කොටි සාම්පුර් පාලනය කරද්දී  නෂීර් අහ්මද් සිටියේ කොහේද?
Posted on May 28th, 2016

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

සාම්පූර් නාවික හමුදා කඳවුරේ ප්‍රධානි කපිතන් ප්‍රේමතිලකට සැරපරුෂ ලෙස බැන වැදුණු අවස්‌ථාව

සාම්පුර් විදුහලේ රසායනාගාරය විවෘත කිරීම සහ පාසල් පොත් බෙදාදීමේ උත්සවයක්‌ පසුගිය සිකුරාදා පැවැත්වුණි.

මේ උත්සවයට ආරාධනාවක්‌ නොලැබ මහ ඇමැති අහ්මද් නෂීර් හදිසියේම පැමිණියේය. ඒ වනවිට උත්සව වේදිකාවේ මෙරට ඇමරිකානු තානාපති අතුල් කෙශාප් සහ නැගෙනහිර ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු ද විය.

මෙම අවස්‌ථාවේ පාසල් සිසුන්ට වේදිකාව අසලට ඒම සඳහා මාර්ගය ඉඩ දෙන ලෙස ඉල්ලීමක්‌ කෙරුණි. මහ ඇමැති නෂීර් අහ්මද් ද වේදිකාවට ගොඩ විය.

ඔහු මෝඩයා එළියට පලයන් යෑයි සාම්පූර් නාවික හමුදා කඳවුරේ ප්‍රධානි කපිතන් ප්‍රේමතිලකට සැරපරුෂ ලෙස බැන වැදුණේය.

මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් නාවික හමුදා නිලධාරියාට සැර පරුෂ ලෙස බැන වැදීමට නසිර් අහ්ම්ද් කවුද යන්නයි. නාවික හමුදාව ක්‍රියාත්මක වන්නේ මහ ඇමැති යටතේ නොවේ. අසංවර ලෙස හැසිරුණු නෂිද් අහ්aමද් කළ ගෝරනාඩුව නිසා ඇමරිකානු තානාපති අතුල් කෙශාප්ද බරපතළ අපහසුතාවකට පත්වී ඇත. මේ අවමන් සහගත සිද්ධිය ගැන ආරක්‍ෂක ලේකම් පැවසුවේ පැමිණිල්ලක්‌ ලැබී නැති බවයි.

නැගෙනහිර නාවික කඳවුරක්‌ බාර ප්‍රධානියකුට මහ ඇමැති නෂීර් අහ්මද් බැණවදින අයුරු වීඩියෝ පටයක දිස්‌වෙද්දී ඒ ගැන විමර්ශනය කිරීමට පැමිණිල්ලක්‌ අවශ්‍ය ද ?

මේ සම්බන්දයෙන් නෂීර් අහ්මද් පැවසුවේ ආණ්‌ඩුකාරයා කෙනහිලිකම් කරන නිසා ආවේගයක්‌ මත එම සිද්ධිය ඇතිවූ බවයි.

ආණ්‌ඩුකාරයා සමග මතභේදයක්‌ ඇති නම් ඒ වෙනුවට නාවික හමුදා නිලධාරියාට බැනවැදුණේ ඇයි? මොහු ළඟ ශීලාචාර කමක්‌ නොතිබූ බව පැහැදිලිය.

නෂීර් අහ්මද්ට නාවික හමුදා නිලධාරියකුට බැන වැදීමට කිසිම අයිතියක්‌ නැත. එලෙසම ඔහු සංධාන කටයුතු ගැන ද පවසා ඇත. සාම්පූර් උත්සවයට ඇරයුමක්‌ නොලැබ පැමිණීම තවත් ප්‍රශ්නයකි.

ඇතැම් දේශපාලනඥයන් උතුරු නැගෙනහිරට පොලිස්‌ බලතල ඉල්ලන්නේ මේ පසුබිම මැදය. උතුරු නැගෙනහිර මහ ඇමැතිව සිටි වර්ධරාජා පෙරුමාල් ද හැසිරුණේ නෂීර් අහ්මද් මෙනි. ආරක්‍ෂක හමුදා නිලධාරීන් සිටින්නේ තමන් යටතේ යෑයි වර්ධරාජා සිතුවේය. නුඹලා මම කොළඹ සිට චීන වරායට ගුවන් මගින් පැමිණියාම සැලියට්‌ කරන්න ඕනෑ යෑයි ඔහු ගුවන් හමුදා නිලධාරීන්ට කියා සිටියේය.

එහෙත් කිසිම ගුවන් හමුදා නිලධාරියකු වර්ධරාජා පෙරුමාල්ට සැලියුට්‌ කළේ නැත. මෙවන් තොරතුරු මැද මහ ඇමැති නෂීර් අහ්මද් මෝඩයා එළියට පලයන් යෑයි කපිතන් ප්‍රේමතිලකට බැනවැදී නියෝග කළත් ඔහු වේදිකාවෙන් බැස ගියේ නැත. ඒ ගැන අපගේ ප්‍රසාදය හිමි වේ.

නෂීර් අහ්මද්ගේ මෙම අසංවර හැසිරීම ගැන ඔහු නියෝජනය කරන දේශපාලන පක්‍ෂය පවා මෙතෙක්‌ කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.

එහෙත් සාම්පූර් කොටි ත්‍රස්‌තයන්ගෙන් බේරා ගැනීමට මහගු සේවයක්‌ කළ නාවික හමුදාවට අවමන් ලෙසින් පරිභව කිරීමට නැගෙනහිර මහ ඇමැතිවරයා ක්‍රියා කිරීම ලැඡ්ජා සහගතය. නසිර් අහ්මද් ටයිකෝට්‌ දමාගෙන සාම්පූර්වලට පැමිණියේ නාවික හමුදාව ප්‍රමුඛ ආරක්‍ෂක හමුදාව සාම්පුර් ප්‍රදේශය කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම නිසාය.

කොටි සාම්පුර් පාලනය කරද්දී ඔහුට සාම්පූර් වෙත පැමිණීමට හැකියාවක්‌ තිබුණේද?

නෂීර් අහ්මද්ට පමණක්‌ නොව හිටපු නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයාන්ට ද මේ උද්දච්ඡ රෝගය වැළදී තිබුණි. ඔහු මඩකලපුව මන්ත්‍රීවරයකු ව සිටි සෑම් තම්බිමුත්තුගේ පෞරාණික නිවස පවා බලහත්කාරයෙන් අල්ලාගෙන තිබුණි. එහෙත් රජයේ යාන්ත්‍රණයට ඔහුට එරෙහිව පියවරක්‌ ගත්තේ නැත.

මෙම පසුබිම මැද නාවික හමුදාපතිවරයා සාම්පූර් සිද්ධිය ගැන ආරක්‍ෂක ලේකම්ට රහසිගත වාර්තාවක්‌ යවා ඇත.

එහෙත් නෂීර් අහ්මද්ට එරෙහිව මෙතෙක්‌ දේශපාලන ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැත. ඔහු අවමන් කළේ කොටි ත්‍රස්‌තයන්ගෙන් රට බේරාගත් රණවිරුවකුටය.

ප්‍රභාකරන් ඝාතන සිදු කරන සමයේ (කාතන්කුඩි මුස්‌ලිම් පල්ලියේ ඝාතනය) මහ ඇමැති නෂීර් අහ්මද් කොහේ සිටියේද? කෙසේ වෙතත් ආරක්‍ෂක හමුදා ප්‍රධානීන් දැඩි පියවරක්‌ ගෙන ඇත. එනම් මහ ඇමැතිට නැගෙනහිර කිසිදු ආරක්‍ෂක කඳවුරකට ඇතුළු වීම තහනම් කිරීමයි.

One Response to “කොටි සාම්පුර් පාලනය කරද්දී  නෂීර් අහ්මද් සිටියේ කොහේද?”

  1. Ancient Sinhalaya Says:

    He was busy making babies. Actually they all were. While Sinhalese and tamils killing each other, they
    doubled their numbers in 30 years. Like they did in old iran, afganisthan, pakisthan, bangladesh, maldives,
    malaysia and indonesia. Multiply, multiply and multiply! (Please google any of these countries Buddhist
    heritage and you will see how all
    these countries have become mussies.)

    While most Sinhalese couples working and struggle to bring up a child, mussies all in businesses, mussie
    wive/wives stay at home and happily breed. We provide FREE education and FREE hospitals, so why not?
    Limit Free education, Free hospital only for two children!
    So automatic birth control for the Sinhalese, happy breeding for the mussies. How many years Sinhalese got
    in Sri Lanka before they disappear? 100 years? 200 years? With the YAMA PALLANGE YAMA PAALANAYA,
    it could be
    even shorter!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress