ENTER THE BASIL
Posted on April 28th, 2016

ඇත්ත උපුටා ගැන්ම  මව්බිම

දේශපාලනය කියලා කියන්නේ යටින් ගහන ගේමකි. දේශපාලනයේ හෙට වෙන්නේ මොනවාද කියලා තීරණය වෙන්නේ යටින් ගහන ගේම්වලින්ය. උඩින් පේන්න තියෙන දේ ඇත්ත දේශපාලනය නොවේ. දේශපාලනයේ වඩා වැදගත් වෙන්නේ තිරය පිටිපස්සේ වෙන දේවල්ය.

දේශපාලන තිරය පිටිපස්සේ ගේම් ගහන්න අති දක්‍ෂයෝ දෙන්නෙක් ලංකාවේ සිටිති. එයින් එක්කෙනකු ඉන්නේ රනිල් එක්කය. අනෙක් එක්කෙනා ඉන්නේ මහින්ද එක්කය. රනිල් එක්ක ඉන්න දේශපාලන නූල් සූත්තරකාරයා මංගල පිංසිරි සමරවීරය. මහින්ද එක්ක ඉන්න දේශපාලන නූල් සූත්තරකාරයා බැසිල් රෝහණ රාජපක්‍ෂය. මංගල මාතරය. බැසිල් බෙලිඅත්තේය. දෙන්නම බෙන්තර ගඟෙන් එහාය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ස්වර්ණමය යුගය රාජපක්‍ෂ යුගයය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද බැංකුව පිරිලා ඉතිරිලා ගියේ මහින්දගේ කාලයේදීය. එක්සත් ජාතික පක්‍ෂය කෑලි කෑලිවලට කඩලා නන්නත්තාර කරලා දැම්මේ මහින්දය. එක්සත් ජාතික පක්‍ෂය නන්නත්තාර කරලා දාන මහින්දගේ ගේම්වල ඉස්සරහින්ම හිටියේ බැසිල්ය. මහින්ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක හදාගත්තේ බැසිල්ගේ දේශපාලන ගේම්වල ප්‍රතිඵලයක් විදියටය. යුද්ධයේ අවසන් කාලයේදී ආණ්ඩුව වට්ටන්න එක්සත් ජාතික පක්‍ෂය කුමන්ත්‍රණය කරද්දී කරු ජයසූරිය ඇතුළු යූ.ඇන්.පී. බලකණු රැසක් කඩලා අරන් සන්ධාන ආණ්ඩුව ශක්තිමත් කළේ බැසිල්ය.
මහින්දගේ ආණ්ඩුවේ බැසිල්ට කරන්න බැරි දෙයක් තිබුණේ නැත. බැසිල්ට බලතල මහ ගොඩක් තිබුණේය. විපක්‍ෂය කිව්වේ ආණ්ඩුවෙන් භාගයක්ම බැසිල්ගේ කියලාය. ඒ කතාවේත් ඇත්තක් නැතිවා නොවේ.

බැසිල්ට තිබුණු බලතල නිසාම බැසිල් රෝන්ග් සයිඩ් ගියා කියලා සමහරු කියති. ඒ කතාවෙත් ඇත්තක් නැතිවා නොවේ. කොහොම වුණත් බැසිල් අනෙක් අයගේ ඊර්ෂ්‍යාවට ලක්වෙන එකත් වළක්වන්න බැරිය. බැසිල් මහින්දගේ මල්ලීය. ආර්ථික සංවර්ධන ඇමැතිය. වැඩ කරන්න ගියාම කඩියකු වගේ කඩිසරය. දේශපාලන නූල් සූත්තරකාරයෙකි. ඉතින් බැසිල් වැඩට බැස්සාම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමහරුන්ට තමන් කොන් වෙලා වාගේ හැඟීමක් ඇති වෙන එක පුදුමයක් නොවේ. බැසිල් හරි වුණත් වැරැදි වුණත් එක්සත් ජාතික පක්‍ෂය පරද්දලා, රනිල්ව විපක්‍ෂ නායක පුටුවේ වාඩි කරලා තියන්න බැසිල් ලොකු ගේමක් ගැහුවේය. යූ.ඇන්.පී. එකට ඔළුව උස්සන්න බැරි වුණේ බැසිල්ලාගේ ගේම් නිසාය. මෛත්‍රිපාල ගිහිල්ලා එක්සත් ජාතික පක්‍ෂයට ජීවන හුස්ම පිඹිනකම් එක්සත් ජාතික පක්‍ෂය හිටියේ එම්බාම් කරපු මළ මිනියක් වගේය. යූ.ඇන්.පී. එක නැඟලා ආවේ මෛත්‍රිපාල රනිල් එක්ක එකතු වෙලා රනිල්ව අගමැති පුටුවේ වාඩි කෙරෙව්වාට පස්සේය.
2015 ජනාධිපතිවරණයේදී මහින්ද පැරැදුණාම බැසිල් පරාජයේ වගකීම භාර අරන් රට ගියේය. හැබැයි මහින්ද පැරැදුණේ බැසිල් නිසා නොවේ. මහින්ද පැරැදුණේ දෙමළ, මුස්ලිම් ඡන්ද මහින්දට නොලැබුණු නිසාය. සිංහල බෞද්ධ ඡන්ද බහුතරය මහින්දට ලැබෙද්දී දෙමළ, මුස්ලිම් ඡන්දවලින් 90%ක්ම ලැබුණේ මෛත්‍රිපාලටය. මහින්ද පැරැදුණේ ඒ නිසාය. මහින්දගේ පරාජයෙන් පස්සේ සෑහෙන කාලයක් කට වහගෙන හිටිය බැසිල් පහුගියදා ආපහු කට ඇරියේය. බැසිල් කිව්වේ අලුත් දේශපාලන බලවේගයක් හදන්න සියල්ල සූදානම් කියලාය. ඒ කියන්නේ අලුත් දේශපාලන ගේමකට රාජපක්‍ෂලා සූදානම් කියන එකය.
ඇත්තම කිව්වොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බිම් මට්ටමේ බලයක් මෛත්‍රිපාලට නැත. ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් ඉන්නේ මහින්ද එක්කය. මහින්ද කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ ආදරණීය අප්පච්චිය. මෛත්‍රිපාල කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ නපුරු බාප්පාය. ඉතින් පාක්‍ෂිකයන් එකතු වෙන්නේ ආදරණීය අප්පච්චි වටේ මිස නපුරු බාප්පා වටේ නොවේ. මේ යථාර්ථය මෛත්‍රිපාල නොදන්නවා නොවේ. පළාත් පාලන මැතිවරණය තියන්න බය වෙලා ඉන්නේ ඒ නිසාය. පළාත් පාලන මැතිවරණයට මහින්දගේ ආශිර්වාදය ඇතිව අලුත් පක්‍ෂයක් හැදුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වෙන්නේ 1977දී ඔවුන්ට වෙච්ච දේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය 1977දී තුන්වැනි තැනට ඇද වැටුණේය.
අද වන විට පළාත් පාලන ආයතනවල මන්ත්‍රිවරුන් අති බහුතරය මහින්දත් එක්ක එකතු වෙලා ඉවරය. අම්පාර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරුන් සියලු දෙනා පහුගියදා මාධ්‍ය හමුවක් තියමින් කිව්වේ මෛත්‍රිපාලගේ නායකත්වය යටතේ තමන්ට තරග කරන්න බැහැ කියලාය. මෛත්‍රිපාලගේ නායකත්වය යටතේ ඡන්දය ඉල්ලන්න ගමට ගියොත් ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් තමන්ට මඩු වලිගෙන් තළයි කියලාය. මාතලේ දිස්ත්‍රික්කයේ හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් මාධ්‍ය හමු තියමින් කිව්වේ ඔය කතාවමය. ලංකාව පුරාම ඉන්න පළාත් පාලන මන්ත්‍රිවරුන් කියන්නේ ඔය කතාවමය. ගමත් එක්ක කෙළින්ම සම්බන්ධ වෙන්නේ මේ ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රිවරුන්ය.

ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ හද ගැහෙන රාවය හඳුනන්නේ මේ මන්ත්‍රිවරුන්ය.
පළාත් පාලන ආයතනවල මන්ත්‍රිවරුන් මහින්ද ඕනෑ කියද්දී බැසිල් කියන්නේ අලුත් පක්‍ෂයක් හදන කතාවකි. ගෝඨාභය රාජපක්‍ෂ ඒ අලුත් පක්‍ෂයේ නායකයා බවත් මහින්ද එළියේ ඉඳන් ඒ අලුත් පක්‍ෂයට සහයෝගය දෙන බවත් සමහරු කියති. කොහොම වුණත් ඒකාබද්ධ විපක්‍ෂයේ මූලිකත්වයෙන් අලුත් දේශපාන බලවේගයක්, අලුත් දේශපාලන පක්‍ෂයක් හැදෙන ලකුණු දැන් ඕනෑවටත් වඩා පේන්න තිබේ. බැසිල් ඒක කෙළින්ම කියලා තිබේ. දිනේෂ්ලා, විමල්ලා, වාසුලා, ගම්මන්පිලලා, ප්‍රසන්නලා, වෙල්ගමලා, ඩලස්ලා, බන්දුලලා මේ අලුත් දේශපාලන බලවේගයේ බලකණු වන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැත. මේ අලුත් දේශපාලන බලවේගයේ නම ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ බවත්, ලකුණ මල් පොහොට්ටුව බවත් දන්නෝ දනිති. බැසිල් බැහැලා ඉන්නේ ඒ අලුත් දේශපාලන සන්ධානය හදන ගේමට නම් මේ යහපාලන ආණ්ඩුව තමන්ගේ කේන්දරය බලාගන්න එක හොඳය.
ෆීනික්ස් පක්‍ෂියා නැඟී හිටියා වාගේ යූ.ඇන්.පී. විරෝධී සමාජ බලවේගය එක මිටකට එකතුකර ගත්තොත් යහපාලන ආණ්ඩුවටත්, ඒ ආණ්ඩුවේ ඇමැති කටු සූප්පු කරන්න ගිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ටත් යන්න වෙන්නේ හොම්බෙන්ය. යූ.ඇන්.පී. එකත් එක්ක දීග කනවාට විරුද්ධ ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයන් එක්ක එකතු වෙලා මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික සන්ධානය, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය වැනි සන්ධානයේ හවුල්කාර පක්‍ෂත් එකතු කරගෙන යූ.ඇන්.පී. විරෝධී ජනතා බලවේගයට පණ දුන්නොත් මේ ආණ්ඩුව ගෙදර යවන එක සිම්පල්ය.

ජනතා විමුක්ති පෙරමුණ කියන විදියට ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ වැඩිම ජනතා අප්‍රසාදයට පත්වූ ආණ්ඩුව මේ යහපාලන අණ්ඩුවය. යහපාලන ආණ්ඩුව හදන්න දරදිය ඇද්ද ජනතා විමුක්ති පෙරමුණ එහෙම කියනවා නම් ඒ ගැන වෙන අයගෙන් අහන්න ඕනෑ නැත. ඉතින් මේ උදාවෙලා තියෙන්නේ යහපාලන හවුලට එරෙහිව අලුත් දේශපාලන බලවේගයක් ගොඩනඟන්න ඕනෑ මොහොතකි. ඒ දේශපාලන බලවේගය හදන්න ඕන මහින්දගේ නායකත්වයෙනි. හැබැයි මහින්ද ස්ටේජ් එකට නැඟලා සහයෝගය නොදුන්නට අවුලක් නැත. තිරය පිටිපස්සේ ඉඳන් යටින් සහයෝගය දුන්නාම හොඳටම ඇතිය. බැසිල් මේ බැහැලා ඉන්නේ ඒ ගේමටය. මහින්ද පිටිපස්සෙන් ඉඳන් බැසිල් ගහන්නේ ඒ ගේමය.

3 Responses to “ENTER THE BASIL”

  1. Dilrook Says:

    This contains various misstatements. Please allow me to point them out for the sake of the people relying on the JO to politically get rid of the three evils – the president, the prime minister and the opposition leader.

    Thanks to his long political career since 1970s and education as lawyer, Mahinda is an exceptionally successful politician. No one else in his family has any political acumen. They all survive in politics thanks to Mahinda and his father. Even Mangala Samaraweera was brought in to the party by Mahinda’s kindness and generous support in early 1990s.

    It was Weerawansa’s hard work that brought a very reluctant Mahinda back to politics through his Nugegoda Movement. Once again it was Weerawansa that organised the largest political rally in Hyde Park. After the initial difficult phase was done by Weerawansa, Basil parachutes into the scene.

    Mahinda won 2/3 in April 2010 not because of Basil but because of ‘Gota’s War’ victory. In fact, Mahinda had to amass all political dirt to achieve 2/3 because of the delay. Had the general election been held in 2009 within months of war victory, as I suggested to Basil then, Mahinda could have won even more seats without people like Champika, Ganesan, Rajiwa, Ranga, Mervyn, Hakim, Duminda, etc. They proved harbingers of doom later.

    Basil played no significant role in Mahinda’s 2005 victory. It was Wimal and venerable Ellawala Medhananda that spearheaded his campaign on the backdrop of a massive UNP defeat in 2004 (the lowest UNP votes percentage in history until then – sans CWC and SLMC that joined UPFA). It was Mahinda, not Basil, who brought in UNPers into the government to stabilize it by offering them lucrative ministries. Basil’s reckless conduct almost collapsed the fragile government in 2007 when the CWC pulled out following verbal abuse by Basil. Mahinda intervened and saved it.

    Basil is responsible for Mahinda’s election defeat in 2015. He himself admitted it.

    According to Basil 85% of borrowed funds were used in the north since 2009. This is the main reason for Mahinda’s defeat. Sirisena, Ranil, Fonseka, Wigneswaran and Mangala outsmarted Basil with ease. In fact, Sirisena blamed Basil for his defection. Even today, Sirisena holds the key to control Basil as he controls Sajin Vaas. Basil is responsible for the massive erosion of votes in Gampaha district from 2010 to 2015 as the district leader.

    The LG election and PC election were postponed by Sirisena, not the UNP. If these elections are held today, UNP will win a landslide as all others are divided. Sirisena is avoiding this possibility. Knowing very well this threat of division keeps them longer in office, these politicians flock around Mahinda. If elections are held, they will be defeated.

    Already cracks have appeared in the JO thanks to Basil. Weerawansa and Vasudeva have made strong and public remarks against Basil’s re-entry.

    Although blood is thicker than water, Mahinda must listen to them and remove Basil from front office and back office functions of the JO. Otherwise, the JO has no chance to win any election. Nepotism is the reason why the SLFP is in ruin today. Sadly, the JO is following the same path to destruction. History repeats.

    If the campaign is to bring back Mahinda, stick to that. Don’t bring back Basil. No one asked for him.

  2. Dham Says:

    Dilrook,
    I don’t think Basil alone is responsible for the 2015 debacle. MR did grave mistakes himself too.
    I don’t think MR has changed to help Sinhala cause or changed his stand.
    We need a new face with new radial ideas.
    I think Wimal should work with Basil.
    Nevertheless all depend on new policies not on new faces alone.
    Where are the policies ?

  3. Dilrook Says:

    Dham, the enormous reduction of Mahinda’s votes in less than 5 years from 58% to 47% has many reasons. However, he could have still held on to 50% if not for some economic and election campaign decisions. Mahinda realised this and removed Basil from his campaign few weeks to the defeat.

    Nepotism has been the bane of Sri Lankan politics. Fresh faces and policies in 1956, 1977 and 2005 did good. As the saying goes, “sudussata sudusu thena”.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress