අජූතයි පූජිත කුජීතයි.. පොලිස්පති මරදානෙ චොප්පෙ වගේ..
Posted on August 1st, 2016

lanka C news

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබා දී ඇති ප්‍රභූ ආරක්‍ෂක නිලධාරීන් පාද යාත්‍රාවේ අවසන් දින ඉතාමත් සූක්‍ෂම ලෙස ඉවත්කරවා ඔවුන්ගේ ජීවිත අවදානමට ඇද දැමීමේ මෙහෙයුමක පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නිරතව සිටන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, ‘ජන සටන පාද යාත්‍රා ජාතික මෙහෙයුම් කමිටු සාමාජික විමල් වීරවංශ මහතා හෙළිදරව් කරයි.

ඊයේ (31) රාත්‍රී ‘ජන සටන පාද යාත්‍රාවේ සිව්වන දින’ කටයුතු අවසන් කරමින් පැවැති ජන රැලිය අමතමින් විමල් වීරවංශ මහතා මේ බව අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

සරත් ෆොන්සේකා මහත්තයා පසුගිය දිනවල තමන් තන්වේලට කන කෑම කිරිබත්ගොඩ එල්ලලා තිබුණා. මේ දවස්වල ෆොන්සේකා ඉන්නේ බඩගින්නේ. එයා මේ කෑම කන්න පටන් ගත්තේ එක්සත් ජාතික පක්‍ෂය සමඟ එකට දීග කන්න පටන් ගත්තට පසුවයි. අපි කියනවා ‘ඔයාම ඒ කෑම කන්න කියලා.

අජූතයි පූජිත කුජීතයි.. පොලිස්පති මරදානෙ චොප්පෙ වගේ..

‘අජූතයි පූජිත අජූතයි’

උදේට කාපු කෑම වේල පමණක් බඬේ තියාගෙන දවල්ටවත් කෑම කන්න නතර නොවී දින 04ක් පුරා මේ වන විට මේ ‘ජන සටන පාද යාත්‍රාව’ මේ රටට අදාරය කරන මිනිස්සු පෙරට ගෙන ආවා. මේ පාද යාත්‍රාව නතර කරන්න මේ යහපාලන ආණ්ඩුව නොකළ දෙයක් නැහැ. දිගින් දිගටම අධිකරණ නියෝග අරගෙන පාද යාත්‍රාව නතර කරන්න ‘සිරිකොත පොලීසිය’ කටයුතු කළා. ශ්‍රී ලංකා පොලීසිය අද පූජිත පොලිස්පතිවරයා විසින් සිරිකොත පොලීසියක් බවට පත්කර තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට ඉන්න ප්‍රභූ ආරක්‍ෂක පොලිස් නිලධාරීන් පමණක් හෙට (පාද යාත්‍රාව අවසන් දිනයේ) උදේ 9:00ට කොළඹ පිහිටි ඔවුන්ගේ මූලස්ථානයට ‘විශේෂ සාකච්ඡාවක්’ සඳහා කැඳවා තිබෙනවා. ‘අජූතයි’ පූජිත පොලිස්පතිතුමනි අජූතයි’ කියලයි අපට කියන්නේ වෙන්නේ. පාද යාත්‍රාව අවසන් දිනයේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව ඉවත් කරලා ඔවුන්ගේ ජීවිත අවදානමට හෙළන්න නේද මේ මෙහෙයුම දියත් කරන්නේ? කියලා අපි පොලිස්පතිවරයාගෙන් දැඩිව ප්‍රශ්නකර සිටිනවා. අද ශ්‍රී ලංකාවට ලැබී තිබෙන්නේ ‘මරදානේ චොප්පෙ’ වැනි පොලිස්පතිවරයෙක්. මෙයා අගමැති රනිල් වික්‍රමසිංහටම ගැලපෙන බඩුවක්. අපි බොහොම කරුණාවෙන් මේ පොලිස්පතිවරයාට කියනවා ‘මේ රටේ ඉදිරියේ සිදු වන්නේ කුමක්ද කියා තීරණය කරන්නේ මේ රටේ පොදු ජනතාව. ඒ නිසා මේ ආකාරයට කටයුතු කරන්න සූදානම් වෙන්න එපාෟ’ කියලා.

‘කෙටිම කලකින් ජනතාවට එපා වූ ආණ්ඩුව’

අද දිනයේ පාර දෙපස සිට පාද යාත්‍රාවට ජවය සැපයූ ජනතාවට අමතරව පාද යාත්‍රාව තුළ 30,000කට අධික ජනතාවක් ගමන් කරනු ලැබුවා. මේ දින හතර තුළ පාද යාත්‍රාව තුළ ගමන් ගත් සහ මඟ දෙපස සිට එයට තම සුබ පැතුම් එක් කළ, කෑම බීම සපයපු ජනතාව ලක්‍ෂ 10කට වැඩියි. අපි කල්පනාකර බැලිය යුතුයි, ‘මේ තරම් ජන ගඟක් එකතු වෙලා ඉන්නේ ඇයි?’ කියලා. එහෙම එකතු වුණේ මේ රටේ ජනතාවට කෙටිම කාලයකින් එපා වූ ආණ්ඩුව මේ යහපාලන ආණ්ඩුව හින්දයි.

මේ ආණ්ඩුව බලයට ඇවිත් කෙටි කලකින් පොහොර සහනාධාරය, පාසල් නිල ඇඳුම කප්පාදු කළා. ජනතාව මත අධික බදු බරක් පැටවූවා. රජයේ සේවයට අලුතින් බැඳෙන දරුවාගේ විශ්‍රාම වැටප් අයිතිය කප්පාදු කළා. රණවිරුවන් දඩයම් කිරීමට විශේෂ යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට යනවා. මේ රටේ සේවා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට විවෘතකර දෙන ‘එට්කා ගිවිසුම’අත්සන් කිරීමට සූදානම් වෙනවා. අද බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරලා ඔවුන්ගෙන් පලිගන්නවා. රාජපක්‍ෂවරුන් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ගෙන පලිගන්නවා. මේ රටේ ජනතාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් මහින්ද රාජපක්‍ෂ නැමති නායකයකු මේ රටේ ජනාධිපති ධුරයට පත් වුණු හින්දා. ඒ නිසයි මේ රටේ ඒකීයභාවය රැකුණේ. යුද්ධය පැවැති කාලයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයේ සිටියානම් කොටි විසින් අපේ හමුදාවට පරද්දලා තිබේවි. එතකොට ඔහු කියාවි ‘මම දැනගෙන හිටියේ නැහැ හිටන්’ කියලා. එහෙම ‘හිටන් කෙනෙකුට’ මේ රට පාලනය කරන්න බැහැ. රාජ්‍යයේ වගකීම අතට ගත්තු පාලකයකු මේ රටට ඕනේ. මේ වගේ ‘ලංසි පැපොල් ගෙඩි දෙකකට’ ‘එළ හරකකු සහ මී හරකකුට’ මේ රට කන්න දෙන්න බැහැ. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද, වරදාන දිලා හදා ගත්තු තුනෙන් දෙකේ බලය හොල්ලන මහජනතාවගේ තුනෙන් දෙකේ බලය තමයි අද මේ විදියට මහ පාරේ ගමන් කරන්නේ.

‘මඩ ගහලා මඬේම එරිලා මිය යන ආණ්ඩුවක්’

අද තියෙන්නේ නල්ලමලේ යහපාලනයක්. ‘පාද යාත්‍රාවට මඩ ගහන්න කියලා මාධ්‍යවලට බලපෑම් කරනවා. විද්්‍යුත් මාධ්‍යවලට, ‘මේ පාදයාත්‍රාව පැයෙන් පැය වාර්තා කිරීම නතර කරන්න’ කියලා තර්ජනය කරනවා. අපි කියනවා ‘මඩ ගහන්න. මඩ ගහන්න’ කියලා. වැඩිකල් යන්න කලින් අපි මේ ආණ්ඩුව ‘මඬේම ගිලිලා මියයන ආණ්ඩුවක් බවට පත් කරනවා. අපි ඉදිරියේදී මේ මහ පොළොවේ තුනෙන් දෙක බලයෙන් පාර්ලිමේන්තුවේ හොරට නිදා ගත්තු තුනෙන් දෙකේ බලය හෙල්ලනවා.

අපේ මුතුන්මිත්තන් ලේ හලලා රැකගත්තු මේ පොළව විනාශ කරන්න මේ ‘හුටන්-හිටන්’ පාලනයට ඉඩදී නිහඬව ඉන්න අපි කාටත් බැහැ. මේ අෘණ්ඩුවේ ඔඩොක්කුවේ ඉන්න රතු අලි පැටියත් අද මේ පාදයාත්‍රාවට විරුද්ධව කෑගහනවා. එදා එන්.ජී.ඕ කාරයෝ ජවිපෙට කීවා ‘ජාතිවාදියෝ’ කියලා ‘අද ජවිපෙ අපට කියනවා ‘ජාතිවාදියෝ’ කියලා. අපි අහනවා ංබෙදුම්වාදයට එරෙහිවීම ජාතිවාදයද? කියලා. ජාතික සමගිය වෙනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය සැම විටම පෙනී සිටිනවා සහජීවනය කියන්නේ එක් ජාතිවාදයකට එරෙහිව අනෙකුත් ජාතිවාදයන් වඩවාලන එක නොවෙයි. අපි විරුද්ධ ඒ ප්‍රතිපත්තියට. එහෙම වුණාම ඒකාබද්ධ විපක්‍ෂයට ජාතිවාදී ලේබල් අලවන්න බැහැ.

‘ජන සටන ඇරඹිලා තිබෙන්නේ’

දැන් ජන සටන ඇරඕලා තිබෙන්නේ හෙට(01) අපි ජන සටන පාද යාත්‍රාව කිරිබත්ගොඩින් උදේ 9:00ට අරඔනවා. හෙට අපි කොළඹට යනවා. ලක්‍ෂ ගණන් ජනතාව කොළඹ වීදි දිගේ සැරිසරන දිනය හෙටයි. වික්‍රමසිංහ බයවෙලා ඉන්දුනීසියාවට පැන ගිහිල්ල. මම හිතන්නේ සිරිසේන මහත්තයාට යන්න රටක් නැහැ වගෙයි.

අද(31) හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීතුමන්ලා සූදානම් වුණා. ඒ සද්කාරයට අපේ ‘හොරගොල්ලේ අක්කා’ විරුද්ධ වුණා. පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය යොදා ගනිමින් බණ්ඩාරනායක සමාධියට ඇතුළුවීම තහනම් කළා. තම පක්‍ෂයේ නාර්මාතෘවරයාට පුෂ්පෝපහාර දැක්වීමට ඒ මන්ත්‍රිතුමන්ලාට තිබූ අයිතිය අහිමි කළා. මේ සියල්ලෙන් පෙනී යන්නේ සතුරා බිය වී ඇති තරමයි. සතුරා බිය වි ඇති තරමින් පෙනී යන්නේ මේ ආණ්ඩුව ගෙදර යවන එක මහ කජ්ජක් නොවන බවයි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

46,184 Viewers

2 Responses to “අජූතයි පූජිත කුජීතයි.. පොලිස්පති මරදානෙ චොප්පෙ වගේ..”

  1. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist pol pot ponil wickramaSinhalakiller always plan ahead for the
    Sinhalese, Sri Lanka and Buddhism. That’s why as soon as he became PM (pathala man) appointed his
    henchmen to army chief (a catholic of course), police chief, police inspector general aka P I G. So he is
    ready to murder Sinhalese again like the BHEESHANA SAMAYA.

    Don’t know he got enough catholic police
    top brass like last time. Don’t know he can do more Batalandas. Don’t know he can roast the Sinhalese
    saying they are unruly or something. In any case he is ready. Traitor Sinhala modayas call him MR CLEAN.
    WE CALL HIM WADAKAYA. Batalande Wadakaya going to find it a bit difficult to do it like the BHEESHANA
    SAMAYA IN THIS INTERNET AGE. If there is a will, there is a way to destroy Buddhism, Sinhalese race and
    Sri Lanka. That’s is wadakaya’s motto. Lucky Sinhala modayas!

    Mara mole to destroy Sri Lanka, Sinhalese race and Buddhism. Like traitor uncle alugosu adarmistaya thambi
    mudiyanselage jr.

  2. Ancient Sinhalaya Says:

    Sinhalese-murdering, Buddhism-destroying, Sri Lanka-destroying traitor UNPatritoic party’s handy work.
    Buddhist jvp is roasted in tyres. Catholic tigers given half the country!

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress