ශ්‍රී ලංකාවට නායකයින් ඕනෑකර තිබේ
Posted on January 23rd, 2016

තේජා ගොඩකන්දෙආරච්චි ලීඩ්ස් – එක්සත් රාජධානිය

නිදහස් ශ්‍රී ලංකාවේ පලමු අගමැති ඩී.එස්. සේනානායකයන්ය. එතුමන් ගේ හදිසි මරණින් පසුව නිතරඟයෙන් එතුමන්ගේ පුත් ඩඩ්ලි සේනානායක පක්ෂ නායකත්වයටත් අගමැතිකමටත් පත් විය. ඉන් පසු සර් ජෝන් කොතලාවල ටික කලකටත් නැවතත් ඩඩ්ලි සේනානායකත් පක්ෂයේ සුක්කානම බාර ගත්හ.  වැඩි කලබැගෑනි වලට අකමැතිවු ඩඩ්ලි 1970 පරාජයෙන් පසුව ජේ. ආර් ගේ සුලු කෙනිත්තවීමකින්ම බලය අතහැරීමට එකඟ විය. ජේආර් ගේ පාලන කාලය අවසන පක්ෂ නායකත්වය සඳහා පැවතියේ ත්‍රිකෝන සටනකි. ඒ එකිනෙකාට නොදෙවෙනි නායකත්ව ගුණාංග පෙන්නුම් කල ආර් ප්‍රේමදාස ලලිත් ඇතුලත්මුදලි හා ගාමිනි දිසානායක අතරය. ඉන්පසු පක්ෂය අභ්‍යන්තරයේ දැඩි සටනකින් පසු නායකත්වයට පත්වීමට ප්‍රේමදාස සමත් විය. ප්‍රේමදාස පක්ෂය තුල දෙවෙනි පෙල නායකත්වයක් ඇති වීමට ඉඩක් තිබ්බේ නැත. එහෙත් මරණය පෙනි පෙනී ලලිත් ඇතුලත්මුදලි හා ගාමිනි දිසානායක ප්‍රේමදාසට අභියෝග කලහ. ඒ නායකත්වයේ විශිෂ්ඨ ගුණාංගයන්ය.

එස්.ඩබ්.ආර්.ඩී. බන්ඩාරනායකයන් 1951 දී  ශ්‍රිලනිප ය පිහිටුවා සඟ වෙද ගුරු ගොවි කම්කරු යන පංච මහා බලවේගයන් ඒකරාශිකර  එජාපයට එරෙහිව පලමු වෙඩිමුරය පත්තු කලේය. වරෙක ආණ්ඩු බලය සහිතවද වරෙක වගකිව යුතු විපක්ෂයක් වශයෙන්ද  ශ්‍රිලනිප ය රට වෙනුවෙන් කල කාර්යභාරය අපමනය. එස්.ඩබ්.ආර්.ඩී. බන්ඩාරනායක ගේ මරණින් පසුව පක්ෂයේ නායකත්වය ගත්තේ සිරිමාවෝ මැතිනියයි. ඇය පක්ෂයට අයෝමය හස්තයක් වූවාය. ලෝකයේ කිසිදු නායකයෙකුට නොදෙවෙනි අයුරින් රටද පාලනය කලාය. එහෙත් 1977 මැතිවරනයෙන් පසු ආසන 8 බැස විපක්ෂ නායක කමත් අහිමි විය. නැවතත් ශ්‍රිලනිප ය පන ගසා ආවේ චන්ද්‍රිකා ගේ ආගමනයත් සමගය. චන්ද්‍රිකාගේ පාලන කාලය තුල ඇයගේ අපමන කෙනෙහිලි කම් මැද පක්ෂය තුල බලයක් ගොඩ නගා ගැනීමට මහින්ද රාජපක්ෂ සමත් විය. ඔහු අවුරුදු 30ක කාලයක් පැවති යුද්ධය අවසාන කලේය.එහෙත් ප්‍රේමදාස කලාක් මෙන්ම පක්ෂය තුල දෙවෙනි පෙල නායකත්වයක් ඇති වීමට ඉඩ තිබ්බේ නැත. ගාමිනි දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි වැනි පිටකොන්ද ඇති චරිත පක්ෂය තුලින් බිහි වුයේත් නැත.

LTTE ක්‍රියාකාරකම් නිසාවෙන් පක්ෂ දෙක තුලින්ම බිහිවීමට තිබු සමහර අයෝම නායකත්ව චරිත රටටඅහිමි වී ගියේය. අවංකව කියනවානම් දැන් අපට ලැබී ඇති ජනාධිපතිත් අගමැතිත් එවැනි නායකත්ව ගුණාංග පෙන්නුම් කල අය නොවේ. ප්‍රේමදාසගේ මරණින් පසුව ස්වභාවිකවම පක්ෂ නායකත්වයට පත්වුයේ රනිල් වික්‍රමසිංහය.  කිසිදු තරඟයක් නැත. දෙවරක් අගමැති වුවද ඒ නිකම්ම ඔහුගේ ඔඩොක්කුවට කඩා වැටිලාය. ජනපති මෙෙත්‍රීපාලත් එහෙමය.  ඔහු පක්ෂය තුල කිසිදු අරගලයක් නොකල කෙනෙකි. එහෙම කෙනෙක් මහින්ද යුගයේ පක්ෂයේ සිටියේද නැත. මහින්ද රාජපක්ෂගේ  දැඩි දූෂන වලින් පිරි ඒකාධිපති පාලන රටාවත්, පවුල්වාදයත් ද්‍රවිඩ විරෝධයත් නොවන්නට තවමත් ජනාධිපති ඔහුය. එසේ වුයේ නම් අදටද ජනපති මෙෙත්‍රීපාල නිකම්ම නිකම් ඇමති කෙනෙකි.

යහපාලන ආන්ඩුව බලයට පැමිණීමෙන් පසු පක්ෂය තුල තම බලය තහවුරු කරගැනීම සඳහා ජනපති මෙෙත්‍රීපාලගේ ප්‍රවේශය ඉතා දුර්වල එකකි. මහින්ද රාජපක්ෂ රජයේ අන්ත දූෂිත මැති ඇමති වරුන්ට වරප්‍රසාද දීම මගින් තමන්වෙත නතුකර ගැනීම කෙතරම් ප්‍රඤාගෝචර දැයි ඔහුට පසුව වැටහී යනු ඇත. එය නියම නායකත්ව ලක්ෂනයක් නොවේ. මහින්ද රාජපක්ෂ ජනපතිවරනයෙන් පැරදී මැදමුලන ගෙදරට ගිය සැනින්ම සටන පටන් ගත්තේය. ඒ ගෙදර ජනේලයේ එල්ලී රැස්ව සිටි ජනතාව ඇමතීමෙන්ය. ඉන්පසු ඔහු රටපුරා ජනතාව අමතමින් යන්නට පටන් ගත්තේය. ඔහුගේ ගමන හිමින්ය. කවුරු කෙසේ කිව්වත් ග්‍රාමීය ජනයාගේ වැඩි මනාපය ඔහුගේ පැත්තේය. දැන් දැන් ඒ ප්‍රතිපලය ලැබෙමින් පවතී. ජනපතිවරනයෙන් පසු පලමු වතාවට ජනපති මෙෙත්‍රීපාලට අභියෝගයකට මුහුන දීමට සිදුව තිබේ. ඒ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කරන තමන්ගේ ප්‍රාදේශීය මට්ටමේ පක්ෂ සාමාජිකයින්ගේ ඉල්ලීම් වලට අවනත වනවාද නැත්ද යන්නය. ප්‍රසිද්ධ මාධ්‍ය රැස්වීම් හරහා එන එම ඉල්ලීම් එක් අතකින් පක්ෂ නායකත්වයට කරන තර්ජනයකි. යහපාලන රජයේ හවුල් භූමිකාව මෙහෙයවන සංධාන රජයේ ඇමතිවරුද අද පත්වී ඇත්තේ ගිරයට අහුවූ පුවක් ගානටය. එක් අතකින් එජාපයේ තුන්වන පංතියේ සැලකිලිය. අනිත් අතින් දිනනේ දින වර්ධනය වන රාජපක්ෂ ප්‍රතිරූපය ය. දැන් ඔවුනට ඉතිරිව ඇත්තේ එජාපයේ සුලු කෙනෙහිල්ලකට හඬාගෙන ගොස් ජනාධිපති මෙෙත්‍රීපාලට තම දුක කියා පෑමය.

එජාපය අද ගෙනියන්නේ පොල් කෝම්බය ඇතුලේ සිටින කම්බි පනුවාගේ භූමිකාවයි. ශ්‍රීලනිපය දියකර හැරීමේ භූමිකාවයි. එය පක්ෂය හඳුනා ගනිමින් සිටින බව වර්තමානයේ ඇසෙන ප්‍රවෘත්ති වලින් පෙනී යයි. එසේ නොවුනහොත් එස්.ඩබ්.ආර්.ඩී. බන්ඩාරනායකයන් රටේ බහුතර පීඩිත පංතියේ ජනතාව උදෙසා ගොඩ නැඟූ ශ්‍රේෂ්ඨ පක්ෂයක මලගම නොවැලැක්විය හැකිවනු ඇත. එසේම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටක ශක්තිමත් විපක්ෂයක භූමිකාව අත්‍යාවශ්‍ය කරුණකි. අප එය අත් දැකීමෙන් ප්‍රත්‍යක්ෂ  කර ඇත. කවුරු කෙසේ කීවද රටේ ප්‍රභල පක්ෂ දෙක සාමුහිකව ආණඩුවක් පිහිටුවා රටේ සමස්ථ ජනයාගේ   සුබ සිද්ධිය නොතකන සුලුතර පක්ෂයක පක්ෂ නායකයෙක්  විපක්ෂ නායක කිරීමෙන් පොදුවේ කිසිදු ජනතාවකට සුබ සිද්ධියක් අත් වන්නේ නැත. එසේම කවුරු පාරම් බෑවද කනගාටුවෙන් වුවද කිව යුත්තේ නව දේශපාලන දර්ශනයක් රටට හඳුන්වාදීමට තරම් ප්‍රබුද්ධ නායකයෙක් මෑත කාලයේ අපේ රටේ පහල වී නොමැති බවය.

 

 

3 Responses to “ශ්‍රී ලංකාවට නායකයින් ඕනෑකර තිබේ”

  1. Ancient Sinhalaya Says:

    Thambi mudiyanse jr started with his darmista and killed 1000s Buddhists on the pretext of putting down an insurgency.
    But the catholic-run UNPatriiotic party was very reluctant to kill the catholic tigers of tamil drealam since were
    mainly a catholic outfit.

    Thambi mudiyanse was an unimaginable traitor to Sri Lanka. He put the foundation to break up Sri Lanka by signing 13.
    Now there are pradeshiya sabha every 25 miles, chief ministers, state ministers etc. Deshapaluwo everywhere. Who is going to do any work in the country. We all know our deshapaluwans’ corruption. When you have so many of them, corruption going to be endemic. Thambi mudiyanse was grooming his nephew pol pot ponil for the job. Thambi had gonawila sunil and lk premadasa had sotthi upali. Then sotthi became the more menacing and thambi mudiyanse had to give the rein to lk premadasa, even more brutal Buddhist killer.

    Unpatriotic party always ruled with pathalyin in the background since thambi mudiyanse time. Buddhists burnt in tyres,
    headless corpses floated in rivers. Sinhalese have very short memories luckily for the UNPatriotics. We never saw any bodies burning in tyres or headless bodies floating in rivers. But no newspapers report these since all of them are in lap of the UNPatriotics.!

    When you are with the two faced Indians, they want to do everything to please tn tamils. When you with the Chinese, two
    faced Indians stay away and Sri Lanka boomed. Now look at YAMA PALLAN’S YAMA PALANAYA. Nothing been done and
    only thing they do is corruption.
    Pensions gone
    5000 billions gone from central bank
    Buddhism from schools gone
    now new rules to rein in the Buddhist monk (obvious from the catholic run UNPatriotics, with the full support of ever
    multiplying mussies)
    Buddhism gone from the new constitution
    unitary state gone from new constitution
    list goes on.

    While MR won the war and transformed the country in less than 10 years, these rogues have turned out to be talk shops
    only. UNPatriotics have never done anything for the Sinhalese, Buddhism or Sri Lanka. They are anti-Sinhalese, anti-Buddhst and anti-Sri Lanak since they take orders from the west and india who want to toe their line to please diasporats.
    That includes destroying Buddhism in Sri Lanka. UNPatriotics doing a good job of it. They killed 60,000 Buddhists during BHEESHANA SAMAYA. Then killed more than 100,000 Buddhists by drag in the war. Why ltte aka catholic tigers attacked Sri Dalada Maligawa and Sri Maha Bodhi and killed pilgrims and never attacked a church? It is a catholic outfit or what?

  2. Fran Diaz Says:

    Why not have a Committee to govern Lanka – a Committee of 5-8 proven loyal, able, savvy, educated people to govern Lanka ?

    Sri Lankans MUST concentrate on SURVIVAL now, and not on petty issues.

    Simple things like Clean Air, Water, Food, good Shelter & Clothing. Stick with the Essentials.

    Lankans must close ranks and decide what best to do in the looming world monetary crises ahead.
    The other problems are World Climate Change and SECURITY issues of Lanka.

  3. Dilrook Says:

    A very timely article.

    There are thousands of small organisations throughout the country working against the plunder of democracy and corruption of the government. However, there is no leadership to amass them.

    Interestingly we need someone like Chandrika in the early 1990s to bravely lead the opposition. Despite her subsequent anti-national moves, she (1992 to 1994) is a role model for the cowards in the opposition today who are more concerned about their personal safety than save people from corruption (දූෂණය) and state terror (භීෂණය). The latest is the killing of an innocent man in Ambilipitiya by the police. This is part of a string of state terror attacks (භීෂණය) unleashed on ethnic Sinhalese. Much like the reign of terror 1988 to 1994.

    Just because this government is bad doesn’t mean anyone can topple it. People look for fearless leaders. If leaders are cowards, people consider it is best to stick with the known devil. This was how UNP managed to win all elections from 1973 to 1993.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress