…….එහෙමනම් ඉතින් බුදුහාමුදුරුවොත් වැරදිය්
Posted on August 13th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

  අසුව දශකයේ අගභාගයේදී පමණ TNL ජනහඬ  වැඩ සටහනක මහාචාර්යනලින්ද සිල්වා සහ වික්ටර් අයිවන්  අතර වූ විවාදයක අවසාන වචන කීපය  මෙහි මාතෘකාවට යොදා ඇත .
                                                      
                                              බුදු හිමි යන්ගේ කාලයේත්  නොයෙකුත් ශිල්ප ශාස්ත්‍ර  හා විවිධ  විද්‍යාවන්හි නිපුන අ ය සිටියහ  ,සිදුහත් ඇතුළු රාජකීයයෝ  මේ සියලු සිප්සතර විද්‍යා හදාළහ . මේ අතර මහාවීර වැනි   ජයින  දාර්ශනිකයෝ ආධ්‍යාත්මික දියුණුව   උසස්කොට සැලකුහමුහුදෙන් අහසෙන් ගොස් යුද්ධ කරන
සතුරන්  සමුලඝාතනයට  විෂ යෙදු ආයුධ ඈ තසිට යවනගිනිබෝල ගිනිවළලු ඈතට  විදින ක්‍රම දන්නා ”විද්‍යාඥයෝද සිටිය  හ..සටන්කර රටරටවල් අල්ලාගෙනධන සම්පත් තර කරගෙන ලෞකික සම්පත් විඳීම මේ ශිල්ප ශාස්ත්‍ර හා විද්‍යාවන් විසින් කල ප්‍රධානම සේවාව විය . නැටුම් ගැයුම් වැනි දේ  හා නක්ෂස්ත්‍රය  ආදිය යුද්ධ විද්‍යා තරම් භයානක නොවුවද  ඒ සියල්ලද එකලද ලෞකිකත්වය සඳහාම විය  මේ සියලු දේ සිදුහත් කුමරුට එපාවිය
                                                         මේ  සියලු ශිල්ප ශාස්ත්‍ර හා විද්‍යාවන් .පාවකි දුවිල්ලක් තරම් වත් නොතකු සිදුහත් කුමරු  මේ අසත්‍යයන්  හැර දමා  සත්‍යය සොයා වන ගත විය .  තමන් රජකම් හැර ගියා පමණක් නොව  තමන්ගේ පුතාද ඒ ලෞකික සැප සම්පත් වලින් මුදවා ගැනීම සඳහා  රජවීම වැළැක්විය .මහන කළේය  නැත්නම් රාහුල බොරුවේ  එරී  බොරුවේ මහාචාර්ය  න්‍යායාචාර්ය කෙනෙක් වෙන්නට ඉඩ තිබුනේය  ඒ සියලු  විද්‍යාවන් .තිරස්චීන විද්‍යාවන් ලෙස  නම් කල බුදු හිමි    අර්ථයක් නැති  ජීවිතය  බොරුවලින් ගලවා ගැනීම  සඳහා ජීවිතයට අරමුණක් ලබා දුන්නේය .ඒ අරමුණ නම්  සසර ගමන නවත්වන නිවන්  ප්‍රත්‍යක්ෂ කරගනීමය් .
                                                        මේ ශ්‍රේෂ්ට අරමුරණ ඉටුකරගැනීමට  බාධා කරන  අන් සියලු විද්‍යාවන්  තිරස්චීන විද්‍යාව විද්‍යාවන් විය  ඒ  අවිද්යාවන්  වේ .කාමභෝගී ජීවිතය  වර්ධනය කරන තන්හාව වර්ධනය කරන  සියල්ලෙන් අප ඉවත්විය යුතු බව එතුමා පැහැදිලි කළේය . බලි බිලි පුද පූජා පමණක් නොව ලෙඩරෝග අපල උපද්‍රව වලින් බෙරෙන නට මාර්ග සෙවීම සඳහා  තැනු ඉතා අහිංසක ලෙස  පෙනෙන නක්ෂස්ත්‍රය  පවා  තිරස්චීන ගණයට අයත් විය .
                                                                               
                                                                                        එසේ නම්  අද පවතින  ශිල්ප ශාස්ත්‍ර හා විද්‍යාවන් ගැන කියනුම කවරේද  .දැන් ඉතින් වත්මන් උගත්තු  පරල විය යුතු නැත . ලෝකයේ ආධිපත්‍යය පතු රවන්නේ යම් දෙයක්ද එයට යට වීමට අහිංසක අපට සිදුවීමට ඉඩ ඇත.  එසේ වූ පලියට අපි කරන කියන හැමදේම  නිවැරදිය  යය් අපවිසින් කිව යුතු නැත .මේවා බොරුයය් දන ගෙන අපි කටයුතු කිරීමෙන්  කවදා හෝ නිවන් අරමුණ  ඉටුකර ගැනීමට වඩා ඉඩකඩ ලැබෙනු ඇත .
                                                                   එදා විවාදයේදී  වික්ටර් අයිවන් නලින් ට චෝදනා කලේ   නලින් ඉස්සර මාක්ස් වාදියෙක් බවත් දැන් ස්ථාවරය වෙනස් කර ජාතිකවාදියෙක් වීම වැරදි බවය්  . ස්ථාවරය වෙනස් කිරීම වැරදිනම්   බුදුහාමුදුරුවොත් වරදිය් නේ කියල නලින් කිව්වා  ඒ වැකියෙන් විවාදය අවසන් වුනා . මට නලින් එක්ක තරහකුත් ආව  මොකද දන්නවද . කලේ බෝම්බ හදල අතක් කඩා ගත්තු අයිවන්ගේ ඇත උස්සල  අද වැඩි බන කිව්වට තමුසේ ඉස්සර  මිනීමරන්න වැඩ කෙරුව නේද කියල පෙන්නුවේ නැති එකට  . 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress