පන්සල් සල්ලි රජයෙන් පිල්ලි ගැහීම
Posted on July 4th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

පන්සල් හැදුවේ බෞද්ධයෝ .බෞද්ධයෝ පන්සල් වලට සල්ලි දෙන්නේ ශ්‍රද්ධාවෙන් ,පන්සලේ දියුණුවට ,පොදුවේ සාශනේ දියුණුවට ,වසර හාර පන්දාහක සිටම ,එනම් මහින්දාගමනයටත් පෙර සිටම මෙරටේ මිනිස්සු ලෙන් විහාර ආරාම ආදිය පුජාකලා සාෂනෙට පුරාවිද්‍යා කැනීම් වලින් එබව තහවුරු වෙලා තියෙනවා .යහපාලන රජය බලයට පත් වෙනතුරු කිසිම සිංහල පාලකයෙක් හරි පරංගි ලන්දේසි හෝ ඉංග්‍රීසි පාලකයෙක් හරි මේ පන්සල් සල්ලි ගසාකන්න නීති පැනෙව්වේ නැහැ .පරන්ගියෝ නම් සමහරවිට මංකොල්ල කෑ වා .රනිල් පරංගින්ට හරි ආදරේ ඒ නිසා වෙන්න ඇති .

බෞද්ධයෝ පන්සලට සල්ලි දෙන්නේ ආණ්ඩුවෙන් ඒවා ගැන හොයල බලන්න කියල ඉල්ලලා නොවෙය් ,මහජන මුදල් පන්සලේ කවුරුහරි අවභාවිත කරනවද බලන්න රජයට ඕනේ නම් ඒ ජනතාව වෙනුවෙන් රජයට පුළුවන් භාරකාර මණ්ඩලයක් දායකයින්ගෙන් හා භික්ෂුන් ගෙන් පත් කරලා මුදල් පාලනය කරන්න එහෙම නැතුව රජයේ නිලධාරීන් යවල පින් කැ ට සීල් තියන එකබෞද්ධ රජයක කවදාවත් සිදුවිය යුතු නැහැ . විශේෂයෙන් රනිල් වැනි අබෞධ්ධයෙක් අගමැති වී සිටිමින් බුද්ධාගමට රටේ ඇති විශේෂත්වය අහිමි කිරීමට නව ව්‍යවස්ථා සකසමින් සිටින අවධියේ .මේ සිදුවෙනදේ ගැන සකල සියලු බෞද්ධයෝ සුපරීක්ෂාවෙන් සිටිය යුතුය් 

සිංහල බෞද්ධ අයිතිවාසිකම් ගැන කෙලින් කතා කරන කිසිම දේශ පාලන නායකයෙක් දැනට නම් පේන තෙක් මානෙක නැහැ එකා බද්ධ විපක්ෂේ මේවා ගැන කතා නැත්තේ මුස්ලිම් වරුන්ට බයේ වෙන්නැති .එයාල බය නැත්තේ බෞද්ධයන්ට විතරය් .බෞද්ධ භික්ෂුන් ඉතින් මොකා ආවත් පිරිත් නුල් බන්දිනව,දේශද්‍රෝහී හොරුනුත් ”සුවපත්වෙවා ” කියල ආශීර්වාද කර නවනේ .ඉතින් මොකට බයවෙන්නද එයාලට කොන්දක් නැහැනේ .එහෙමද අසාද් සාලි වගේ මුස්ලිම් වරු මරාගෙන මැරෙන්න වුනත් ලාස්තිය් කියල තර්ජනය කරනවා නේ .ඉතින් බය නොවී මොනවා කරන්නද කොන්ද පන නැති උන් , අස්ගිරි හිමිවරු රාමාඥ්ය නිකායේ හිමිවරු ඉදිරියට ආවම ඒ එක්කවත් පස්සෙන් යන්නඑකාබධ්ධෙට පණක් නැද්ද 

බෞද්ධ විරෝධී ඇන්ග්ලිකානු රනිල් අගමැති සිටින ආණ්ඩුවකට පන්සල් ගැන ඇඟිලි ගහන්න ඉඩ තියන බෞද්ධ ජනතාවක් ඉන්න රටක් ඇත්නම් ඒ රට පරිහානියටම පත්වේ 

One Response to “පන්සල් සල්ලි රජයෙන් පිල්ලි ගැහීම”

  1. Leela Says:

    පිං කැටේකට මිනස්සු සල්ලි දමන්නෙ සැදැහවත් සිතින් එම ස්ථානයේ අභිවෘර්ධියටය්. ඒ හින්ද පිං කැටෙ සල්ලි වලට අාණ්ඩුව කිසිම අයිතියක් නැහැ. අාණ්ඩුව පිං කැටේ සීල් තියල නිසා හොරැ ගෙදර යවනකන් දැන් කරන්න තියෙන්නෙ එකම දෙයය්.

    “පිං කැටේට දමන සල්ලි පන්සලට නෙවෙය් අාණ්ඩුවට” කියල සෑම පිං කැටයක් ඉදිරියෙන්ම බොඩ් එකක් එල්ලමු.

    “FREE ADMISSION FOR FOREIGNERS” සහ “සුද්දන්ට අැතුල්වීම නොමිලේ” කියල පන්සල ඉදියෙන්ම බෝඩ් එකක් ඒල්ලල සුද්දන්ගෙන් මුදල් අය කිරීම වහා නවත්වමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress