යාපන සරසවියේ තිත්ත ඇත්ත.. සත්ගුණ රාජාගේ කතාව මෙන්න..
Posted on July 22nd, 2016

lanka C news

අද දින අපි කොළඹ ජාතික රෝහලට පැමිණියේ යාපන විශ්වවිද්‍යාලයේ සිදුවු ප්‍රහාරයෙන් තුවාල ලද සිසුවාගේ සුව දුක් විමසා බැලීමටත් අනෙක් දරුවන් සමග ඒ අයගේ ප්‍රශ්නය ගැන කතා කරන්නත්.  ඊයේ ආණ්ඩුව බොහොම ආඩම්බරයෙන් කිව්වේ ඔවුන් මේ ප්‍රශ්නය විසදුව, ඒ වගේම විනය ක්‍රියාමාර්ග ගැනීමට විශ්වවිද්‍යාල බලධාරීන්ට පැවරූ බවයි.  නමුත් ඒ විසදීම නම් හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.

මේ සිංහල සරසවි සිසුන්ට පහරදුන් දෙමළ සිසුන් පිටුපස අනිවාර්යෙන්ම විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති සත්ගුණ රාජා මහතාගේ හස්තය තිබෙනවා.  ඔහුගේ හැසිරීම බරපතල ලෙස මේ සිදුවීමට හේතු සාධක වෙලා තියෙනවා. එතුමන්ගේ නම සත්ගුණ රාජා උනත් සත්ගුණවත් බවක් නම් එතුමන්ට තිබිල නෑ.  අපේ දරුවන්ට ඉතාම අමාණුෂික විදිහටයි කටයුතු කරල තියෙන්නේ. මේ සිදුවීම ඔහුට විසදීමට හැකියාව තිබියදීත් ඔහු මැදිහත්ව සාධාරණ විසදුමක් දීමට කටයුතු කර නැහැ.

අනෙක් පැත්තෙන් සිංහල සිසුන්ට දෙමළ අන්තවාදීන් පහර දෙද්දී ගුරුවරුන් නිහඩව බලා සිටියා මිසක අඩුම තරමින් පොලීසිය ගෙන්වන්න වත් කටයුතු කර නැහැ. මෙවැනි පාලකයන්ට යලි මේ ප්‍රශ්නය විසදීමට භාරදීම හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක්.

අපිට මතකයි අනික් විශ්ව විද්‍යාල වල ප්‍රශ්න ඇති උනාම විනය ක්‍රියාමාර්ග ගන්න කියල දැනුම් දීමක් කලේ නෑ.  නමුත් මේ දරුවට මරණීය තුවාල සිදු කර තිබෙනවා. මේ මොහොතේත් ඒ දරුවා සැත්කමකට භාජනය කරලයි ඉන්නේ. මෙවැනි බරපතල තුවාල සිදුකලාටය පස්සේ විනය ක්‍රියාමාර්ග ගන්නව කියන්නේ විහිළුවක්.  විනය ක්‍රියාමාර්ගයකින් දිය හැකි උපරිම දඩුවම විශ්ව විද්‍යාල ශිෂ්‍ය භාවය අහෝසි කිරීම.  දණ්ඩ නීති සංග්‍රහයට අනුව මෙය දඩුවමක් නෙමෙයි.

ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා තව දුරටත් ජනතාව රවටන්නේ නැතුව සැබෑ සන්හිදියාවක් බලාපොරොත්තු වෙනවනම් සැබෑ ජාතික සමගියක් මේ ආණ්ඩුවට අවශ්‍යනම් වැරදි කරුවන්ට කොන්දක් තියෙන ආණ්ඩුවක් විදිහට නීතිය ක්‍රියාත්මක කරන්න.අපි කියන්නෑ දෙමළ අයට අසාධාරණයක් කරන්නවත් සිංහල අයට පක්ෂක් ග්‍රාහී වෙන්නවත් කියල. අපි කියන්නේ සැමට එකසේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි.

යාපන සරසවියේ තිත්ත ඇත්ත.. සත්ගුණ රාජාගේ කතාව මෙන්න..

යාපනය මුදාගැනීමට ජීවිත පුජා කරපු අත්පා ඇස් කන් පුජා කරපු රණවිරුව්නට දක්වන ගෞරවය තමයි අද දකුනේ ක්‍රියාත්මක නීතිය යාපනයේත් ක්‍රියාත්මක කිරීම.

මේක අද ඊයේ යාපන සරසවියේ ඇති උනු ප්‍රශ්නයක් නෙවෙයි. මේක පසුගිය පසුගිය වසර දෙක පුරාම යාපන සරසවියේ සිංහල දරුවන්ට බරපතල පීඩනයක්  විශ්ව විද්‍යාල පාලකයන් කථිකාචාර වරුන්ගෙන් එල්ල වෙලා තියෙනවා. වෙසක් උත්සවය සැමරීමේදී පවා මේ දරුවන්ට කෙණහෙළිකම් කර තියෙනවා.  මේ දරුවන්ට සිදුවන අසාධාරණ කම් පිළිබදව කතාකරන්න ගිය සමහර ශිෂ්‍ය නායකයන්ගේ වසර තුනේ උපාධිය වසර පහක් දක්වාවත් ලබාගනන් බැරි තත්වයක් ඇතිකරල තමයි මේ දරුවන් නිහඩ කරල තියෙන්නේ.gamman

අද මේ දරුවන් මාධ්‍ය ඉදිරියට ඇවිත් කතා කරන්න බයයි තමන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙයි කියල. අපි රජයට අවධාරනය කරනවා වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඊයේ අලවපු පැලැස්තර විසදුම අපි පිළිගන්නෑ. මේ දරුවන්ට ආරක්ෂාව සලසන්න රජයට බැරිනම් , යාපනය කියන්නේ සහජීවනය නොදන්න තැනක් නම් ඒක ලෝකෙටම පෙන්නල මේ දරුවො ටික වෙනත් විශ්ව විද්‍යාලයකට ගෙනල්ල ඔවුන්ට ආරක්ෂිතව අධ්‍යාපනය ලබන්න ඉඩ සලස්වන්න කියල අපි රජයට කියනවා.

පසු ගිය ජනාධිපති වරණය සමයේ සිරිසේන මහතා ජනපති උනොත් අපි ආණ්ඩුවේ සිටින තුරා සිංහල ජනතාවට අසාධාරණයක් වෙන් අපි ඉඩ තියන් නෑ කියමින් පුවත්පත් වල පිටු පුරා දැන්වීම් දාපු පිරිස් අද කියනවා රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඒ අයට බලය දුන්නේ අපි ට නීතිය කියාත්මක කරන්න ද? මේ රටට ජාතියට කල අපරාධයට ඒ අය සමාව ගත යුතුයි. නැත්නම් ජනාධිපති වරණයේදී පොරොන්දු වූ ආකාරයට සිංහල ජනතාවගේ ආරක්ෂාව සැලසීමේ වගකීම ඔවුන් කරට ගත යුතුයි.  නැතිනම් මේ සිදුවීමේ වගකීම භාර අරගෙන ඇමති මස්කටු සූප්පු කිරීම වහාම අත් හල යුතුයි.

– අරවින්ද අතුකෝරල

යාපන සරසවියේ දී දෙමළ ජාතිවාදීන්ගේ පහරදීම් වලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන සිසුවාගේ සුව දුක් සොයා බැලීම සදහා පැමිණි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

2 Responses to “යාපන සරසවියේ තිත්ත ඇත්ත.. සත්ගුණ රාජාගේ කතාව මෙන්න..”

  1. plumblossom Says:

    plumblossom Says:

    July 22nd, 2016 at 2:52 am

    Sri Lanka should tell the US that Sri Lanka cannot abide by the UNHRC resolution. The Sri Lankan Army did not commit any war crimes. It is the LTTE terrorists who committed war crimes throughout 26 years of war. No country with an ounce of self respect will place their army in harms way to be tried by a court domestic or hybrid of war crimes the army did not commit in anyway. If individual soldiers committed any crimes, a complaint can be placed in a court of law in Sri Lanka. Why is there a need for special judicial procedures? This government is a puppet of the US, EU, UK, Norway, Sweden, Canada and India and is so subservient to US interests that it is ready to try its own armed forces for crimes that the armed forces did not commit. All the while, the LTTE terrorists who committed war crimes are being shown as totally innocent. Using the ploy of wanting a new constitution which almost all Sri Lankans don’t want, this treacherous government is trying to create a separate state in the guise of a federal state as the TNA separatist terrorists and the US, EU, UK, Norway, Sweden, Canada and India wants. Sri Lanka should tell the US that Sri Lanka cannot abide by the UNHRC resolution. The worst that the US, UK, EU, Sweden, Norway and India can do is impose sanctions on Sri Lanka. So what? Sri Lanka can trade with all the countries of Asia and the rest of the world even if the US, UK, EU, Norway, Sweden and India imposes sanctions. Sri Lanka can grow rice, we have jack fruit, bananas, bread fruit and plenty of water too. So we will not starve just because the US, UK, EU, Sweden, Norway and India imposes sanctions. Also since we can trade with the powerful economies of Asia which includes the Middle East, South East Asia, South Asia, the Far East and Central Asia as well as the rest of the world, actually, we may be OK economically too despite any sanctions imposed by the US, EU, UK, Norway, Sweden, Canada and India. However by avoiding implementing the unjust UNHRC resolution, Sri Lanka will safeguard its independence and freedom which is the most important thing for the next thousands of years as we have safeguarded our independence and freedom for at least the last 2600 years and avoid the creation of a separate state or eelam in the guise of a federal state. So Sri Lanka must very urgently tell the US that we will not abide by the unjust UNHRC resolution but carry out our own domestic process of reconciliation as we see fit. Let the imperialist US impose sanctions. Nothing much will happen to our economy since we can trade with the powerful economies of Asia and the rest of the world instead but Sri Lanka would have preserved its independence and freedom for the next thousands of years and avoid the partition of the country and the creation of a separate state which will be Sri Lanka’s end.

  2. plumblossom Says:

    Even if the constitution will be changed since this idiotic government follows whatever instructions the US, UK, EU, Norway, Canada, Sweden, India, the TNA and the separatist terrorists tell it to do, we must ensure that the unitary status of the country is not compromised in any way whatsoever. The clause in the 13th amendment which says that ‘the North and the East is the homeland of the Tamil speaking people’ must be deleted since it is totally false when looking at the history of the island. This clause must be replaced with the clause ‘the entire island is the homeland of all its peoples’. The provision which allows for the merger between two provinces should be deleted. As much subjects from the concurrent list should be included in the national list. Under no circumstances should land, police or fiscal powers be given to provincial councils. All of us need to ensure that the above happens since if the system reverts back to a parliamentary system and the presidential system is scrapped, the only way to ensure the unitary status of the country is the make sure that the provincial councils do not get any more powers than they have at present. The Public Security Ordinance should not be amended in anyway as well. If any provincial councils acts out of line, the head of government should dissolved such a provincial council and direct rule by the head of government should be enforced under those circumstances.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress