ගස්ලබු බෙහෙත, විද්යාත්මක ක්‍රමය සහ මිනිසුන්ගේ හා සතුන් ගේ  අසමතාව.
Posted on April 4th, 2016

බෝධි ධනපාල, කිබෙක්, කැනඩාව

ගස්ලබු කොල බෙහෙතකින් ඩෙංගු රෝගය සුව කිරීමට හැකි යැයි “වෙද හාමිනේ කෙනෙක්’ සොයාගෙන ඇතිමුත් එයට දොස්තර වරු විරුද්ධ වන බවද, දොස්තරවරුන්ට ඕනෑ ඔහේ වැජඹෙමින් සීටීමට යැයි ද ධර්මසිරි සෙනෙවිරත්න නැමති ලේඛකයෙක් පවසා ඇත. ඔහුගේ මතය අනුව එක පැත්තකින් ලෙඩුන්ගේ සුවය සොයන දේශීය සංස්කෘතියේ වෙද වරු ඇත. අනිත් පැත්තට ඔහේ වැජඹෙන්නට පමනක් සොයන බටහිර දොස්තර වරු ඇත. මෙම ඉතාම  ලාමක විග්‍රහය ට හේතුව අත්තන කොල මැල්ලුම් ආහරයට ගත්තෙක් ගැන සිතේ. ධර්මසිරි මහතා වැන්නෝ සැකසහිත ව්‍යාපාර වලට රුකුල් දීමට තරම් බොලඳ වී ඇත්තේ ඉසිවරයන් සහ හින්දු දෙවියන් කෙරේ ඔවුන්ගේ ඇති අන්ද භක්තිය නිසා බව පහදා දීමට මෙම ලිපියෙන් තැත් කරමි. අන්ද භක්තිය වෙනුවට බුදු රජුන් ඉගැන්වූ විද්‍යාත්මක ක්‍රමය ද පැහැදිලි කිරීමට තැත් කරමි.

පොඩි ඉඩමක් වගා කිරීම්  සහ වෙදකම් කල අපේ බාප්පා බෙහෙත් ගුලි වලට ඇස්ප්‍රින් වර්ගයක කුඩු මිශ්‍ර කල ආකාරය මම කීවෙමි. අවුරුදු දොලහක් විතර වූ මගේ කාර්‍යය වූවේ අරත්ත මුල්, නෙල්ලි, මුද්දරප්පලම්,  තිප්ප්ලි, ගිතෙල්, සහ ඇස්ප්‍රො කුඩු  ආදිය අඹරා ගුලි හැදීමය. ඉහලගමේ සිටි  “ගොඩගම වෙදමත්තයා” ද බටහිර බෙහෙත් පෙති ඔහුගේ ගුලි වලට දමන බව මම ඇසුවේ මා සරසවි සිසුවෙක් ව සිටි කල ය. “ටෙට්‍රසයික්ලින්, ප්‍රෙඩ්නිසෝන්” වැනි සැර බෙහෙත් කුඩු පවා බොහෝ “දේශීය” වෙදුන්ගේ බෙහෙත් ගුලි වල අඩංගු වන බව නාවින්න ආයුර්වේද ආයතනයට බැඳී වැඩ කල මගේ සගයෙක් මට කිව්වේය. නමුත් ගුලි වල ඇත්තේ මොනවාදැයි ගුලිය විකුනන වෙද මහතා හෝ වෙද හාමිනේ කියන්නේ නැත, ලිඛිතව දක්වා ද නැත. බෙහෙත හෙලි කොට පේටන්ට් බල පත්‍රයක් ගන්නවා වෙනුවට ගුරු කුලයේ රහසක් ලෙස තියා ගැනීම ඉන්දීය සහ ලාංකික සම්ප්‍රදාය වේ. එම සම්ප්‍රදායම 17 වන සිය වන වනතෙක් යුරෝපයේ ද තුබුනි. 17 වන සිය වස තුල දී එංගලන්තයේ රාජකීය සංගමය වැනි විද්‍යා සංගම් යුරෝපයේ නොයෙක් රටවල පටන් ගත්තායින් පසුව ටිකෙන් ටික “ගුරු-රහස්” ක්‍රමය එම රට වල මැකී ගියේය.

කිතුනු සංස්කෘතියේ අන්ද භක්තියෙන් මිදී විවෘත ලෙස අදහස් ප්‍රකාශ කිරීමට 17 වන සියවසෙන් පසු යුරෝපයේ ඇති වූ ඒ විද්‍යා සභා වලින් ක්‍රියාත්මක විය. එසේ බට හිර රටවල විද්‍යාව දියුනු වූ මුත්, ඉන්දීය සහ ලාංකික සමාජ වල අලුත් අදහස් සහ අනාවරන වැඩි දියුනු වී විද්‍යාතමක සමාජයක බිහි නොවීමට එක බලවත් හේතුවක් වූයේ අලුත් අදහස් ගුරුකුලයේ රහස් ලෙස සඟවා තබාගැනීම නිසාය. නුමුත් ලංකාවේ අපි තවම එම මධ්‍යකාලීන චින්තනයටම යට වී සිටිමු. එම ගුරු මුෂිටි  ක්‍රමය අනුව බෙහෙතට බටහිර බෙහෙත් කුඩු පවා රහසින් මිශ්‍ර කිරීමට හොර අවස්ථාවක් ලැබේ.

මගේ බාප්පා කපටි වෙදෙක් හෝ සල්ලි ගරන වෙදෙක් නොවීය. දේශීය වෛද්‍ය ක්‍රමය සහ සංස්කෘතයෙන් එන ආයුර්වේදය තරමක් දැන සිටියේය. නුමුත් බටහිර බෙහෙත් මිශ්‍ර කරමින් කල “අත්හදා බැලීම්” වල ආදිනව  ඔහු  නොදැන සිටියේය. සිරුරේ ක්‍රියා කාරීත්වය, රුදිරය, අක්මාව, පීකුඩුව, බොක්ක සහ බඩවැල, පෙනහැලි ආදිය ගැන නොව වායු, සෙම්, පිත් වැනි විග්‍රහයක් පමණක් ඔහු දැන සිටියේය. බෙහෙත ශරීරයේ ක්‍රියා කරන්නේ බෙහෙතේ බලයෙන් පමනක් නොව දේව බලයෙන් සහ කර්මයට ද යැයි ඇදහූ ඔහු ලෙඩුන්ට බෙහෙත් දුන්නේ නැකැත් සලකමිනි. පාචන රෝගයට බෙහෙත් දී ලෙඩුන් මැරුනු පසු ඔහු   සුලු ලෙඩ වලට පමනක් බෙහෙත් දීමට පටන් ගත්තේ තමාට දේව වරම නැතැයි කියමිනි. හෘදයාබාදවලින් මැරුනු අය මහසෝනා ගේ පහරින් මැරුනු අය ලෙස සැලකුනි. නලින් ද සිල්වා මහතා තමාගේ හෘදයාබාධයට බෙහෙත් ගැනීමට සහ සැත් කම් කර ගැනීමට  බට හිර “පට්ටපල් බොරු” වලට ගියේ එම ඊනියා පට්ටපල් බොරු දේශීය පට්ට පල් බොරු ව්ලට වඩා හොඳයි සිතාගෙන විය හැක.

පරම්පාරික ලෙස ප්‍රත්‍යක්ෂ නොවූ,  හිතුවක්කාර  “බෙහෙත්”  අසරන රෝගීන්ට දීම වංචාවක් පමනක් නොව නීති විරෝධී ක්‍රියාවකි. “වෙදහාමිනේ” ගේ නමවත් ප්‍රකාශ නොකරමින් දුසමාන ආරංචි ධර්මසිරි මහතා පතුරන්නේ එම නීති විරෝධී වැඩ කල අය ඉඳුරාම ප්‍රකාශ කිරීමට මැලි වන හෙයින් විය හැක. අසංග නැමත්තෙක් ඉදිරීපත් වෙමින්, වෙදහාමිනේට ඉස්සෙල්ලා මැලේසියාවේ අයෙක්ද  ගස්ලබු ප්‍රතිකාර්ය හොයාගෙන ඇතැයි කීය. ගස්ලබු කොල (හෝ වෙනත් කොල ) යම් යම් රෝග වලට යම් යම් අය පාවිච්චි කල මුත් එය සනාථ දැනුම්ක් නොවේ. වර්ෂ 2005 සිට පැපොල් කොල පමනක් නොව, වෙනත් කොල වල යුෂ ඩෙංගු රෝගය සුව කරන්නේ ය යන මතය විකුනමින්  සල්ලි ගරන ඉන්දියන් සමාගම් කිහිපයක්ම ඇත.  යම් ද්‍රව්‍යයක් හෝ පිලිවෙත් ක්‍රමයක් පිලිගත්   බෙහෙත් වන්නේ එක්තරා ක්‍රම පරිපාටියක් අනුගමනය කොට එය සනාථ කිරීමෙන් බව ද, ඊට අදාල, රෝගීන් දෙකොටසක් ගෙන එක කොටසකට බෙහෙත දීම සහ අනෙක් කොටස ට නොදීම මාර්ගයෙන් ප්‍රතිකාරයේ අගය තීරනය කිරීම ගැන ද  මම පලමු ලිපියකින් කිව්වෙමි.

සිරුරේ හෝ හිසේ කැක්කුමකට අපේ බාප්පා ගේ ගුලි ගත් විට, අස්ප්‍රින් මගීන් රිදුම අඩු කරයි. එහෙත්, රිදුම අභ්‍යන්තර ලේ ගැලුමකින් ඇති වූවක් නම්, ඇස්ප්‍රින්  පහසුවෙන් ලේ  ගැලීම ට උදව් දෙන රස ද්‍රව්‍යයක් හෙයින්, රෝගය අසාධ්ය වෙනු ඇත. නාවින්න ආයුර්වේද පර්යෙෂනාගාරයේ වාර්තා අනුව, බටහිර බෙහෙත් මිශ්‍ර නොමැති සමහර පරම්පාරික බෙහෙත් වල  පවා  රසදිය, ඊයම්, මෙතනෝල්, ප්‍රපනෝල්, ගෙන්දගම්   වනි නපුරු විෂ ද්‍රව්‍ය ඇත.  පාරිභෝගිකයා බේරා ගැනීම සඳහා දේශීය බෙහෙත් වල අන්තර්ගත වට්ටෝරුව බෙහෙත් පැකට් එකෙහි හෝ බෝතලයෙහි ලිඛිතව දැකිවිය යුතුය. ගුරුමුෂ්ටි රකිනවා වෙනුවට පේටන්ට් බලපත්‍ර ලබා ගත යුතුය.

ධරමසිරි මහතා ධන්වන්තරී ගැන සඳහන් කොට ඇත.

“ධන්වන්තරීක්ෂ ප්‍රන කාමර සන්ඛූ……වේතාල භඨ්ඨ  ඝට  කර්පර කාලිදාසහ්”

යනුවෙන් කියවෙන    සංස්කෘත ස්ලෝකයක් අපේ බාප්පා ලෙඩුන්ට ඇසෙන ලෙස කියා එම ඉසිර්වරුන්ගේ බෙහෙත් තමා ද පාවිච්චි කරන බව ද පැවසීමට පුරුදු වී සිටියේය.  කාලිදාස නෘත්‍ය කවියෙකි. මෙම ශ්ලෝකයේ සඳහන් වන අය ඉසිවරු න් නොව, රජු වටා සිටි පඬි වරු සහ කලා කරුවන් ය. ධර්මසිරි මහතා මෙන්ම ඉසි වරුන් කෙරෙහි අන්ධ භක්තියක් බොහෝ ගැමියෝද දැරීය. විෂ්නු දෙය්යන්ගේ ගේ අවතාරයක් ලෙස හින්දු භක්තිකයන් සලකන ධන්වන්තරී කෙසේ වූවත්, වික්‍රමාදිත්‍ය රජ කාලයේ ඉන්දියාවේ සිටී ධන්වන්තරී කාසිරාජ නම ඇති වෙද බමුනෙක් සහ ඔහුගේ ගුරුකුලය සඳහන් වී ඇත. ධන්වන්තරී කාසිරාජ බමුනා “සුස්‍රැත සම්හිතා” නැමැති පොතක් ලියා තුබුනි. ඔහු ප්‍රතිකාර සොයා ගැනීම සඳහා, “අනුමාන, උපමාන, පමාන” සහ “පත්‍යක්ෂ” යන ක්‍රම වේදයක් ඔහුගේ ආයුර්වේදයට ද ඇතුල් කලේය. පැරැන්නන් කී පලියට එය පිලිගත යුතු නැති බව ද ඔහු කියා තුබුනි.

ලොව පහල වූ පලමු වැනි නවීන විද්‍යාඥ‍යා වූ බුදු රජුන් වහන් සේ   ඥාන සූත්‍රයෙහි සහ කාලාම සූත්‍රයෙහි පැරැන්නන් කී පලියට එය පිලිගත යුතු නැති බව කියා ඇත. නොයෙක් ජාතක  කතා වලද, කරුනු පරීක්ෂා කොට තීරන වලට බැසිය යුතු බව භාග්‍යවතුන් කියා ඇත. බ්‍රාහ්මනයන්ගේ ජාල වලට නොවැටිය යුතු බව බ්‍රහ්මජාල සූත්‍රයෙහි කියා ඇත. නුමුත් “එහිපස්සිකො” අමතක කොට “දේවපස්සිකො” සහ “ඉසිවරු-පස්සිකො” වැනි මත දරන ධර්මසිරි සෙනෙවිරත්න සහ නලින් ද සිල්වා මහතුන් වැන්නෝ විද්‍යාවේ ක්‍රමය වන බෞද්ධ ක්‍රමයෙන් පිට ගොස් ඇත. වරින් වර වියරු වැටෙන ගැහනියක් රජරට ජලයෙහි සහ පසෙහි ආසෙනික් නැමැති විෂ වර්ගය ඇතැයි නාථ දෙයියො කිව්වා යැයි අන්ද භක්තියෙන් පිලිගත් සිල්වා මහතා සහ ඔහු ගේ සගයනට පුදුමයක් වී තිබෙන්නේ රජරට පසෙහි හෝ   ජලයෙහි බිලියනයකින් කොටස් දහයක් වත් ආසෙනික් සොයා ගැනීමට  කාටවත්  නොහැකී වීමය! දන් ඔවුන් තැටිය මාරු කොට ග්ලයිපොසෙට් ගැන කතා කරති. ප්‍රබල ශාක සහ පෙඳ නාශකයක් වන ග්ල්ය්පොසේට් ද රජරට නොමැති බව පෙනෙන්නේ එහි ඇති වැව්, ඔය, ඇල, කුඹුරු සහ ලිං වල පෙඳ මොනවට ඇති හෙයින් ය.

ධර්මසිරි මහතා මෙසේ ලියයි.

අයුර් වේදයේ බෙහෙත් බොහෝසෙයින් සොයා ගත්තේ ඉසිවරයන් විසිනි . එක අයෙක් නම්

“ධන්වන්ත රී” ය . සමත භාවනා වැනි ක්‍රමවලින්  ඔවුහු ප්‍රයෝජන ගෙන ඇත.

ධන්වන්තරී ගේ “සුසෘත සම්හිතා”  වේ “සමත භාවනා” වලින් බෙහෙත් සෙවිය හැකි බවක් කියා තිබෙන්නේ කොයි ශ්ලෝකයේ ද? ඉතින් “වෙද හාමිනේ” ගස්ලබු ප්‍රතිකාරය හොයා ගත්තේ ඉසිවරයෙකුගෙන් ද?  සමත භාවනා වකින් ද?

කූඩැල්ලන් ලවා සර්ප හෝ කෘමි දඨ්ඨනය නිසා විෂ වූ ලෙය උරා ගැනීමේ දී කූඩැල්ලා මැරේ. එය ලාංකික සහ ඉන්දීය වෛද්‍ය ක්‍රමයට අයත් බව නොදන්න ධර්මසිරි මහතා

“බෙලහීනයන් පර්යේෂණ මගින් මරා දමා බලවත් මිනිසා ජීවාත් කරවීම වර්ණනා කරන

ධනපාල මහතා තව ටිකකකින් කියය …..”

යනාදී අමූලික චෝදනා ඉදිරි පත් කරයි.

සතුන් ට බෙහෙත් දී එයින් ලැබෙන ප්‍රතිඵලය සැලකීම “ප්‍රත්‍යක්ෂය” ට කලින් එන “උපමානයේ” කොටසක් ලෙස ධනවන්තරී කරමයට අයිතිය.   බුද්දදාස වැනි රජවරු ද ධන්වන්තරී පරිචයටම සම්බන්ද අයෙක් යැයි මම සලකමි. එම අන්දමින් සතුන් ට බෙහෙත් දීම ගැන මම සඳහන් කල විට දර්මසිරි මහතා එය බෞද්ධ ක්‍රියාවක් නොවන බව කියමින් බක තපස් වැඩීමට පටන ගත්තේය. බුදු දහම අනුව පව සහ පින යන්න චේතනාව අනුව මිස ක්‍රියාව අනුව තීරනය වෙන්නේ නැත. රෝග නිවාරනය ට තැත් කිරීම හොඳ චේතනාවකි. ගස්ලබු යුෂ ටිකක් රෝගී සතෙකුට දී, එයින් යහපතක් ලැබේදැයි විමසීම අබෞද්ධ නොවේ. දර්මසිරි මහතගේ මත නිගන්ඨයන්ගේ අන්තගාමී මත මෙන් ම හිංදු ආගමේ කර්මයට දෙන අර්ථය මත පිහිටා ඇත.

නලින් ද සිල්වා මහතා මාර්තු 31 වැනි දා ලංකා වෙබ් හි ලිපියක් ලියමින් මිනිසුන් ගේ සමාන කම් ඇත්තේ කොහි දැයි අසමින්, ඔවුන් සමාන නොවන බව කියයි. දුටු ගැමුනු රජු දමිලයන් මැරූ නිසා සංවේග වූ විට ඔවුන් මැරීමේ පව අල්ප බව ධර්මය දත් භික්කූ වරු රජු ට වැදෑරූ බව මහාවංශය කියයි. එසේම, මිනිසුන් මැරීම සතුන් මැරීමට වඩ නපුරු චේතනා මූලක  පවකි. ඇතෙක් මැරීම කුහුඹුවෙක් මැරීමට වඩා විශාල නරක චේතනා අවශ්‍ය ක්‍රියාවකි. එහෙයින්, වෙද හාමිනේ කරන අන්දමට මනුෂ්‍ය රෝගීන් මත අත්හදා බැලීම වෙනුවට සතුන් පාවිච්චි කොට අත් හදා බැලීම වඩා යොග්‍ය බව පෙනේ.

මිනිසුන් මත අත් හදා බැලීම වඩා නරකය.  ධර්මසිරි මහතා මේවා නොසලකා නිගන්ඨයන්ගේ දර්මයක් බුදු දහමයයි වරදවා එල්බගෙන සිටී.

වෙද හාමිනේ ඉසිවරයෙකුගෙන් හෝ සමත භාවනාවෙන් ගස්ලබු පිලියම සොයාගත්තා යයි ධර්මසිරි මහතා කියන්නේ නම් ඔහුගේ ප්‍රකාශය කී දෙනෙක් පිලි ගනී ද? ගස්ලබු කොල ඩෙංගු වලට පිලියමක් ලෙස පාවිච්චි කොට මිය ගිය යාස් චොප්‍රා ගැන ධර්මසිරි මහතා හෝ වෙද හාමිනේ තවම අසා නැත් ද?

http://www.dnaindia.com/mumbai/report-doctors-caution-against-chain-mails-on-miracle-cures-1756615

යාස් චොප්‍රා ප්‍රසිද්ධ පුද්ගලයෙක් හෙයින් ඔහුගේ මරනය සහ ගස්ලබු කොල බීම ගැන පත්තර වල පල විය. සුලු මිනිසුන් කී දෙනෙක් ඩෙංගු වලට ගස්ලබු කොල පාවිච්චි කොට අසාධ්‍ය වූ වා දැයි අපි නොදනිමු.

වර්ෂ 2005 සිට පැපොල් කොල පමනක් නොව, වෙනත් කොල වල යුෂ ඩෙංගු රෝගය සුව කරන්නේ ය යන මතය විකුනමින්  සල්ලි ගරන ඉන්දියන් සමාගම් කිහිපයක්ම ඇත. පැපොල් කොල වලින් සාදන ලද පෙත්තක් රුපියල් 5 කට ඉන්දියාවේ  දී  මිල දී ගත හැක. මෙය පරම්පාරික පිලියමක් නොවූවද, ශාක ඔසුවයක් යැයි කියමින් පාලනයෙන් එහාට කොට ඇත. විශේෂයෙන් ම ඉන්දියාවේ මේ අන්දමේ “බෙහෙත්” සඳහා බටහිර බෙහෙත් වලට මෙන් පාලනයක් නැති හෙයින් මහජනයාට විකුනා මුදල් ගරන කපටියෝ ඔනෑ තරම් ඇත. දර්මසිරි මහතා වැන්නෝ එවැනි සැකසහිත ව්‍යාපාර වලට රුකුල් දීමට තරම් බොලඳ  වී ඇත්තේ ඔහු ගේ ඇති ඉසිවරයන් සහ හින්දු දෙවියන් කෙරේ ඇති අන්ද භක්තිය නිසාය.

නලින් ද සිල්වා මහතගේ “මිනිසුන්ගේ සමානකම ඇත්තේ කොහේ ද?” යන ලිපිය මම  සඳහන් කල හෙයින් එය ගැන යමක් කිව යුතු ය. මිනිසුන් සමාන නැති බව කවුරුත් දනිති. ඔවුන් සමාන යැයි කියන කිසිවෙක් නැත. සිල්වා මහතා පුරුදු පරිදි බොරු පඹයෙක් මවා ගෙන එයට බැට දේ. නවීන විද්‍යව අනුව එක් එක් අයට එක් එක් ජනුක සංයුක්ත වී පුද්ගලික අනන්‍යතාවයක් ඇති DNA  වෙලු ඇති වෙයි. ඉන් ඇති වන ප්‍රෝටීන DNA  වෙලුම මත පමනක් නොව, පුද්ගලයා වැඩෙන පරිසරය මත ද රඳා පවතී. එහෙයින් පුද්ගලයෝ සමාන නැත. සිල්වා මහතාට පොට වැරදී ඇත්තේ, කවුරුත් කියන්නේ කුමක් දැයි වත් විමසන්නේ නැතිව ලිපි ලිවීමය. වෝල්ටෙයර්, රූසෝ ආදී 18 වන සිය වසේ චින්තකයන් පල්ලියට අභියෝග කරමින් කියා සිටියේ සැම මිනිසෙක් ම සමාන බව නොවෙ, සෑම කෙනෙකුටම සමාන අවස්තාවක් දිය යුතු බවය. උපදින විට අබ්බ ගාතයෙක් වූවද, ඔහු මහා ප්‍රාඥයෙක් ලෙස ලොකු විය හැකිය. එහෙයින් ප්‍රභූ වරුන් ගේ ලමයින් ට පමනක් නොව, වහලෙක් ලෙස උපන් දරුවාට වුව ද, සැමටම සුදුසු අධ්‍යාපනයක් ලබාගැනීමට සහ සෞඛ්‍ය පහසු කම්, රක්ෂා ලබා ගැනීමේ අවස්ථා තිබිය යුතුය.  එහෙයින්, “සැම කෙනෙක් ම සමාන” යැයි කියන්නේ සැම දෙනාටම  එක සමාන මානව අයිතිවාසිකම් ඇති බව පමනකි.

මෙම මිනිස් අසමානත්වය අස්සේ සිල්වා මහතා ඔහු මහාචාර්‍ය සමරනායක මහතා ආදීන් සමග ගැටුන ආකාරය ගැන කියා ඇති මුත්, සිල්වා මහතා උසාවි තුනකින්ම වරද කරු ලෙස තීරන ලැබුනේ කුමන චෝදනාවකට ද යන්න කියා නොමැත. මා ඉගෙනගත්තේ මෙම සිද්ධීන්ට ඉහතව, විද්‍යෝදය සරසවියේය. ආචාර්ය සමරනායක මහතා ටික කලක් එහි විද්‍යා පීඨාදිපති වරයා ලෙස ද, ගනිතය පිල්බ්ඳ ආචාර්ය වරයෙක් ලෙස ද කටයුතු කලේය. එහෙයින් එතුමා මම දැන සිටියෙමි. උපාධි ලබා අවුරුදු කිහිපයකට පසු එතුමා හමු වූ විට කොලඹට ගිය පසු ඇති වූ මෙම ගැටුම ගැන ඇසීමි. එතුමා කිව්වේ සිල්වා මහතා ඔහුගේ චින්තන කන්ඩායමේ ලකුනු අඩුවෙන් ලැබී තිබුනු සිසුවන් පාස් වන ලෙස පාස් ලකුනු මට්ටම පාත් කරන ලෙස ඉල්ලූ බවය. මෙය ප්‍රතික්ෂේප වූ විට ඔහු කන්ඩායමක් සමඟ ඇවිත් සමරනායක මහතාට සහ තවත් අයටත් තර්ජනය කල බවය. ඉතා ජ්‍යෙෂ්ඨ ඈපාසිංහ මහතාටද තර්ජනය කල බවය. සිල්වා මහතා පීඨයෙන් ගිය පසු විනය ගරුක අලුත් ලෝකයක් බිහිවූ බවය. මෙම සිද්ධියට කලින් ද සිල්වා මහතා නිසා ගනිත අංශයේ නිතරම කැලඹිලි තුබුනු බවය. මෙහි සත්‍ය අසත්‍යතාවන් මම නොදනිමි. එහෙත් නඩු තීන්දුව සිල්වා මහතාට පක්ෂ නොවීමෙන් මිනිසුන් ගේ සම අසම තාව ගැන යම් දර්ශනයක් සිල්වා මහතා හුවා දැක්වීමට තැත් කරයි.

සිල්වා මහතා ඒ ගැන මෙසේ ලියයි.

“මේ සියල්ල සාපේක්‍ෂ ය. චෝදනා ද නඩු තීන්දු ද සාපේක්‍ෂ ය. නීතිය ද සාපේක්‍ෂ ය. මගේ ලෝකයෙහි

මා වරදක් කර නැත. එහෙත් ජී එල් පීරිස්ගේ, ඇපාසිංහගේ හා සමරනායකගේ (ඔහු දැන් ජීවතුන්

අතර නැත) ලෝකවල මා වරදක් කර ඇත. එහි වූයේ චින්තන හා සංස්කෘතීන් දෙකක ගැටුමක් හා

විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ පුරාජේරු ආධිපත්‍යය හා ශිෂ්‍යයන්ගේ දුක්ගැනවිල්ලක් අතර වූ ගැටුමකි.

පුරාජේරු ආධිපත්‍යයක් මගේ ලෝකයෙහි නැත”.

උසාවි ද   “ජී එල් පීරිස්ගේ, ඇපාසිංහගේ හා සමරනායකගේ (ඔහු දැන් ජීවතුන් අතර නැත)  ලෝකයේ”  ම ඇති බව පැහැදිලිය. සිල්වා මහතා ඉන්නේ වෙනත් ලෝකයකය.

7 Responses to “ගස්ලබු බෙහෙත, විද්යාත්මක ක්‍රමය සහ මිනිසුන්ගේ හා සතුන් ගේ  අසමතාව.”

  1. Dham Says:

    “මෙම මිනිස් අසමානත්වය …………. මහතාට පක්ෂ නොවීමෙන් මිනිසුන් ගේ සම අසම තාව ගැන යම් දර්ශනයක් සිල්වා මහතා හුවා දැක්වීමට තැත් කරයි.”

    – Nalin should expose truth about these allegations.

    Hope no one answers this writer. He is receiving too much attention and it has become a distraction.

  2. Senevirath Says:

    වෙදහාමිනේගේ සම්පුර්ණ නමත් ලිපිනයත් පෙර ලිපියක ලියා ඇත .ධනපාල මහතා නොදන්නවා මෙන්ඒ කමදේ ලියය් අගේ පියාද වෙදමහතෙකි පා රම්පරික දැනුම අනුව ය අලුත් දෙයක් ඇත හදා බලා ඇත .පෙ ටන්ට් බල පත්‍රයද ඇසී රුවෙන් හෝ ලබා ඇත . බෙහෙත්බී ලෙඩ සුවකරගත් ය එමටය . එය ප්‍රමාණවත්ය . ලිප්යෙන් අදහස් කලේ බටහිර මිෂනාරී අද්යාපනයලත්ය ක්‍රියා කරන අන්දම පෙන්වාදීම මිස මොන වෙදෙක් වත් උස්සා තැබීමට නොවේ බට හිර බෙහෙත් නිසා මියගිය වකුගඩු වැනි අවයව නරක වූ ය අනන්තය රුධිර පීඩන හා කොලස්ටරෝල් බෙහෙත් ගන්නා අයගේ”’ කිඩ් නි ලිවර් ‘ ආදිය නිරන්තරයෙන් පරීක්ෂා කර බලන්නේ එනිසාය . කිසිවෙක් සියලූ බටහිර දේ අනව්ශ්ශ්යයය් කියා නත්හත් හනපාල මහතා හැමදාම නලින් එසේ කියා අතය් කියය . වැඩිය ඕනේ නැහැ වරුණ චන්ද්‍රකීර්තිගේ ”පෙරදිගට ගමනක් ”’ කිඅවන්න අපි බොහෝදෙ අනුන් ගෙන් ගත බවත් බොහෝදෙ අනුන්ට දීඇති බවත් තේරුම් ගත හැකිය . හැබය් බට හිර දැනුමට පමණක් ආවඩන්නට අපට අවශ්ෂ්‍ය නැත . බට හිරයන් එදත් අදත් අපට වින කටින්නේ උන්ගේ දැනුම උපයෝගී කර ගනිමිනි ඉන් බේරෙන විදිහක් හදා ගැනීමට මිනිසුන් දැනුවත් කිරීමය් අපි කරන්නේ . ධනපාල මහතාට දිරවා ගන්නට බැරිවුනේ නලින් ප්‍රසිද්ධ විවාදයකට ආරාධනා කිරීම නිසය් ටිකට් එකත් දුන්නහමත් අන්තිමේ මගහැර ලිපිවලින් බේගල් අදබාය්
    බටහිර දොස්තරා පර්යේෂණ කරන්නේ ලෙඩවූ සතුන්ට බෙහෙත් කරලද නැත්නම් නිරෝගී සතුන්ට බෙහෙත් කරලද

    භාආවනා කරන අයගේ මානසික ශක්තිය දිඋනු වෙන බවක් ධන පාල වැනි ය පිළිනොගන්නා හැඩය ඉතින් මේ මිනිසුන් සමග වාද කිරීමෙන් පලක් ඇද්ද රහතන් වහන්සේලා භාවනා නොකළ යද වකුගඩු රෝගය ගැන කී කාන්හාව ධනපාල මෙන්ම උගත් අයෙකි ය භාවනාවෙන් මනස දියුනුකරගත් අයෙක් මිස මායම් වෙන කෙනෙක් නොවන බව කීප විටක්ම කියා ඇතත් නොසන්ඩාල කමක මහත ධන පාල නොදන්නවාමෙන්ඇ යට ගරහය් .මොහුට තවත් තරහ නලින් ඉතා සුලුකලකින් ආචාර්ය උපාධිය ලබාගනීමය් . නලින් මේ මිනිහාට පිළිතුරු දීම නවත්වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ වාදයෙන් පැනගිය නිසය් මුහුණට මුහුණලා විවාදයකට එනවානම් අදත් නලින් වාදයට සුදානම් බව මට සහතිකය
    බටහිර පර්ස්යේෂණ ක්‍රම ගැන කවුරුත් දන්නා විස්තර මහා ලොකුවට ලියන්න අවශ්‍ය නැහැ වසර ගණනක් පර්යේෂණ කර දෙන බෙහෙත් ටඃආආආ වසර තුන හතරකින් තහනම් කල අවස්ථා ගණන අප්‍රමාණය එවිට සමාගම ප්‍රකොටිගනනක් උපයාගෙනය අලුත් ලෙඩුන් කොටිගනනක් බිහිවෙලාය . දන්නා ආපට කොළ කඩන්න එපා ධන පාල මහත්තයෝ සිංහල ආඋර්වේද මෙන්ම බටහිර හොර වෙද්දුත් ඇත . නොබෝදා නීතිසිසුවියක් අංගවිකල කලේ ද කලිය යුතු කකුඋල වෙනුවට අනිත් කකුල කපුවේද දොස්තරලාය … නිදසුන් ලක්ෂ ගණනින් ඇත . .

    අපට අවශ්‍ය මිනිසුන් මේ කොය් දේ ගැනත් දැනුවත් කිරීමටය .

  3. Dham Says:

    Dhanapala tries to show Nalin has done immoral acts but hides himself by saying “මෙහි සත්‍ය අසත්‍යතාවන් මම නොදනිමි”
    Can he explain how Nalin got compensation of 5 laks for unfair dismissal then ?

  4. Dr.K Says:

    පණ්ඩිතයන් සියයක් දෙනා සමඟ වාද කොට ජය ගත්තද එක මෝඩයෙකු සමඟ වාද කොට ජය ගත නොහැකි යැයි කියන පුරාණ කියමන ඇත්තක් බව lankaweb පාඨක අපිට දැන් පැහැදිලව පිළිගත හැකිය.

  5. Asanga Says:

    සෙනවි, Dham සහ Dr K කිව් පරිදිම මේ පුද්ගලයා හට කරුණු වටහා දීමට යාම ඔබේ වැදගත් වටිනා කාලය නිකරුනේ නාස්ති කරගැනීමකි.
    යමක වැරද්දක් පෙන්වා දුන්විට එය නිහතමානීව පිළිගැනීමට හැකියාවක් නොමැති චරිතයකට අපට කල හැක්කේ ‘කවදා හෝ ඇස් පෑදේවා’ යැය් අවන්කවම ප්‍රාර්ථනා කිරීම පමණි

  6. Senevirath Says:

    අසංග ධම්‌ DRK ඔබ හැමට පින්

    ධනපාල මහතා ණනි පසුගිය ඉරිදා දිවයිනත් බලන්න වකුගඩු රෝගයට කෑගල්ල පැත්තේ භාවිතා කරමින් තිබු සිංහල බෙහෙතක් ගැන අසා එය සොයාබලා පිරික්සා දැන් බටහිර විද්‍යා වරුද වෙදමහත්වරුද ඇතුළු කණ්ඩායමක් ඒ බෙහෙත භාවිතා කරමින් වන්නිය පැත්තේ සාර්ථකව පවත්වන සායනය ගැන එහි විස්තර ඇත . ඒ දොස්තරලාකරන්නේ ත් බොරුවක්ද . පර්යේෂණ සඳහා සමාගමකටම දී ඔබවැනි රසායන විද්‍යා කාරයෙකුම ඒවා සඳහා යොදවාගත යුතුබව ඔබේ අදහසද රසායනික වසවිස විකුණන සමාගම් වලට රසයන් විද්‍යාව උගත්අ ය මේ ලෙස ගතිවුනොත් ලෝකයට කාගේ පිහිටද
    කරුණාකර නලින් සමග මුහුණට මුහුණලා කරන වාදයට එන්න එවිට කවුද හරි කියා අපට දන ගත හැකිය එවිට එකමදේ කියමින් පැනයන්න බැහැ
    සමථ හෝ විදර්ශනා භාවනා වලින් මනස දියුණුවන බව ඔබ පිළිගන්නවාද
    ඉසිවරයා යනු මගපල ලැබුවෙක් යය කවුද කියා ඇත්තේ .. හින්දු දෙවියන් ගැන කවුද කිව්වේ . මෙතෙක් කලාක් මම නම් ලිව්වේ හින්දු දෙවියන්ටත් ලෝකය මවුවායය් කියන දෙවියන්ටත් විරුධ්ධවය් ‘ හැකිනම් ඔබේ පාසලේදීත් ලෝකය මවු දෙවියන් බොරු යය් සිසුන්ට උගන්වන්න ඒ පට්ටපල් බොරු මැවීම ගැන කනඩා වෙදී ඉගැන්වීම ලෝකයේම ඇස ඇරවීමට හේතුවෙය් .අපවැනි බෞද්ධයන් හරං බොරුවලට හසුවී නැහැ

  7. Senevirath Says:

    ඒ තරම් බොරුවලට හසුවී නැහැ — CORRECTION

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress