යමරජු ඉදිරියේ විභාග වෙන රටකඩනගොඩ ඝාතන නඩුව
Posted on April 15th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

මොනවද අද විසදන්න තියෙන්න තියෙන්නේ?

රජතුමණි, අද විශේෂ නඩුවක් තියෙනවා පැමිණිල්ල පකිස්ලන්තයේ “යහපාලන රජයෙන්” ගොනු කරලයි තියෙන්නේ, රටකඩනගොඩව ඝාතනය කිරීම සම්බන්ධව හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ට එරෙහිවයි මේ නඩුව ගොනු කරල තියෙන්නේ

හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ට එරෙහි නඩුවක් කොහොමද අපි විභාග කරන්නේ?

ඒක කරන්න ඕනි හමුදා අධිකරණයේදීයි. මේක පකිස්ලන්තයේ, යුධ හමුදා අධිකරණයට කරගෙන යන්න භාර කරන‌්න. මේක හමුදා අධිකරණයට කරන මහා විශාල අපහසයක්නේ!

රජතුමණි, යුධ හමුදා සාමාජිකයින්ට එරෙහිව පවතින නඩුවක්, යුධ හමුදා අධිකරණයකින් විසදන්න යාම තුලින් යුධ හමුදා සෙබලුන්ට පක්ෂපාතීව අධිකරණය කටයුතු කරාවියයි පකිස්ලන්තයේ යහපාලන ජනාධිපතිතුමා විශ්වාස කරනවා. එසේ කිරීම යහපාලනයේ‌ සංහිදියා වැඩපිලිවෙලට බරපතල හානියක් බවත් එතුමා පවසනවා, ඒ නිසා නඩුව ඇසීම සදහා, ඔබ වහන්සේ වෙත යොමුකර තියෙනවා.

එතකොට ඔය යහපාලන රජය යටතේ, යුධ හමුදා අධිකරණයෙන් අහන්නේ සිවිල් නඩුද? යුධ හමුදා අධිකරණයෙන් සිදුකල යුත්තේ හමුදාවට සම්බන්ධ අයගේ නඩු විසදන එකයි. ඒක පකිස්ලන්තයේ ජනාධිපතිට ගිහින් පැහැදිලි කරන්න.

රජතුමණි, පකිස්ලන්තයේ ජනාධිපතතුමාට මෙහෙම නීති රීති කියල දෙන්න බැහැ.ඒයා නීත්යාණුකූල ආණ්ඩුව වාෂ්ප කරල හැරල අලුත් ආණ්ඩුවක් කවුරුත් දන්නෙම නැතිව පිහිටවපු එක්කෙනෙක්, ඒ නිසා අපි මේ නඩුව විභාග කරමු නේද?

හොදයි අපි මේක  විභාග කරමු. ඉතින් මේ රටකඩනගොඩව ඝාතනය කරල තියෙන්නේ කවදාද?

යමරජතුමණි 2010දී බවයි සැක කරන්නේ

මේ මොකක්ද කථාව? 2010 මරා දැමූ බව සැකකරන්නේ කියල කියන්නේ, මරා මදැම්මයි කියල විශ්වාස නැතිවද?

නැහැ රජතුමණි, පකිස්ලන්තයේ ජනාධිපතිතුමා හොදටම විශ්වාස නිසා තමයි මේ ඝාතන නඩුව දාල තියෙන්නේ.

මට එහෙනම් මරණ සහතිකය බලන්න දෙනවද?

එහෙම එකක්නැහැ මලකද හමුවෙලා නැති නිසා අධිකරණ වෙෙද්ය පරීක්ෂයක් තියන්න බ්හැනේ රජතුමණි. ඒ නිසා මරණ සහතිකයක් සත්ය වශයෙන්ම ඉදිරිපත් කරන්න බැහැ.

කියන්නේ මේ පකිස්ලන්තෙ යහපාලන ආණ්ඩුව‌බැරිද මරණ සහතිකයක් නිකුත් කරන්න?

එහෙම බැහැ.

මරණයට හේතුවක් දක්වල මරණ සහතිකයක් නැත්නම්; මම කොහොමද පුද්ගල ඝාතන නඩුවක් අහන්නේ?
අනික මිනියක් නැති ඝාතන කොහිද තියෙන්නේ?
මේක හරි විශේෂිත නඩුවක්, වහාම පකිස්ලන්තයේ අගමැතිවරයට උසාව‌නියෝගයක් යවන්න, වහාම එහි ජනාධිපතිතුමාව මෙහාට එවන්න කියල. මේ නඩුව විභාග කරන්න අපි තීරණය කලා.

2 Responses to “යමරජු ඉදිරියේ විභාග වෙන රටකඩනගොඩ ඝාතන නඩුව”

  1. Samanthi Says:

    යමරජු: මේක හරි විශේෂිත නඩුවක්, වහාම පකිස්ලන්තයේ අගමැතිවරයට උසාව‌ි නියෝගයක් යවන්න, වහාම එහි ජනාධිපතිතුමාව මෙහාට එවන්න කියල. මේ නඩුව විභාග කරන්න අපි තීරණය කලා.

    පකිස්ලන්තයේ අගමැති: ඔය කවුරුත් කියන, කියන විදිහට අපේ ජනාදිපතිතුමාව උසාවි ගෙන්නන්න බෑ.
    එතුමා වැස්සක් එනවයි කියල බයේ ඇඳ යට හැංගිලා ඉන්නෙ.

  2. aravinda Says:

    Let me quote something from Joseph Hellers book, Catch 22. The case against ARMY OFFICER was open and shut. The only thing missing was something to charge him with.

    Kotinaligoda will reappear with a cock and bull story, once maximum damage is done to Army and Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress