රනිල්, මලික්‌, වික්‍රම, චන්දිමාල් ‘මහපොළ’ටත් වැඩේ දීලා… බැදුම්කර මගඩියට සමවෙයි..
Posted on March 3rd, 2018

lanka C news

බැඳුම්කර වංචාවට සමාන මූල්‍ය වංචාවක්‌ මහපොළ භාරකාර අරමුදලේත් සිදුව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

ශිෂ්‍ය සුබසාධනය වෙනුවෙන් පිහිටුවා තිබෙන මහපොළ භාරකාර අරමුදලේ සිදුවී තිබෙන බරපතළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගත යුතු බවත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ උසස්‌ අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා වෙන් වුණු මුදල් මෙසේ වංචා කිරීම සම්බන්ධව වර්තමාන ආණ්‌ඩුව සෘජුව වගකිව යුතු බවත් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ මූලස්‌ථානයේ 28 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී එසේ කී පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මහපොළ භාරකාර අරමුදල ආරම්භයේ සිට මේ දක්‌වාම මහපොළ භාරකාර අරමුදලේ පනතින්ම අයත්ව තිබුණේ වෙළෙඳ අමාත්‍යාංශයටයි. පසුකාලීනව නම් කළ විදිහට අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය යටතේයි. 2015 සැප්තැම්බර් 21 නිකුත් කරපු ගැසට්‌ නිවේදනයකින් මහපොළ භාරකාර අරමුදල මලික්‌ සමරවික්‍රම අමාත්‍යවරයා යටතේ තිබෙන සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය යටතට පත් කළා. මෙතරම් කාලයක්‌ පැවතුණු සම්ප්‍රදායක්‌ වෙනස්‌ කරන්න හේතුව ප්‍රශ්නයක්‌.

රනිල්, මලික්‌, වික්‍රම, චන්දිමාල් ‘මහපොළ’ටත් වැඩේ දීලා… බැදුම්කර මගඩියට සමවෙයි..

80 දශකයේත් 90 දශකය මුල් භාගයේත් මහපොළ සැණකෙළි පවත්වා ඒ සැණකෙළි හරහා අරමුදල් එකතු කළාට අමතරව මෙම අරමුදල සංවර්ධනය වන ප්‍රධාන විධි ක්‍රමය තමයි මේ අරමුදලේ තිබෙන මුදල් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීම. එයින් ලැබෙන පොලියෙන් තමයි මේ අරමුදල සංවර්ධනය කරන්නේ. රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපළට ඕනෑම කෙනෙකුට ගිහිල්ලා මුදල් ආයෝජනය කරන්න බැහැ. ඒ සඳහා ප්‍රාථමික වෙළෙඳුන් ලෙස ලියාපදිංචි විය යුතුයි. ලංකාවේ එවැනි සමාගම් 16 ක්‌ තිබෙනවා. ඒ නිසා රාජ්‍ය සුරැකුම්පත්වල මුදල් ආයෝජනය කිරීම සඳහා මහපොළ භාරකාර අරමුදලින් රාජ්‍ය සමාගමක්‌ ලියාපදිංචි කළා. ඒ National Wealth Corporation කියන සමාගමයි. එම සමාගමටම අනුබද්ධව තවත් රාජ්‍ය සමාගමක්‌ Nat Wealth Securities Ltd. නමින් ආරම්භ කළා. එම සමාගම විසින් තමයි රාජ්‍ය සුරැකුම්පත්වල මුදල් ආයෝජනය කරන්නේ භ්එ Nat Wealth Securities Ltd. සමාගමේ සභාපතිවරයා ආචාර්ය වීරසූරියයි.

දැනට මහපොළ භාරකාර අරමුදල් පනතේ සඳහන් ආකාරයට මහපොළ භාරකාර අරමුදලේ සාමාජිකයන් විය හැක්‌කේ වයස අවුරුදු 70 ට අඩු අයට විතරයි. වික්‍රම වීරසූරිය 1939 ඉපදුනු කෙනෙක්‌. ඔහුගේ වයස 70 ට වැඩියි. ඒ නීතිය කඩමින් මලික්‌ සමරවික්‍රම අමාත්‍යවරයා විසිනුයි මේ පත්කිරීම කරලා තියෙන්නෙ. පළවැනි කරුණ තමයි මොහු මහපොළ භාරකාර අරමුදලේ සිටීම නීති විරෝධීයි. එවැන්නකට මලික්‌ සමරවික්‍රම අමාත්‍යවරයා අවසර දුන්නේ ඇයි? දෙවැනි එක මහපොළ භාරකාර අරමුදලේ සභාපති වනවාට අමතරව මහපොළ භාරකාර අරමුදලේ මුදල් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා හදපු Nat Wealth Securities Ltd. සමාගමේ සභාපතිවරයාත් ඔහුමයි.

ඔහු එහි සභාපතිවරයා ලෙස ඉන්නා අතරම ඔහුට තියනවා ඔහුගේම සමාගමක්‌. ඒ සමාගම තමයි Wealth Trust Securities Ltd සමාගම. මේ සමාගම රාජ්‍ය සුරැකුම්පත් සඳහා ආයෝජනය කිරීම සඳහා ප්‍රාථමික වෙළෙඳුන් ලියාපදිංචි කළ සමාගම් 16 න් එකක්‌. මේ පෞද්ගලික සමාගමේ කොටස්‌ වැඩිම හිමිකාරිත්වය තියෙන්නේ මහාචාර්ය වික්‍රම වීරසූරියටයි. ඔහු යටතේ කොටස්‌ 6,025,601ක්‌ තිබෙනවා. Safe Holdings කියන සමාගමක්‌ යටතේ තිබෙනවා කොටස්‌ හැට අටලක්‌ෂ දහනමදාස්‌ දෙසීයක්‌. Safe Holdings සමාගමේ සභාපතිවරයාත් වික්‍රම වීරසූරියමයි. ඒ අනුව ඔහුගේ පුද්ගලික නමින් තිබෙනවා කොටස්‌ 60 ලක්‌ෂයක්‌ විතර, ඔහු සභාපතිත්වය දරන සමාගමකට තිබෙනවා කොටස්‌ ලක්‌ෂ 68 ක්‌ විතර. ඊට අමතරව මෙහි විශාල කොටස්‌ හිමියෙක්‌ට ඉන්නේ Shinco Group කියන සමාගම. එයට කොටස්‌ අසූ ලක්‌ෂයක්‌ තිබෙනවා.Wealth Trust Securities Ltd කියන සමාගම වික්‍රම වීරසූරිගේ හිමිකාරිත්වය යටතේ තිබෙන ඔහුගේ පෞද්ගලික සමාගමක්‌. ඒ විතරක්‌ නෙවේ, මේ සමාගම ඔහුගේ පවුලේ පෞද්ගලික සමාගමක්‌. ඒ සමාගමේ අධ්‍යක්‌ෂ මණ්‌ඩලයේ සේනක වීරසූරිය සහ ප්‍රියන්ජිත් වීරසූරිය යන වික්‍රම වීරසූරියගේ පුතුන් දෙදෙනාත් ඉන්නවා. ඒ නිසා මේ සමාගම පියා, පුතුන් දෙදෙනා සහ තව කිහිපදෙනෙක්‌ අධ්‍යක්‌ෂ ධූර දරන පවුලේ පුද්ගලික සමාගමක්‌.

මහපොළ භාරකාර අරමුදලේ මුදල් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය සඳහා මහපොළ භාරකාර අරමුදල විසින් ලියාපදිංවි කළ Nat Wealth Securities Ltd රාජ්‍ය සමාගම තිබියදී ඒ රාජ්‍ය සමාගම පැත්තකින් තියලා. සුරැකුම්පත්වල Wealth Trust Securities Ltd කියන වික්‍රම වීරසූරියට අයත් පෞද්ගලික සමාගම හරහා මුදල් ආයෝජනයක්‌ කරලා තියෙනවා. මෙය සිදුවන්නේ 2015 අගෝස්‌තු මාසයෙන් පසුවයි. මේ වංචාව සිදුකරලා තියෙන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට අධ්‍යාපනය සඳහා මුදල් වෙන්වෙන අරමුදලකින්. රුපියල් මිලියන දාහක මුදලක්‌ මහපොළ භාරකාර අරමුදලෙන් අරගෙන රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කරලා තිබෙනවා. එය ආයෝජනය කරලා තිබෙන්නේ Natwest Security Limited කියන රාජ්‍ය සමාගම හරහා නෙවෙයි. Wealth Trust Securities Ltd සමාගමයි. එහි අනුබද්ධ සමාගමක්‌ JK Asset Trust Management Ltd කියන පුද්ගලික සමාගම හරහා. ප්‍රශ්නේ තිබෙන්නේ Asset Trust Management Ltd කියන සමාගමේ සභාපතිවරයා විදිහට ඉන්නෙත් වික්‍රම වීරසූරියමයි. ඒ නිසා මෙයත් ඔවුන්ගේ පවුලේ සමාගමක්‌. මේ ආයෝජනයෙන් පසුව ලැබූ ලාභයන් පිළිබඳ තොරතුරු ගත්තාම 2015 සැප්තැම්බර් 01 දා සිට 2016 ඔක්‌තෝබර් 31 දක්‌වා ගෙවුණු කාලය තුළ. Wealth Trust Securities Ltd සමාගම මහපොළ භාරකාර අරමුදලේ මුදල් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීම හරහා අති විශාල ලාභයක්‌, රුපියල් පනස්‌ දෙකෝටි විසි දෙලක්‌ෂ අසූඅටදහස්‌ පන්සිය අසූ අටක්‌ උපයා ගෙන තිබෙනවා. සරලව කිව්වොත් වික්‍රම වීරසූරියගේ පෞද්ගලික සමාගම රුපියල් මිලියන 522 ක ලාභයක්‌ උපයාගෙන තිබෙනවා.

දැන් වෛද්‍ය ශිෂ්‍යයන්ට මහපොළ දෙන්නේ නෑ. මේ වන විට ශිෂ්‍යයන්ට වාරික 10 ක්‌ ගෙවලා නැහැ. සාමාන්‍යයෙන් වෛද්‍ය ශිෂ්‍යයෙක්‌ සඳහා ඔවුන්ගේ පාඨමාලා කාලය අවුරුදු 5 ක්‌ නිසා එක අවුරුද්දකට මහපොළ වාරික 10 බැගින් මහපොළ වාරික 50 ක්‌ සඳහා මුදල් වෙන් වෙනවා. දැන් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව කියනවා වෛද්‍ය ශිෂ්‍යයන්ට දෙන්නේ මහපොළ වාරික 40 යි, 50 ක්‌ දෙන්නේ නෑ පන්ති වර්ජනයේ යෙදුනු මාස 10 සඳහා වාරික 10 ක්‌ කපනවා කියලා. පන්ති වර්ජනය කළ මාස 10 කියලා දෙයක්‌ නෑ. දැන් ඒ මාස 10 නැවත අධ්‍යාපන කටයුතු සිදු වෙනවා. පාඨමාලාව අවුරුදු 5 ම තිබෙනවා. ඔවුන් අලුතින් මාස 10 ක්‌ වෛද්‍ය සිසුන් අධ්‍යාපනය ලබනවා. නමුත් එක ශිෂ්‍යයෙක්‌ට වාරික 10 සඳහා රුපියල් 50000 ක්‌ කපනවා. අවම වශයෙන් සිසුන් 3000 ට 3500 ට මහපොළ අහිමි වෙනවා. ඒ අනුව පන්ති වර්ජනය කළා කියලා හේතුවක්‌ දාලා මහපොළ අරමුදලෙන් ගෙවිය යුතු කෝටි 15 ක්‌ පමණ මහපොළ වාරික වෛද්‍ය ශිෂ්‍යයන්ට දෙන්නේ නෑ. ගිය අවුරුද්දේ සිද්ධ වුණු මුදල් වංචාව විසින් සිද්ධ වූ පාඩුව රුපියල් කෝටි 18 ක්‌. එහි කෝටි 18 ක්‌ පාඩු වෙනවා, මෙතන තීරණය කරනවා කෝටි 15 ක්‌ සිසුන්ට ලැබිය යුතු මහපොළ වාරික කපා දාන්න. දැන් ශිෂ්‍යයෝ පිටින් යවලා තිබෙනවා මේ වංචාවේ පාඩුව. මලික්‌ සමරවීරගේ සිට වික්‍රම වීරසූරියගේ සිට රනිල් වික්‍රමසිංහගේ පන්තියේ යාලුවා වන චන්දිමාල් මෙන්ඩිස්‌ලගේ සිට සියලු දෙනා එකතු වෙලා කරපු හොරකමක්‌. මේ මහජන මුදල් අපහරණයෙහි බර දැන් පටවලා තිබෙනවා වෛද්‍ය ශිෂ්‍යයා උඩට. පාඩු වුණු කෝටි 18 කවර් කරන්න යන්නේ ශිෂ්‍යයන්ට දෙන මහපොළවලින් කෝටි 15 ක්‌ කපලා. අපි හිතනවා මේකට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග, උද්ඝෝෂණ ක්‍රියාමාර්ග සියල්ල ගත යුතුයි කියලා.

– Divaina

2 Responses to “රනිල්, මලික්‌, වික්‍රම, චන්දිමාල් ‘මහපොළ’ටත් වැඩේ දීලා… බැදුම්කර මගඩියට සමවෙයි..”

  1. Christie Says:

    I am not a fan Perettuwoe run by Indian Parasites and their thugs run.

    If this is true it is another financial fraud and the people who committed this should be prosecuted and the funds recovered.

    Those who did not attend their courses should not be paid a cent and all that was paid earlier should be recovered.

  2. Leela Says:

    I fully agree with Christie. Bursaries and grants are not entitlements. Universally it is offered for qualified students to study and not to pursue politics or engage in political motivated campaigns. Taking a cue from that mega bond scam, I am not surprised if Weerasuriyas thought fit to wangle the scholarship fund for their benefit.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress