රනිල්- මලික් ඇතුළු දූෂිතයින්ට සියදිවි නසාගැනීම හෝ හිර ගෙදර තෝරා ගැනිමට ඉඩ දෙන්න..
Posted on September 10th, 2017

ඩී.කේ.තන්ත්‍රීගේ lanka C news

රනිල්-මලික් දූෂිතයින්ට සිංගප්පූරු ක්‍රමයට දඩුවම් දිය යුතු බව කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් හැට දෙලක්ෂයේ කොටස්කරුවෝ සංවිධානය කියා සිටියහ.

එම මාධ්‍ය සාකච්ඡාවට එක් වු එම සංවිධානයේ කැදවුම්කරුවන් වන බණ්ඩාර අතුකෝරාල සහ ඩිලංක වීරකොන් යන මහත්වරු මේ බව කියා සිටියහ.

රටේ අපි දන්න දවසෙ ඉදලා කුඩු අල්ලනවා. ඒත් කුඩු ගෙන්වන ජාවාරම්කරුවෝ අල්ලන්නේ නෑ. බැදුම්කර වංචාවල් වුනා, ගල් අගුරු වංචා උනා, වරාය විකිනීමේ වංචා උනා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දූෂණ වුනා, නුවර කොළඹ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ වංචා උනා.දක්ෂින අධිවේගී මාර්ගය දිගුවේ මහා වංචා වුනා. මේවා සියල්ල තවම එලිවුනේ නෑ. මේ වංචාවල් සොයලා මේවට සම්බන්ධ නිළධාරීන්ට පමණක් දඩුවම් දීලා මදි. මේවට උපදෙස් දුන් අයට දඩුවම් දිය යුතුයි. ඒ අය මේ ආණ්ඩුව තුළ ඉන්නවා. ජනාධිපතිවරයාට අපි කියන්නේ හැට දෙලක්ෂයේ ජනමතයට ගරු කරමින් ආණ්ඩුවේ ඇත්ලේ ඉන්න දූෂිතයන්ට දඩුවම් දෙන්න. නැත්නම් කුඩු අල්ලනවා වුනාට ගෙන්වන අය අල්ලන්නේ නැති නිසා හැමදාම කුඩු ප්‍රශ්ණයක් වෙලා තියෙනවා වගේ දූෂණය පවතීවි.

අගමැතිවරයා නිතරම කියනවා සිංගප්පූරු ක්‍රමය ගැන සහ එංගලන්ත ක්‍රමය ගැන. එංගලන්ත ක්‍රමය චෝදනාවක් ආවාම ඉල්ලා අස්වීම. සිංගප්පූරු ක්‍රමය ලික්වාන් යු පෙන්නුවා තම ඇමති චේන් වෝ සම්බන්ධව. චෙන් වෝ කියන්නේ ලීක්වාන් යුගේ පාසල් සමයේ ඉදන් මිත්‍රයා. ලී ගේ ආණ්ඩුවේ හොදම අමාත්‍යාංශයකුත් ඔහුට ලබාදුන්නා. නමුත් දූෂණයක් සම්බන්ධ බරපතල චෝදනාවක් ඔප්පුවානුමා ලී විකල්ප දෙකක් දුන්නා. එකක් හිරේ යන්න නැත්නම් සියදිවි නසාගන්න. ජනාධිපතිතුමාට අපි කියන්නේ මේ ආණ්ඩුව තුළ ඉන්න දූෂිතයන්ට ලීක්වාන් යූගේ විකල්ප දෙන්න කාලය ඇවිල්ලා.

මේ ආණ්ඩුව තුළ පාර්ශව දෙකක් ඉන්නවා. එකක් ජනාධිපතිවරයාගේ පාර්ශවය. අනෙක අගමැතිවරයාගේ පාර්ශවය. දැන් ගතවු කාලය තුළ ආණ්ඩුවට එරෙහි බරපතල චෝදනා රාශීයක් ඇතිවුනා. මහබැංකු බැදුම්කර වංචාව, ගල් අගුරු ආනයන වංචාව, හාල් වංචාව, හම්බන්තොට වරායේ වංචාව, සයිටම් වංචාව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වංචාව, නුවර කොළඹ අධිවේගී මාර්ගයේ වංචාව වගේ වංචාවල්. මේ සෑම එකක්ම පිටිපස්සෙ ඉන්නේ අගමැතිවරයාගේ පාර්ශවය. විශේෂයෙන්ම රනිල්-මලික් යුගලය. මේ අය නිතරම අගය කරන සිංගප්පූරු ක්‍රමයට ඔවුන්ට දඩුවම් දිය යුතු බව ජනාධිපතිවරයාට යෝජනා කරනවා. මේ අය කරන කැත වැඩ ඔක්කෝටම වගකියන්න වෙන්නේ ජනාධිපතිවරයාට. මම දන්නේ නෑ. මම දැනගෙන හිටියේ නෑ කියන්න එතුමට බෑ.

2005 මහින්ද රාජපක්ෂට බලය දුන්නේ ජනතාව යුද්ධය නවත්වන්න. 2010 දී ෆොන්සේකා මහත්තයා දූෂණය නවත්වන්න කතාකරද්දි ආපහු රාජපක්ෂ මහත්තයට ජනතාවර වරම දුන්නේ රට සංවර්ධනය කරන්න. 2015 දී රාජපක්ෂ මහත්තයා තවදුරටත් සංවර්ධණය ගැන කතාකරද්දි සිරිසේන මහත්තයට ජනතාව ජනාධිපතිවරයා ලෙස හැට දෙලක්ෂයක ජනවරම දුන්නේ දූෂණය වංචාව නවත්වන්න. ඒ ජනවරමට රුපියලක හෝ මුදලක් දූෂණය වංචාවට ලක්කරන්න හෝ ඊට ඉඩ දෙන්න අයිතියක් නෑ. අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් තේරුම්ගත යුතුයි 2015 අගෝස්තුවේ අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 113 ක නැතිනම් බහුතර බලය නොලැබුණු බව. එහෙමනම් මොවුන් කලයුතු වන්නේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු ඉටුකිරීමයි. එය ඉටුකරන්න අගමැතිවරයාගෙන් දායකත්වයක් ලැබෙන්නේ නැත්නම් අපි යෝජනා කරනවා ජනාධිපතිතුමාට අගමැතිවරයා ඉවත් කරලා සුදුසු අගමැතිවරයෙක් පත්කරගෙනහරි හැට දෙලක්ෂයේ ජනවරමට සාධාරණය ඉටුකරන්න.

එහිදී අදහස් දැක්වු සම කැදවුම්කරු ඩිලංක වීරකෝන් මහතා,

මේ ආණ්ඩුවේ ඉන්න ජනතා කැමැත්තකින් පාර්ලිමේන්තුවට එන්නෙ නැතුව ලයිස්තුවලින් ආපු ඇතැම් ඇමතිවරු කරන දේවල් ජනවාරි 08 හැට දෙලක්ෂයේ ජනවරමට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධයි. දැන් කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව විකුනන්න සුදානමක් තිබෙනවා. ඒ ආයතනය සම්පූර්ණයෙන්ම ලාබ ලබන ආයතනයක්. මේ ගනුදෙනුව පිටුපස ඉන්නෙත් මලික් සමරවික්‍රම ඇමතිවරයා. මේ පිළිබද සවිස්තර හෙලිදරව්ව මීලග සතියේ සිදුකරනවා.අපි ජනාධිපතිතුමාට කියනවා රටේ සම්පත් ආයතන වෙන්දේසි කරන්න මලික් සමරවික්‍රමට තිබෙන වරම මොකක්ද? මලික් සමරවික්‍රම ඇමතිවරයා සිහි විකලෙන් කරන දේවල් දිහා තවතවත් බලා ඉන්න ඔබතුමන්ට සදාචාරයක් නෑ. මේවාට එරෙහිව වහා කටයුතු කරන්න.

– ඩී.කේ.තන්ත්‍රීගේ

3 Responses to “රනිල්- මලික් ඇතුළු දූෂිතයින්ට සියදිවි නසාගැනීම හෝ හිර ගෙදර තෝරා ගැනිමට ඉඩ දෙන්න..”

  1. dhane Says:

    අපි ජනාධිපතිතුමාට කියනවා රටේ සම්පත් ආයතන වෙන්දේසි කරන්න මලික් සමරවික්‍රමට තිබෙන වරම මොකක්ද? It is wastage of time telling anything to this puppet President. He can do nothing. I remember once MS remarked that he is the person who is getting scolded by media & Facebook etc. No doubt. Parents & Teachers do scolding children when they do wrong. So its obvious SM get scolding when he do wrong things & do nothing. There is hardly anything SM did correctly. Even appointing Presidential Commission SM did as he had no other option due to public opinion. What MS did was dissolving the Parliament just before COPE report present to Parliament and did not kicked out & arrest Mahendran from CB until his total period was over. Up to date no arrest or impound of anybody’s Passport.

  2. Christie Says:

    මොනවද මේ කියන කතා. ඥන කතා වගේ.

    අටලක්සයක් වගෙ ඉන්දියානු පරපෝසිත චන්ද කුට්ටියෙන් තමයි මේගොල්ල ආවේ.

    එකම ඉන්දියානු පරපෝසිත්යෙක්වත් හොර බොරු වන්චා කරන්නෙ නැහැ වගේ.

    ඒස්වරන්ලා කුඩුගේනවා, මහෙන්ද්‍රන්ලා රජයේ මුදල් ප්‍රෝඩාකරනවා.

    ඒ ගොල්ල නෙ මේ කොලනිය ගෙනියන්නෙ.

  3. ranjit Says:

    When you have a spineless President what can you expect from him? Oh my god what is this president going to do to our country? Is he so dumb to listen to this UNP gay clan anymore? Two different characters, two different mind set, two different attitudes what else two different families one from a walawwa class and one from a native class although he is more richer now than before due to shady businesses his mafia family inherited through out the years thru rice, sand, metal etc. He is a story teller. His words are useless because no one listens. Every promise he made during elections was bogus. He is the one who said Maharajano to his boss after the LTTE war victory. Anyway this unpredictable couple must be sent packing soon before they eat and destroy our beloved nation from outside leechers and hypocrites. President must use his power to ban all foreign NGO’s who poisoning our population with corrupt practices without using his powers to sack good politicians who openly oppose the way he runs the government. It’s time other politicians to follow the latest victim of the Yamapalanaya.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress