ද්‍රවිඩයන්ට පවාදුන් අපේ සිංහල අලුත් අවුරුද්ද  සහ අපේ කරගත් ක‍්‍රිස්තියානි වසර
Posted on April 17th, 2017

ආචාර්ය සූරිය ගුණසේකර සමග රුවන් රත්නායක

හෙළ බසින් වසර හා සංස්කෘතයෙන් වර්ෂ ලෙස හැඳින්වෙන්නේ දවස් 365 ක සූර්ය වර්ෂයක් අවසාන වී නව වර්ෂයක් ඇරඹීමයි. ලංකාව වැනි නිරක්‍ෂයට කිට්ටු රටවලට සූර්යයා ඇසුරින් එබඳු වසරක් හැඳිනගත හැක. නමුත් මධ්‍යම හා ඉහළ අක්‍ෂාංශවල නොහොත් සෞම්‍ය හෝ ශීත කලාපයේ රටවලට එම හැකියාව නැත. එබැවින් යම් සිද්ධියක් මුල්කර සම්මත වර්ෂයක්ව ඇති කරගත යුතුය.

2014 ජනවාරි පළමු වෙනිදා නව වසරක් ඇරඹින. මීට මුල් වූ සිදුවීම කුමක්ද ? බයිබලයට අනුව දෙසැම්බර් 24 දා මධ්‍යම රාත‍්‍රී 12 ට බෙත්ලෙහෙමේ ගවගාලකදී ජේසු බිළිඳා මෙලොව එළිය දිටී. බිළිඳෙකු ඉපදී දවස් 7 ක් අවසන්වීමට පළමුව එම බිළිඳා බෞතීස්ම කිරීම ක‍්‍රිස්තියානි සම්ප‍්‍රදායයි. දෙසැම්බර් 24 දා මධ්‍යම රාත‍්‍රියෙන් පසු නත්තලද, ඉන් දින 7 ක් ගෙවුන විට දෙසැම්බර් 31 දා මධ්‍යම රාත‍්‍රියෙන් පසු නව වසර එළඹෙන්නේ මෙම පදනම පිටය.

යුරෝපයයන්ගේ පැමිණීමෙන් පසු ලංකාවේ මුහුදු බඩ පළාත්වලට ජනවාරි 1 දා නව වසරක් ඇරඹුනේ පෘතුග‍්‍රීසීන් හා ලන්දේසීන් නිසාය. මුළු රටටම ජනවාරි 01 දා නව වසර ලෙස සැලකෙන්නට වුනේ බි‍්‍රතාන්‍ය ආධිපත්‍යය තුලය. ඔවුන්ගේ කැමැත්ත හැමවිට ලංකාව තුළ ක‍්‍රියාත්මක වුනි. මේ නිසා අපේ‍්‍රල් 14 දා ඇරඹුණු සිංහල නව වසර යටපත් වී ගියේය.

බුද්ධ වර්ෂයක් මෙරට බෞද්ධ පොත්පත්වල සඳහන්වී ඇත්ද ඒ අනුව වර්ෂ ගණන් බැලීම අනුරාධපුර මහා විහාරයට පමණක් සීමා විය. ඒද භික්‍ෂු සමාජය තුලය. ගිහි සමාජයේ බුද්ධ වර්ෂයකින් කාලය මැනීමක් නොවීය. බුදුන් පිරිනිවන් පෑවේ ක‍්‍රි.පූර්ව 543 වෙසක් පසලොස්වක දින බව පිළිගැනීමක් පමණක් පැවතුනි. පැරණි කාලයේ වෙසක් පූජාවන් රජු විසින් අගනුවරදී සිදු කළා මිස සමාජය තුල වෙසක් උත්සවයක් නොවීය. විහාරස්ථානවල පහන් වැටි සිය ගණන් දැල්වීමක් පමණක් මෙදින සිදු වී ඇත. බුදු දහම හා සසුන මෙරටට ගෙන ආ පොසොන් පසලොස්වක දිනද පහන් වැටි දැල්වීම පමණක් සිදු විය. වෙසක් හා පොසොන් උත්සව සමාජය තුළ උත්සව බවට පත් වුනේ 19 සියවසේදීය.

ජෝතිෂ්‍යයේදීත් සිංහල අවුරුද්ද හැඳින්වීම සඳහාත් භාවිතා කරන ශක වර්ෂයක් ද අපට ඇත. සම්පූර්ණ වර්ෂයක් චක‍්‍රාකාරව ආවරණය වීම නිසා ‘‘චක‍්‍රය’’ යන අර්ථයෙන් සක වර්ෂ වූයේද යන්න කීමට දන්නා අයෙකු නැත. වෛද්‍ය ජෝන් ඬේවි විසින් 1821 දී ලියා පළ කරන ලද ලංකාව පිළිබඳ ග‍්‍රන්ථයේ සඳහන් වන්නේ ක‍්‍රි.වර්ෂ 48 දී ලංකාවේ රජ වූ ශක නමැති රජෙකු නිසා ශක වර්ෂය බිහි වූ බවය. මෙය සනාථ කිරීමට වෙනත් සාධක කිසිවක් නැත. මෙය ඉන්දියාවේ කාෂේක අධිරාජ්‍යයා සිහිවීමට ඇති වූයේ යැයි ඉංග‍්‍රීසි උගතුන් සඳහන් කළද එය පිළිගැනීමට නොහැක. ඉන්දියාවේ කනිෂ්ක වර්ෂයක් නොමැතිවීමෙන් ලංකාව මහායාන බෞද්ධ රටක් නොවීමත් නිසා මෙසේ සිතිය හැක. කනිෂ්ක අධිරාජයා මහායාන බුදු දහමේ මහා අනුග‍්‍රාහකයෙකි. මෙය මහනුවර යුගයේ ජනප‍්‍රිය වූ වූ වර්ෂයක් නිසා එය වඩුග රජවරුන් විසින් භාවිතා කරන ලද යම් ඉන්දියානු වර්ෂයක් විය හැක.

බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය 19 සියවසේ දී ලොව වසාගෙන පැතිරී තිබුණ නිසා එම ආධිපත්‍යය හේතු කොට ඔවුන්ගේ ජනවාරි 1 දායින් ඇරඹෙන ක‍්‍රිස්තු වර්ෂය මුළු ලොවේම භාවිතාවීම ඇරඹුනි. ඉංග‍්‍රීසි භාෂාවද ලෝක භාෂාව වූයේ එම ආධිපත්‍යය නිසාය.

2016 දෙසැම්බර් 24 දා මධ්‍යම රාත‍්‍රියේ රතිඤ්ඤා සහ වෙඩි හඬ ඇසුනු අතර දෙසැම්බර් 31 දා මධ්‍යම රාත‍්‍රියේ අහස පොළව ගුගුරුවමින් එම හඬ ඇසෙන්නට විය. මේ අනුව 24 දා රාත‍්‍රියේ කිතුනුවන් විසින් දිළිඳු උපත ගැන මඳ වශයෙන් රතිඤ්ඤා පිපිරවූ අතර බිළිඳාගේ බෞතීස්මය අලලා දෙසැම්බර් 31 දා රාත‍්‍රියේ අහස ගිගුම් දුන්නේ බෞද්ධයින්ගේ රතිඤ්ඤා හඬින් බව සිතාගත හැක. ඒ අතර අරක්කු බෝතල දහස් ගණනක්ද ඔවුන් විසින් හිස් කරන්නට ඇත. ලොවට ප‍්‍රකාශ වුනේ ඔවුන්ගේ හිස් බව පමණි. අනුන්ගේ දේ තමන්ගේ කරගන්නට උත්සාහ දැරීම ගැන බෞද්ධයන් ලැජ්ජා විය යුතුය. ඔවුන් කොතරම් උඩ පැන්නද ක‍්‍රිස්තියානින්ගේ ජනවාරි 1 දා නව වසර හැමදාටමත් ක‍්‍රිස්තියානියන්ගේය. ජේසු බිළිඳා ඔවුන්ගේ වීම ඊට හේතුවයි.

සිංහල අවුරුද්ද එළඹෙන්නේ මන්නාරම, කනගරායන්කුලම් සහ නැදුන්කර්නි රේඛාවට ඉර මුදුන් වන අප්‍රේල්  14 දාය. එබැවින් එදින සිංහල අවුරුද්ද ඇරඹේ. මෙය ජොතිෂ්‍යානුකූලව ස්වභාවිකව ලෝකය තුල සිද්ධ වන ක‍්‍රියාවලියක් බැවින් මෙයට යම් පදනමක්ද ග‍්‍රහ තාරකාවල මනුෂ්‍යයන්ට සත්වයන්ට ඇති කරන ව්‍යූහාත්මක බලපෑම පිහිටුවීම සිංහල අවුරුද්ද පදනම ඇති බවටද, මෙය සිංහලේ ප‍්‍රථම රජු මන්නාරමෙන් බිහි වූ මනු රජ කාලයේ සිට පිළිගත් සම්ප‍්‍රාදායානුකුල චාරිත‍්‍රයන් බව අරිසෙන් අහුබුදු ශූරීන් පවසා ඇත. එම මතය බිඳීමට මෙතෙක් කිසිදු අභියෝගයක් හෝ සාක්‍ෂි ඉදිරිපත්ව නැති බැවින්, සිංහල වර්ෂ හැටියට ව්‍යවහාර වර්ෂ අපේ‍්‍රල් 14 වන දා අප සිංහලයන්ගේ නියම අළුත් අවුරුද්දේ පළමු වන දින විය යුතුය.

මන්නාරමට සූර්යයා මුදුන් වන රේඛාව දකුණු ඉන්දියාවටත් පොදු අතර, දකුණු ඉන්දියාවේ ද්‍රවිඩයන් එය ඔවුන්ගේ අළුත් අවුරුද්ද සේ නොසලකයි. එවැනි චාරිත‍්‍රයක් දකුණු ඉන්දියාවේ හෝ වෙනත් රටකට අදටත් නොපවතී.

මෙම සූර්යයා උදාවීම මත ගණනය කරන ලද 365 වූ රේඛා මගින් අවුරුද්ද කාල පරාසයක් ගණනය කර ඇත. මෙම රේඛා අක්‍ෂාංශ හා දේශාංශ වශයෙන් බෙදා ඇත.

අපේ මේ හෙලයට අයත් වූ අළුත් අවුරුද්ද සුද්දන්ගේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුවේ පනත් මගින් (Holiday Bill) සම්මත කර දෙමළ ජාතියටත් නිවාඩුවක් දීමට මෙය සිංහල හින්දු අළුත් අවුරුද්ද ලෙස විග‍්‍රහ කර ඉදිරිපත් කරන ලදි. මෙය 1886 ජනවාරි 21 වන දා ගැසට් අංක 4692 මගින් ඉංග‍්‍රීසින් විසින් නිශ්චිත කරන ලදි.

1984 ජේ.ආර්. ජයවර්ධන රජය සමයේදී සිංහල ජාතිය තවදුරටත් පාවා දෙමින්, රාජ්‍ය සේවකයන්ට ලබා දෙන දින පොතේ සහ මේස කැලැන්ඩරයේ ‘‘සිංහල දෙමළ’’ අළුත් අවුරුද්ද ලෙස සටහන් කරන ලද අතර, අදට එය සියළුම මුද්‍රිත සහ ඉලෙක්ට්‍රෝන මාධ්‍ය ම`ගින් වැරදි දෙය සමාජගත කරමින් සිටින අතර මේ සියල්ල වහා නිවැරදි කළ යුතු අතර අප සියලූම පරගැති අවුරුද් සහ අවුරුද් චාරිත‍්‍ර වර්ෂ ක‍්‍රම ප‍්‍රතික්‍ෂේප කර සිංහල අවුරුද්දේ අයිතිය සිංහලූන්ට පමණක් තහවුරු කර සිංහල අවුරුද්ද ජාතික උත්සවයත් වෙසක් උත්සවය ප‍්‍රධාන ආගමික උත්සවයක් ලෙස සැමරිය යුතුය.

ආචාර්ය සූරිය ගුණසේකර සමග රුවන් රත්නායක

3 Responses to “ද්‍රවිඩයන්ට පවාදුන් අපේ සිංහල අලුත් අවුරුද්ද  සහ අපේ කරගත් ක‍්‍රිස්තියානි වසර”

  1. Dilrook Says:

    Allow me to point out 2 errors.

    1. [Quote] 2014 ජනවාරි පළමු වෙනිදා නව වසරක් ඇරඹින. මීට මුල් වූ සිදුවීම කුමක්ද ? බයිබලයට අනුව දෙසැම්බර් 24 දා මධ්‍යම රාත‍්‍රී 12 ට බෙත්ලෙහෙමේ ගවගාලකදී ජේසු බිළිඳා මෙලොව එළිය දිටී. බිළිඳෙකු ඉපදී දවස් 7 ක් අවසන්වීමට පළමුව එම බිළිඳා බෞතීස්ම කිරීම ක‍්‍රිස්තියානි සම්ප‍්‍රදායයි. දෙසැම්බර් 24 දා මධ්‍යම රාත‍්‍රියෙන් පසු නත්තලද, ඉන් දින 7 ක් ගෙවුන විට දෙසැම්බර් 31 දා මධ්‍යම රාත‍්‍රියෙන් පසු නව වසර එළඹෙන්නේ මෙම පදනම පිටය. [Unquote]

    He was baptized when he turned 30 by John the Baptist in the Jordan River. Modern baptismal practices differ. Children are baptized young.

    2. [Quote] සිංහල අවුරුද්ද එළඹෙන්නේ මන්නාරම, කනගරායන්කුලම් සහ නැදුන්කර්නි රේඛාවට ඉර මුදුන් වන අප්‍රේල් 14 දාය. [Unquote]

    Wrong. Sinhala New Year is dawned when the Sun crosses from the zodiac sign of Pieces to Aries completing one cycle. The actual move takes place around March 21 (sun reaches peak over the island on March 23). However, in eastern astrology, an “Ayanamsa” adjustment is made (about 23 degrees deducted and keeps increasing annually). As there are 30 degrees, they roughly correspond to days. So the New Year is dawned 23 days later (April 14). Thousands of years ago, April 14 was the actual time the transit happened. At that point astronomical calculations and astronomical calculations equated (zero Ayanamsa adjustment). This was in 291 AD.

    This proves Sinhala calendar used in ancient times was correct and the western calendar is wrong by 23 days for 1725 years (2016 – 291).

  2. . Says:

    From Sudath Gunasekara

    Dilrook,

    Your points are well taken. But I don’t think that negate or devalue the fundamental argument Suri is trying to advance that is the mail argument raised by him in this article, that is “ A Sinhala national festival has been diluted by the colonial British by naming it as Sinhala Hindu New Year in 1886 and further diluted and destroyed by the JR Government in 1984 by naming it as Sinhala Demala New Year, both of which I deem to be diabolical conspiracies against and betrayals of the Sinhala nation. The only difference between the two one is a long term conspiracy and the other a short term political strategy by selfish, power hungry treacherous UNP politicians.

    British did it to keep the Tamils in the sky and make important in this country as they did in many other fields like education and employment fields to build up the feeling and impression that they are equals with Sinhalese, although less in numbers; this being a part and parcel of their divide and rule policy and finally destroy the Sinhala Nation as they are doing even today. On the other hand JR did it to deceive the Tamils to collect their votes and it is another betrayal of the Sinhala politicians, especially the UNP camp, adding to the whole list of JRs famous call for federalism and making Sri Lanka a State of the bigger Federal state of India in 1943, accepting North and East as Traditional Tamil Homeland through the Rajiv/JTR Accord; making Tamil also an Official Language, granting Sri Lankan citizenship to all Indian Estate Tamils, Creating Provincial Councils under the 13th Amendment and thereby strengthening the foundation for Federalism and division of the country on ethnic grounds laid by the British in 1832.

    Therefore the whole nation must be thankful to my friend Suri for making this point. In fact only two days ago I was trying from Professor Herath of the Sociology Dept Peradeniya as to when the Sinhala New Year was named Sinhala Hindu and Sinhala Demala New Year as I honestly felt that originally it must surely be a part of British conspiracy and secondly political betrayal by the UNP politicians after Independence to woo for their votes.

    We all must jointly move in this matter and definitely fight tooth and nail to name it as the Sinhala New Year by the next year. I don’t think there will be any public cry by the Tamils on this issue as no Tamil celebrate this as one of their national festivals, Deepavali and Mahasivaratri being theirs.

  3. Dilrook Says:

    Dear Sudath,

    I agree. I have no disagreement on the topic and the main substance of the article. Suriya did a great service to the nation and keeps doing it. My only disagreements are the 2 points above.

    Funnily enough, Tamil New Year changes with the party in power in Tamil Nadu. AIADMK prefers April while MDMK refuses anything other than January.

    There is nothing called Hindu New Year in April. Not even 20% Hindus the world over celebrate it in April.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress