15,000 ක ත්‍රස්තවාදි බල ඇණියක් පැය 48 ක් තුළ ක්‍රියාත්මක වීමේ අවදානමක්…දෙමළ ඩයස්පෝරාව යළි ක්‍රියාත්මකයි “කොටියා අළු ගසා දමා නැගිටිනවා “
Posted on March 11th, 2017

lankanewsalert.com

නැවත වරක් දරුණු ත්‍රස්තවාදයේ සෙවණැලි රට තුළ මතුවී ඇති බවත්,එවැනි ප්‍රපාතයකට රට ඇද දැමුවේ වත්මන් ආණ්ඩුව බව,රියර් අද්මිරාල්(විශ්‍රාමික) ආචාර්‍ය සරත් විරසේකර පවසනවා.අද (02) ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.බුද්ධි අංශ සහ හමුදාව දේශද්‍රෝහින් ලෙස දෙමළ ඩයස්පෝරාවේ උවමනාව මත හංවඩු ගසමින් රජය කටයුතු කරන බවටද ඔහු චෝදනා කළා.

අද වන විට ත්‍රස්තවාදය නැවත හිස ඔසවමින් පවතින අතර,ඒ වගකීම රජය භාර ගත යුතු බවයි ඔහු අවධාරණය කලේ ,

රටේ මේ වන විට පවතින ජාතික අනතුරක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කල සරත් වීරසේකර මහතා වැඩිදුරටත් මෙසේ සදහන් කළා.

අපි දන්නවා ඕනම රටක ජාතික ආරක්ෂාවේ කොදු නාරටිය තමා බුද්ධි අංශය.නමුත් අපේ රජය කාලයේ අපි ඉස්සල්ලාම කලේ බුද්ධි අංශ ශක්තිමත් කරපු එක.මොකද බුද්ධි අංශ ශක්තිමත් නම්,ත්‍රස්තවාදය හිස ඔසවනවා නම්,අන්න ඒ ගැන අපිට දැන ගන්න පුළුවන් නිසා.මොකද කියනවා නම් අපි ඇත්තටම අවසන් කලේ,ත්‍රස්තවාදි කොටියාගේ වල්ගය පමණයි.ඒ දේශිය වශයෙන්.නමුත්,ත්‍රස්තවාදි කොටියාගේ ඔළුව තියෙන්නේ කැනඩාවේ.ඌගේ අත් දෙක තියෙන්නේ , එංගලන්තය ,ඇමරිකාවේ.පස්ස ඝාතය තියෙන්නේ ඉන්දියාවේ.මයිල් ඝාත තියනවා බටහිර හැම තැනම.ඒ කියන්නේ කොටි ත්‍රස්තවාදය තවම ජීවමානයි.ඒකට තමා දෙමළ ඊළාම හදාගෙන තියෙන්නේ.දැනට මේකට අගමැතිවරයෙක් පත් කරලා තියෙනවා. කැබිනට් ඇමතිවරු 25 ක් ඉන්නවා.ඇමතිවරු 125 ක් ඉන්නවා.මේ ආකාරයෙන් ඉතාම හොදින් ස්ථාපිත වෙලා ඉන්නේ. එයාලා ඉන්නේ කවදාහරි මේ ඊළම ඇති කර ගන්න.ඒක නිසා තමයි අපේ රජය කාලේ බුද්ධි අංශය අපි ශක්තිමත් කලේ.බුද්ධි අංශය ශක්තිමත් කල නිසාම තමා 2009 ඉදලා 2014 වෙනකම් තුන් පාරක් එල්.ටි .ටි .ඊ නැවත හිස ඔසවන්න දරපු වෑයම අපිට ව්‍යාර්ත කරන්න පුළුවන් වුණේ.

ඒවගේම තමා ත්‍රස්තවාදයට සහයෝගය දැක්වූ ගෝලිය ද්‍රවිඩ සන්ධානය , ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව අපි තහනම් කලා .ත්‍රස්තාවදයට සහය දැක්වූ අය අප තහනම් කළා. ඒවගේම Tamil Net කියන වෙබ් අඩවිය.මේ වෙබ් අඩවිය කලේ ,දෙමළ තරුණ තරුණියන්ගේ සිත් සතන් කෲර ලෙස දුෂණය කිරීම . සිංහල ජාතිය කියන්නේ කෲර ජාතියක් කියලා මේකේ තිබුණා .සිංහලයා කියන්නේ දෙමළ ජනතාවගේ හතුරෙක් කිව්වා.මේක අපි තහනම් කළා.

ඒවගේම තමා අපි උතුර සංවර්ධනය කළා.උතුරු වසන්තය ඇරඹූවා.කොයි තරම් සංවර්ධනය කළාද කියනවා නම්,යාපනයේ සංවර්ධන වේගය 22 % නම් , රටේ සංවර්ධනය 07 % යි .ඉතාම හොදින් ඒක කළා.දෙමළ ජනතාවට බොහෝම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අපි ගොඩ නැගුවා.

මම දන්නවා දෙමළ ජනතාව යුද්ධ කාලයේදී කොහොමද ජීවත් වුණේ කියලා.අපි ජනතාවට ඒ නිදහස ලබා දුන්නා . අපි ත්‍රස්තාවදය පරාජය කරලා නැති වෙච්ච නිදහස ඇති කළා .අපි එහෙම රට ගොඩ නගනකොට තමා මේ ආණ්ඩුව බලයට පත් වුණේ.දැන් මේ ආණ්ඩුව මොකද කරන්නේ ,ඉතා දුෂ්ඨ ලෙස,දේශද්‍රෝහි ලෙස බුද්ධි අංශ අකර්මන්‍ය කළා.බුද්ධි නිළධාරින්ට අභූත චෝදනා කළා .දෙමළ ඩයස්පෝරාවට දීපු පොරොන්දු අනුව මේ ආණ්ඩුව බුද්ධි අංශ අඩාළ කළා.

අපි එල් .ටි .ටි .ඊ සාමාජිකයන් 11,600 ක පමණ පිරිසක් අපි පුනරුත්තාපනය කළා.හැබැයි හමුදාවට භාර නොවුණ තවත් 4000 ක විතර පිරිසක් ඉන්නවා.අද යාපනයේ බුද්ධි අංශ ක්‍රියාත්මක වෙන්නේ නෑ .අපි ගෝලිය දෙමළ සංසදය තහනම් කළා.හැබැයි මේ දුෂ්ඨ බෙදුම්වාදින් අද මොකද කරන්නේ යාපනයට ගිහින් , මේ15,000 ක එල් .ටි .ටි .ඊ සාමාජිකයන්ගේ දත්ත ගබඩා කරනවා .ඒ අයගේ දුරකථන අංක ,රැකියාව ,එයාලා කොහේද ඉන්නේ? එයාලාගේ නෑදෑයින් සියළුම දත්ත රැස් කරනවා.මේ අයගේ ආයුධ රැසක් භූගත කරලා තියෙනවා.එතකොට අද තියන තත්වය තමා පැය 48 ක් යනකොට ,ඔවුන්ට හොදට ආයුධ සන්නද්ධ,හොදට පුහුණු වෙච්ච ,අත්දැකීම් බහුල ත්‍රස්තවාදින් 15,000 ක ගේ හමුදාවක් ඉතාම කෙටි කාලයකදී ගොඩ නගන්න පුළුවන් තත්වයක් තමා අද රට තුළ තියෙන්නේ.

ඒවගේම තමා මේ රජය ද්විත්ව පුරවැසි භාවය දෙන්න යනවා.කවුද මෙතනදි ඒ පුරවැසි භාවය ගන්නේ,මේ රටට ආදරය නැති ,පැත්තකින්වත් මේ රට දිහා හැරිලා නොබලපු දෙමළ බෙදුම්වාදි ඩයස්පෝරාවේ අය.

එල් .ටි .ටි ඊ .සංවිධානයේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 300 ක් කියලා විදෙස් සගරාවක් කරුණු වාර්තා කරලා තිබුණා.මේ සියළු මුදල් අරගෙන ඩයස්පෝරාව විසින් අපේ දේපළ,වෙරළ ආරක්ෂිත කලාප මේ අය මිලදි ගනිමින් ඉන්නවා.මේක හරිම භයානක තත්වයක්.

මේ අවස්ථාව වෙනකොට රණවිරුවා යුධ අපරාධ කලා යැයි කියමින්,අභූත චෝදනා නගන්න පටන් අරගෙන තියෙනවා ජිනීවා සැසි වාරයේදී .ඒක 22 වෙනකම් පැවැත්වෙනවා.තමන්ගේ රටේ යුධ හමුදාව යුධ අපරාධ කලාය කියලා පිළිගන්න ලෝකයේ එකම විදේශ ඇමතිවරයා මංගල සමරවීර.ඒ අතිනුත් රණවිරුවා අඩපණ කරනවා .බුද්ධි අංශ නිළධාරින් අඩපණ කරනවා.උතුරේ තියන හමුදා කදවුරු ඉවක් බවක් නැතිව ඉවත් කරනවා.අතුරුදන්වීමේ පනත හරහා රණවිරුවා අධිකරණයට ගෙනියන්න උත්සහ කරනවා .මේ හදන්නේ රණවිරුවා වැරදිකාරයෙක් කරන්න.මේ හරහා මොකද වෙන්නේ,මේ රණවිරුවන් මේ යුධ නායකයන් පිටරටදී අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්.මේ කරමින් ඉන්නේ ඒක.මෙකේ තියන භයානක කම තමා , හදිස්සියේ යුද්ධයක් ආවොත් සටන් කරන්නවත් අත්දැකීම් තියන නායකයින් අපිට ඉතිරි වෙන්නේ නෑ.අද මේ ආණ්ඩුව කරන්නේ යුධ විරුවන් දේශද්‍රෝහින් ලෙස හංවඩු ගහන්න හදනවා.අද පාතාලය හිස ඔසවමින් ඉන්නවා.මෙහෙම තත්වයක් තමා අද මේ රට තුළ නිර්මාණය වෙලා තියෙන්නේ.මේ වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි.
Read more at http://lankanewsalert.com/archives/61214#2RMB7xrSxItBJFEz.99

2 Responses to “15,000 ක ත්‍රස්තවාදි බල ඇණියක් පැය 48 ක් තුළ ක්‍රියාත්මක වීමේ අවදානමක්…දෙමළ ඩයස්පෝරාව යළි ක්‍රියාත්මකයි “කොටියා අළු ගසා දමා නැගිටිනවා “”

  1. Ananda-USA Says:

    Given the LAX SECURITY, DELIBERATE DESTRUCTION of the Intelligenice Services, and EMPOWERMENT od the SEPARATIST ADMINISTRATIONS of the NORTH and EAST, this was INEVITABLE!

    RISE UP, Embala Sinhalayeni, your Motherland needs your Protection again!

  2. ranjit Says:

    We all who loves this land must unite and stand up against this evil, habitual Ali Baba government of three evil individuals Sira,Ranil, Chandrika and send them packing as soon as possible if not we will face another disaster which we won’t be able to stop like before.
    Moment has come to forget the differences and unite to this evil enemy

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress