ජනමතවිචාරණය දිනවන්න ලෑස්ති වෙන්නැයි අගමැති NGO ලොක්කන්ට දන්වයි !
Posted on July 27th, 2017

නව ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත් ලබන අගෝස්තු මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, නව ව්‍යවස්තාව ජනමතවිචාරණයකින් සම්මත කරගැනීම සදහා සූදානම් වන ලෙසත් අග්‍රාමාත්‍රනිල් වික්‍රමසිංහ මහතා ‘පුරවැසි බලය‘ ඇතුළු රාජ්‍නොවන සංවිධාන ප්‍රධානීන්ට දන්වා ඇත.

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරිම සදහා කැපවූ රාජ්‍නොවන සංවිධාන ප්‍රධානීන් පිරිසක් සමග පසුගිය ජූලි 21 වනදා අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදි අගමැතිවරයා මේ බව දැනුම් දුන්නේය.

මූලික කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පිළිබද රටේ සාකච්ඡාවකට භාජනය කර අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් පසු ජනමතවිචාරණයකට යොමුකර බවත් සදහන් කළ අගමැතිවරයා ජනමතවිචාරණය ජය ගැනීම සදහා සූදානම් වන්නැයිද ප්‍රකාශ කර තිබේ.

විවිධ පාර්ශව වලින් එන විරෝධතා එතරම් ගණන් නොගත යුතු බව ප්‍රකාශ කර ඇති අගමැතිවරයා ආණ්ඩුව බලයට පත් කිරීමට කැප වූ පුරවැසි බලය ඇතුළු සංවිධාන වෙනුවෙන් තමන් නිරතුරුවම පෙනී සිටින බවද සහතික වී ඇත.

මෙම සාකච්ඡාව සදහා, දඹර අමිල හිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය, ධර්මසිරි බණ්ඩාරනායක, නිමල්කා ප්‍රනාන්දු, කේ.ඩබ්. ජනරංජන ඇතුළු රාජ්‍නොවන සංවිධාන ක්‍රියාකාරීන් 20 දෙනෙකු පමණ සහභාගී වී ඇත.

නව ව්‍යවස්ථාවට ජනාතා කැමැත්ත ලබා ගැනීම සදහා ‘පුරවැසි බලය‘ විසින් මේ වන විටත් රට පුරා සම්මන්ත්‍රණ මාළාවක් ආරම්භ කර ඇති අතර, සදහා දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටන, ආරක්ෂක හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කිරීම සදහා දෙමළ ඩයස්පොරාව සමග එක්ව කටයුතු කරන පිරිස්ද පෙරමුණ ගෙන කටයුතු කිරීම විශේෂිතය.

One Response to “ජනමතවිචාරණය දිනවන්න ලෑස්ති වෙන්නැයි අගමැති NGO ලොක්කන්ට දන්වයි !”

  1. helaya Says:

    Every body went to this meeting are DESHA DROHI bastards.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress