ඩෙන්ගු රෝගය ට බෙහෙත් කියන්න ගිය තැනැත්තා පැරණි නඩු ගැන අලුත් කථා කියයි.
Posted on April 8th, 2016

බෝධි ධනපාල, කිබෙක්, කැනඩාව.

ඩෙංන්ගු රෝගයට ගස්ලබු කොල විකුනනන්ට තැත් කැල ධර්මසිර් සෙනෙවිරත්න මහතා දැන් එය අමතක කොට , නලින් ද සිල්වා මහතා අනුගමනය කරමින් පරණ කථා කිහිපයකට පණ දැමීමට තැත් කොට ඇත. සමහරවිට ඩෙංගු රෝගී ශාශ් චොප්‍රා ආදී කිහිප දීනෙක් ගස්ලබු යුෂ බී අසාධ්‍ය වී මල ගිය බව ගැන මා කිව් කරුණු නිසා ඒ මහතා අලුත් මාර්තුකාවක් සොයනවා විය හැකිය. තවද, වෙද හාමිනේ බෙහෙත හොයාගත්තේ ඉසි වරයෙකු ගෙන් ද, නැත්නම සමත භාවනාවෙන් දැයි ඔහු නොකියන්නේ වෙදා කෙරෙහි ව්ශ්වාසයක් තැබූ ලෙඩුන්ගේ විශ්වාසය කඩමින් ඔව්න් අත් හදා බැලීම් වලට යට කරන ලද බව හෙලි වූ හෙයින් ද විය හැක.

ධර්මසිරි මහතා මෙසේ ලියයි

“මේ අරගලයේ මුල මෙසේය .සරසවි කලබල නිසා වසාතබීමෙන් පසු විවුර්ත කල වහාම සිදුවූ

පාඩු පිරිමහන්නට කෙටිකාලීන පාඨමාලා ආරම්භ කරන ලදී  මේ අතරවාරයේදී  විභාග

ප්‍රතිඵල සඳහා නව නිර්ණායක හඳුන්වාදී  තිබුනේය කෙටිකාලීන පාඨමාලාවකින් පසුව නව

නිර්ණායක අනුව ප්‍රතිඵලා නිකුත් කිරීමෙන් තමන්ට අසාධාරණයක් වෙන නිසා  පැරණි

නිර්ණායක අනුව ප්‍රතිඵල නිකුත් කරන ලෙස සිසුහු ඉල්ලා සිටියහ .නලින්  හා තව

කීපාදෙනෙක් ඒ සිසුන්ගේ ඉල්ලීම වෙනුවෙන් පෙනී සිටියේයයසමරනායකලා ආපාසින්හලා ඒ

සිසුන්ට විරුධ්ධාවිය .ඇදුරන්ගේ ලොකුකම් මහන්තත කම්  රැකීමට  වඩා සිසුන්   කෙරෙහි

අනුකම්පාවක්  දැක්විය යුතුබව නලින්ගේ මතය විය .වාදාභිමුකවීමෙදී නලින්  සුපුරුදු පරිදි

උධ්ධච්චයන්ගේ  පතුරු ගැලෙව්වේය”.

පාඨමාලා සහ නිර්ණායක පිලිබ්ඳ  ප්‍රශ්නයක් නම්, පීඨ සභාවේ සහ ගණිතය දෙපාර්තමේන්තුවේ සභිකයෙක් වූ සිල්වා මහතාට මෙම ප්‍රශ්නය එම සභා වල සාකච්ඡාවට ඉදිරි පත් කොට පැරණි නිර්නායකයකම පාවිච්චි කිරීමට  අවශ්‍යතාව පිලිබඳ යෝජනාවක් ඉදිරි පත් කොට, සම්මත කරගෙන ඉදිරියට ගෙන යෑම පිලිගත් ක්‍රමයයි. එසේ නොරක, තර්ජන ක්‍රමයකින් සිල්වා මහතා  කටයුතු කලේ ප්‍රශ්නය වෙන එකක් වූ නිසා යැ යි මම  අසා ඇත. සිල්වා මහතා සමග කැම්පස් දේශපාලන කටයුතු කරන “චින්තන කාරයන්” පාස් කර ගැනීමට සිල්වා මහතාට අවශ්‍ය වී තුබුනු නිසා, එය සම්මත ක්‍රම වලින් නොකල හැකි නිසා, ගණිත අංශයේ  ප්‍රධානියා වූ සමරනායක මහතාව අන්තිමේදී  අඩන්තේට්ටමින් වත් මාට්ටු කිරීමට සිල්වා මහතා තැත් කලේ යැයි මා අසා ඇත. අනිත් ආචර්ය වරුන් ද තර්ජනයට යට කර ගත් නුමුත් ආචාර්ය ඈපාසිංහ නිර්භයව සිටී හෙයින් මෙම උපාය වැරදුන බව මම අසා ඇත. ආචාර්ය සිල්වා මහතා කියන දෙය මෙන් නොව, මහාචාර්‍ය සමරනායක කියන දෙය විශ්වාස කිරීමට මට හේතු ඇත.

සිල්වා මහතා නිවැරදි කාරයා නම් ඔහුව පදවියෙන් පහකිරීම  උසාවිය විසින් නිෂප්‍රභ කරන්නන්ට තුබුනි. උසාවි තුනම එය කලේ නැත. පදවියෙන් පහ කිරීම  පිලිගත් බව  පෙනේ. පේරදෙනියේ හෝ ජයවර්දන පුරයේ හෝ මොරටුවේ හෝ කැලණියේ හෝ ඔහුට ඉන්පසු පදවියක් ලබාගැනීමට නොහැකි විය. යම් සිද්ධියක් නිසා පේරාදෙනියෙන් ද පහ කර තුබූ සිල්වා මහතාට පේරාදෙනියට යෑමට කොහෙත් නොහැක.   දිනේෂ් ගුණවර්ධන මහතාගේ දේශපාලන බලපෑම් වල ආධාරයෙන්, අන්තිමේ දී කපුගම මහතාගේ කාලයේ දී කැලණියට පත්වීමක් ගත් බව ද මා අසා ඇත.

සුපුන් පෙරේරා නැමැති ලේඛකයෙක් Lanka Web  හි ලියූ පරිදි:

“ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් පහළ‍ට වැටීම පිළිබඳව අදහස් දක්වන කොළඹ විශ්ව

විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කරන පරිදි මේ සඳහා ප්‍රධාන හේතු වන්නේ විශ්ව

විද්‍යාල ආචාර්ය වරුන් බඳවා ගැනීමේ දී සුදුසුකම් නොව ඥාති සබඳතා, මිත්‍රකම් බැලීම නිසා දක්ෂයන්

විශ්ව විද්‍යාල වලින් ඉවත් වී යාමත් අදක්ෂයන් කථිකාචාර්යවරුන් වීමත් ය. එසේම “දේශීය චින්තන”

ලේබල් ගසා සරසවි සිසුන් ලිං මැඩියන් කිරීමේ ව්‍යාපාරයත් ලංකාවේ සරසවි වලට රිංගා ඇති

අන්තවාදී දේශපාලනයත් නිසා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ගුණාත්මකභාවය සීඝ්‍රයෙන් පිරිහී ගිය

බව ඔහු වැඩි දුරටත් පවසයි”.

ධර්මසිරි මහතා දක්වන්න තැත් කරන්නේ සිල්වා මහතා “දේශ මාමකයෙක්” නිසා ඔහුට විරුද්ධව පලිගැනීම් වූ බවය. ආචාර්‍ය සමරනායක අපට ද උගන්වා ඇත. ඔහු කවදාත් සිසුවන් ගේ පැත්ත සහ සුබ සාදනය ද රටේ යහපත ද  සැලකූ බව මම කියමි. ඔහු ඉතා නිහතමානී රටට මහත් සේවයක් කල දේශ මාමකයෙක් විය. සිල්වා මහතා කැලනියට බැඳී නොබෝ කලකින් පසු එහි ආචාර්ය වරුන් බහුතරය ද ඔහුට විරුද්ධව නැගී සිටිය බව  Lanka Web හි අතීතයෙහි පල වී තිබෙන ලිපි වලින් ම බලගත හැක.

චාල්ස් දහනායක, ඈපාසිංහ, ආරියරත්න, චන්ද්‍ර ධර්මවර්ධන, සමරනායක,  නීල් ජයසූරිය, ටියුලි සිල්වා, නන්දදාස කෝදාගොඩ, ආදී සිංහල බෞද්ධ ආචාර්ය වරු යන කවුරුත් සිල්වා මහතා ට රුස්සන්නේ නැත. තමා යමක් ඉගෙනගත්තේ දෙමල ක්‍රිස්තියානි ගුරුවරුන් ගෙන් පමණක් යැයි ද සිල්වා මහතා එදා පමණක් නොව, 2015 දී පවා ප්‍රකාශ කොට ඇත. දෙව් පිලිම වීසිකරන්නයයි කිව සෝම හාමුදුරුවෝ පවා සිල්වා මහතා අනුව නියම සිංහල බෞද්ධයෙක් නොවේ!

ධර්මසිරි මහතා මෙසේ ලියයි

.”නලින් ද සිල්වා වැනි විශිෂ්ට දේශප්‍රේමියෙකුට මද ගසමින් ඔහුගේ චරිතය ඝාතනය කිරීමට  ධන

පාල මහතා අර අ දින්නේ .නලින්ගේ අභියෝගයට මුහුණදෙන්නට බැරිව ඇතිවූ ලැජ්ජාව වසා

ගැනීමටය . ගජයෙක් මෙන් මුලින් පැනගෙන  ආවත්  මුහුණට මුහුණලා විවාදයකට ගියොත්

ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරු දෙන්නට සිදුවෙන බවත්  එවිට එකමදේ හමආම කියමින්

බේරුනා මෙන් බේරෙන්නට නොහැකි බවත්  තේරුණා පසුව ඔහු විවාදයෙන් ලිස්සාගියේ

කේවට්ටයා මෙන් අනන් මනම් දොඩවමිනි “.

දැන් ජීවතුන් අතර නැති අපේ ගුරුවරයෙකු වන  (දර්මසිරි මහතා ගේ වචන වලින් ම කියනවා නම්)  සමරනායක “වැනි විශිෂ්ට දේශප්‍රේමියෙකුට මද ගසමින් ඔහුගේ චරිතය ඝාතනය කිරීමට ” ඉඩ නොදිය හැක්කේ ඔහු ජීවතුන් අතර වත් නැති හෙයින් ය. මල ගිය ඔහුට ප්‍රති උත්තර දීමට නොහැක.  එහෙත් සිල්වා මහතා ඔහුගේ ලිපියකට එය ද ඇද ගත්තේ ඇඟට නොදනින ලෙසින් ය.

මම කේවට්ටයා වන අතර තමා මහෞෂධ යැයි සිතන  ධර්මසිරි මහතා,  සිල්වා මහතා මා සමග කරන්නට තැත් කල වාදය ගැන ද ලියා ඇත. චුල්ල හත්ති පදුම සූත්‍රයෙහි කියන අන්දමට ඇතා කවදාවත් නොදැක එවැනි සතෙක්  ඇතැයි විශ්වාස කිරීම නොයුතුය. නාථ දෙවියෝ සැබැවින් සිල්වා මහතා දැක ඇති දැයි මා ඇසූ විට, සිල්වා මහතා ගේ යෝජනාව වූවේ ඔහු නාථ දෙවියන් දක්වා ලුවහොත්  “ගුරුත්වාකර්ෂණය  නැමැත්තක් තිබෙන බව දක්වන්නට මට පුලුවන් ද” ? යන්නය. ගුරුත්වාකර්ෂණය කිසිම ඉන්ද්‍රියකින්  නොදැනෙන  දෙයක් බව ද, එවැන්නක් නොමැති බවද,  සිල්වා මහතා ඔහු ගේ ලිපි රැසක ලියා ඇත.

නාථ දෙවියෝ සිල්වා මහතා ගේ මඩිස්ස්ලයෙහි ඇති ගැජට එකක් මෙන් ඔහුට ඕනෑ විට පෙන්නන්නට හැකියැයි කීම පවා දෙවියන් ට කරන අපහාසයකි. එහෙයින් ඔහු ගේ යෝජනාව කපටි රඟයක් බව පෙනුනු මුත්, ලංකාවට පැමිණ ඔහුට ගුරුත්වාකර්ෂණයක් ඇති බව දැක්වීම මම පිලිගත්තෙම්. එවිට ඔහු වහාම තව ලිපියක් එවමින්, ඔහු මගෙන් බලා පොරොත්තු වන්නෙ “ව්‍යුක්ත” ගුර්ත්වාකර්ෂණය ඇති බව යැයි ලියමින් පළමු කී දෙය වෙනස් කිරීමය. මා කවදාවත් ව්‍යුක්ත ගුරුත්වාකර්ෂණයක් ගැන කියා නැත. එවැන්නක් පෙන්නන්න පොරොන්දු නොවූ බව එම ලිපි හුවමාරුවෙන් පෙනේ. ගුරුතවාකර්ෂණය ඉන්ද්‍රයන්ට සහ මුලු ශරීරයටම දැනෙන දෙයකි. එම විවාදය සිදු වූවා නම් මම අදහස් කරගෙන සිටියේ සිල්වා මහතා ගේ පිට උඩ පිටි ගෝනියක් තබා, එතකොට “ගුර්තවාකර්ෂණය දැනෙනෙවා ද, නැද්ද ? යන්න විමසීමය. ගුර්ත්වාකර්ෂණය  නොදැනෙන්නේ නම් පිටි ගෝනිය ද කර තබා ගෙන අංගොඩ පැත්තට ටිකක ඇවිද්ද විට ගුරුත්වාකර්ෂණයක් ඇති බව පැහැදිලි වනු ඇත. නුමුත් ලිඛිතව ප්‍රකාශ කල දෙය පවා සහාසිකව වෙනස්කිරීමට සිල්වා මහතාට හැකිනම්, වදන් වලින් වාද කිරීමේදී සැමවචනයක් ම ලියා අත්සන් ගෙන වාද කලයුතුය. එවන්නන් සමග වාදයට යන්නෝ වටිනා කාලය නැස්ති කර ගනී.

ධර්මසිරි මහතා මෙසේ ලියයි:

මුහුණට මුහුණලා විවාදයකට එන තුරු  ධනපාලගේ කිසිම ලිලිප්යකට පිලිතුරුනොදෙන බව

නලින් සහසුද්දෙන්ම කියා ඇතිනිසා  පිළිකනු  වල  කහි න්නේ නැතිවධනපාල මහතා විවාදයට

සුදානම් විය යුතය .

එසේ ගැබ් සා වී ගිය එම වාද යෝජනාව සිදු වූ යේ  ජූලි 2015 දීය. ඉන් පසු මුහුණට මුහුණ වාදයක් නැත්නම් මම ලියන දෙයට ප්‍රති උත්තර දෙමින් ලියුම් නොලියන බව සිල්වා මහතා කී මුත්, ඉන් පසුව මම විදුසර සංගරාවට සහ ලංකා වෙබ් වලට සැපයූ ලිපි වලට සිල්වා මහතා උත්තර දුන්නේ ය.  සිල්වා මහතා ඔහු ගේ ලිපි වල ඔහු ගේ හිතට එන ඕනෑම එකක කියා, පසුව එය වැරදුන විට බොරු දාර්ශනික උත්තරයක් දෙන්න්නට තැත් කරයි. එහෙත් විද්‍යාත්මක කරුණු ගැන ලියන්න ගිය විට බොරුවෙන් හෝ පට්ට-පල් බොරුවෙන් වත් ගැලවීමට නොහැක. 2013 ඔක්තෝබර් මස අයිලන්ඩ් පත්තරේ ලියූ ලිපියකින් තමා රසායනය සහ ජීව විද්යාව කිසි සේත් නොදන්නා බව ආඩම්බරයෙන් කීය. නමුත් එතුමා භෞතික විද්‍යාව සහ ගණිතය අතින් ද උපාධි අභිලාෂික සිසුවන් ගේ මට්ටමින් ඉන්නා බව හෙලි වෙන්නේ ඔහු ලියන දේවල් කියවා බලූ විට ය. 2015 මාර්තු මස සිට ජූනි මස ඔහු ලියූ ලිපි විග්‍රහ කොට සාවද්‍ය ප්‍රකාශ 40 ක් පමණ පෙන්වා දෙමින් මම Lanka Web  හි ලිපියක් පල කෙලෙමි. සිල්වා මහතා විද්‍යාව පට්ට පල් බොරුවක් යැයි කියන්නේ අර සිවලා මිදි වල්ල තිත්ත යැයි කී ආකාරයෙන් මය.

7 Responses to “ඩෙන්ගු රෝගය ට බෙහෙත් කියන්න ගිය තැනැත්තා පැරණි නඩු ගැන අලුත් කථා කියයි.”

  1. Dham Says:

    නලින් “බහුසංස්කෘතික බහුබූතය 5” යටතේ මේ අවනඩුව විස්තර කර ඇත​.

    ධනපාලගේ තර්ක ගොඩනගා ඇත්තේ ඔහු අසාඇති දේවල් මතය​. මේවා පට්ටපල් බොරු වීමට තිබෙන සංම්භාවිතාවය සත්‍ය වීමට තිබෙන සම්භාවිතාවයට වඩා ඉතා වැඩිය.
    ධනපාල විද්‍යාත්මකව මෙයට මුහුණ දීමටනම් ජේසුගේ ක්‍රමයෙන් මලවුන් නැගිටවීම කෙසේ වෙතත්, දැනටත් ජීවත්වෙන ජේ ඇල් පීරිස් වැන්නන් සාක්‍ෂි ලෙස කැඳවිය යුතුය​.
    නොඑසේ නම් ලක්‍ෂසංඛයාත මහජනයා පී රිස් ට වඩා නලින් දේස ප්‍රේමියෙක් බව පිලිගන්නා බැවින්, ජනප්‍රියත්වය අනුව ගොස් එතුමාගේ සාක්‍ෂි පිලිගැනීම ඒ මහා ජූරියෙන් තීරණය කරනු ඇත​.
    ධර්මසිරි මහතා සමග බොරු සංවාද වලට නොගොස් ඔබ ගරුකරන ජූරියත මුහුන දෙන්න​.

  2. Christie Says:

    Part of the Indian imperialists brainwashing is dividing their subjects and getting them to fight among themselves. One of the best examples.

  3. Raj Says:

    බොධිපාල බටහිරට ආවඩන රසායන විද්‍යාව තරමක් දුරට හැදෑරූ කෙනෙකි. ඔහුට කිසි දවසක මේ බවයේදී තේරුම් ගතනොහැකි කරුනක් නම් මිනිසාට ඉන්ද්‍රියගෝචර නොවන දෙයක් තිබිය හැකිය යනුයි. ඔහුගේ මනසට අරූපී ලෝක වැනි සංසිධි beyond his comprehension වේ. නලීන් කියන දේ මොහුට තේරුම් ගත නොහැකියි

  4. janaka wansapura Says:

    ධනපාල මහතා ලංකාවේ විශ්ව විද්‍යාලයක ප්‍රථම උපාධිය ලබා ගෙන තිබුනද ඉන්පසු ඔහු ලබාගත් සුදුසුකමක් ගැනවත් ඔහු විද්‍යාවට කල යමක්වත් සොයා ගන්නට නැත. නමුත් ධනපාල මහතා බටහිර විද්‍යාවේ ඉහල බුද්ධිමතෙක් වශයෙන් පෙනී සිටියි. ඒ කෙසේ වෙතත් ඔහු ලංකාවේ පුවත් පත් වල ලියන බොහෝ දේ වලින් පෙනෙන්නේ ඔහු ලියන දේ පිළිබඳව ඔහුට අවබෝධයක් නැතිබවය. අවාසනාවකට ලංකාවේ පුවත් කතුවරුන්ටද ධනපාල මහතා ලියනදේට වඩා ඔහු කැනඩාවේ ජීවත්වීම වැදගත් කරුණක් ලෙස සලකන බව පෙනේ.

    ධනපාල මහතා තමන්ට අවබෝධයක් නැති කරුනු පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීමෙන් පෙන්නුම් කරන්නේ ඔහු වටා සිටින යම් පිරිසක් ඔහු ලවා යම් යම් දේ කියවා ගන්නා බවයි. ඒ සැම විටම අවේශයෙන් මෙන් ඔහු ආචාර්ය නලින් ද සිල්වාටද පහර ගසයි. එය ධනපාල මහතාට උපදෙස් දෙන පිරිසගේද උවමණාවට විය හැකිය.

  5. Piyadigama Says:

    ජනක ඔබ හරි. ධනපාල මහතා අන් කවරකු වත් නොව චන්ද්‍ර ධර්මවර්ධන බව මට සිතේ. ධනපාලගේ research papers සහ research contributions සොයා ගත නොහැක්කේ එනිසා වෙන්ට ඇත. නලින්ගේ එඩිතර කම glyphosate කාරණාවෙන් ඉස්මතු වූ දා සිට මේ දෙපොළ අතර විරසක කම් ඇති විය.

    නලින්ද ඇතැම් විට කරුණු අතිශයෝක්තියෙන් දක්වා අවුලක වැටෙයි. එය ඔහුගේ ම ආවේනික ක්‍රමය බව දන්නෝ දනිති. නාථ දෙවියන් ආඳ ගත්තේ විද්‍යාත්මක අංශයට නොව උතුරු මැද ජනතාව ට ගෝචර වනු පිණිසය. එයින් විද්‍යාවට ගැරහීමක් නොවීය. නමුත් විද්‍යාවට හසු නොවන දේ බොහෝ බව විද්යශූරින් දනී. විද්‍යාව දේශපාලන අතකොළුවක් කර ගත්තවුන් නොදනී.

    බටහිර පවා ආයුර්වේදය සහ හෝමියෝපති ක්‍රමය අතිශයින් ජනප්‍රියය.

  6. Dham Says:

    උපාධි සුදුසුකම් ගැන කතා කිරීම විහිලුවකි. මේ වෙබ් අඩවියේ තර්ක කිරීමට ආචාරිය​, මහාචාරිය හෝ දොස්තර කම හුවා දැක්විය යුතු නැත​. මේවා හුවා දක්වන්නට එසේ ඒවා පලකල නිසාවෙන්ම ගරුකල යුතු නැත​. මේ උපාධි පට්ටපල් බොරුය​. ආචාර්‍ය උපාධියක් යනු එක් අංශයක ඉතා කුඩා කරුනක් පිලිඹඳව පර්‍යේශ්න කොට ගුරුවරයින් සතුටු කිරීමයි. ආචාරිය ම්‍ර්වින් සිල්වා ගැනද අපි දනිමු.
    අවශ්‍යවන්නේ තර්කානුකූලව තම අදහස් ඉදිරිපත් කිරීමයි. රිනපාල මේ දක්වා තම තර්කය හොඳට ඉදිරිපත් කර ඇත​. එහෙත් නලින් ගේ නඩුව සම්බන්ධව එක එකාගේ කතා කියා ධන තත්වයෙන් රින තත්වයට පත්න ඇත​.
    රිනපාලගේ ඊලඟ තර්කය එනතෙක් අපි බලා සිටිමු. සිවලා හෝ සිංහයා හඳුනා ගනිමු.

  7. Senevirath Says:

    ධනපාල ලවා ලියවන්නේ ධර්මවර්ධනය් .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress