අප සෝද සෝදා මඩේ දමන ජාතියක් වමු
Posted on August 5th, 2016

සේනක සේරසිංහ

අගමැති රනිල්  වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සිහිවන බොහෝවිට ඔහුට දුටුගැමුනු රජු මතක්වේ. ඔහුගේ  කතාව උපාහාසාත්මකය. ඒ දුටුගැමුනු රජුද මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන්දැයි පැහැදිලි නැත. සමහර විට ඒ දෙදෙනාම වන්නට පුලුවන. ඔහුට දුටුගැමුනු රජු නිතර  සිහිවුවත් අනුරාධපුර රාජධානිය මල සොහොනක් බවට පත්කල කාලිංග මාඝ නිකම්වත් සිහි වන්නේ නැත. ඒ යුගයේ ඔහු සිටියා නම් දුටුගැමුනු රජුටත් සංහිඳියාවේ අරුම උගන්වන්නට ඔහුට හැකියාව තිබුනේය. ඕනෑම රටක ජනයාට තමුන්ගේ ඉතිහාසය ඉතා වැදගත්ය. ලංකා ඉතිහාසයේ දුටුගැමුනු රජුන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එය කිසිවකුටත් අකාමකා දැමිය නොහැක. යහපාලන ආණ්ඩුව නිරන්තරයෙන් වර්ණනා කරන යුරෝපයේ රටවල් තම ඉතිහාසය සහ ආගම ගර්හාවට ලක්කරන්නේ නැත. ලෝකයේ අනිකුත් රටවල්ද එසේමය.

අගමැති රනිල්  වික්‍රමසිංහ දැන් හැසිරෙන්නේ යුද්ධයේ නිර්මාතෘන් ද මහින්ද රාජපක්ෂ ගානටය. ඔහුට අනූව මේ සියලු රෝගාබාධයන්ට හේතුව ඔහුගේ පාලන කාලයත් ඔහු වටා සිටින පිරිසත්ය. වර්ථමාන තත්වය අනූව ඔහු වටා රොද බඳිනා ජනතාවත් මේවාට වගකියන්න ඕනෑ යයි කියන දවස වැඩි ඈතක නැත.

අපි කාල චක්‍රය හරහා 1977 දක්වා අතීතයට ගියහොත් බොහෝ දේවල් උගත හැකිය. වර්තමාන තරුණ පරපුර මේ දේවල් දැන සිටීම ප්‍රඥාගෝචරය. එසේ කියන්නේ අප සෝද සෝදා මඩේ දමන ජාතියක් නිසාය. ඓතිහාසික හේතු කාරනාත්, භූවිශමතාවයත්,ද්‍රවිඩ ජන සමාජයට ආවේනිකවූ සංකීර්න ගැටලු  සහ විවිධ කාලවල් වල සිදුවූ වැරදි දේශපාලන තීන්දූත්  නිසා ඔද්දල්වී තිබූ ද්‍රවිඩ අරගලය ත්‍රස්ථවාදයක් කරා ගමන් ආරම්භ කිරීමේ පූර්න වගකීම 1977 ජුලි බලයට පැමිනි ජූනියස් රිචඩ් ජයවර්ධන ප්‍රමුඛ එජාප රජයට හිමිවේ. එම වර්ෂයේම අගෝස්තු මස ද්‍රවිඩ කලබල පටන් ගත්විට අැඳිරි නීතිය ක්‍රියාත්මක කර කලබල මැඩපැවැත්වීම පසෙකලා හිතාමතාම ද්‍රවිඩ ජනයාට තම මැර පාක්ෂිකයන් ලවා පහරදීමට ඉඩ ප්‍රස්තා ඇතිකර 75000 පමන දකුනේ ද්‍රවිඩ ජනයාට උන්හිටි තැන් නැති කලේය.ඉන් 300 පමන නිරායුධ අහිංසක මිනිසුන් ඝාතනය වූහ. 1983 දී පෙර ලෙසම ද්‍රවිඩ ජාතිකයන්ට අනාරක්ෂිත පරිසරයක් ඇති කර දහස් ගණනින් ඝාතනය කිරීමට ඉඩහැර සිංහල ජනයා ලෝකයේ ම්ලේච්ඡ ජාතියක් ලෙස බව්තීස්ම කලේය. කලු ජුලිය යන කුප්‍රකට නාමයෙන් හඳුන්වන එම අපකීර්තිමත් ජන සංහාරය ලෝකය පුරා ද්‍රවිඩ ත්‍රස්ථවාදී  කන්ඩායම්වලට සහයෝගය පල කරන වටපිටාවක් ඇතිකර අවුරුදු 30 ගණනක් පුරා පැවතුන ම්ලේච්ඡ යුද්ධයකට මාවත සාදා දුන්නේය. දහස් ගණන් අහිංසක ද්‍රවිඩ ජනයා ඝාතනය වූ අතර දිවයින පුරා මිල කල නොහැකි වටිනා කමක් සහිත නිවාස වෙළඳ සැල් සහ අනිකුත් දේපල ගිනිබත් කරන ලදී. මෙමගින් ජාතීන් දෙකක් සදාකාලික සතුරන් බවට පත් කලේය.

එසේම රටට අහිතකර පාදඩ ආර්ථිකයක් හඳුන්වාදී සමස්ථ ජනයාම එහි ගොදුරක් කර එයට ප්‍රතිරෝධයක් වශයෙන් පැමිනි දකුනේ කැරැල්ල සාහසික ලෙස මැඩ පවත්වා 60,000 පමන තරුණ තරුණියන් මහමඟ ටයර් සෑයවල් ආදාහන කලේය. රාජ්‍ය සම්පත් කුනු කොල්ලයට විදේශීය සමාගම් වලට විකුනා දැම්මේය. ආනයන ප්‍රතිපත්ති ලිහිල් කර ඕනෑම භාන්ඩයක් ආනයනය කිරීමේ ප්‍රතිපත්තියක් ඇතිකර දේශීය කර්මාන්ත නැති බංගස්ථාන කර දැම්මේය. කෘෂි ආර්ථිකයකින් එදිනෙදා ජීවිතය ගැටගසා ගස් උතුරේ ජනයා කබලෙන් ලිපට වැටුනේය. ඇවිලෙමින් තිබු අරගලයට නව පනක් ලැබුනේය.

මේ එජාප ඒකාධිපති පාලන කාලය තුලදී කිසිදු සාක්ෂියක් නොමැතිව ඝාතනවූ පුද්ගල නාම ලේඛනය බොහා්ෙ දිගය. මේ අතර බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් සේම කිසිදු හව්වරනක් නැතිව අඹු දරුවන් සමග එදිනෙදා ජීවිතය සරි කර ගැනීමට අනවරත අරගලයක යෙදුනු අහිංසක මිනිසුන්ද දහස් ගණනකි. ඒ ඒ සමයේ පාලකයන්ට අජීර්න වූ හේතුව නිසාම මියගිය පුද්ගලයන් අතර ලසන්ත වික්‍රමතුංගලා වැන්නවුන්ද, ප්‍රගීත් එක්නැලිගොඩ, ලලිත්, කූගන් වැන්නවුන්ද පමනක් නොව තව බොහෝ වෙති. අවාසනාව වන්නේ මේ වෙනුවෙන් ඉදිරිපත් වීමට කිසිදු ජාත්‍යයන්තර හෝ දේශීය සංවිධානයක් නොමැති වීමය. ඒ ඉදිරිපත් වීමත් තම දේශපාලන වාසි තකා නොවේ යයි ඔවුනට කිව හැකිද? එය එසේ නොවේ නම්, මෙසේ අනෙකෙකුගේ උවමනා එපාකම් වෙනුවෙන් තම ජීවිතය අත්හරිනට සිදු වූ මිනිසුන් තව කොපමන වේද?

මේ  එජාපයේ කෙරුම්  බොහෝ කෙටියෙන්ය.

කිසි දිනක කිසිම පාලකයෙක් මේ සඳහා සාධාරන පරීක්ෂනයක් පැවැත්වීමට උනන්දු වූවේද නැත.   එහෙත් අද මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුල සිදුවූ කටයුතු සම්බන්ධයෙන් පමනක් සොයා බැලීමට ආණ්ඩුවත් විදේශීය සංවිධානත් දැඩි ප්‍රයත්නයක් දරයි.  මේ උනන්දුව 1977 සිට අද දක්වා සිදුවූ සියලු ඝාතන, අපරාධ සහ දූෂන සම්බන්ධයෙන් වේනම් එය බොහෝ අගනේය.  එසේ නැතහොත් මේ පිටුපස ඇති ව්‍යාජ භාවය ජනතාව තේරුම් ගනු ඇත. දැනට ඇති තත්වය අනූව මහින්ද රාජපක්ෂටත් පොදුවේ රටටත් එරෙහිව යම්කිසි කුමන්ත්‍රනයක් පවතින බව ජනතාව අවබෝධ කර ගනිමින් සිටී. ආණ්ඩුවට එරෙහි ජන මතය දිනෙන් දින දිනන් දින වැඩි වීමෙන් එය පැහැදිලි වේ.

එජාප යේ  අතීත ක්‍රියාකාරකම් මෙසේ වුවද දැන් ඔවුන් සාමාන්‍ය ජනයාට කියන්නේ සංහිඳියාව ඉගෙන ගන්නට කියාය. සාමාන්‍ය ජනයාට උගැන්විය යුතු අමුතු සංහිඳියාවක් නැත. එල්ටීටීය සිංහල ජනයා තිරස්චීන ලෙස ඝාතනය කරද්දීත් දකුනේ සිංහලයෝ සාමකාමී ද්‍රවිඩයන් සමග සාමයෙන් කටයුතු කලේය. ඒ දකුනේ සංහිඳියාව හොඳට තිබුනු නිසාය. සංහිඳියාව නොතිබුනේ එජාපයටය. මිනිසුන්ගේ මොලවලට විසබීජ දමා සංහිඳියාව නැතිකරේ එජාපයේ නායකකාරකාදීන්ය. පලමුව එජාපය තමුන්ගේ අපරාධ වලට කොන්දේසි විරහිතව සිංහල සහ දෙමල ජාතියෙන් සමාව ගත යුතුය. අද ද්‍රවිඩ දේශපාලකයන්ටත් අමතකවූ සත්‍යයමද මෙයය. අද දෙමල නායකයන් සිතා මතාම මේ ඉතිහාසය අමතක කර එජාප ය හා අත්වැල් බැඳ ගෙන සිටී. ඔවුනගේ පරම සතුරා මහින්ද රාජපක්ෂය. ඔවුන් අද සාමාන්‍ය අහිංසක ද්‍රවිඩ ජනයා පලිහක් කර  බොරදියේ මාලු බෑමට සැරසී සිටියි.

1989 දී ජේ ආර් , ආර්. ප්‍රේමදාසට බාර දුන්නේ දෙකොන පත්තුවූ විලක්කුවකි. ඔහු එහිම දැවී  ජීවිතය අවසන් කලේය. එසේම 2005 දී  මහින්ද රාජපක්ෂටද  බාරවූයේ එවැනිම දෙකොන පත්තුවූ විලක්කුවකි. ප්‍රාණය හුයකින් එල්ලී අපේක්ෂා භංගත්වයෙන් ජීවත්වූ ජාතියකට හුස්ම ගැනීමේ අයිතිය ලබාදීමේ ගෞරවය ඔහුට අනිවාර්යයෙන්ම හිමිවේ. එහි කිසිදු කේවල් කිරීමක් නැත. යුද්ධය අවසාන කිරීමෙන් පසු ඔහු ජනයා අතර අමරනීය නායකයෙක් බවට පත් විය. අවුරුදු 30 ක යුද්ධයකින් පසු කෙටි කලක් තුල රටේ විශිෂ්ඨ ප්‍රගතියක් ඇතිවිය. යම් කිසි ඉලක්කයක් කරා රට ගමන් කරමින් තිබුනේය.එහෙත් අනිකුත් ජනාධිපතිවරුන්ට වැලඳුන රෝගය ඔහුටද තිබුනේය. අවාසනාවකට රටේ තත්වය සාමකාමී නිසා රෝගය අසාධ්‍ය විය. රටේ තත්වය සාමකාමීව තිබුනේ නම් අනිකුත් පාලකයන්ද හැසිරෙන්නේ කුමන අයුරින්දැයි ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් බැලීමෙන් තක්සේරු කර ගත හැක. රාජපක්ෂ පාලනය යනු හුදෙක් අහම්බයක් නොවේ. එය ජේ ආර් ඇතිකල ව්‍යවස්ථාව යටතේම දිගුවකි.එහි වෙනසක් නැත. වඩා වැදගත් වන්නේ එහි රාජපක්ෂ භූමිකාව පිලිබඳ මැදහත්ව බලා එහි වාසි අවාසි මැන බැලීමකි. සත්‍ය නම් සෑමවිටම ශ්‍රීලනිප ප්‍රමුඛ සංධානයකින් රටට යම් සෙතක්වන බවය. එමගින්  ජේ ආර් හඳුන්වා දුන් ජරා ජීර්ණ ආර්ථික ක්‍රමය තුල යම්තමින් හෝ දිවි ගලවා ගැනීමට ජනයාට ඉඩ පහසුකම් සැලසෙන බවය.  මධ්‍යම සහ පහල පංතියේ ජනයාට දැනෙන පීඩනය අඩු බවය.

වැරදියට වටහා නොගන්න. සත්‍ය තත්වය නම් යහපාලන ආණ්ඩුව තම දූෂණ විරෝධී අභිලාෂයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වැනි මාතෘකා කතා කරන්නේ වෙන කිසිවක් තකා නොව ඔවුන් වෙත ජාත්‍යයන්තරය විසින් පවරා ඇති කාර්යභාරය ඉෂ්ඨ කිරීම සඳහා මග පාදා ගනු  පිණිසය. ප්‍රජාතන්ත්‍රවාදයට යන ගමන වැටී ඇත්තේ ප්‍රජාතන්ත්‍ර  විරෝධී මාවතක් හරහා නොවේ. චොකලට් දවටනයට යටින් ඇත්තේ වසය.එසේ නැතහොත් ඒ සඳහා ඔවුන් පෙන්වා ඇති පූර්වාදර්ශයන් කවරේද? පලමුව ඔවුන් මහජනයාගෙන් ප්‍රතික්ශේප වූ  පුද්ගලයින් නැවත පාර්ලිමේන්තුවට පත්කර ඇමතිකම් සහ අනිකුත් වරදාන පුදා ප්‍රජාතන්ත්‍රවාදය ගර්හාවට ලක් කලේය. පාර්ලිමේන්තුවේ සුලුතරයක් විපක්ෂය වශයෙන් නම්කර ඇත. එසේම ආණ්ඩුවේ දූෂණ වසා ගැනීමේ නිර්ලජ්ජිත ක්‍රියා දාමයක යෙදී සිටින අතර දේශීය සම්පත් විදේශීය සමාගම්වලට විකුනා දැමීමේ උත්සාහයක යෙදී සිටී.

සමහරවිට මාරාන්තික ප්‍රහාර කීපයකින් අඩපන වී සිටින ශ්‍රී ලංකාව සදාකාලික නින්දට වැටීමේ අවසාන පියවර මෙය වන්නට පුලුවන. මෙවර එය එන්නේ සාමයේ හස්තය දිගු කරමිනි. මේ සඳහා ජනපති මෛත්‍රීපාලගේ කාර්යභාරය ශ්‍රීලනිප ය දියකර හැරීමය. ඔහු මුල් පුටුවේ වාඩි කරවා එජාපය තමන්ගේ සුපුරුදු දේශ විරෝධී කාර්යයන් වල යෙදී සිටී. ශ්‍රී ලංකාව මුහුනදුන් බොහෝ දුෂ්කර අවස්ථාවන් වලදී ශ්‍රීලනිපය ප්‍රමුඛ වාමාංශික පක්ෂ කල කාර්යභාරය අතිමහත්ය. වර්තමානයේ එම  පක්ෂය  විහිලුකාරයන්ගේ තිප්පොලක් බවට පත්කර එය එජාපයේ දේශ ද්‍රෝහී  වැඩ පිලිවෙල  අවසන් වන තුරු  මුක්කුවක් සේ තබා ගැනීම අරමුන විය හැක. ඒ සඳහා බලයට සහ ධනයට කෑදර ජනතාවගෙන් ප්‍රතික්ශේප වූ ශ්‍රීලනිපයේ නෝන්ජල් දේශපාලකයින් පිරිසකගේ අනුග්‍රහය ලබාගෙන තිබේ. ඔවුන්ට කිසියම්ම දේශපාලන අනාගතයක් නැත. අවසානයේ ඔවුනට ඉතිරි වන්නේ ශ්‍රීලනිපයේ බෝඩ් ලෑල්ල පමණකි. එජාපයේ ඉඳුල් වලින් යැපෙන ඔවුනට ඊලඟ මැතිවරනයකදී ජනයා නිසි පාඩම් උගන්වනු ඇත.

මෙ මගින් උත්සාහ දරනුයේ එජාපයට සදාකාලික පාලනයක් තහවුරුකර රට විදේශයන් ගේ සති පොලක් බවට පත් කිරීමය. මේ පෙන්වන්නේ ජේ ආර් ජයවර්ධන නවත්වා ගිය තැනින් පටන් ගන්නා බවය. තවත් අර්බුධ රාශියක ආරම්භය බවය.

කිසියම් දේශපාලනඥයෙකුට අවංකවම රටට ඇල්මක් ඇත්නම් සාමකාමී රටක් සුසාන භූමියක් බවට පත් කල මේ සියලු අතීත ක්‍රියාදාමයන් සෙවීම සඳහා පූර්න බලැති කොමිසමක් පත් කර මේ සියලු කාරනා වල ඇත්ත යුත්ත සොයා බැලිය යුුතුය. රටේ උන්නතිය තකන සියලු දෙනා ආණ්ඩුවට බල කල යුත්තේ ඒ සඳහාය.මේවාට සම්බන්ධ  සියලු දේශපාලකයෝම ජාතියෙන් සමාව ගත යුුතුය. මේ කාල වකවානුව 1977 සිට විය යුතුය. මේ සමස්ත විනාශයේම  ආරම්භය එතැනය.

8 Responses to “අප සෝද සෝදා මඩේ දමන ජාතියක් වමු”

  1. Dr.K Says:

    එදා සිවුහෙලයන්ගෙන් පැවතී ඇවිත් ඉතා ප්‍රවුඩ ජාතියක් ලෙස වාරිමාර්ග ක්‍රම , බුදුදහම මුලික කොට ගත් සමාජ රටාවක් සහ ස්වයං පෝෂිතවූ ආර්ථිකයක් සහිතව ජීවත්වූ සිංහළ ජනතාව අද, පෘතුග්‍රීසි , ලන්දේශි හා ඉංග්‍රීසි ජාතීන්ගේ පැමිණීමෙන් පසු ඔවුන්සමග මුහුන්වූ කොටසක් හා තවමත් නුමුහුන්ව සිටින කොටසක් වශයෙන් කොටස් දෙකකට බෙදී ඇති සිංහළ ජාතින් දෙකක් ඇත.

    අද ශ්‍රිලංකාවේ සැබෑ සිංහලයන්ට මුහුණ දීමට ඇති ප්‍රදාන ප්‍රශ්ණය වී ඇත්තේ මුහුන් සිංහලයාගෙන් එන තර්ජනයට මුහුණදීමය. දෙමළ හා මුස්ලිම් වශයෙන් එන ජනවාර්ගික ප්‍රශ්ණ ඉස්මතුවන්නේද මේ පසුබිම තුලය. මුහුන් සිංහළයන්ට ශ්‍රීලංකාවට තනි අයිතියක් කියා පෑමට නොහැකිය. ඔවුන් කියන්නේ ශ්‍රී ලංකාව බහු ජාතික රටක් ලෙසය. බහු ජාතික ngo කණ්ඩායම් , සමාගම් කාරයින් මේකට රිංගවන පසුබිම ගොඩ නගන්නේය.

    බලාගෙන ගියාම unp වනාහි මුහුන් සිංහලයන්ගෙන් ගහන වූ තෝතැන්නක් වී ඇත. ඔවුන් එදාසිට අද දක්වාත් අද සිට හෙටටත් රට ඇදගෙන යන්නේ බහු ජාතිකයන් අතට රට පත් කිරීමටය .

    RANIL යන දිශාව රටට අහිතකර බව දැනසිටි ජනතාව ඔහුට කිසි විටකත් රටේ නායකත්වය දීමට සුදානම් නොවීය. සියලුම චන්දවලින් ඔහු අතලෙස පරාජය කළේය.

    එහෙත් විදේශීය කුමත්‍රණ කරුවන්ගේ ගැටවලට අසුවී යහපාලනය නම් දර්ශණිය චිත්‍රයට මුවාවී ජනතාව ඉදිරියට ආ සිරිසේන රටේ ජනතාව අතරමං කර ඇත. අද ජනතාවගේ ඇත පය බැඳ දමා ඇත.

    මෙයින් නිදහස් වීමටනම් සිරිසේන අද කලයුතුවන්නේ ජනතාවගෙන් සමාව ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමය. එසේ නොවුනහොත් සිරිසේන ශ්‍රී ලංකා ඉතිහාසයේ ජාතිය පවා දුන් මහා දුෂ්ටයා වෙනු නොඅනුමානය.

    ඔහු එය කලත් නොකලත් සබැ සිංහලයන් නැවත ශ්‍රී ලංකාව එක් සේසත් රටක් බවට පත් කරනු ඇත.

  2. Jag Says:

    Thank you both Senaka and Dr.K for your enlightening analysis.
    As Dr.K says, it has come down to a contest between the real and pseudo Singhalese. This is all the more reason for us to have MR back at the helm. He certainly would have learned more lessons during this period and he surely will be able to tackle the issues with the unwavering support of real Singhalese who are battling to protect their identity.

  3. Dr.K Says:

    Dear Jag
    I agree with you. We can take Mahinda as the most trustable politician among the present day political groups and we can honour him as a real Sinhala leader who we feel as having some sense of Sinhalese and their rights. As you say, that’s the only reason for Sinhalese to flock around him today.

    However, we know that when he was in power for the second round after the war was won he did not pay that much attention towards the Sinhala Bawuddha people. He did ill-treat to Sinhalese at some instances and that weakness was picked up by the country’s enemies as a weapon to defeat him.

    He should understand this truth when he is re-appointed in the near future and should protect the Sinhala Bawuddaya’s rights as one of his paramount policy.

  4. plumblossom Says:

    Mangala must be replaced by a patriotic foreign minister. Actually Ranil, Sirisena, CBK traitors must be replaced too. However Mangala must be replaced as soon as possible. A country’s government should first and foremost look after the country’s security. sovereignty, territorial integrity and in the case of a small country such as Sri Lanka its unitary status. Mangala has betrayed Sri Lanka by accepting the UNHRC resolution which no country with any integrity will accept. Mangala must realise that those LTTE terrorists who massacred the citizens of this country for over 26 years simply because they wanted a large chunk of this island for themselves, illegally, that they should be dealt with in a very careful manner without betraying the security. sovereignty, territorial integrity and in the case of a small country such as Sri Lanka its unitary status, even if extremely powerful forces such as the US,UK, EU, Canada, Sweden, Norway and India are behind the LTTE terrorists. In addition, we must place forth the argument that those who settled in the island quite recently only during the past few hundred years i.e. the Sri Lankan Tamils who are only but 11.2% of the population do not have any rights whatsoever to demand over 28% of the land area, 66% of the coastline and 66% of the vast ocean resources which belong to Sri Lanka. This message should be conveyed to the TNA, the separatist terrorists and those who support them i.e. the US,UK, EU, Canada, Sweden, Norway and India as soon as possible so that they understand our position. This is the task of a foreign minister. Mangala therefore has betrayed Sri Lanka and must go. Sri Lanka cannot afford large self ruling entities which are illegal anyway since this island as a whole belong to all its people in total. It is the foreign minister’s task to covey this message to everyone concerned.

  5. plumblossom Says:

    The missing persons commission, the name is a misnomer. it should be called ‘those combatants on all sides who died in the war i.e. Sri Lankan Forces, Police Force. Civil Defence Forces, IPKF, Tamil Armed Groups against the LTTE and the LTTE terrorists themselves and whose bodies have not be found’. Therefore the name itself is wrong and invented by the UNHRC to tarnish the image of the armed forces of Sri Lanka.

    The missing persons commission to date has receive 24,000 complaints from 1983-2009 period. Of this number over 5,000 are regarding missing Sri Lankan Forces members, whereabouts unknown, almost certainly executed by the LTTE terrorists. Over 12,000 complaints are against the LTTE itself recruiting young persons by coercion. Therefore over 70% of complaints are against the LTTE itself which amounts to over 17,000 complaints. The rest of the complaints are I am sure about the whereabouts of LTTE combatants or terrorists who died while fighting but whose bodies have not been found.

    My question is, why cannot the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India accept that Sri Lankan Forces, Police Force, Civil Defence Forces, IPKF, Tamil Armed Groups against the LTTE and the LTTE terrorists themselves died fighting in this war and leave it at that. What is the point in looking for these combatants now? Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India never ever talk about the over 35,000 Sri Lankan Forces, Police Force, civil Defence Force members who died in the war? or the 1,200 IPKF members or the over 2,000 Tamils Armed Groups against the LTTE members who died in the war? or the over 6,000-7,000 Sinhala civilians and even Muslims civilians who were massacred by the LTTE? or the around (my estimate) over 3,000 Tamil civilians massacred by the LTTE?

    Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India is not concerned about the over 10,000 Sri Lankan Forces members permanently disabled by the war, or the over 23,000 Sri Lankan Forces members both temporarily and permanently disabled by the war? or the over 136,000 Sri Lankan Forces members who were injured due to the war?

    Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India not concerned about the over 65,000 Sinhala people and over 75,000 muslims ethnically cleansed from the North?

    Why is it that the only the around 35,000 LTTE terrorists who died inclusive of Prabhakaran are the concern of the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India? Perhaps this missing persons commission should answer that question first.

  6. plumblossom Says:

    Even if the constitution will be changed since this idiotic government follows whatever instructions the US, UK, EU, Norway, Canada, Sweden, India, the TNA and the separatist terrorists tell it to do, we must ensure that the unitary status of the country is not compromised in any way whatsoever. The clause in the 13th amendment which says that ‘the North and the East is the homeland of the Tamil speaking people’ must be deleted since it is totally false when looking at the history of the island. This clause must be replaced with the clause ‘the entire island is the homeland of all its peoples’. The provision which allows for the merger between two provinces should be deleted. As much subjects from the concurrent list should be included in the national list. Under no circumstances should land, police or fiscal powers be given to provincial councils. All of us need to ensure that the above happens since if the system reverts back to a parliamentary system and the presidential system is scrapped, the only way to ensure the unitary status of the country is the make sure that the provincial councils do not get any more powers than they have at present. The Public Security Ordinance should not be amended in anyway as well. If any provincial councils acts out of line, the head of government should dissolved such a provincial council and direct rule by the head of government should be enforced under those circumstances.

  7. plumblossom Says:

    I would please urge any person who has any influence whatsoever with Ranil, Mangala, Sirisena, CBK to let them know that these Western Countries i.e. the US,UK, EU, Canada, Sweden, Norway and India will only back off if Sri Lanka takes a very firm stance and refuses to carry out this unjust UNHRC resolution. Sri Lanka must do this without any fear since I am sure if Sri Lanka takes a very firm stance and refuses to carry out this unjust resolution the UNHRC, the US,UK, EU, Canada, Sweden, Norway and India will back off. I can guarantee that will happen. So it is up to Sri Lanka or rather Ranil, Mangala, Sirisena, CBK whether they are going to place our Sri Lankan armed forces in jeopardy for crimes they did not commit or whether they are going to defend the country’s armed forces and the country’s sovereignty, independence, freedom, integrity, unitary status etc. by refusing to carry out this unjust UNHRC resolution which no country on this planet earth with any integrity will carry out. However, if they keep complying with whatever unjust demands are made by the US,UK, EU, Canada, Sweden, Norway and India, they will have to keep complying with those unjust demands at the expense of Sri Lanka breaking up into pieces and placing the Sri Lankan people’s security in jeopardy. Sri Lanka will end up being partitioned too.

  8. plumblossom Says:

    When looking at Sri Lanka’s history, it is extremely obvious that from 600BC to around 1400AD there were three kingdoms, all Sinhala Buddhist, Ruhuna, Pihiti or Rajarata and Maya or Malayarata. Rajarata encompassed today’s North Central, North Western, Northern and even the Central Province. Ruhunu rata encompassed today’s Uva, Eastern and Southern Provinces. The Kandyan Kingdom from 1400AD encompassed most of the island inclusive of today’s Northern and the Eastern Provinces except for the Jaffna Peninsula. Even the Jaffna Peninsula was invaded and occupied by force by Aryachakravarthi (Pandyan) and actually did belong to Rajarata earlier and later the Kandyan Kingdom.

    Today’s provincial boundaries were drawn up by the British colonialists as per their divide and rule policy and the Sinhala people were not consulted when drawing up these provincial boundaries. In the meantime, most Sri Lankan Tamils of today were actually brought over during Dutch and British times to the Jaffna Peninsula and elsewhere to work on tobacco and indigo plantations which were planted extensively in all the colonies since they were much sought after and made a lot of money for the colonialists. Therefore they are recent arrivals and cannot claim homelands or separate states whatsoever.

    The usual practice when a colonial power hands over their former colonies is to hand it over to its original owners. Therefore the British colonialists should hand over the Kandyan Kingdom to the Kandyan Sinhalese from whom they took it by force. Since the Kandyan Kingdom encompassed the North and the East, these provinces too should be handed over to the Kandyan Sinhalese who are its rightful owners. Even the Jaffna Peninsula should be handed over to the Kandyan Sinhalese since it was part of Rajarata and was forcefully occupied by Aryachakravarthi (Pandyan).

    Since this has now been done already, the TNA and other separatist terrorists or the US, UK EU, Canada, Norway, Sweden and India cannot demand that present day Northern or even the Eastern provinces be provided any more powers or be made into federal states since this is totally going against the history and archaeology of the island and totally going against the rights of the Sinhala people who also have fundamental rights to claim the entire island inclusive of the North and the East as their homeland first and foremost. Therefore, the TNA , the separatist terrorists, the US, UK, Norway, Sweden, Canada and India has to respect the history and archaeology of the island and accept that the present day provincial councils are more than sufficient to run the affairs of the provinces. Sri Lanka must be a unitary state and no more powers should be provided to the provincial councils. In fact, when talking about the 13th amendment, the concurrent list subjects must be included in the national list. The provision where two provinces can merge should be deleted. The bogus claim of the North and the East being the homeland of the Tamil speaking people should be deleted. The entire island should be declared the homeland of all its peoples.

    Sinhala people should be resettled in the North in quite a large number if there is to be peace and harmony within the island since Sinhala people have every historical right to live in the North as well as the East. It is only due to ethnic cleansing of the North of Sinhala people by the LTTE and the other separatists that Sinhala people are not at present living in the North. Many thousands of landless elsewhere in the island especially Sinhala people should be provided land in the North since most of the vacant land in the country is in the North and in the East since both these provinces encompass over 28% of the land area of the island. Then only will there be peace since when people mix, there is more harmony. This is the only way towards peace and development in the island.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress