බැඳුම්කර කොමිසමේ සත්‍ය සෙවීම…
Posted on October 12th, 2017

fea8 1

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාක්‌ෂි විභාගය හරහා එම ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවලට අදාළ මෙතෙක්‌ හෙළිදරව් නොවූ අලුත් කරුණ රැසක්‌ ද හෙළිදරව් විය. ඒ සියල්ල ජනමාධ්‍ය හරහා මහජනතාවටද සන්නිවේදනය වුයේය. ජනමාධ්‍ය නොවන්නට ඒ තොරතුරු, සමාජගත වී මෙතරම් අවධානයක්‌ මේ බැඳුම්කර ජනාධිපති කොමිසම වෙත යොමු වන්නේ ද නැත. එසේම ජනමාධ්‍ය නොවන්න මේ ජනාධිපති කොමිසම පත් කිරීම තබා අඩුතරමේ මේ බැඳුම්කර මගඩිය හෙළිදරව් නොවන්නට ද ඉඩ තිබිණි. ඒ නිසා මේ සිද්ධිය මුලින්ම මහජනතාවට හෙළිදරව් වූයේ ජනමාධ්‍ය හරහාය. එහෙත් මෙය යට ගසා මීට වගකිව යුත්තන් ආරක්‌ෂා කිරීමට පැවැති සියලු උත්සාහයන් ගැනද මහජනතාව දනී. ඒ ගැන නැවත නැවතත් කීමට ද අවශ්‍ය නැත. මේ පසුබිම තුළ මේ කොමිසම දෙස ද මහජනතාව පූර්ණ විශ්වාසයෙන් බලනු ඇතැයි සිතිය නොහැකිය. මේ සිද්ධිය යටපත් කිරීමට පැවැති බලවත් උත්සාහයක්‌ නිසාම යුක්‌තිය ඉටුවීම සම්බන්ධයෙන් මහජනයා තුළ සැකසංකා තිබීම අතිශයින් ස්‌වභාවිකය. මේ අතර කොමිසමේ ප්‍රසිද්ධ සාක්‌ෂි විභාගය හෙට (13 දා) දින අවසන් විමට ද නියමිතය. ඉන්පසු කොමිසමේ වාර්තාව සාම්පාදනය කර එය ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මේ කොමිෂන් සභා වාර්තාවේ කවරක්‌ සඳහන් විය හැකි නමුත් බැඳුම්කර කොමිසමේ සාක්‌ෂි විභාගය හරහා මහජනතාවද විවිධ විනිශ්චයන්ට එළඹෙනු ඇත. කොමිසම ක්‍රියාත්මක වූ ආකාරය ගැනද මහජන විනිශ්චයට භාජනය වනු ඇත. ඒ අනුව මේ ජනාධිපති කොමිසමට වැය වූ මහජන මුදල්වලට සාධාරණයක්‌ වූයේද යන්න ගැනත් රටේ අතිමහත් බහුතර බදු ගෙවන ජනතාව විසින්ම විනිශ්චය කරනු ඇත.

fea8 2භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කරන සෘජු නිකුතු ක්‍රමය (Direct placement) නවත්වා පූර්ණ වෙන්දේසි ක්‍රමයට (Auction only method) ගමන් කිරීම සඳහා තමාට උපදෙස්‌ දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී ජ්‍යෙෂ්ට අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා විසින් අසන ලද ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගත්තේය. අගමැතිවරයා ඇත්ත වශයෙන්ම එවැනි උපදෙස්‌ දුන්නේද නැද්ද යන්න අප හරියටම දන්නේ නැත. එය විමසිය යුත්තේ අගමැතිවරයාගෙන් මය. එහෙත් අගමැතිවරයා එවැනි උපදෙසක්‌ දුන්නාද යන්න ගැන සැක මතුවන කාරණයක්‌ ද කොමිසමේදී අනාවරණය විය. එනම් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ෂහීඩා වාරි මහත්මිය ඉකුත් ඔක්‌තෝබර් 10 දින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අමතමින් ප්‍රකාශ කළේ 2015.02.27 දින සිට මහ බැංකුව විසින් මහේන්ද්‍රන් මහතාගේ උපදෙස්‌ මත ක්‍රියාත්මක කළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ පූර්ණ වෙන්දේසි ක්‍රමය ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළට නොගැලපෙන බවයි. ඒ අනුව වර්තමාන මහ බැංකු මුදල් මණ්‌ඩලය විසින් භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක්‌ 2017 ජුලි මාසයේ සිට හඳුන්වා දී ඇතැයි ද එය අදියර තුනකින් සමන්විත හයිබ්‍රිඩ් (මිශ්‍ර) ක්‍රමවේදයක්‌ බවද ප්‍රකාශ කළ රජයේ අධිනීතිඥවරිය ඊට අදාළ මහ බැංකුවේ මුදල් මණ්‌ඩල පත්‍රිකා ද කොමිසමට ඉදිරිපත් කළාය. ඒ අනුව දැන් තවදුරටත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ක්‍රියාත්මක කළ පූර්ණ වෙන්දේසි ක්‍රමය දැන් ක්‍රියාත්මක නොවේ.

fea8 3එසේ නම් මින් පැහැදිලි වන්නේ කුමක්‌ද? 2015.02.27 දින සිට මහ බැංකුව පූර්ණ වෙන්දේසි ක්‍රමයට ගමන් කළේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව බව සත්‍යයක්‌ නොවන බව නොවේද? එසේ නම් රජය වෙනස්‌ වීමකින්ද තොරව, අගමැතිවරයා වෙනස්‌ වීමකින්ද තොරව මහ බැංකුව භාර ඇමැතිවරයා වෙනස්‌ වීමකින්ද තොරව මහ බැංකුවේ වර්තමාන මුදල් මණ්‌ඩලය විසින් අර්ජුන මහේන්ද්‍රන් මහතා දියත් කළ පූර්ණ වෙන්දේසි ක්‍රමය නවත්වා නව හයිබ්්‍රඩ් ක්‍රමවේදයක්‌ හඳුන්වා දීමට ක්‍රියා කරයිද? මහ බැංකුව අයත් වන්නේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයටය. එහි ඇමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාය. රනිල් වික්‍රමසිංහ මහතාගේ අමාත්‍යාංශය යටතේම මහ බැංකුව පවතිද්දී අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් අගමැතිවරයාගේ උපදෙස්‌ මත යෑයි කියමින් හඳුන්වා දුන් පූර්ණ වෙන්දේසි ක්‍රමය දැන් නවතනු ලැබ ඇත. එසේ නම් අර්ජුන් මහේන්ද්‍රන් 2015.02.27 දින සෘජු නිකුතු ක්‍රමය නවත්වා පූර්ණ වෙන්දේසි ක්‍රමයකට ගමන් කළේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව හෝ අගමැතිවරයාගේ උපදෙස්‌ අනුව බවට කියන කතාව පිළිගත හැක්‌කක්‌ද? මේ ගැන අගමැතිවරයාගෙන් විමසා අවශ්‍ය නම් තවදුරටත් සත්‍ය තහවුරු කරගත හැකිය. එය එක්‌ අතකින් අගමැතිවරයාටද සාධාරණය ඉටු කිරීමකි. ඒ නිසා අවශ්‍ය නම් අගමැතිවරයා කොමිසම හමුව කැඳවා ඒ සත්‍ය දැනගත හැකිය. එහෙත් කොමිසම අගමැතිවරයාගෙන් මේ ගැන විමසන්නේ නැත්නම් මේ සම්බන්ධයෙන් මහජනයාට එළඹිය හැකි විනිශ්චය වන්නේ 2015.02.27 දින මහ බැංකුව පූර්ණ වෙන්දේසි ක්‍රමයට ගමන් කළේ තනිකරම අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ වුවමනාව මත පමණක්‌ බව නොවේද? අනිත් අතට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය තීරණය කර ඇත්තේ කිසිම අවස්‌ථාවක සෘජු නිකුතු ක්‍රමය නැවැත්වීමට මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් තීරණයක්‌ ගෙන නොමැති බවයි. එය කොමිසමේ සාක්‌ෂි විභාගයේදී ප්‍රකාශ වූ කරුණකි. එය පෙරේදා (10 දා) කොමිසමේ සාක්‌ෂි විභාගයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාද ප්‍රකාශ කළේය.

කරුණු මෙසේ වුවත් සෘජු නිකුතු ක්‍රමය නැවැත්වීමට උපදෙස්‌ දුන්නේ අගමැතිවරයා බවට අර්ජුන මහේන්ද්‍රන් මහතා කොමිසමට ප්‍රකාශ කොට ඒ බව මාධ්‍ය හරහා මහජනයාට සන්නිවේදනය වීමත් සමඟ ජනසමාජයේ ඇතැම් අය අපගෙන් විමසන්නට වූයේ කොමිසමට අගමැතිවරයා කැඳවන්නේ කවදාද යන්නයි. ‘ඒක නම් හරියට දන්නෙ නෑ’ යන්න ඔවුන්ට දීමට අපට තිබුණු උත්තරයයි. අර්ජුන මහේන්ද්‍රන් මහතා දුන් සාක්‌ෂිය පමණක්‌ නොව අගමැතිවරයා සාක්‌ෂිකරුවකු ලෙස මේ කොමිසමට කැඳවීමට අත්‍යවශ්‍ය බවට පැවසිය හැකි කරුණු ගණනාවක්‌ තිබිණි. මේ කොමිසමේ විමර්ශන කාලය තුළ මහ බැංකුව භාරව සිටි ඇමැතිවරයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු රටේ අගමැතිවරයා බව වෙනම කතාවකි. මේ නිසා ජන සමාජය තුළ ඉමහත් ආන්දොaලනයට තුඩුදුන්, රටේ විශාලතම මහජන මුදල් මංකොල්ලය බවට චෝදනා එල්ල වී ඇති මේ ප්‍රශ්නගත බැඳුම්කර නිකුතු සම්බන්ධ ප්‍රශ්නය ගැන මහ බැංකුව භාර අමාත්‍යාංශය ලෙස කවර පියවර ගනු ලැබුවේද යන්න දැනගැනීම මේ කොමිසමට වැදගත් විය හැකි බව අපේ හැඟීමයි. එය මේ කොමිසමේ විෂය පථයෙන් පරිබාහිර දෙයක්‌ද? කොමිසමේ සාක්‌ෂි විභාගය අතුරතුරද ඇතැම් විට ප්‍රකාශ වූයේ කොමිසමට පුද්ගලයන් වැදගත්a නොවන බවත් කොමිසමට වැදගත් වන්නේ කරුණු (Faජඑs) පමණක්‌ බවත්ය. එහෙත් කොමිසමේ ඇතැම් ක්‍රියාකලාපයන් අනුව මේ ගැනද මහජනයා විසින්ම විනිශ්චය කරනු ඇත.

2015.03.17 දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක්‌ කළේය. එහි කොටස්‌ උපුටා දක්‌වමින් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඇසූ ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු ලෙස අර්ජුන මහේන්ද්‍රන් මහතා පෙරේදා (10 දා) කොමිසම හමුවේ ප්‍රකාශ කළේ ‘එය අගමැතිගෙන් අසන්න’ කියාය. එසෙම් ලිවේරා මහතා ඇසූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මහේන්ද්‍රන් මහතා කීවේ ‘අගමැතිවරයා වෙනුවෙන් තමාට පිළිතුරු දිය නොහැකි බවයි.’ එසේ නම් අර්ජුන මහේන්ද්‍රන් මහතාම පවසන පරිදි රජයේ නීතිපති දෙපාර්තමේන්තුව අසන ඇතැම් ප්‍රශ්නවලට පළිතුරු දිය යුත්තේ අගමැතිවරයා බව කියන්නේ අන් කිසිවක්‌ අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින්මය.

එසේ නම් ඒ ගැන නොවිමසා කොමිසමට පූර්ණ සත්‍ය දැන ගත හැකිද? ඒ ගැන නොවිමසා මේ කොමිසමේ සත්‍ය සෙවීම (Faජඑ Fසබාසබට) හරිහැටි කරන්න පුළුවන්ද? අර්ජුන ඇලොසියස්‌ මේ කොමිසමට නොකැඳවා මේ කොමිසමේ අරමුණ ඉටුකර ගන්න පුළුවන්ද? කොමිසම දැනට ලබාගත් සාක්‌ෂි මත හා ඇතැම් අත්‍යවශ්‍ය සාක්‌ෂි නොමැතිව මේ සත්‍ය සෙවීමේ කාර්යය පිළිගත හැකි පරිපූර්ණ එකක්‌ වනු ඇතිද? මේ සියල්ල මහජන විනිශ්චයට භාජනය වනු ඇති බව නිසැකය.

මේ අතර ඊයේ (11 දා) කොමිසම හමුවට පැමිණි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු දෙපළක්‌ වන මලිත් සමරවික්‍රම සහ කබීර් හෂිම් යන දෙදෙනාම කීවේ 2015.02.26 දින මහ බැංකුවෙදී පැවති උදැසන රැස්‌වීමට තමන් සහභාගි වූ නමුත් එහිදී 2015.02.27 දින පැවැත්වීමට නියමිතව තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය ගැන කිසිවක්‌ සාකච්ඡා නොවූ බවයි. එසේම එහිදී මාර්ග සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය වූ රු. බිලියන 15 ක පමණ මුදල රැස්‌කරගන්නා ආකාරයට අදාළ තීරණ කිසිවක්‌ නොගත් බවද ඔවුහු කොමිසමට කීහ. 

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ඊ. පී. එෆ්. – ඊ. ටී. එෆ්. රහස්‌ තොරතුරු දුන් අයට පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ තෑගි දීලා

ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන
 
 සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඇතුළු ස්‌ථානවල සිටින නිලධාරී න් භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනු සිදුකිරීම සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට ලබාදුන් අභ්‍යන්තර රහස්‌ තොරතුරු වෙනුවෙන් වරින් වර විශාල මුදල් ගෙවීම් සිදු කළ බව පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනදෙනුකරු නුවන් තිළිණ සල්ගාදු මහතා ඊයේ (12) බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තේය. 
 
 තම අභ්‍යන්තර තොරතුරු සැපයූ පුද්ගලයන් තිදෙනෙකුට චාලි (Charli) කාර් (Car) සහ ටැන්ගෝ (Tango) යන අන්වර්ථ නාමයන්ගෙන් මේ ගෙවීම් සිදු කළ බව ද සල්ගාදු මහතා කොමිසමට හෙලි කළේය.
 
 2015 සැප්තැම්බර් මාසයෙන් පසු මේ පුද්ගලයන්ගෙන් චාලි ලෙස හැඳින්වූයේ සේවක අර්ථසාධක අරමුදලේ ඉන්දික ස මන් කුමාර නමැත්තා බවද ඒ මහතා කීවේය.

5 Responses to “බැඳුම්කර කොමිසමේ සත්‍ය සෙවීම…”

  1. Senerath Says:

    භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කරන සෘජු නිකුතු ක්‍රමය (Direct placement) නවත්වා පූර්ණ වෙන්දේසි ක්‍රමයට (Auction only method) ගමන් කිරීම සඳහා තමාට උපදෙස්‌ දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී ජ්‍යෙෂ්ට අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා විසින් අසන ලද ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගත්තේය.

    Even if PM has done that ( whether he is allowed to do that or not is a different matter), it appears a better method than ‘Direct Placement’ , on surface. But when these PAL Horu manipulate all the institutions involved it becomes the best method of decieving public.
    Going with further evidence of behaviour of PM at the cabinet and parliament (defending the now proven crooks), he MUST BE IN JAIL ( sorry hospital) NOW.

  2. dhane Says:

    එහෙත් කොමිසමේ ඇතැම් ක්‍රියාකලාපයන් අනුව මේ ගැනද මහජනයා විසින්ම විනිශ්චය කරනු ඇත. This what exactly going to happened. Like many other reports and commission reports it will be ONLY a book of event recorded end-up in dust bin wasting public money.

  3. Senerath Says:

    ANOTHER PROOF THAT ALL ARE PAL HORUS, BLOOD SUCKERS OF PEOPLE

    2014 දීත් පර්පෙචුවල් තොරතුරු දුන් අයට මිලියන 94 ක්‌ ගෙවලා

    ශ්‍යාම් නුවන් ගනේවත්ත – සරත් ධර්මසේන

    2014 වසරේ ජුලි සිට දෙසැම්බර් කාලය තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අභ්‍යන්තර රහස්‌ තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට රුපියල් මිලියන 94 ක්‌ වැනි විශාල මුදල් ගෙවීමක්‌ එම සමාගම විසින් ගෙවා ඇති බව පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු නුවන් සල්ගාදු මහතා ඊයේ බැඳුම්කර ජනාධිපති කොමිසමේ දී හෙළි කළේය.

    වරින් වර අවස්‌ථා 18 කදී මේ ගෙවීම් සිදුකර ඇති බවද සල්ගාදු මහතා කීවේය.

    ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා මේ බැව් කීවේය.

    මේ ගෙවීම් 2014 වර්ෂයේ සිදුවී ඇත්තේ නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිව සිටි කාලයේ දීයි. එම මුදල් ගෙවීම් ඒ ආකාරයටම 2015 වර්ෂයේදීද ඉදිරියට සිදුවූවා දැයි විනිසුරු ජයවර්ධන ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා කීවේ දිගටම එම ගෙවීම් සිදුවූ බවද චාලි නමින් හඳුන්වන තැනැත්තාට විශාල ගෙවීම් සිදුකර ඇති බවද සල්ගාදු මහතා කීවේය.

  4. Ratanapala Says:

    There is enough evidence before the public as well as in front of the law enforcing authorities to arrest and remand several individuals pending further investigations and subsequent trials before courts of Law. There is enough material now in the public sphere for the Attorney General’s Office to file charges against all those implicated, as the money involved run into Billions. It is only the other day at Hambantota several were arrested and put in remand prison for damaging public property.

    The reasons as to why this has not been done, now even after nearly two and half years since the first scam coming to light is a mystery. Or is it really a mystery knowing the forces at play? The perpetrators of the crime went onto a repeat performance on 29 March and 31 March 2016.

    The people, the citizenry of Sri Lanka has been robbed and now they are paying for the losses through higher taxes, increased interest rates, the sale of national assets etc. Apparently every single individual in Sri Lanka – now over 22 Million are indebted to the tune of Rs 50,000 because of this day light robbery. This is public money, public property and as far as I know non-bailable offenses.

    The people of Sri Lanka are waiting with baited breath when among others those named as AA, AM, RK, Hon RW, Little Johnny, Kanishka etc will be arrested and arraigned for the alleged crimes.

  5. Senerath Says:

    Now, watch out ! International Pal Hora Bank Robber , Chairman of LITRO Gas was a political appointee by Rob Karunanayagam. LTRO GAS is 100% owned by Insurance Corporation ( which is run by public paying their insurance premiums , including myself.)

    රවිගේ මස්සිනා රක්ෂණ සංස්ථාවේ තනතුරෙන් ඉවත්වෙයි

    By mawbima 2017-10-15

    චාමර අමරසූරිය

    ත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සම කළමනාකාර අධ්‍යක්ෂ ධුර දැරූ ටී.එම්.ආර්. බන්සජයා සහ අරුණ සිරිවර්ධන යන මහත්වරුන් එම ධුරවලින් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බව රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශය පවසයි.

    ටී.එම්.ආර්. බන්සජයා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතාගේ මස්සිනා බවද වාර්තා වෙයි.
    එක්සත් ජාතික පක්ෂය බලයට පත් වී දින සියයේ ආණ්ඩු සමයේ ඔහුව මේ තනතුර සඳහා පත් කර ඇත්තේ රවි කරුණානායක මහතා විසින් බවද සඳහන්ය.
    ආර්ථික කළමනාකරණ කැබිනට් කමිටුවේ තීරණයකට අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සම කළමනාකරණ අධ්‍යක්ෂ ධුර අහෝසි කරමින් විධායක අධ්‍යක්ෂ ධුරයක් පමණක් පවත්වාගෙන යන්නට ලබාදුන් උපදෙස්වලට අනුව නව විධායක අධ්‍යක්ෂ ධුරය සඳහා නිලූ විජේදාස මහතා පත් කර ඇත. එසේම රක්ෂණ සංස්ථාවේ නව අධ්‍යක්ෂවරයකු ලෙස සාදි ඩාවුඩ් මහතාද පත් කිරීමට පියවර ගෙන ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress