබීමය. එක් සෙබලෙක් මෙම අපරාධ විමර්ශන අංශයේ තාඩන පීඩන වලට ‘ යටත් වී ‘ ඇති බැවින්  ඔහුව නිදහස් කර යවා ඇතිබව සඳහන් වී ඇත. මෙම වද හිංසා සම්බන්ධව මාධ්‍යය විචාරකයෙක් ඉතා කදිමට  පවසා ඇත්තේ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් කටයුතු කරන්නේ ත්‍රස්තවාදී සමයේදී, කොටි ත්‍රස්තවාදී රහස් ඔත්තු සේවයේ නායකයා වූ පොට්ටු අම්මාන් ලෙස කියාය.

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සාමාන්‍යය ජනමාධ්‍යය කරුවෙක් පමණක් නොවන බවත් කොටි සංවිධානයේ බුද්ධි අංශයේ සාමාජිකයන් සමඟ රහසිගත සම්බන්ධතා පවත්වා තිබුණ බවටත් යම් යම් පිළිගත හැකි සාක්ෂි දැන් දැන් එළිදරවු වෙමින් පවතින නිසාම අපේ රණවිරුවන් හිතුමතේට අත් අඩංගුවට ගනිමින් දේශපාලන ඝාතන සංහාර නොකොට මේ ගැන අපක්ෂපාති පොලිස් විමර්ශනයක් පැවැත්වීම කාලෝචිත ක්‍රියාමාර්ගයක් ලෙස සැලකිය හැක. රටේ පවත්නා නීතියට අනුව උසාවියක් විසින් නිර්දේශ කර ඇති අවස්ථාවක හැර මෙම එක්නැලිගොඩ විමර්ශනය සම්බන්ධව අත් අඩංගුවට ගෙන රඳවා සිටින හමුදා බුද්ධි අංශ නිළධාරීන්ට (හමුදා බුද්ධි අංශ අධීක්ෂක-DMI)  ඔවුන්ට අයත් නීත්‍යානුකුල වේතන හා දීමනා කිසි අඩුවකින් තොරව ගෙවිය යුතුය.  එක්නැලිගොඩ සම්බන්ධව අත් අඩංගුවට ගෙන ඇති ක්‍රියාමාර්ගය බොහෝ විට ශ්‍රී ලංකාවේ ඉතා දුර්වල රජයක් ඇතිවනවා දැකීමට කැමති අයට මෙන්ම බල ශුන්‍යය ආරක්‍ෂක බලකායක් ඇති වනවා දැකීමට කැමැත්තෙන් සිටින දේශීය මෙන්ම විදේශීය සංවිධාන තෘප්තිමත් කිරීමට යොදා ගෙන ඇති උපක්‍රමයක් විය හැක. එක්සත් ජනපද සාම ආයතනයට ශ්‍රී ලංකාවේ තානාතිපතිවරයා වන ප්‍රසාද් කාරියවසම් මහතා විසින් 2015 දෙසැම්බර් මස පළවන දින ඉදිරිපත් කරන ලද පත්‍රිකාවක සඳහන් වී ඇති ප්‍රකාරව ඉතා වෙහෙසකර විමර්ශනයකින් පසුව ජනමාධ්‍යයකරු ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ පැහැරගැනීම්,  නීති විරෝධී ලෙස රදවා ගැනීම හා ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදාවේ නිළධාරීන් හතර දෙනෙක්, එනම්, ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙක්, සැරයන්වරයෙක් සහ කොප්රල්වරයෙක් යන අයව අත් අඩංගුවට ගන්නා ලදී. මේ අයවලුන්ට එරෙහිව ගතයුතු නීත්‍යානුකුල ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවද සඳහන් වේ. අපගේ ශ්‍රී ලාංකීය  තානාතිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් යෝජනා වන්නේ ඉදිරියටත් මෙවැනි කූට නඩු විභාග වලට අපගේ ත්‍රිවිධ හමුදා වල සාමාජිකයන් පටලවා ක්‍රියාමාර්ග ගැනීමට ඉඩකඩ ඇති බවය.

එක්නැලිගොඩ විමර්ශනයේ කටයුතු බොහෝවිට සිදුවන්නේද 2001 අතුරුගිරියේ ‘ මිලේනියම් සිටි’ නිවාස ව්‍යාපෘතියේ සිදු වූ ඉතා තුච්ඡ දේශද්‍රෝහී පාවාදීමට බොහෝ සෙයින් සමාන්තරව යැයි සැලකිය හැක්කේ එදා දේශපාලන බලවේගයන් විසින් මෙහෙය වන ලද කුඩා පොලිස් කණ්ඩායමක් විසින් මෙම නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගියා වූ ඉතා රහසිගත හමුදා බුද්ධි අංශ මෙහෙයුමක් හෙළිදරවු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, කොටි ත්‍රස්තවාදීන්ගේ නාදුනන වෙඩික්කරුවන් විසින් අපගේ මෙම විරෝධාර මෙන්ම ජීවිත පරදුවට තබා ක්‍රියා කල බුද්ධි අංශ නිළධාරීන් එක් එක් අය වෙන් වෙන් වශයෙන් ලුහුබැද විනාශ කර දැමීමත්, අප හමුදාවට ඔත්තු සැපයු බොහෝ ද්‍රවිඩ හා මුස්ලිම් පිරිසකගේ ජීවිත ද මේ පාවා දීම හරහා විනාශ වීම නිසා ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් කැපවීමකින් ගෙන ගිය ක්‍රියාමාර්ග වල අති විශාල පසුබෑමක් ඇති විය. එදා මිලේනියම් සිටි  සංහාරය සිදුවන විට දේශපාලන බලය අතැතිව සිටයා වූ බොහෝ පිරිසක් දැන්ද නැවතත් බලයට පැමිණ සිටීම අහඹු සිදුවීමක් නොව. යහපාලනය  පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කරමින් 2015 ජනවාරි මස 8 වන දින බලයට ආ වත්මන් රජය තවදුරටත් නීතිය හා ප්‍රජාත්‍රන්තවාදය ඇති හැටි සේ ලැට්මිර් හවුස්  ප්‍රතිපත්තිය මත පදනම්ව ක්‍රියාත්මක කරවීම මහාපරිමාණයේ විහිළුවක් බවට පත් වී ඇත්තේ ත්‍රිවිධ හමුදා විරුවන් දීර්ඝ කාලීනව රඳවා තැබීමේ හා වද හිංසා පමුණුවීමේ ප්‍රතිපත්තිය නිසාය. යහපාලනයේ ඇති මුලික සිද්ධාන්තය මේ ක්‍රියාව හරහා බිඳ දැමෙනවා පමණක් නොව එයින් අප ත්‍රිවිධ හමුදාවේ සියළුම අංශ වල රණවිරුවන් ඉතා පහත් ලෙස අධෛර්යමත් කරවනවා මෙන්ම ජාතික ආරක්ෂාවටද මරු පහරක් වනු ඇත.

පසුගිය දශක තුන තුල (2009 දක්වා) ශ්‍රී ලංකා ජනරජයට එරෙහිව දෙමළ ත්‍රස්තවාදී කොටි සංවිධානය විසින් මෙහෙය වන ලද අති කුරිරු යුධමය සංහාරය තුලදී අහිංසක නිරායුධ පුරවැසියන් (කුඩා  දරුවන් ඇතුලත්ව ) අති ම්ලේච්ඡ ලෙස මරා දැමු ආකාරය මෙන්ම අප සියළු දෙනාම කෙතරම් බියකින් ජීවත් වුවාදැයි කිසිම ශ්‍රී ලාංකිකයෙකුට කිසිසේත්ම අමතක කළ නොහැකි කරුණකි. එවකට කොටියා තැබූ සෑම පියවරක්ම සාර්ථකත්වයෙන් පිරී ඉතිරී ගොස් තිබුණු අතර සාර්ථක මෙහෙයුම් සඳහා ඔත්තු හා තොරතුරු සපයන්නන්ද, වෙස්වලාගත් ත්‍රස්තයින් මෙන්ම මරාගෙන මැරෙන  බෝම්බකරුවන් කල්ලියක්ද සිටියහ. සන්නද්ධ හමුදා හා පොලිසියේ මෙහෙයුම් අංශ වලට අවශ්‍යය කරන යුධමය  තොරතුරු සඳහා දැඩි ලෙස බලාපොරොත්තු තබාගෙන සිටියේ රට වෙනුවෙන් ජීවිත පරදුවට තබා අති භයානක අවස්ථාවන් වලට මුහුණ දෙමින් තමන්ගේ මව්බිම වෙනුවෙන් දැඩි විශ්වාසයකින් යුක්තව රහසිගත මෙහෙයුම් වල යෙදුන අපේ  වීරෝධාර බුද්ධි අංශයේ නිළධාරීන් මතය.

එම නිසා අපි ඉතා උවමනාවෙන් ශ්‍රී ලංකාවේ සියළුම වෘත්තීකයන්ගෙන් ද, වෘත්තීය සමිති වලින් හා අනෙකුත් සියළුම රාජ්‍ය නොවන සංවිධාන වලින් මෙන්ම දේශපාලඥයන්ගෙන්ද අවංකව ඉල්ලා සිටින්නේ ඉතා නුදුරු අතීතයේදී ශ්‍රී ලංකාව එක්සේසත් කල ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ අභීත රණවිරුවන් සේ ගෞරවාන්විතව සැලකු සියළුම සාමාජිකයන්ට එරෙහිව දැන් රජය විසින් ගෙනයන වෛරී මෙන්ම පහත් ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ මෙන්ම මාධ්‍යය හරහාද විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට කටයුතු කරන ලෙසටය.

අප සියළුම ශ්‍රී ලාංකිකයන් ත්‍රිවිධ හමුදා වලට හා පොලිසියට අති විශාල කෘතඥපුර්වක ණයගැති භාවයක් ඇති බව තරයේ සිහිපත් කොට ගත යුතුය. එමනිසා ජාති විරෝධී බලවේගයන්ව තෘප්තිමත් කිරීම සඳහා අපේ වීරෝධාර ත්‍රිවිධ හමුදාව හා පොලිසියේ සියළු රණවිරුවන්ට එරෙහිව  ඉතා අසීරු ලෙස ලබා ගත්  මව්බිමේ සාමය හා දීර්ඝ කාලීන ජාතික ආරක්ෂාව නැවත බිලිදීමට  ප්‍රයත්න දරණ රාජද්‍රෝහී මෙන්ම තමන්ගේ සුඛ විහරණය සඳහාම කටයුතු කරන දේශපාලඥයින් හා ඔවුන්ට එම කටයුතු කරගෙන යාම සඳහාම තෝරාගෙන සිටින හෙංචයියන් ගෙන යන මෙම වෛරී මෙන්ම ද්වේශ සහගත ක්‍රියාමාර්ගයන්ට එරෙහිව අප සියලු දෙනාම එකට එකතු වී අපේ මව්බිම ආරක්ෂා කළා වූ සියළු රණවිරුවන් ආරක්ෂා කර ගැනීමට තරයේ සිතට ගනිමු.

රංජිත් සොයිසා

ජාත්‍යන්තර සම්බන්ධිකාරක

ranjiths@spur.asn.au

 

වෙනුවෙන්

  1. ශ්‍රී ලංකාවේ සාමය, සමගිය හා මානව හිමිකම් සඳහා සමිතිය – වික්ටෝරියා, ඕස්ට්‍රේලියාව
  2. ශ්‍රී ලංකාව තුළ සාමය, සමගි හා පුනරුත්ථාපන  බටහිර ඕස්ට්‍රේලියාවේ සංගමය (ඩබ්ලිව්.ඒ)
  3. ශ්‍රී ලංකාවේ සාමය, සමගිය හා මානව හිමිකම් සඳහා සමිතිය – නිව් සවුත් වේල්ස්, ඕස්ට්‍රේලියාව
  4. කැනඩාවේ ශ්‍රී ලංකා එක්සත් ජාතික සංගමය (SLUNA)
  5. සිංහල සංගමය – එක්සත් රාජධානිය
  6. ලංකා මිත්‍රත්ව සංසදය – මැද පෙරදිග
  7. ශ්‍රී ලංකා යුරෝපීය මිත්‍ර සංසදය – ස්විස්ටර්ලන්තය
  8. ඕස්ට්‍රේලියාවේ සිංහල සංස්කෘතික සංගමය – ඕස්ට්‍රේලියානු ප්‍රධාන ප්‍රාන්ත -ACT, ඕස්ට්‍රේලියාව
  9. විරු දරු දිරිය පනත – වික්ටෝරියා, ඕස්ට්‍රේලියා
  10. ත්‍රස්තවාදයට එරෙහි ශ්‍රී  ලාංකිකයන් – නිව් සවුත් වේල්ස්, ඕස්ට්‍රේලියාව
  11. වීර පරාක්‍රමබාහු පදනම – නිව් සවුත් වේල්ස්, ඕස්ට්‍රේලියාව

 

 

 

One Response to “අපගේ රණවිරුවන්ට එරෙහිව පවත්වන්නා වූ නඩු විභාග හා අනෙකුත් විවිධ දේශපාලනික තර්ජන ගර්ජන වලින් ආරක්ෂා කර ගනිමු.”

  1. Wetta Says:

    රණ විරුවන්ට මානසික බලපෑම් ලෙස උදාහරණයක් වශයෙන් වැටුප් අත්හිටුවීම මඟින් ඔවුන් ලවා තමන් කැමති ලෙස ව්‍යාජ ප්‍රකාශන වලට (ගෝඨාබය විසින් පෞද්ගලිකව අණදුන් බවට ප්‍රකාශන ) අත්සන් ලබාගැනීමට කරන බලපෑම් නිෂ්ක්‍රිය කිරීමට නම් අප කල යුත්තේ එම රණවිරුවන්ගේ පවුල්වලට නඩත්තුවීම සඳහා මාසිකව මුදලක් ලබාදීම යයි මම සිතමි. එසේ වූ විට තම පවුලේ දරුවන්ගේ ජීවත්වීම උදෙසා ඇති ඕනෑකම නිසාම ඔවුන් ඉහත කී ව්‍යාජ ප්‍රකාශන වලට අත්සන් කිරීමෙන් වලකිනු ඇත. මේ සඳහා අරමුදලක් ඇරඹීමට මම යෝජනා කරමි. ඒ හරහා මේ ම්ලේච්ඡ කටයුත්ත අසාර්ථක කිරීමට අපගේ යුතුකම කලා වනු ඇත. එසේ අරමුදලක් අරඹා විශේෂයෙන්ම විදේශගත දේශප්‍රේමින් වෙත ප්‍රසිද්ධ කිරීමෙන් සහ විනිවිද භාවයකින් යුතුව එම මුදල් ලබාදුන් ආකාරය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම හරහා අපේ ප්‍රයත්නය වඩාත් සාර්ථක වනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress