ඊ අබේකෝන් මිය -ප්‍රාථමික ගුරුවරියන් අතර සදාතන පරමාදර්ශී ගුරුවරිය
Posted on April 9th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

1973 වසරේ සිට 1985 වසර දක්වා මම කොලඹ නාලන්දා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවෙමි. ප්‍රාථමික ශ්‍රේණි වලදී මට ඉගැන්වූ ගුරුවරියන් අතර සුවිශේශ ගුරුවරියක් ලෙස මට ඊ අබේකෝන් මිය මතකයට නැගෙයි. ඇය පාසලට පැමිණියේ කළු පැහැති ෆෝඩ් ඇඟ්ලියා රථයකිනි. සිංහල සහ ඉංග්‍රීසි භාශාව මනා සේ හැසිරවූ ඇය ඉතා මනහර ලෙස පියානෝවද වාදනය කළාය​. ලංකාවේ මෙන්ම පිටරට ලෝකය පිළිබඳ මනා දැණුමක් තිබූ ඇය අපට ඊජිප්තුවේ පිරමීඩ , ඇමරිකාවේ උස් ගොඩනැගිලි , ඕස්ටෙ‍්‍රලියාවේ කොරල් පර , ඉතාලියේ ගිනිකඳු , එංගලන්තයේ මාලිගා යනාදිය ගැන තොරතුරු කීවාය​. 

අබේකෝන් මිය යනු ප්‍රාථමික ගුරුවරියන් අතර සදාතන පරමාදර්ශී ගුරුවරිය බව මට අද දිනයේ වැටහේ. ඇය විශ්‍රාම ලැබුවේ අප තුන්වන පන්තියේ සිට හතරවන  වන පන්තියට සමත් වූ  1975 වසර අග විය යුතුය​.  ඉන් වසර විස්සකට පසු 1995 දී මම  අබේකෝන් ගුරු මාතාව හමු වීම පිණිස ගියෙමි. ඒ කාලයේ ඇය තමන් ගේ එක් දියණියක් සමග වාසය කලාය​. වයෝවෘධ වූවද ඇයට තමන් ඉගැන්වූ දඟකාර සිසුවා අඳුනා ගැනීමට අපහසු නොවුවාය​. අබේකෝන් ගුරු මාතාව අද ජීවතුන් අතර නැත​. නමුත් ඇය උගන්වන ලද සිසු දරු පරම්පරා කීපයක් සිටිති. ඔවුන් ද අබේකෝන් මිය යනු ප්‍රාථමික ගුරුවරියන් අතර සදාතන පරමාදර්ශී ගුරුවරිය බව විශ්වාස කරනු  නොඅනුමානය​.

2002 වසරේ මා විසින් ලියන ලද අධ්‍යාපන ප්‍රතිකාර නැමැති පොත මා පිළිගන්වන ලද්දේදිවංගත අබේකෝන් ගුරුතුමිය වෙතය​. අබේකෝන් ගුරුතුමිය වෙනුවෙන් පොත පිළිගන්වනුලැබුවේ එතුමියගේ දියණියක් වූ රෝහිනී වීරසිංහ මහත්මියටය​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress