මහින්දට මඩ ගහපු මෛත්‍රීපාලට වැඩ වරදියි. ඕස්ට්‍රේලියාවෙන් බරපතල අල්ලස් චෝදනා.
Posted on August 24th, 2016

www.mahinda.info

[1]. ජනාධිපති බවට පත් වූ අලුත මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය රජයෙන් සිදුවූවා යැයි කියන අල්ලස් සහ දූෂණයට එරෙහිව කතා කළේ මෙලෙසය. එසේ කීවේ මහින්ද රාජපක්ෂ මහතා ගොඩනැගූ මහින්දෝදය විද්‍යාගාරයේ නම වෙනස් කර තමාගේ නම ගසා ගනිමින් විවෘත කරන ගමන් ය.

 

[2]. ඉන් අනතුරුව පසුගිය කාලයම ගත කළේ බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසම” යනුවෙන් ආයතනයක් පිහිටවා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව මාස්පතා ඊට කැඳවමිනි. වත්මන් ජනාධිපතිවරයා විසින්ම මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ චරිතය ඝාතනය කිරීම සඳහා එම නම යොදා ආයතනයක් ඇරඹුවද කිසිදු බරපතල තියා සුළු හෝ වංචා දූෂණයක් හමු නොවුණි. ශ්‍රේෂ්ඨ ජන නායකයෙක් පමණක් නොව දක්ෂ නීතීඥයෙක්ද වන මහින්ද රාජපක්ෂ මැතිඳුන් එම කොමිසමට ගොස් තම නිර්දෝශී භාවය ජනතාව ඉදිරියේ ඔප්පු කර පෙන්වන ලදී.

Hon. Mahinda Rajapaksa (Former President, MP and Attorney-At-Law). Source: lankadeepa.lk

 

[3]. අවසානයේදී වත්මන් ජනාධිපතිවරයාගේ අතවැසි රාජිත සේනාරත්න අමාත්‍යවරයාට පිළිගැනීමට සිදුවූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුකර නොමැති බවයි.

 

[4]. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ චරිතය ඝාතනය කිරීමේ අරමුණින් බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසම” හැදූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කර්මය දිට්ඨධම්මවේදනීයව පරිසන් දී ඇත.

වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කලින් රජයේ සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ ලෝක බැංකු ව්‍යාපෘතියක් සඳහා ඔස්ටේ‍්‍රලියානු සමාගම් දෙකකින් අල්ලස් ලබා ගත්තේ යයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් එරට ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු සහිත වාර්තා ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයකම වාර්තා කර ඇත. [ මූලාශ‍්‍ර – 01 02 ]

ශ්‍රී ලංකාවේ වත්මන් ජනපති මෙන් ම පසුගිය මහින්ද රාජපක්‍ෂ රජයේ කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා 2009 දී ජලාශ වේල්ලක් ගොඩ නැගීම සඳහා වන කොන්ත්‍රාත්තුවක් ඔස්ට්‍රේලියානු සමාගමකට පැවරීම සඳහා අල්ලස් ඉල්ලූ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණයක් ආරම්භ කොට තිබෙන බව සිඩ්නි මෝනිං හෙරල්ඩ් නම් ප්‍රධාන පෙළේ ඔස්ට්‍රේලියානු පුවත්පත හෙළි කර සිටින්නේ ය. අදාළ වේලි ව්‍යාපෘථිය ලෝක බැංකු ආධාර යටතේ ඉදිරි කිරීමට නියමිත වූ අතර කොන්ත්‍රාත්තුව සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නම් තමන්ට ආධාරයක් කරන ලෙස සිරිසේන මහතා හා ඔහුගේ සම්බන්ධීකරන නිලධාරියා විසින් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයාගෙන් ඉල්ලා තිබේ. Snowy mountains නම් මෙම සමාගමේ හිටපු ශ්‍රී ලංකා කළමනාකරුවා සිය ඔස්ට්‍රේලියානු සමාගම් නිලධාරීන්ට ලියා දන්වා ඇත්තේ තමන් සිරිසේන මහතා හමු වූ බවත් එහි දී ඔහු පාලක පක්‍ෂයේ ලේකම්වරයා ලෙස රජයේ බලපෑම්කාරී චරිතයක් වන නිසා ඔහු විසින් ඉල්ලා සිටින මුදල ලබා දීම හරහා ඉදිරියේ දී ද මෙවැනි කොන්ත්‍රාත්තු ලබා ගැනීමට එය උපකාරි වනු ඇති බවත් ය. මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා සිරිසේන මහතා විසින් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හමුවන ලෙස උපදෙස් දුන් බවත් කළමනාකාර තැන සිය ලිපියෙන් කියා සිටින්නේ ය. සමාගම විසින් ඔහුට ගෙවන මුදලේ ප්‍රමාණය හෝ එහි ප්‍රතිශතය සිරිසේන මහතා විසින් ඉල්ලා සිටින අතර ඒ පිළිබඳ තමන්ට උපදෙස් දෙන ලෙස ද ඔහු සිය මව් සමාගෙමෙන් ඉල්ලා සිටින්නේ ය. ඒ අනුව, රුපියල් මිලියන දෙක හමාරක මුදලත් අල්ලසක් සිරිසේන මහතාට ගෙවූ බව ද සමාගමේ ගිණුම් විස්තර හෙළි කර සිටින්නේ ය. [පරිවර්තනය: මහින්ද පතිරණ මහතා]

පසුගිය සතියේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන රැලියක් අමතමින් කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නව පක්‍ෂයක් නිර්මාණය කිරීමට කටයුතු කළහොත් ඔහුගේ රහස් හෙළි කොට මහපාරේ යෑමට හෝ නොහැකි තත්වයක් උදාකිරීමට කටයුතු කරන බව ය.

 

[5]. එම වාර්තාවල දැක්වෙන පරිදි ඕස්ට්‍රේලියානු ෆෙඩර්ල් පොලිසිය විසින් මෙම පරීක්ෂණ පවත්වයි. යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියානු උසාවියෙන් වරදකරු වුවහොත්, දූෂණය වෙනුවෙන් ලංකා ඉතිහාසයේ විදෙස් රටකින් දඬුවම් ලබන පළමු ජනාධිපතිවරයා බවට පත් වෙනු ඇත. නමුත් එසේ සිදු නොවේවායි අප පතන්නේ රටේ අභිමානය අපට වඩාත් වටින නිසයි.

දසක 3 ක ලේ ගංගා නවතා දමා, කඳුළින් පිරී සිටි ලක් මවට සිනහව එක් කරමින් දැවැන්ත සංවර්ධන යුගයක් කරා රට මෙහෙයවූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාවට මඩ ගැසූ අයගෙන් අපට දැන් ඇසීමට ඇත්තේ ඔබට දැන් සතුටුද?” යනුවෙනි.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.
 

 
   

 

 

11 comments to මහින්දට මඩ ගහපු මෛත්‍රීපාලට වැඩ වරදියි. ඕස්ට්‍රේලියාවෙන් බරපතල අල්ලස් චෝදනා.

  • කැපුවත් කොළ

    මම මේ බැලුවා බයියො කාලෙකට පස්සෙ ආයිත් උම්බෑ කියන්නෙ මොකද කියලා. අල්ලස් ගන්න එක ලෝකේ හැම දේශපාලඥයාටම වගේ තියෙන චෝදනාවක්. ඉතින් ඕක මහ දෙයක් නෙමෙයි. අතිගරු ජනාදිපති මයිත්‍රිපල තුමා ඔය දේ කරල තිබුනත් ඉතින් මොකෝ? එතුමගෙන් වුන සේවය ඔයිට වඩා වැඩි නැද්ද? මහින්දව ගෙදර යවපු එකම මදිද? බයියො කොච්චර කෑ ගැහුවත් ආයිත් නම් මහින්දට එන්න දෙන්නෙ නෑ නෑ නෑ නෑමයි

    • මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව තමුන්නාන්සෙල ගෙදර යැව්වේ එතුමාට එරෙහිව හොරා හොරා කියමින් අල්ලස් දුෂණ චෝදනා එල්ල කරලනේ.

      දැන් එජාපෙ රාජිත සේනාරත්න වගේ අය පවා පිළිගන්නවානෙ මහින්ද හොරකම් කරල නෑ කියලා.

      එතකොට තමුන්නාන්සෙ කියනවා මෛත්‍රීපාල හොරකම් කලත් කමක් නෑ, මහින්දව ගෙදර යවපු එක ඇති කියලා.

      එතකොට හොරකම් නොකරපු මහින්දව ගෙදර යවලා තමුන්නාන්සෙ කියන පරිදි හොරකම් කරපු කෙනෙක් වුණත් බලයට ආවට කමක් නැද්ද?

      තමුන්නාන්සෙට අනුව වැදගත් වෙන්නෙ හොරකම් නැති කිරීමට වඩා මහින්දව එලවපු එක ද?

  • Malith Dissanayake

    මේ ලිපිය අැත්තක්ද? අැත්ත නම් කියන්න තියෙන්නේ කල කම් පලදුන්නා කියල තමා. මෙතනදි මම අැඩ්මින් සමඟ එකඟ වෙනවා. කවුරැ කලත් මින් පහර එල්ල වෙන්නේ රටේ අභිමානයට.

    • මෙය සිඩ්නි මෝනිං හෙරල්ඩ්” නැමැති ජනප්‍රිය ඕස්ට්‍රේලියානු පුවත් වෙබ් අඩවියෙන් වාර්තා කර තිබෙනවා. http://www.smh.com.au/business/australian-companies-linked-to-bribe-scandals-in-sri-lanka-and-congo-20160823-gqyzlp.html

      එම වෙබ් අඩවියේ ජනප්‍රියත්වය විශ්වාස නොමැතිනම් ඇලෙක්සා රෑන්ක් එක බලන්න. ඕස්ට්‍රේලියාවේ 30 වෙනියට ජනප්‍රියම වෙබ් අඩවිය එයයි. http://www.alexa.com/siteinfo/smh.com.au

      ඒ වගේම ලෝකයේ 1745 වෙනියට ජනප්‍රියම වෙබ් අඩවියත් එයයි.

      බටහිර වෙබ් අඩවියක් විසින් බටහිරින් පත් කළ නායකයෙක්ට දූෂණ චෝදනා එල්ල කිරීම මත මෙහි සත්‍ය බව ගැන තවත් සැකයක් ඇති වෙන්නේ නෑ.

  • Nisan

    kapwth kola kiyana aka adumasen epadunaakeda koheda rookada m3 rs1500 kade yana akekda koheda.jathiyak jammayak nathiun.

  • asanka

    API oya tika kiuwa… Loka gaurawayata pathra unu Jana nayakainta apahasa kara na epa.. Meka budun wediya ratak… Weradi kala eunta danduwam hamba wenawamaiye… Den munta kade giya eun utthara deepanko….

  • Dinuu

    නිකම් නෙවෙයි එහෙනම් ජනපති මේ තිරුපති කෝවිලේ දුවන්නෙ හිමිදිරි පාන්දර. තම කිල්ලෝටෙ තියෙන හුණු ප්‍රමාණය ගැන හොඳින්ම දන්නේ තමුන්මනේ.

    කරමින් හැම අවැඩ ජාතියෙ අවනඩුවේ..
    තිරුපති දෙවිඳුන්ට කිව්වට පල නැතිවේ..
    ජනයා අහිමි ජනපති තනියෙන් ලත වේ..
    කළ කම් පල දෙන්න මොහොතත් ලං ලං වේ..!

    (එඩිටර් තුමනි, මේ කරුණු සොයා දුන් ඔබටත් අප හිතවත් මහින්ද පතිරණ මැතිතුමාටත් තුති!)
    (සයුමි, ඔබ කොහිද?)

  • Dinuu

    රටට සැබවින්ම හිතැති මිතුරනේ…තවම ඇහුවෙ නැත්නම් අගමැතිතුමා මොරටුවේ ජනරැලියේදී අසිරිමත් බුදුදහමට ප්‍රසිද්ධියේ අගෞරව කරන හැටි අහන්න.

    https://www.youtube.com/watch?v=hRTJTwNRzZQ

  • Dinuu

    මිනිසත් බවට නිගරුයි අගමැතිඳුන්නේ..
    බහුතර ජනගෙ බුදුදහමට බැට දුන්නේ..
    පාලකයෙකුට නුසුදුසු බව ඔප්පු වුනේ..
    ඔබට ගරු නම්බු මින්පසු අහිමියි නේ..!

    වසර දහස් ගණනක මේ පින්බිමෙනී..
    හෙළ රජ දහන බුදුසිරිතින් ගොඩ නැගුනී..
    වැජඹුනි රජුන් මැතිඳුන් ඒ රැකගමිනී..
    ඔබ කළ නිගරුවට ජන හද කළකිරුණී..!

    රනිල්-සිරිසේන-හොරගොල්ලේ නෝනා..
    සංහිඳියා නාමෙන් රට වනසමිනා..
    හෙළ බොදු ජන වෙතට හිරිහැර පමුනුවනා..
    සුළු ජාතීන් කොටි පරපුර සනසවමිනා..!

    මේකද යහපාලනේ? මුලු රට අසනා..
    මේකද සංහිඳියා? මුලු ජන අසනා..
    බුදුදහමට නිගරුව! වැඩි ජන පුදනා..
    අගමැති ඔබයි මුලු රට පිළිකුල් කරනා..!

  • මටමයි වෙන්නේ
    – මීට සිරිසේන

  • shyam

    what goes around comes around! Lies can overcome truth but deceit cannot continue for long! Looks like the threats made are boomeranging back to the deceitful personality who holds the office of incumbent president! MR’s mistake was that he turned a blind eye to such things and covered such issues up which led to erosion of public confidence in his sincerity to implement the law without intervention from people who wielded power. Ultimately those whom MR protected turned against him and stabbed him in the back!If MR was more vigilant and sensitive to these issues he would have never lost the election!The incumbent president is a shame to such office! goes to show the glaring fact that though we have an educated society whose literacy rate is one of the highest in south east asia they are incapable of forming a judgement based upon principles and act out of emotion!That is the reason why 62 lakhs voted for such a deceitful personality to hold the office of president!

One Response to “මහින්දට මඩ ගහපු මෛත්‍රීපාලට වැඩ වරදියි. ඕස්ට්‍රේලියාවෙන් බරපතල අල්ලස් චෝදනා.”

  1. NAK Says:

    Dear Editor,
    Please be kind enough to tell us why the JO or President Mahinda(still for us he is the president)or any other responsible person not pay any attention to the 06 acre land deal of the US embassy.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress