නව මහාධිකරණ විනිසුරු වෙනුවෙන් නිර්දේශ ලබා දුන්නේදැයි කැෆේ සංවිධානය නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් අසයි.
Posted on February 13th, 2017

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ  කැෆේ සංවිධානය

සංවාදයට බදුන් වී ඇති මහාධිකරණ විනිසුරුවරයාගේ පත්වීම සම්බන්ධයෙන් නිර්දේශයක් ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපතිවරයා විසින් ලබා දී ඇති ද? යන්න විමසමින් අද කැෆේ සංවිධානය එහි සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා වෙත ලිපියක් යොමු කරනු ලැබීය. එම ලිපිය පහත දැක්වේ.

2017 පෙබරවාරි මස 13 වැනිදා

නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතා,
සභාපති,
ශ්‍රී ලංකා නීතිඥ සංගමය,
කොළඹ.

ප්‍රිය අලගරත්නම් මහත්මාණෙනි,

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ කැෆේ සංවිධාන අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණ සේවයේ බදවා ගැනීම් සදහා බලපෑම් කරන සිවිල් සංවිධානයක් බව ඔබ දනී.

පසුගිය දා නීතිඥ රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශව වෙතින් එකිනෙකට පරස්පර අදහස් දක්වා ඇත. අධිකරණ සේවා සංමයේ ලේකම් ගරු මහෙස්ත්‍රාත් එම්.එම්.එම්.මිහාල් මහතා විසින් ගරු ජනාධිපතිතුමන් වෙත යොමු කළ ලිපිය ද, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් අමල් රන්දෙණිය මහතා විසින් ලංකාදීප පුවත්පතට සිදු කළ ප්‍රකාශය ද කෙරෙහි (www.lankadeepa.lk/index.php/articles/506424) ඔබගේ අවධානය යොමු කරමි.

අප සංවිධානය වෙත ලැබී ඇති සීමිත තොරතුරු අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ඔබ විසින් නීතිඥ රාමනාදන් කන්නන් මහතා පත් කිරීම සදහා නිර්දේශ/කැමැත්ත ලිඛිතව පළ කොට ඇත.

මේ අනුව, උක්ත කරුණ සමාජගතවී ඇති තොරතුරු එකිනෙකට පරස්පරය.

නව මහාධිකරණ විනිසුරුවරයා පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2) (අට අනුව සිදු කර ඇති බව අප සංවිධානයේ මුලික නිරීක්ෂණයයි. නමුත්, ව්‍යවහාරික වශයෙන් ඔබ මෙම පත්කිරීමට නිර්දේශ/කැමැත්ත ලබාදීම/නොදීම වැදගත්ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ ලෙස උක්ත පත්වීම සම්බන්ධයෙන් ඔබගේ නිර්දේශය/කැමැත්ත ලබා දී ඇති ද? යන්න පැහැදිලි කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලමි.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ
කැෆේ සංවිධානය

  1. පිටපත් – ලේකම් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විධායක සභාව
  2. 2. ලේකම් – අධිකරණ සේවා කොමිෂන් සභාව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress