ෆොන්සේකා සාධකය
Posted on September 2nd, 2017

වෛද් රුවන් එම් ජයතුංග 

යුද්ධයේ අවසාන අදියරේ අත්ඩංගුවේ පසු වූ පුද්ගලයන් ආරක්‍ෂා කිරීම සහ යුද පෙරමුණට සැපයුම් කටයුතු භාරව සිටි හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය අපරාධවල නියැලී සිටි බවත් තමන් ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි දෙන බවටත්  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසා ඇත​. 

සරත් ෆොන්සේකා යනු අති දක්‍ෂ යුද සොල්දාදුවෙකි. ඔහු ජෙනරාල් පැටර්න් වැනි චරිතයක් බව වටහා ගත යුතුය​. ඊලාම් යුද්දයෙන් ප්‍රභාකරන්ව පරාජය කිරීම සඳහා එක් ප්‍රධාන හස්තයක්  වූයේ  ජෙනරාල් සරත් ෆොන්සේකාය​. 

සරත් ෆොන්සේකා යනු දීර්ඝ කාලයක් යුද අත්දැකීම් වලට නිරාවරණය වීම නිසා යුද අාතතියේ ලක්‍ෂණ පෙන්වන්නෙකි. ඔහු තුල පවත්නා හදිසි කෝපය​, චිතාවේගී අසමබරතාව, පලි ගැනීමේ යොමුව සියල්ලම සඳහා හේතුව ලෙස මෙම පශ්චාත් වියසන ක්ලමථ (PTSD) ලක්‍ෂණ බව පෙන්වා දිය හැකිය​. ඔහුව අසාධාරණ ලෙස සිරගත කිරීම පිලිබඳව ඔහු එහි නිර්මාපකයන්ට කිසිසේත් සමාව නොදෙයි.  මේ නිසා ඉදිරි කාලයේදී අන්තර්ජාතික තලයේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් පෙර නොවිරූ පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි සමහර උසස් නිලධාරීන්ට මෙන්ම එවකට සිටි ආරක්‍ෂක ලේකම්වරයාට විරුද්ධව කටයුතු කරනු ඇත. ෆොන්සේකා සාක්‍ෂි සහිතව ඔහුගේ ප්‍රතිවාදීන් හිර කරනු ඇත​. ඔහු කාටවත් සවන් නොදෙන්නෙකි. ඔහුගේ ඊගෝව (ego) අති ප්‍රබලය​. එය මෙහෙයවන්නේ ඔහුගේ ආඝාතය (hatred)   විසිනි

 

 

5 Responses to “ෆොන්සේකා සාධකය”

  1. Senerath Says:

    Having first hand information, I fully agree with every world mentioned here. This is a very dangerous sitiuation. He alone is engough to falsely or truely convict someone. He doesn’t even listen to his closest relatives.

  2. Dr.K Says:

    ‘එය මෙහෙයවන්නේ ඔහුගේ ආඝාතය (hatred) විසිනි’ යන වගන්තිය ‘ඔහු මෙහය වන්නේ ඔහුගේ ආඝාතය (hatred) විසිනි’ යනුවෙන් නිවැරදි කලොත් ඔහු යුද්ධය ජය ගැනීමත් එය සනාථ කරන්නක් ලෙස සිතිය හැකිය. ඒ කොහොමද යත්, ඔහු යුද්ධය ජය ගැනීමේ ඉලක්කය වෙත යොමු වූවේ යුද හමුදා මුලස්ථානයේ පිපිරූ බෝම්බයෙන් ඔහුගේ බඩවැල් එලියට විත් එයින් නොමැරී බෙරුනාට පසුවය.

    යුද්ධයෙන් පසු සිදුවූ සිද්ධීන් සියල්ල ඔහු තුල සැඟවී තිබු තවත් කිසියම් ගතිලක්ෂණයක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවකට එල්ලවූ ප්‍රතික්‍රියාවක් ලෙස විග්‍රහ කල හැකිය.

  3. Nihal Perera Says:

    Everything he does driven by his HATRED towards Rajapaksases, especially Gothabaya. He doesn’t seem intelligent enough to see that his accusations against his own Army colleagues going to damage the reputation of our Armed Forces and the country, especially internationally. He will be the darling of pro-LTTE Tamil Diaspora. May be Rajapaksas were right to jail him, even though I didn’t agree initially!

  4. Hiranthe Says:

    opportunistic Gonseka!!

  5. NAK Says:

    Fonseka is digging his own grave. His hatred and jealousy towards others who are better than him(just like CBK)is what drives him utter these nonsense.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress