පෙට්‍රල් බෝම්බ හමු වූ කතා බොරුවක්‌ – මහසොහොන් බළකා කාර්යාලයෙන් සොයා ගත්තේ දහම් පාසල් පොත්-මහසොහොන් බළකායේ නිර්මාතෘගේ බිරිඳ කියයි
Posted on March 19th, 2018

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා උපුටා ගැන්ම දිවයින

– මගේ මහත්තයාගේ කාර්යාලයේ තිබිලා පොලිසිය හොයාගත්තේ දහම් පාසල් දරුවන්ට දෙන්න තිබුණු රචනා පොත් වගයකුයි, තව රචනා තරගයකින් ජය ලබපු දරුවන්ට දෙන්න තිබූ පොත්පත් වගයක්‌. මෙන්න මේවාට තමයි පොලිසිය පෙට්‍රල් බෝම්බ හොයා ගත්තා කියලා මහලොකු ප්‍රචාරයක්‌ ඇරියේ දැන් මගේ මහත්තයා රිමාන්ඩ් කළා. මගේ මහත්තයාව බොරුවට අත්අඩංගුවට ගත්තු පොලිසියේ අයට කවදාහරි දිට්‌ඨ ධම්මවේදනීය කර්මය පටිසන් දෙනවාමයි යෑයි මහසොහොන් බළකායේ නිර්මාතෘ අමිත් ජීවන් වීරසිංහගේ බිරිඳ වන ජයංගනී සිතුම් කුමාරි මහත්මිය දැඩි වේදනාවෙන් යුතුව “දිවයින”ට ඊයේ (18 වැනිදා) පැවසුවාය.

මහසොහොන් බළකායේ නිර්මාතෘ අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනා පෙරේදා (17 වැනිදා) රක්‌ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී ඇය මෙසේද කීවාය.

මේක පොලිසිය තනිකරම ටෙලි නාට්‍යයක්‌ කළේ. මගේ මහත්තයාගේ කාර්යාලය මහනුවර කුණ්‌ඩසාලේ තට්‌ටු 4 ක ගොඩනැඟිල්ලක තියෙන්නේ. ඒකේ කොටසක්‌ නැති බැරි අයට ස්‌වයං රැකියා කරගෙන යන්න ඉඩකඩ සලස්‌සලයි තියෙන්නේ. දැන් පොලිසිය මගේ මහත්තයාගේ කාර්යාලයේ පෙට්‍රල් බෝම්බ කියල හොයාගෙන තියෙන්නේ මේ දරුවන්ට දෙන්න තියාගෙන හිටපු පොත්පත් ඊට අමතරව මෙයාගේ උප්පැන්න සහතික, වාහන බලපත්‍රය, ගෑස්‌ සිලින්ඩරයක්‌ තව පරණ පත්තර වගේ දේවල්.

මේ බොරුව ගැනත් මම පොලිසියට එරෙහිව මානවහිමිකම් සභාවේ පැමිණිලි කළා. ඉදිරියේදී මම නීතිඥවරුන් හරහා මේ පොලිසියේ බොරුව ගැන අධිකරණයට දැනුම් දෙන්න කටයුතු කරනවා. 

මගේ මහත්තයා සිංහල මුස්‌ලිම් මිනිස්‌සු අවුලවන කිසි දෙයක්‌ කරලා නැහැ. එයා මහනුවර ළමයි හතර පස්‌දෙනා ඉන්න පවුල්වලට ස්‌වයං රැකියා කරන්න අවස්‌ථාව උදාකර දුන්නා. ඒ වගේම දුප්පත් පවුල්වල දරුවන්ට පොත්පත් අධ්‍යාපනික උපකරණ නොමිලේම දුන්නා. තව පදවි ශ්‍රී පුර ප්‍රදේයේ දුප්පත් මිනිසුන්ට වැසිකිළි පද්ධති හදලා දුන්නා. මේ වගේ සමාජ මෙහෙවරක නිරතවෙලා හිටපු කෙනෙක්‌ තමයි මගේ මහත්තයා.

 

4 Responses to “පෙට්‍රල් බෝම්බ හමු වූ කතා බොරුවක්‌ – මහසොහොන් බළකා කාර්යාලයෙන් සොයා ගත්තේ දහම් පාසල් පොත්-මහසොහොන් බළකායේ නිර්මාතෘගේ බිරිඳ කියයි”

  1. Ananda-USA Says:

    Mamath hituwey mey UNP bala-kirimen pala-karapu BORU SAAKSHI kiyala thamai.

    Yamapalanaya yatathey Sinhala Bauddha bahu janathawata kisima sadharanayak wenney naha!

    Mey Yamapalaka HORA DESHADROHI KALLIYA puluwan ikmanin balayen ewathata ada-damiya yuthui!

  2. NeelaMahaYoda Says:

    Ananda-USA

    While appreciating your comments it will be better if you use the internet facilities to write in Sinhala.

    Please save the link
    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

    use SinGlish transliterated –> Sinhala Unicode option to write in Sinhala
    Show Transliteration Scheme is available for new users

  3. Ananda-USA Says:

    NMY,

    OUCH! Your point is well taken.

    I will try to do as you suggest, but please do forgive me if I relapse now and then into Singlish.

    Is perennial laziness a valid excuse?

  4. Nanda Says:

    There is ample evidence that police including STF are terroising people of all races under this governement. For outsiders htere is no distiction between governements and all the enemy claims seems to be justified.
    They are a bunch of ‘underworld’ thugs.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress