ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
Posted on December 9th, 2017

චාර්ල්ස් එස් පෙරේරා විසින්

2015  ජනවාරි 16 වනදා  ජනාධිපති  මහින්ද රාජපක්ස මැතිතුමා,  ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ සභාපතිත්වය,  එස් ඩබ්ලියු ආර් ඩී බණ්ඩාරනායක  මැතිතුමන් විසින් ප්‍රගතිසීලි නොවන  දේශපාලන පක්ෂයක් හැටියට සලකනලද  එක්සත් ජාතිකපක්ෂයෙන්  හා ඊට සම්බන්ධවූ දේශපාලන පක්ෂ විසින් තෝරාගත්  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට පැවරීමෙන්, ලංකාවේ පංච මහා බලවේගයන්ට තමන්ගේ දේශපාලන පක්ෂය අහිමිවූයේය.

ඒ වෙනුවට නව දෙශපාලන පක්ෂයක අවශ්‍යතාවය පිරිමසන්නට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුශාකත්වයෙන් හා ජී ඇල් පීරිස් මැතිතුමාගේ සභාපතිත්වයෙන් දෙශ පාලන පක්ශයක ශක්තියක් නොමැතිව අනාතවසිට්ය ලාංකික පන්චමහාබලවේගයන්  සඳහා දෙශපාලනමය ශක්තියක්  ලබාදීමට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීම ඉතාමත් කාලෝචිතය.

එස් ඩබ්ලියු ආර් ඩී බණ්ඩාරනායක  මැතිතුමන්ගේ ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයෙ අන්තර්ගත  දේශපාලන දැක්ම මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණතුල අන්තර්ගතව  ඇති බැවින්,  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නායකත්වයදෙන ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය අලියාගේ පුකෙන් වැටුණු දිවුල්ගෙඩියක්මෙන් හිස්ය.

ළඟ අනාගතයේදී  පවත්වනවායයි කියන ප්‍රාදේශීය සභා චන්දයට පොදූජනපෙරමුනෙන් එදිරිපත්කරන සභිකයන්ට චන්දයදීමෙන් රට අගාදියකට ඇදදමාගෙන යන ඉලව් යහපාලන ආණ්ඩුවට අනතුරුහැඟවීමක් කලහැකිය.

පොදූජනපෙරමුනෙ අපේක්ෂකයින්ට අපහසුතාවයන් ඇතිකිරීමට සිරිසෙන-රනිල් දෙපල අනොමය උත්සාහයක් ගන්නවා ඇත. ඊට මුහුණදීමට ජනතාව දැන්මම සුදානම් විය යුතුය. මේ සඳහා මුන්ගේ පළමුවන උත්සහායවෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත්, පොදුජනපක්ෂ නායකයින්ගේත්, ඒකාබද්ධ විපක්ෂනායකයින්ගේත් චරිත ඝාතනයන් විශාල ලෙස ගෙනයාමයි.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සුපුරුදු 2015 අගෝස් තුමාසයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට, ඔබ දිනුවත් අගමැතිකම ඔබට නොදෙමෙයි වශයෙන් ලියු තර්ජනාත්මක ලිපි මෙවරද ලිවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙළඹීමට ඉඩ නැතිවා නොවේ.

මේවාට පොදුජනතාව රැවටිය නොයුතුයි. සිරිසෙන-රනිල්ගෙ යහපාලනය තක්කඩි හොරුබවට කරුනුකාරනා දැනටමත් එළිවී තියෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා  හෝ පොදුජනපක්ෂ නායකයින් හෝ ඒකාබද්ධ විපක්ෂනායකයින්ගේත් හොරකම් ගැන ගෙන යන චරිත ඝාතන, හා මඩගැසීම් කිසිම සාක්කි නැතිව කරන බොරු ප්‍රචාරයන්ය. 

මොවුන් කවරෙක්වත්  බටලන්දේ කොමිසන්  වාර්තාව වැනි කොමිසන් වාර්තාවකින්  මිනීමරුවන් හෝ මැරවරයින් බවට සඳහන්වී නැත.

සමහරක් ඊනියා දේශපාලන විචාරකයින් හා මද්‍යස්ථ මාද්‍යවෙදීන්යයි කියාගන්නවුන් කිසිම හේතු සාධක නැතිව කියනවා මහින්ද රාජපක්ෂ රජයකාලයේ මාද්‍ය වෙදීන් බොහෝමයක් මැරුවාය, සුදුවෑන් රථ වලින් මිනිසුන් පැහරගෙනගියාය ආදීවශයෙන්. නමුත් මෑතකදී Lankaweb හී  ශේනාලී වඩුගේ මහත්මිය ලියු ලිපියක ඈ හේතුසහගතව ලීයනවා එක්සත් ජාතික පක්ෂයේ ආන්ඩුකාලවලදී කොපමණක් මාද්‍යාවේදීන් මරාදෑමුවාද කියලා.

එක්සත් ජාතික පක්ෂයේ ආන්ඩු අපෙරටෙ විනාෂමකාරි ආණ්ඩු බවට ඕනෑතරම් සාක්ෂිතියෙනවා. අදත් යහපාලන ආණ්ඩුවේ වඩාත්ම  බලවත් එක්සත් ජාතික පක්ෂයයයි රට විනාෂකිරීමේ ප්‍රතිපත්‍යය ගෙනයන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔවුන්ගේ අතකොලුවක්වී හමාරයි.

මහින්ද රාජපක්ෂ රජයකාලයේ ශ්‍රී ලංකාව අතීශයින් දියුණුවුණා පමණක් නොවේ රට එක්සත්ව, ආරක්ෂිතව, හා සාමයෙන්යුතුව පැවතුන බව නැ කියන්න කිසිවෙකුවටවත් පුළුවන්කමක් නැ.

ඒ නිසා අපේ රට නැවතත් වැටී තිබෙන අගාදියෙන්  මුදවාගෙන, රට එක්සත් කරලා, බෞද්ධ සංස්කෘතික ප්‍රභෝදය ඇතිකරන්නත්, ජාතික සමගිය ඇතිකරන්නත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ සහභාගිත්වය රටට අවශ්‍යයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙමලුන්ටවත් මුස්ලිම් කාරයින්ටවත් විරුද්ධව කටයුතු කළේ නැති බව තතු දන්නවුන් දන්නවා. ඔහු දෙමළ ත්‍රස්තවාදීන්ට විරුද්ධව මිස දෙමළ ජනතාවට විරුද්ධව කටයුතු කලේ නෑ. නමුත්  දෙමළ දේශපාලකයින් හා පිටරටවල සිටින දෙමළුන්, මවාපෙන්නන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිංහල ප්‍රජාවම දෙමල විරෝදීන් හැටියටයි.

ඒ බොරුව එසේ තියෙද්දෙන්,  නමුත් බුද්ධිමත් දෙමළ මුස්ලිම් ජනතාව මේ බොරුමගඩිවලට අසුනොවී සිංහල ජනතාව සමග එක්වී කටයුතු කලයුතු කාලය එළඹී තිබෙන බැවින් ලඟඑන ප්‍රාදේශීය සභා චන්දයට පොදූජනපෙරමුනෙන් එදිරිපත්කරන සභිකයන්ට චන්දය දීමෙන් ලංකික ජනතාවගේ සමගිය තහවුරුකරගන්න බුද්ධිමත් දෙමළ මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලාසිටින්නෙමු.

One Response to “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ”

  1. Senerath Says:

    දෙමල කරදරේ ඉවරයක් කරන්න නම් අපිට ඕනෑ දෙමලුන් ගේ බලුවැඩ වලට නොබියව පහර ගහන නායකයෙක්. අරක දෙනවා මේක දෙනවා කියා චඳ ලෙවකන හිවලුන් නොවෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress