ජනතා පරමාධිපත්‍ය මෙහෙයවන ආර්ථික තරංග මාලාව
Posted on October 17th, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ

පසුගිය ලිපියේ අප මෙසේ සටහන් කළෙමු.

රට පාලනය කරන්නේ, මාසිකව මේ රුපියල් බිලියන 250ක මුදල හසුරවන බලවේගයයි.
මේ මුදල හැසිරවීමේ කාර්යය මෙරට පරමාධිපත්‍ය අතට ගත්විට රට පාලනය කරන්නේ ජනතාවයි. මේ මුදල් රජයට දෙන ජනතාවට එය දෙන ආකාරය හැසිරවිය හැක.

1.සෑම මසකම ඩොලර් මිලියන් 600ක් මෙරටට එවන ජනතා පරමාධිපත්‍යට එය එවන ආකාරය හැසිරවිය හැක.
2.තමන්ගේ මුදල් බැංකුවට දමන ජනතා පරමාධිපත්‍යට  එය දමන ආකාරයද හැසිරවිය හැක.
3.තමන්ගේ මුදල් බැංකුවෙන් ගන්නා ජනතා පරමාධිපත්‍යට  එය ගන්නා ආකාරයද හැසිරවිය හැකිය.
4.විදුලි බිල ගෙවන ජනතා පරමාධිපත්‍යට  එය ගෙවන ආකාරයද හැසිරවිය හැකිය.
5.වතුර බිල ගෙවන ජනතා පරමාධිපත්‍යට  එය ගෙවන ආකාරයද හැසිරවිය හැකිය.
6.ටෙලිෆෝන් බිල ගෙවන ජනතා පරමාධිපත්‍යට  එය ගෙවන ආකාරයද හැසිරවිය හැකිය.
7.ලොතරැයි මිලදී ගන්නා ජනතා පරමාධිපත්‍යට  එය මිලදී ගන්නා ආකාරයද හැසිරවිය හැකිය.

අප ප්‍රධාන දේශප්‍රේමී දේශපාලන බලදහරාවන්ගෙන් ඉල්ලා සිටින්නේ, මේ ජාතික විමුක්ති අරගලයට රටේ සෑම සියලුදෙනවම කොටස් කරුවන් කරගත හැකි ක්‍රමවේදයක් නිර්මාණය කරන ලෙසයි. ඒ සදහා අප යෝජනා කරන එක ක්‍රමයක් වන්නේ, රජයට ගෙවීම් කිරීමේ නව සංස්කෘතියක් ආරම්භ කරණ ලෙසයි. ඒ අනුව අප යෝජනා කරනුයේ, දැනට මාසිකව සිදුකරන ගෙවීම රටාව නවතා දමා, ජනතාව විසින් සිය ගෙවීම් මාස දෙකකට වරක් සිදු කිරීමේ ක්‍රමවේදයක් එනම් නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට ජනතාවට උපකාරී වෙන ලෙසයි. මේ අනුව,

1. ජනවාරි මාසය කිසිදු ගෙවීමක් නොකරන මාසයක් ලෙස නම්කරන අතර,
2. පෙබරවාරි මාසයේ 1වෙනිදා සිට 10 වෙනිදා අතර කාලය තුලදී, සියලුම ගෙවීම් සිදු වේ.
3. මාර්තු මාසයේදී, කිසිදු ගෙවීමක් නොකරන මාසයක් ලෙස නම් කරන අතර,
4.අප්‍රේල් මාසය 1 වෙනිදා සිට 10 වෙනිදා අතර කාලය,තුලදී, සියලුම ගෙවීම් සිදුවේ.
5. මැයි මාසය කිසිදු ගෙවීමක් නොකරන මාසයක් ලෙස නම් කරන අතර,
6, ජුනි මාසය 1 වෙනිදා සිට 10 වෙනිදා අතර කාලය තුලදී සියලුම ගෙවීම් සිදුවේ.
7. ජුලි මාසය කිසිදු ගෙවීමක් නොකරන මාසයක් ලෙස නම් කරන අතර,
8. අගෝස්තු මාසය 1 වෙනිදා සිට 10 වෙනිදා අතර කාලය තුලදී,සියලුම ගෙවීම සිදුවේ.
9. සැප්තැම්බර මාසය කිසිදු ගෙවීමක් නොකරන මාසයක් ලෙස නම් කරන අතර,
10.ඔක්තෝම්බර් මාසය 1 වෙනිදා සිට 10 වෙනිදා අතර කාලය තුලදී සියලුම ගෙවීම් සිදුවේ.
11. නොවැම්බර් මාසය කිසිදු ගෙවීමක් නොකරන මාසයක් ලෙස නම් කරන අතර,
12 දෙසැම්බර් මාසය 1 වෙනිදා සිට 10 වෙනිදා අතර කාලය තුලදී, සියලුම ගෙවීම සිදුවේ.

මේ ගෙවීම් ක්‍රමය ජනතාවට හදුන්වා දුන්විට සිදුවන්නේ කුමක්ද?

1. රජයට අයවිය යුතු සියලුම මුදල් මාස දෙකකට ලැබීමයි.
2. මේ මුදල් ගෙවීමට යන ජනතාවගේ ගමන් ගාස්තු 50% කින් අඩුවීමයි.
3. මේ මුදල් ගෙවීමට යන කාලයෙන් 50% ඉතිරිකර ගත හැකිවේ.
4. දිනපතා හොරකම් කරන රාජකීය හොරුන්ට යම් වාරණයක් ගොඩනැංවීමයි.
5.රජය ජනතාව මේ මුදල් දෙනතුරු බල සිටින්නාගේ තත්වයට පත් කිරීමයි.

58 ලක්ෂයක් වූ මේ රජයට එරෙහි ජනතාව මේ කාර්යට හුරුකරගත් විට ලෝක බැංකුවටත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලටත්, වඩා  බලවත් ජනතා බලකායක් නිර්මාණය වේ. ඒ ජනතා බලකායේ කොන්දේසිවලට  අනුව රජය හැසිරවිය හැක. එම නිසා එළබෙන ජනවාරියේ සිටම මේ කාර්යය නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන ලෙස ඉල්ලා සීමට අපට සිදුවේ.

අප මෙය හදුන්වන්නේ,ජනතා පරමාධිපත්‍ය විසින් හසුරවනු ලබන ආර්ථික තරංග මාලාව ලෙසය..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress