බෞද්ධ මධ්‍යස්ථානය කුඩු කරනකම් නිදි වැදුණු පොලිසිය හාමුදුරුවන්ට එරෙහි වූ හැටි
Posted on April 1st, 2018

උඩරට අමරපුර මහ නිකාය සතු මහනුවර හන්තාන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි පසුගියදා කිසියම් පිරිසක් කඩා බිදදමා විනාශ කර තිඛෙනවා.

මේ සම්බන්ධයෙන් අද එහි විමර්ශන චාරිකාවක නිරත උඩරට අමරපුරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමියන් ඇතුළු පිරිසකට පොලීසියෙන් බාධා එල්ලවුණා.

අමරපුර මහ නිකාය සතු මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කිසියම් මැර පිරිසක් විසින් මෙලෙස කඩා බිද දමා විනාශ කර තිබුණේ පසුගිය 16 වැනි දිනයි.

මේ සම්බන්ධව බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමියන් පොලීසියට පැමිණිලි කර තිබුණද මෙම විනාශය කල පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම හේතුවෙන් එම ස්ථානය නිරීක්ෂණය කිරීම උඩරට සදහා අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමියන් අද එම ස්ථානයට වැඩම කළා.මෙම අවස්ථාවේ කිසියම් පිරිසක් පොලිස් හදිසි ඇමතුම් අංශයට කල පැමිණිල්ලකට අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් අදාල භූමියට ඇතුළළුවූ හේතුව මහනායක හිමියන් ඇතුළු පිරිසෙන් විමසා සිටියා.

” අමාත්‍ය ජෝන් ඇන්තනී එම්මානුවෙල් අමරතුංග අදාළ නව ගැසට් පත්‍රය හරහා එම අක්කර 14ක ප්‍රමාණය හොටල් ව්‍යාපෘතිය සදහා වෙන්කර දි ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටියකට අධික කප්පම් මුදලක් ලබාගැනිමට අමතරව සිය පවුලේ සමාජිකයෙකු එම ව්‍යාපෘතියේ කොටස් කරුවෙකු ලෙසද සම්බන්ධ කර තිබේ.

 

මේ අදාළ සිදුවීම පිලිබඳ සම්පුර්ණ විස්තරරයි

වසර 15ක පමණ කාලයක් හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය අක්කර 148කට අධික හන්තාන රක්ෂිතයේ අක්කර 14ක ප්‍රමාණයක් බලහත්කාරයෙන් සහ ව්‍යාජ අන්දමින් ආණ්ඩුවේ ප්‍රබලයෙකු හොටල් ව්‍යාපෘතියක් සදහා පවරා ගැනිමට කටයුතු කරමින් සිටින බව මාධ්‍ය  මීට කලකට පෙර අනාවරණය කළා.අදාළ ඉඩම 1987 වර්ෂයේදි එවකට ජනාධිපතිව සිටි ජේ.ආර් ජයවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් හරහා නිවාස අධිකාරියට පවරා දුන් අතර වත්මන් යහපාලනය බලයට පත්විමත් සමග ඉතාමත් කූට ආකරයට එම ඉඩමේ අක්කර 14ක ප්‍රමාණයකට හොර ඔප්පුවක් සාදා නිවාස අධිකාරියට පවරා දුන් ඉඩමක් පවරා ගැනිමට නෛතීක බලයක් නොමැතිව තිබියදි විශේෂ ගැසට් පත්‍රක් හරහා එම කොටස හොටල් ව්‍යාපෘතියක් සදහා පවරාදිමට කටයුතු කරමින් සිටි.

සුද්දගේ කාලයේ සිට මෙය රක්ෂිතයක් වන අතර ජේ ආර් ජයවර්දන ජනාධිපතිතුමාගේ කාලයේ මෙය නිවාස වැඩසටහනකට ජනවසමට පවරා ගෙන එතැන් සිට මෙම ඉඩම හිස්ව තිබු නිසා 2000 වසරේ බුද්ධ ශාසනයට ලබාදි තිබේ.

එතැන් සිට මහා නාහිමිවරු ප්‍රමුඛ දායකයින් මෙම විහාරය හා භුමිය ඉතා සාර්ථක්කව කරගෙන ගිය අතර එහෙත් 2017 වසරේ අප්‍රේල් මස විශේෂ ගැසට් නිවේදනයකින් හිමි කරුවෙකුට පවරා හෝටල් ව්‍යාපෘතියකට කොටි ගණනකට විකි”මට කටයුතු යොදවා ඇති අතර මේ වනවිටත් එම ඉඩම් කොල්ලය සදහා අදාළ එජාප ප්‍රභලයා කෝටි ගණනක මුදල් කප්පම් වශයෙන් ලබාදි තිබේ.

අදාළ කොල්ලකරු පසුපස එජාපයේ ප්‍රභල අමාත්‍යවරයෙකුව සිටින ඉඩම්,සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු (වර්තමානයේ ඉඩම් අමාත්‍යධුරය ඔහුගෙන් ඉවත්කර ඇත. ) අමාත්‍ය ජෝන් ඇන්තනී එම්මානුවෙල් අමරතුංග අදාළ නව ගැසට් පත්‍රය හරහා එම අක්කර 14ක ප්‍රමාණය හොටල් ව්‍යාපෘතිය සදහා වෙන්කර දි ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටියකට අධික කප්පම් මුදලක් ලබාගැනිමට අමතරව සිය පවුලේ සමාජිකයෙකු එම ව්‍යාපෘතියේ කොටස් කරුවෙකු ලෙසද සම්බන්ධ කර තිබේ.

අදාළ ඉඩම අත්පත් කර ගැනිම සදහා 2017 අප්‍රියෙල් මස 26 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රය හරහා එම ඉඩමේ අක්කර 14ක ප්‍රමාණයක් පවරා ගැනිමට කටයුතු ලිහිල් කර තිබේන අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් රහසේ ගැසට් පත්‍රයට පටහැනිව යමින් අදාළ ඉඩමේ කොටසක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් පවරාගෙන වෙනත් අයෙකුට පැවරිමට කටයුතු කිරිම කෙතරම් සදාචාරාත්මක ද යන්න අප මිට පෙර ප්‍රශ්ණ කර සිටියා.

(අදාළ හෝටල් ව්‍යාපෘතිය සදහා හොර ඔප්පු සාදමින් ලබාදි තිබේන ඉඩම් කොටස හන්තාන රක්ෂිතයේ ලස්සනම කොටසට අමතරව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුව එක එල්ලෙම පෙනෙන ස්ථානයක්ද වනවා.)

2000 වසරේ සිට පවත්වාගෙන ආ විහාරස්ථානය 2017 වසරේ හෝටල් ව්‍යාපෘතියකට විකි”මට කුට ලේකන සකසා අවසන් කර ඇති එජාප ප්‍රබලයන් මේ වනවිට පන්සලේ හිමිවරුන්ගේ කුටි මර බලයෙන් විනාශ කොට බිය ගන්වා පලවා හැරීමට කටයුතු කරමින් සිටි.

අදාළ ඉඩම කොල්ලය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා දැනුවත් කරමින් මහනායක හිමියන් 2017 07 13 වැනිදා ලිපියක් යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපකල සොයා බැලිමේදි අනාවරණය වුයේ අදාළ ලිපිය මේ වනතෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමුකර නැති බවයි.අදාළ ලිපිය ජනාධිපති කාර්‍යාලයේ සිටින ඉඩම් කොල්ලකරුගෙන් කප්පම් ලබන් අයෙකු විසින් අතුරුදහන් කර ඇති බවද අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ. හන්තාන ඉඩම් කොල්ලකරුවන්ගේ මැරයන් හිමිවරුන්ගේ කුටි මර බලයෙන් විනාශ කොට බිය ගන්වා පලවා හරින බවට පොලිසියටද පැමිණිලි කර තිබේ.

 

හන්තාන බෞද්ධ මධෞස්ථාන ගොඩනැගිලි උත්සවාකාරයෙන් විරුත කෙරුණු හැටි

 

3 Responses to “බෞද්ධ මධ්‍යස්ථානය කුඩු කරනකම් නිදි වැදුණු පොලිසිය හාමුදුරුවන්ට එරෙහි වූ හැටි”

  1. Christie Says:

    බුදු සසුන් ඇමති සිවලින්ගය ලෙවකන්න ඉන්දියාවට ගියාම කුලහීනයමු නිසා පන්නල දානව.
    කවුද මේ හෝටල් කාරයා?

  2. ranjit Says:

    How can we sinhala buddhists stay idle when we see such unforgivable destruction on buddhist monuments, buddhist temples etc?. What is this yamaballo doing to our religion? Why this shit Yamapalanaya government doesn’t take any action against those religious terrorists who destroys buddhist monuments one by one in recent months? Where is the Yahapalanaya? What is this pimpy Sira and Ranil doing about these things? If anything like that happened in Jaffna or in the eastern part of the country then it will be a different story. Yamaballo will open their mouths in no time and put the blame on sinhala buddhist population. We cannot stay put watching these unforgivable destruction of buddhist monuments and culture. Maha sanga must take the lead and stand unitedly against the evil forces within and from abroad to safeguard our interests, buddhism, Motherland and the sinhala race. Do not waste time. It’s urgent and serious and should be solved immediately.

  3. Hiranthe Says:

    What is Malwathu and Asgiri doing to protect the Buddhist interests?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress