කඩිමුඩියේ විසඳුම් දීමට තුඩුදෙන ජාතිවාදයක් අප අතරෙහි ඇත්ද?
Posted on January 10th, 2016

චන්ද්‍ර අබේනායක

කඩිමුඩියේ විසඳුම් දීමට තුඩුදෙන ජාතිවාදයක් අප අතරෙහි ඇත්ද?

දශක තුනක් වැනි කාල වකවානුවක කොටින්ගේ කුරිරු මෙලෙච්චත්වය හරහා පෙන්නුම්කල විශේෂ උපක්ක්‍රමයක්  වූයේ සිංහල ජනයා උසිගන්වා ප්‍රතිවිරෝධ ජාතිවාදී කැරැල්ලක් ඇතිකර ඔවුන්ගේ බෙදුම්වාදී අරමුන  සාධාරණ කිරීම සඳහා රටතුල හා විශේෂයන් ජ්‍යාතියන්තර වශයෙන් ප්‍රචලිත කිරීමය. අනුරාධපුර ශ්‍රී මහාබොදිය වටා සිටි වන්දනාකරුවන් ඝාතනය කිරීම, අරන්තලාවෙහි භික්ෂූන් ඝාතනය කිරීම, ශ්‍රී දලදා මාලිගාවට බොම්බ ප්‍රහාරය වැනි සාහසීක ක්‍රියා එම අරමුණ හරහා ක්‍රියාත්මකවූ  සිද්ධීන් අතරෙන් ඉතාමත් මෙලෙච්ච සිද්ධීන්ය. මෙම සිද්ධීන් හේතුකොටගෙන කොටින් බලාපොරොත්තුවූ සාමන්‍ය දෙමල ජනයා  කෙරෙහි කිසිම ධ්වේශ සහගත ප්‍රතිවිරෝධතාවයක් සාමාන්‍ය ජනතාව අතරින්,විශේශයෙන් සිංහල ජනතාව අතරින් මතු නොවීම අරබයා පැහැදිලිවම පිලිඹිබු වන්නේ කොටි ත්‍රස්තවාදීන් දෙමල ජාතීන්ගේ එකම නියෝජිතයන් කියාසිටියත් ඔවුන් අනුගමනය කල කෘර ක්‍රියාවලිය සාමන්‍ය දෙමල ජනයා කිසිසේත් අනුමත නොකොරණ බවට  විස්වාසයක් තිබීම යයි යමෙකුට මතයක් දැරීමට ඉඩ ඇත. මානව හිමිකම් සහ සාමය උදෙසා පත්වී ප්‍රශ්ණ නිරාකරණය කිරීමට පෙනී සිටින ආයතන හා පුද්ගලයන් පිරිසක් ලංකා ආණ්ඩුව සහ එල්.ටී.ටී.ය අතර සිදුවූ ඝට්ටණය සිවිල් යුද්ධයක් මෙන් අර්තකතණය කර ඇත. එයින් මනාව පැහැදිලි වනුයේ ඔවුන් නිරතවී සිට්ටින්නේ, නැති ප්‍රශ්ණයකට පිලියම් සෙවීමේ වියාජ්‍ය අබ්‍යාසයක බව නොවේද?      1956 එස්. ඩබ්ලිව්.අර්.ඩී.බන්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් දියත්වු ජාතික බලවේගය නොරුස්සනු ලැබූ, ජනග්‍රහනයෙන් අතලොස්සක් වුවත් එතෙක් බලය ඔසවූ ප්‍රභූ පන්තිය හා ඔවුන්ට සහය දුන්නාවූ වෙනත් විදෙස් ගැති ජනකොටස් සහ ආයතන එම බලවේගයට අකුල්හෙලීමේ අරමුනෙන් ජාතිවාදය යොදා ගන්නා ලදී. කොටි ත්‍රස්ත වාදයට පෙර දෙමල ජනයා ඉල්ලක්ක කර විටින් විට ඇතිවූ ප්‍රචන්ඩ ක්‍රියා සහ ඝාතන එකී ප්‍රභූ ජනකොටස් ලෙහිසියෙන්ම ජාතිවාදයට ගොනුකලත් එම ක්‍රියා අති මහත් සිංහල ජනයා විසින් හෙලා දකිනු ලදී. එසේම දෙමල ජනයාගෙන් අතිමහත් බහුතරයක් කොටින්ගේ මෙලෙච්ච ක්‍රියාකාරිත්වය කිසිසේත් පිලිගන්නා නොමැති බවටද සැකයක් නැත. සිංහල,දෙමල, මුස්ලිම් සහ අනිකුත් ජනකොටස් අතර අන්යෝන්‍ය සංස්කෘතික ගතිලක්ෂණ එකිනාකට වෙනස් වීම ස්වභාවිකය. බටහිර ආක්‍රමනයන්ට පෙර ලංකා ඉතිහාසය හරහා පෙන්නුම්කරන්නේ සියලු ජන කොටස් තම තමන්ගේ අන්යෝන්‍යතාවය රැකගෙන ජීවත්වූ බව පමනක්නොව එසේ ජීවත්වීමෙන් එකිනෙකා අතර සංස්කෘතික හුවමාරූන්ද සිදුවී ඇති භවය. යතාර්ථය එසේ වෙතත්  සමහර පුත්ගලයන් සහ සංවිධාන නොදත් කමින් හෝ හිතුමතා තමන් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන සතුටු කිරීමට ඉදිරිපත්වී කරුණු විකෘති කරමින්  බටහිර කේන්ද්‍රගත, අපරටට නොගැලපෙණ මනස්කල්පිත සංකල්පයන් ගෙනහැර පාමින් නැති ප්‍රශ්ණ වලට විසඳුම් සොයන පිලිවෙතක් අනුගමණය කරමින් සිටීම කේදජනයකය. යම්කිසි  ජණ කොටසකට එම ජණ කොටසට අයත්වීම නිසාම අසාධරණයක් සිදුවී ඇත්ද? එදිනෙදා ජීවිතයේදී එවන් අවස්තා සිදුවී ඇත්නම් එය ගැණ පරීක්ෂාකොට විසඳුම් සෙවිය යුතුමය.

ත්‍රස්තවාදී පීඩනයෙන් රට නිදහස් කල රණවිරුවන් ජාතිවාදීන් නොවන්නේය. බෙදුම් වාදයක් හරහා එල්.ටී.ටී.ය සමග නොමගයමින් සටන් වැදුණු උතුරේ තරුණයන්ද ජාතිවාදීන් නොවන්නේය. ත්‍රස්තවාදය මැඩලීන්මෙන් අනතුරුව දකුනේ ජනයා ප්‍රීති ඝෝෂා කලහ. එසේම එල්.ටී.ටී.ග්‍රහණයට අසුවී දැඩි අසහනයෙන් නිදහස්වූ දෙමල ජනයා යම් හේතූන් නිසා එසේ ප්‍රීති ඝොෂා නොකලත් ඔවුන් ජාතිවාදින් නොවන්නේය.

බටහිර කුමන්ත්‍රණ කෙසේ වෙතත් ඔවුන්ගේ සමාජ විද්‍යාක්ඥයන් පවා අපගේ ප්‍රශ්ණ දෙස බලන්නේ ඔවුන්ගේම ඉතිහාසය හරහා යයි කිවහැකිය. යුරෝපයේ අඳුරු යුගයයි කියාගන්නා ඉතාමත් සාහසීක යුගයක් පසුකර, මුස්ලිම් වරුන්ට විරුද්ධව කුරුස යුද්ධය දියත් කර, පසුව ධනය කොල්ලෑකැමට ආයුද බලයෙන් ආසියාවට, අප්‍රිකාවට සහ දකුණු අමෙරිකාවට ගොඩවෙමින්, විශේෂයෙන් අප්‍රිකාවෙහි සමහර ජනකොටස් සමුලඝාතනවලට ලක්කරමින්, තවත් සමහරුන් විලංගු ලා වහල් වෙලඳාමට යොදා ගනිමින් ගෙනගිය උග්‍ර මෙලෙච්ච්ත්වය ඉතිහාසයෙන් මනාව දිස්වී පෙනෙණ සාදක වලින් ස්වල්පයකි. අප රටෙහි ප්‍රශ්න වලට මැදිහත් වන බොහෝ බටහිරයන්ගේ මනස සකස්වී ඇත්තේ යුරෝපය කෙන්ද්‍රගත යටත්විජිත ආශ්‍රිත වර්ගවාදී සහ වර්ණවාදී සංකල්පයන් ඔස්සේ යයි කිව හැක. ඔවුන්ගේ මතයන් තහවුරු කිරීම සඳහා යොදාගණු ලබන්නේ අප රටේම විද්වතුන් කියාගන්නා කොටසක් බවද පැහැදිලිය.

ඇතැම් කූට දේශපාලක්ඥයන් සමහර ජනකොටස් මුලා කර, නැති ආගම්වාදයන් සහ ජාතිවාදයන් මවාපාමින්ද ඇතිවිය හැකි සුලු සිද්ධීන් විශාල කර පෙන්වීමෙන්ද ක්‍රියා කරන ආකාරය ඉතා පැහැදිලිය. තවද ඔවුන් බලයට පත්වූ පසු ඔවුන් දියත් කල බොරු ප්‍රචාර තහවුරු කරගන්නාසේ නැති ප්‍රශ්ණ වලට විසඳුම් දිමේ ක්‍රියාවලියද බෙහෙවින් භයාණකය. කිසිම පසුබිමක් නැති මනස්කල්පිත, බටහිරෙන් ආනයන කල විසඳුම් අප රටට කිසිසේත් ඔබින්නේ නැති බව බලධාරීන් දැණගත යුතුය. හිර ගෙදර සිටින දරුණුම එල්.ටී.ටී. සමාජිකයා තෝරාගෙන ඔහු හෝ ඇය නිදහස් කරත් අපට ප්‍රශ්නයක් නැත. එසේම සෑම ජනකොටසකටම අයත් පුරවැසියාගේ අපෙක්ශාව වණු ඇත්තේ ජාතික ආරක්ෂාව බව විශේෂයෙන් කිවයුතු නැත.

2 Responses to “කඩිමුඩියේ විසඳුම් දීමට තුඩුදෙන ජාතිවාදයක් අප අතරෙහි ඇත්ද?”

  1. Nanda Says:

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වර්ෂ පුර්ණ පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනකි.

    අදට 2015 ජනාධිපතිවරණයට වසරකි. ඒ වෙනුවෙන් ආණ්ඩුව රාජ්‍ය මට්ටමෙන් සැමරුම් උත්සව සංවිධානය කර ඇත. මටත් ඒ සදහා ආරාධනා ලැබී තිබේ. ඒවාට සහභාගී නොවීමට මම තීරණය කළෙමි. (මා ඒ වෙනුවෙන් පළ කෙරෙන ලිපි එකතුවට ලිපියක් පමණක් ලීවෙමි. ලිපි එකතුව සංස්කරණය කරනු ලබන්නේද රාජපක්ෂ තන්ත්‍රයේ ප්‍රකට ආරක්ෂකයෙකු වූ මගේ මිත්‍රයෙක් වීමද උත්ප්‍රාස ජනකය.) ඒ ඔවුන් සමරන දේ හා මා සමරණ දේ අතර වෙනසක් ඇති නිසාය. මා සමරන්නේ පශ්චාත්-යටත්විජිත ලංකාවේ පැවැති ශක්තිමත්ම සිංහල-බෞද්ධ හෙජමොනික පාලන තන්ත්‍රයේ බිද වැටීමයි. ව්‍යාජ රැඩිකල් වාමාංශිකයින් මොනවා කීවද එය ඉතා තීරණාත්මක දේශපාලන සංසිද්ධියකි.

    රාජපක්ෂ තන්ත්‍රයේ මෙම බිදවැටීම කොතරම් තීරණාත්මකද යන්න රාජපක්ෂ තන්ත්‍රයට සෙවන දුන් සිංහල-බෞද්ධ ජාතිකවාදයේ දෘෂ්ටිවාදී කේන්ද්‍රයේ සිටින පිරිස් වලට මෙම පරාජය ක්ෂතිමය අත්දැකීමක් වී ඇති ආකාරයෙන් පෙනේ. (“යුතුකම සංවාද කුළකය” නමින් ගොනුවී ඇති පිරිස්වල කතිකාව පරීක්ෂා කිරීම මෙහිදී වැදගත්ය.) රාජපක්ෂ පරාජය කොට සිරිසේන ජයග්‍රණය කලේ ලක්ෂ 62 ට 57ක් වශයෙනි. මෙහි තීරණාත්මක බව තේරුම් ගත යුත්තේ ජනාධිපතිවරණය සම්බන්ධව ඊට පෙර රාජපක්ෂ කදවුර තුළ පැවැති තක්සේරුව දෙස බැලීමෙනි.

    මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රකාශ කලේ සිරිසේන ෆොන්සේකා තරම්වත් ඡන්ද ගන්නේ නැති බවයි. දකුණේ ජනයා සිංහල-ජාතිකවාදයට පිටින් සංවිධානය කීරීමට ඇති හැකියාව ඓතිහාසික වශයෙන් අවසන්ව ඇතැයි ඔවුහු තීරණාත්මක ලෙස විශ්වාස කළහ. සිදුවුනේ කුමක්ද යන්න පිළිබදව තවමත් ඔවුන්ට තක්සේරුවක් නැත. ඔවුන්ට අනුව එය බටහිර හා ඉන්දීය තානාපති කාර්යාල වල කුමන්ත්‍රණයකි.

    දැන් සිංහල-ජාතිකවාදයේ දේශපාලන මදුසමය අවසන්ය. තම පුතුන්ගේ දේශපාලන අනාගතය හා පවුලේ පැවැත්ම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ද සිංහල ජාතිය පාවාදීමට බොහෝ දුරට ආසන්න බව මගේ මේ මොහොතේ තක්සේරුවයි. කොහොමත් ඔහු කළේ වැල යන අතට මැස්ස ගැසීමයි. ගුණදාස අමරසේකරට දැන් ඊළග ගැලවුම්කරුවා (Messiah) එනතුරු “ගමනක මුල” නැවත ලිවීම ආරම්භ කිරීමට පුලුවන. ඒ සදහා මම ඔහුට චිර ජීවනය ප්‍රාර්ථනා කරමි. අව්‍යාජ සිංහල ජාතිකවාදීන් ගේ ලේ රත් කරමින් දැන් “සිංහ ලේ” විවෘතවම කරළියට පැමිණ ඇත. සිංහල ජාතිකවාදය (හෙගලියානු අර්ථයෙන්) එහි දයලෙක්තික වර්ධනයේ තීරණාත්මක අවසානයට පැමිණ ස්ව්‍යං-විනාශය කරා ගමන් කරමින් සිටී. “සිංහ ලේ” ව්‍යාපාරය ඒ අවමගුල් පෙරහැරේ මිනී බෑන්ඩ් එකයි (ජාත්‍යන්තරවාදීනි!!! කරුණාකර ඔවුන්ට බාධා නොකරන්න!!!). “අව්‍යාජ” සිංහල ජාතිකවාදීන් මෘත කලේබරය පසුපස විලාප තියමින් ගමන් කිරීම අපට දැකිය හැක.

    ඊනියා යහපාලන ආණ්ඩුවේ (මම මේ ආණ්ඩුව සදහා යහපාලන ආණුඩුව යන වචනය භාවිතා නොකරන බව සලකන්න) පළමු වසර සැමරීමට මට කිසිදු වුවමනාවක් නැත. මා සම්බන්ධ වන්නේ ජනවාරි 8 සිදුවූ වැදගත් දේශපාලන විපර්යාසය පසුපස පැවැති පොදු අභිලාෂ ඉදිරියට ගෙනයාමේ අරගලයකටයි.

    – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

  2. Christie Says:

    Dear Chandra

    Anyone who opposes the Indian Empire are called racists whether they are from Fiji or anywhere else.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress