පළාත් පාලන පණතේ විකෘතිය සහ බල අරගලයේ ප්‍රකෘතිය
Posted on March 1st, 2018

මතුගම සෙනෙවිරුවන්

සමානුපාතක නියෝජනය හඳුන්වා දෙමින් මැතිවරණ පැවැත්වීමේ ඉතිහාසය අසූව දශකය තුළින් ඇරඹුණකි. ගම්සභා ක්‍රමය වෙනස් කරමින් දෙමළ බෙදුම්වාදීන් සතුටු කිරීමට ගත් උත්සාහයක් ලෙසට දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ගෙන ආයේ එක්සත් ජාතික පක්ෂයයි. වැඩිකලක් යන්නට මත්තෙන් එයද අසාර්ථක උත්සාහයක් බව තේරුම් ගෙන ග්‍රා මෝද මණ්ඩල ක්‍රමය හඳුන්වා දුනි. පසුව මේ සියළු බලතල එකක් යටතට ගෙන ඒමේ ක්‍රමයක් ලෙසට ප්‍රා දේශීය සභා පණත 1987 දී සම්මත කරගන්නා ලදී.මනාප පොරය ඇරඹුණේ එලෙසයි.සමස්ත බල ප්‍ර දේශයම ආවරණය කරගනිමින් ග්‍රාම රජ්‍යක් නිර්මාණය කිරීම එහි අරමුණ වුවද පක්ෂ දේශපාලකයන්ගේ මැතිවරණ කලාපයක් ලෙසට එම ක්‍රමය විකෘති විය.ගමේ මන්ත්‍රී වරුන් කොන්ත්‍රාත් පස්සේ දුවන පිරිසක් බවටද චන්ඩිකම් මැරකම් වලින් ප්‍ර දේශය බිය ගන්වන පිරිසක් බවටද මේ ක්‍රමය තුළින් ඉස්මතු විය.පොලිසියට මෙන්ම නිළධාරීන්ටද සිය රාජකාරි කිරීමට ඇතැම් මන්ත්‍රීවරු ඉඩ නුදුන්හ.ප්‍රාදේශීය සභාව යනු පළාත් සභාවට යෑමට අවසර පත්‍රයක් සැපයීමක් වුවද පසු කලකදී මේ මන්ත්‍රීවරුන්ද ඉක්මවා පැරෂූට් අපේක්ෂකයන් පළාත් සභාවට පත් විය.මේ තත්ත්වය මත විශේෂයෙන්ම සමානුපාතික නියෝජනයේ තිබෙන බරපතල දුර්වලතා හේතු කොට ගෙන එම ක්‍රමය ඉවත් කොට යළි කොට්ඨාශ ක්‍රමයට පරිවර්තනය වීම සුදුසු යයි සමාජය ඉදිරියේ මතයක් ශක්තිමත් විය.මෙම මතය තහවුරු කරලීමට මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් විය.එහි වාර්තාව 2007 වර්ෂයේදී නිකුත් විය.

        කොට්ඨාශ ක්‍රමය නම් පැරණි ගම් සභා ක්‍රමයයි.එහෙත් එම ක්‍රමයට යෑමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂ අකමැති විය. විශේෂයෙන්ම මිශ්‍ර මන්ත්‍රී සමාන්තර ක්‍රමයකට අකමැති විය.මනාප ක්‍රමයෙන් ලැබෙන බෝනස් ආසන ගම් සභා ක්‍රමයෙන් නොලැබේ. එසේම පක්ෂ පවත්වා ගෙන යෑමේදී පහළම මට්ටමේ සිටින නියෝජිතයන් ගේ දායකත්වයද එලෙසම අහිමි වේ. පළාත් පාලන ආයතනය ඉහළින් සිටින පළාත් සභා සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී වරුන්ට පෝස්ටර් ගසන රැස්වීම් සංවිධානය කරන පිරිසක් එවිට නැතිවේ. ගම්සභා ක්‍රමයට පැහැදිලිවම විරුද්ධත්වය ප්‍රකාශ කරන ලද්දේ දෙමළ සහ මුස්ලිම් පක්ෂයි. තමන් ගේ ජනවර්ග වල ශක්තිය වර්ධනය කර ගැනීමට සමානුපාතික නියෝජනය ඉතා අවශ්‍ය බව ඔවුහු තේරුම් ගෙන සිටියහ.රජය සමග කේවල් කළ හැක්කේ එවැනි නියෝජනයක් තිබීමෙන් බවද අවබෝධ කරගන සිටියහ. එහි අනෙක් පැත්ත නම් උතුරු සහ නැගෙනහිර පළාත් වල කාලයක සිට සිංහල ජනතාව පලවා හැරීමෙන් පසු ඉතිරිවූ ජනගහන ප්‍රතිශතයයි. එය වඩාත් දෙමළ සහ මුස්ලිම් පක්ෂ වලට වාසිදායක විය. එම නිසා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සම්පූර්ණයෙන්ම කොට්ඨාශ ක්‍රමයට පරිවර්තනය වීමට අකැමැත්තක් දැක්වීය. එහි ප්‍රති ඵලය වූයේ මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික ක්‍රමයකට අවශ්‍ය උපදෙස් ලැබීමයි.එය සිදු වූයේ 2015 ජූනි මස 15 දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගිනි.

        කොට්ඨාශ ක්‍රමයෙන් සියයට හැත්තෑවක් සහ සමානපාතික ක්‍රමයෙන් සියයට තිහක් ලෙසට මුල් වාර්තාවෙන් ගණනය වුවද පසුව එම ක්‍රමය වෙනස් කර සියයට හැට සහ හතළිහ බවට පත් කරනලදී. මුල් ක්‍රමයට පක්ෂ නායකයන් එකඟත්ව ඇති කර ගෙන සිටි අතර 2013 වසරේ කොට්ඨාශ සීමා නිර්ණයට ජයලත් රවි දිසානායක මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් ස්ථාපිත කරන ලදී. එම වාර්තාව 2014 දී නිකුත් වූ අතර ගැසට් පත්‍රයට ඇතුලත් කරලදී. නමුත් 2015 වසරේ යහපාලන රජය පත් වූවායින් පසුව පළාත් පාලන සහ පළාත් සභා ඇමති  ෆයිසර් මුස්තාපා විසින් අශෝක පීරිස් මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කර පැවති සීමා නිර්ණය යලි සලකා බලා සංශෝධනය කොට 2017 පෙබරවාරි මසදී ගැසට්ටුවට ඇතුලත් කරන ලදී. මෙම ගැසට්ටුව මගින් සුළු පක්ෂ වලට අවශ්‍ය පරිදි සංශෝධන රැසක් සිදු කර ඇත.එඩේරමුල්ල කොට්ඨාශය අක්බාර් ටවුන් ලෙසට නම් කරන ලද්දේ එම කමිටුව විසිනි.රිෂාඩ් බද්යුදීන් විසින් කපන ලද කල්ලාරු වනාන්තයේ කොටසක්ද ඇතුලත් කර මුසලි ප්‍රාදේශීය සභා අංක 07 කොට්ඨාශය නම් කරන ලද්දේද මෙම කමිටුව විසිනි.එසේම වවුනියාව බෝගස් වැව ගම්මානයට ග්‍රාම නිළධාරි වසමක් පවා නම් නොකර එය වවුනියා උතුර මරුතොඩ වසමට යා කර වවුනියා දකුණ සිංහල ප්‍රා දේශීය සභාවෙන් වෙන් කර ඇත්තේ මුල්සීමා නිර්ණ කමිටුව විසිනි.

       2017 නොවැම්බර් මස 02 දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් පළාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව දක්වා තිබේ. ඒ අනුව කොට්ඨාශ මට්ටමින් තේරී පත් වීම මනාප ලැයිස්තුවෙන් තේරී පත්වීම සහ බෝනස් ආසන එහි දක්වා ඇත. මෙම ගැසට් පත්‍රයේ පළාත් පාලන ආයතන දෙකක් ගැන සඳහනක් නොවීය. එකක් නම් තමන්කඩුව ප්‍රා දේශීය සභාවයි. අනෙක නම් අඹගමුව ප්‍රදේශිය සභාවයි. මේ ආයතන දෙක පිළිබඳව 2017  අශෝක පීරිස් සීමා නිර්ණ කමිටුවේ වාර්තාවේ සඳහන්ය. එහෙත් එය වෙනස් කරමින් නොවැම්බර් 02 දින අති විශේස ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් විය.එයට අනුව අඹගමුව ප්‍රා දේශිය සභාව අඹගමුව නොර්වුඩ් සහ මස්කෙළිය වශයෙන් සභා තුනකටද තමන්කෙඩුව ප්‍ර දේශිය සභාව පොළොන්නරුව ප්‍රාදේශිය සභාව ලෙසටද නම් කෙරිණ. සැබවින්ම මෙම තීරණය සීමා නිර්ණ කමිටුවේ තීරණයක් නොවේ. දැන ගන්නට තිබෙන ආකාරයට  ඔක්තෝබර් අවසන් සතියේ දී තොන්ඩමන් දිගම්බරන් මෙන්ම මනෝ ගනේෂන් වැනි ඇමතිවරු සමග අගමැතිවරයා  කරන ලද සාකච්ඡාවකින් පසු ගන්නා ලද කැබිනට් තීරණයකි. එයට ජනාධිපතවරයාගේද අනුමැතිය හිමිව තිබේ.

      කොට්ඨාශ ක්‍රමයේ අර්බුදය හෙළි දක්වන එක් නිදසුනක් අඹගමුව තුනට කැඩීමෙන් හෙළිදරව් විය. අඹගමුව යනු පැරණි අඹගමු කෝරළය මත නිර්ණය කල අඹගමුව ගම්සභාවේ විකාශනයකි.එහි කොට්ඨාශ ගණන තිස්පහකි. නව සීමා නිර්ණයේදී මන්ත්‍රී කොට්ඨාශ තීරණය කරන කල්හි. අඹගමුව පැරණි ගම්මානයන්ට අදාල වසම් හතරක් හෝ පහක් මන්ත්‍රී කොට්ඨාශයක් ලෙසට ගෙන ඇත. නමුත් නෝර්වුඩ් සහ මස් කෙළිය කලාපයේ සෑම ග්‍රාම වසමකටම මන්ත්‍රී කොට්ඨාශ ලාබ දීමෙන් අඹගමුවට කොට්ඨාශ දහතුනක්ද නොර්වුඩ් වලට දොළසක්ද මස්කෙළියට දහයක් වශයෙන්ද නිර්ණය වී තිබේ.මෙහි ප්‍රතිඵලය කුමක්ද. අඹ ගමුව ප්‍රාදේශිය සභාව පොහොට්ටුව විසින් ජයග්‍රහණය කරන ලදී.ඒ කොට්ඨාශ දහතුනෙන් හයක් ජයග්‍රහණ කරමිනි. එක්සත් ජාතික පක්ෂය ජය ලබා ගෙන තිබුණේ කොට්ඨාශ තුනකින් පමණකි. නමුත් එ.ජා.ප.යට මනාප ලැයිස්තුවෙන් ආසන හතරක් ලැබී තිබේ. එවිට ඔවුන් ගේ සම්පූර්ණ ආසන ගණන 07 කි. පොහොට්ටුවට එවිට හයකි. අවසානයේ මනාප ලැයිස්කුව නිසා එ.ජා.ප.යට එහි බලය පිහිටුවා ගැනීමට හැකිව තිබේ. එසේම හැටන් දික්ඔය නගර සභා සීමාවෙන් වසම් කීපයක් ඉතාමත්ම ජාතිවාදීව කඩා අඹගමුවටත් මස්කෙළියටත් එක් කරලීමට මෙම අති විශේෂ ගැසට් නිවේදනයෙන් උත්සාහ කර තිබේ. ඒ අනුව අඹගමුව තුළ කුකුළාටද ආසන හතරක් ලැබී තිබේ.අවසානයේ කුකුළා නොමැතිව එ.ජා.ප.යටවත් පොහොට්ටුවටත් බලය පිහිටුවන්නට ලැබෙන්නේ නැත.හැටන් දික්ඔය නගර සභාවේ කුකුළා නියෝජනය කරන මන්ත්‍රී වරයාට කෝටි ගණනක් මුදලක් තක්සේරු කර ඇත්තේ එ.ජා.ප. යට බලය පිහිටුවීම පිණිසය.මේ ලෙස දිවයින පුරාම එ.ජා.ප.ය ශ්‍රී ල.නි.ප.ය  සහ කුකුළා එක් කර ගෙන ප්‍රා දේශිය සභාවල බලය පිහිටුවන්නට උත්සාහ දරමින් තිබේ.සේරටම වඩා අර්බුදයක් ව තිබෙන්නේ කාන්තා නියෝජනයයි. එය පක්ෂ නායකයන් ඒකමතිකව ගන්නා ලද අදූරදර්ෂී තීරණයකි. නමුත් එ.ජා.ප.ය කඩිමුඩියේ එම පණත සම්මත කර ගැනීම නිසා නව අර්බුද රැසක් නිර්මාණයව තිබේ.මෙවැනි අර්බුද නිර්මාණය කරලීමට අමාත්‍ය ෆයසර් මුස්තාපා ද වගකිව යුතු බව මෙහිදී සඳහන් කළ යුතුය. ඔහු ජාතිවාදීව කල වෙනස්කම් කිසිවෙකුට සොයා ගන්නට බැරිතරම් සූක්ෂම වී ඇත.

        දැන් පාර්ලිමේන්තුව තුළ තිබෙන බල අරගලය වනාහි වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට යෑමට  තිබෙන අකමැත්ත ප්‍රකාශ කරන්නකි.ඉදිරි පළාත් සභා සීමා නිරණ සහ මනාප ලැයිස්තුව අනුවද නොසිතූ විරූ අර්බුදයක් ඉස්මතු වන විට වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු තමන් එකමුතු වී කල ගොන්කම් ගැන පසුතැවෙන්නට  සිදුවනු ඇත. එහි බර සහ පීඩනය දැනෙන්නේ සමස්ත ජනතාවටයි.විදෙස් අත පෙවීම් සහිත ආරාජික රජයක් කෙරෙහි විශ්වාසය තබනවාට වඩා වෙන විකල්පයකට මේ රට ගෙනියන්නට සිතිවිල්ලක් පහළ කර ගැනීමට අවස්ථාවක් එළඹ තිබෙන බව මේ අනුව කල්පනා වේ.  දළදා වහන්සේ මුදුන් මල් කඩ සේ සලකන රටකට දේශපාලනඥයන් ගෙන ඇති පලේ කුමක් දැයි ඒ අතරම සිතේ.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress