ශ්‍රේෂ්ඨාධිකරණයේ – අභියාචනාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණයේ නඩු පැවරීම සම්බන්ධ අධ්‍යයන වැඩමුළුව – සිංහල මාධ්‍ය –
Posted on July 5th, 2017

දිනය 2017 අගෝස්තු 05

(මෙම වැඩමුළුව කොළඹ නගර සීමාව තුළ පැවැත්වෙන අතරස්ථානය සහ වේලාව පසුව දැනුම් දෙනු ලැබේ.)

ලංකාවේ නීතිය අනුව පිහිටුවා ඇති අධිකරණ ලෙස ප්‍රාථමික අධිකරණ, මහේස්ත්‍රත් අධිකරණ, දිසා අධිකරණ, මහාධිකරණ, වාණිජ මහාධිකරණ, පළාත්බද මහාධිකරණ, පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය සැළකේ. එමෙන්ම නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ” යන්නත් පිළිගත් නීති සිද්ධාන්තයකි.

ලංකාවේ නඩුවලින් වැඩි ප්‍රමාණයක් පහළ අධිකරණවල එනම් මහේස්ත්‍රත් අධිකරණ, දිසා අධිකරණ, මහාධිකරණ, වාණිජ මහාධිකරණ වටා ගොනු වී තීබුණද රටට, ජනතාවට, නීතියට, බලපාන තීරණාත්මක නඩු විභාග වන්නේ එම අධිකරණවල නොව උපරිමාධිකරණ ලෙස සැළකෙන අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය යන අධිකරණ වලයි. නඩු තීන්දු වල ඉහළ අධිකාරීබව ඇත්තේද එම අධිකරණ ලබා දෙන තීන්දු වලය.

මව් බස සිංහලය වූ රටේ බහුතර ජනතාව මහේස්ත්‍රත් අධිකරණ, දිසා අධිකරණ, මහාධිකරණ, වාණිජ මහාධිකරණවල නඩු පැවරීම සම්බන්ධව යම් දැණුමක් ලබා තිබුණද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ආකාරය සම්බන්ධව එතරම් අවබෝධයක් ලබා නැති බව පෙනෙන්ට ඇත. එය ලාංකිකයන්ගේ නෛතික සාක්ෂරතාවය ඉහළ මට්ටමකට ගෙන යාමේදී ප්‍රබල බාධාවක් වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණක් පැවරිය යතු නඩු වර්ග මොනවාද? එම අධිකරණවල පමණක් සිදුකළ යුතු ඉල්ලීම් මොනවාද? යන්න සම්බන්ධව පැහැදිලිව නීතියේ විධිවිධාන දක්වා තිබුණද එකී අධිකරණවලට, එම ඉල්ලීම් සිදුකරන අකාරය සම්බන්ධව අවබෝධයක් නො ලබා එකී නීතිමය ප්‍රතිපාදනවල පිහිට පැතීමට ජනතාවට හැකි වන්නේ නැත. මෙයට හොදම උදාහරණය වන්නේ පසුගියදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ 27.iii වගන්තියේ දැක්වෙන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය” නොමැතිව පනත සම්මත කර ගැනීමත්, එහි ඇති බලවත් නීතිමය දෝෂය සම්බන්ධව කිසිම අයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු නො කිරීමත් ය.

ඉහත කරුණු අනුව සමස්තයක් වශයෙන් ගත් කළ අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ආකාරය සම්බන්ධව සිංහල මව් භාෂාව කරගත් රටවැසියන් ඉලක්ක කරමින් මෙම අධ්‍යයන වැඩමුළුව සැළසුම්කර ඇත.

මෙම අධ්‍යයන වැඩමුළුව සදහා නීතීඥවරුන්, නීතී ශිෂ්‍යයින් පමණක් නොව භික්ෂූන්වහන්සේලා ට, වෛද්‍යවරුන් ට, ගුරුවරුන් ට, විශ්ව විද්‍යාල සහ පාසල් සිසුන් ට ද, විවෘත වන අතර ආසන සීමිත සංඛ්‍යාවක් ඇති හෙයින් වේලාසනින් සිය ආසනය වෙන්කර ගත හැකිය.

එමෙන්ම මෙම අධ්‍යයන වැඩමුළුවේදී අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණයේ නඩු පැවරිමට අදාලවන නීති මූලාශ්‍ර ලබා දීමද සිදු කරයි.

ආසන වෙන්කර ගැනීමේදී හෝ අධ්‍යයන වැඩමුළුවට සහභාගීවීම සදහා හෝ නීති මූලාශ්‍ර සදහා මුදල් අය නො කරන අතර දිවා ආහරය සැපයීම නො කරන බවද සළකන්න.

වේලාව සහ ස්ථානය දැනුම් දෙනු ලබන අතර විද්‍යුත් තැපෑලෙන් හෝ දුරකථනයෙන් විමසා ආසනය වෙන්කර ගත හැකි අතර නම, ලිපිනය, වෘත්තීය, තත්ත්වය, දුරකථන අංකය, විද්‍යුත් ලිපිනය සහිත තමන් විසින් සකසා ගත් අයදුම්පතක් ලබා දෙන්න. ආසන සීමිත හෙයින් පළමුව ඉල්ලුම්කරන්නන්ට ප්‍රමුඛතාවය හිමිවේ.

ආසන සීමිත හෙයින්

මුලින් ඉල්ලුම් කරන්න.


විමසීම
– නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com

දු. අංකය 0712063394

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress