චන්ද්‍රිකාගේ ආරක්‍ෂක රණ්ඩුවට මහින්දගෙන් රත්වෙන්න පිළිතුරක්..
Posted on May 10th, 2017

| lanka C news | ලංකා සී නිවුස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ආරක්ෂාව අඩු කිරීම සදහා අධිකරණයේ නඩුවක් ගොනුකළ බවට එල්ල වන චෝදනා සම්බන්දයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ආරක්ෂාව අඩු කිරීම සදහා අධිකරණයේ නඩුවක් ගොනුකළ බව රජයට සම්බන්ධ දේශපාලකයන් ප්‍රකාශ කල බව මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමි. ජනාධිපති ලේකම් කාර්යාලය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එවැනි නඩුවක් ගොනුකර නොමැත.එම නඩුව ගොනු කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි.

එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති තුමියගේ ඉල්ලීමක් අනුව එතුමියගේ නිල නිවසට ගොස් සාකච්ඡාකර එතුමියගේ ආරක්ෂක ප්‍රධානියාගේ ඉල්ලීම අනුව ආරක්ෂක නිලධාරීන් සහ අවශ්‍ය කරන පහසුකම් ලබාදී ඇත.

අධිකරණ තීන්දුව අනුව එතුමියගේ ආරක්ෂාවේ කිසිදු වෙනසක් කර නොමැත.අධිකරණ තීන්දුවක් තිබුනද එතුමියගේ ආරක්ෂක ප්‍රධානියාගේ ඉල්ලීම් අනුව සැම අවස්ථාවකදීම
රජය විසින් සියලුම පහසුකම් ලබා දී ඇත.

තමන්ගේ දේශපාලන පළිගැනීම් ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කිරීමේ චේතනාවෙන් මෙවැනි ප්‍රකාශයන් කරන්නේ බංකොලොත් දේශපාලකයන්ය.මේ ආණ්ඩුව යටතේ කොටි සංවිධානයට නැවත පණදීමේ උත්සාහයන් කීපයක් හෙලිවී ඇත. මේ වසර මුලදී විදේශ රටවල සිටින කොටි ක්‍රියාකාරීන් පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි ත්‍රස්තවාදීන් යොදවා දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමක් හෙලිකරගැනීමට පොලිසියට හැකිවිය.මේ සම්බන්ධයෙන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඒ සදහා භාවිතා කිරීමට නියමිතව තිබු ක්ලේමෝ බෝම්බ දෙකක්ද සොයාගන්නා ලදී. වර්තමාන රජය රැදවුම් භාරයේ සිටි භයානක කොටි ත්‍රස්තවාදීන් නිදහස්කර ඇත. පසුගිය රජය කොටි ත්‍රස්ත්තවදීන් 11000 වැඩි ප්‍රමාණයක් පුනරුත්ථාපනය කර , එසේ කිරීමට නොහැකි අතිශයින්ම දරුනුගනයේ කොටි ත්‍රස්තවාදීන් 200 පමණ රැදවුම් බාරයේ තබාගෙන සිටියේය. වර්තමාන ආණ්ඩුව නිදහස්කර ඇත්තේ පුනරුත්ථාපනය කල නොහැකි කොටි ත්‍රස්තවදීන්ය.මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇත්තේ මෙවැනි පසුබිමකය.

වසර 30 යුද්ධය අවසන්කොට ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනගිය රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය ආරක්ෂා කිරීම වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු රජයේ වගකීම බව තරයේ සදහන් කරමි.

රොහාන් වැලිවිට
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ
මාධ්‍ය ලේකම්

 

ඔත්තුකරු says:

May 9, 2017

ඇත්තෙන්ම එම නඩුව ගොනුකර ඇත්තේ චන්ද්‍රිකාගේ අනුදෙනුම ඇතිව ග්ලෝබල් ටැමිල් ෆෝරම් ආයතනයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක් විසින්. දේශපාලන කුමන්ත්‍රණය සඳහා මුලසිටම චන්ද්‍රික හමුවීමට පැමිණෙන කොටි සාමාජිකයන්ට ඇයගේ ආරක්ෂක භටයන්ගෙන් සිදුවන බාධා ඉවත් කිරීමට සහ රජයට තොරතුරු ලැබීම වැලැක්වීමට මෙම පියවර ගෙන ඇති බව පසුව අනාවරණය විය.

One Response to “චන්ද්‍රිකාගේ ආරක්‍ෂක රණ්ඩුවට මහින්දගෙන් රත්වෙන්න පිළිතුරක්..”

  1. Christie Says:

    Emperor is in His colony. Any one who acted against the Empire or who is acting against now is doomed.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress