ඝාතකයන් ගේ විලාපය
Posted on April 9th, 2018

වෛද්‍ය රුවන් එම් ජයතුංග

රනිල් ඔබට මාව  මතකද ?

මම ගෝනවල සුනිල්

මම ඔබගේ මිතුරු ස්ත්‍රී දූෂකයා

සුනිල් සමාවෙන් පසු මම යලි උපන්නා

නමුත් රතු සහෝදරයන් මගේ ශරීරය

පෙනේරයක් ලෙස හිල් කලා

මම මගේ ශරීරය අත හැර

ඉහලට පාවී ගියා

ගිනියම් බටයක් ඇතුලින්

සිරිසේන කුරේ ඔබට මාව මතකද ?

මම ඔබගේ ළමයෙක්

මම සොත්ති උපාලි

ඔබ සහ ගරු ප්‍රේමදාස දුන්

කොන්ත්‍රාත් නිසි ලෙස ඉටු කලා

නමුත් මට මහ පාරේ ගහලා දැම්මා

මට දැන් ශරීරයක් නෑ

මම භූතයෙක්ද ප්‍රේතයෙක්ද ?

මට කියන්න දන්නේ නෑ

චන්ද්‍රිකා ඔබට මාව මතකද

මම බැද්දගානේ සන්ජීව

ඔබ කියූ පරිදි මම වැඩ දුන්නා

ගෙවල් ගිනි තිබ්බා

පෙට්‍රල් ඇඟවල් වලට වත් කලා

ඒත් මම ටාගට් එකක් උනේ ඇයි

මගේ කුණු කයෙන් ආත්මය ඉවත් කලා

මම තවමත් නිදහස් නෑ

මට පරණ වැඩ පේනවා

ඔවුන් ගේ විලාපයන් ඇසෙනවා

මට සැනසීමක් නෑ

  

මහින්ද මාව මතකද

මම ඔබගේ සුමිතුරු චණ්ඩි මල්ලී

මට පිට කොටුවේම ගහලා දැම්මා

ඔබ මා නිසා දුක් උනාද ?

ජුලම්පිටිය අමරේ ,මේජර් නෙවිල්

මේ පැත්තේ එයි කියා මා සිතුවා

ඒත් ඔවුන් තවම නෑ

පුතා ගේ ලේලිගේ හරඹ නම් දුටුවා

මට පන්චස්කන්ධයක් නෑ

ඒත් වේදනාව දැනෙනවා

ඉවසන්න බෑ

අපි ඔක්කොම පාවෙනවා

වරින් වර පිලිස්සී යනවා

පෙර කල පව් වලට විඳවනවා

ඒත් අපට නියෝග දුන් නුඹලා

ඉතා හොඳින් වැජඹෙනවා

කර්මය පුනර්භවය

මේවා ඔක්කොම බොරු

කර්මය ගෙවන්නේ අපි විතරයි

උඹලා කර්මයටත් වඩා ඉහලයි

ලැබුනොත් අළුත් කයක්

අපි යලිත් එනවා  උඹලාගේ සේවය​ට

අපිට අනාගතයක් නෑ

අපි සදාකාලික දාසයෝ

නුඹලා වෙනුවෙන් පව් කරන

අපි සදාකාලික වහල්ලු

One Response to “ඝාතකයන් ගේ විලාපය”

  1. Ancient Sinhalaya Says:

    Traitor alugosuwa (to Sinhalese only) jr@ introduced pathalyin to politics. He had goni suni. Then traitor alugosuwa
    (to Sinhalese only) lk porisada had soththi. Traitor alugosuwa (to Sinhalese only) r@nileech had multitude of
    pathalyin inc goni suni. What these slave killers don’t understand is while the low lives are too powerful/brutal for a
    short time, once the jobs done the slaves know too many secrets. So maaraya waiting for the slaves and the
    alugosuwan get rid of them straightaway. That’s why none of the pathalyin alive today. If you do a google search for
    Sri Lanka’s underworld, you will see traitor UNPatriotic_rats’ party has/had all the pathalyins. So we have to give the
    ‘credit’ for introducing the murdering slaves to Sri Lanka politics to traitor alugosuwa (to Sinhalese only) thambi
    mudiyanselage jr@.

    Pathalyin get their just desserts in this life and after life as well. Slave masters? They must be rotting in hell for the
    killing so many innocent Sinhalese in the name of politics. Traitor alugosuwa r@nillech will join the rest of the murderous
    gang in hell one day. We hope that day won’t be too far away.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress