ව්ලැදිමීර් විසෝස්කි ගේ Koni Priveredlivye”
Posted on May 2nd, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග

අසුපිට නැගී මා හැල්මේ යමි  
මාර්ගය දුශ්කරය  තරණය අපහසුය  
මා මිය යනු නියතය   

මගේ කස පහරද නොතකා අසු දිව යයි නොනැවතී 
මට අවසානය තෙක්  සිටිය නොහැක​ 
මට මගේ ගීතය අවසන් කල නොහැක​  

අසු සමග මා අද්දර සිටිමි 
කිසිදු ඉඩක් නොමැත මාහ​ට 
මා සිරවී තනිවී සිටින සේය   
අසුනි සෙමෙන් යව​ මා මිය යනු නිසැකය  
මට මගේ ගීතය​ නිම කල නොහැක​   

ආයාචනය කරමි 
නවතනු මැන තුරඟා
ආයාචනය කරමි 
නවතනු මැන හැල්මේ යන තුරඟා 
(ව්ලැදිමීර් විසෝස්කි ගේ ගීතයක් ඇසුරෙනි )    

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress