ඇකඩමික් අර්බුධය
Posted on May 1st, 2018

වෛද් රුවන් එම් ජයතුංග 

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස  මේ වන විට ප්‍රබල දේව ආත්මයකට පත්ව සිටින බව මනාව තහවුරු කර ගැනීමට තමන්ට අවකාශ ලැබී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්‍ය දයා අමරසේකර මහතා පවසයි. මේ බව කියන්නේ දේවාලයක කපුවෙක් හෝ විඝටන ආබාධයකින් (Dissociative disorder ) හෝ භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙලෙන රෝගියෙකු විසින් නොවේ. ලංකාවේ ප්‍රකට විශ්ව විද්‍යාලයක මහාචාර්‍යවරයෙකි. 

මීට ඉහතදී කැළනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය නලීන් ද සිල්වා නාථ දෙවියන් මගින් පරියේෂණ කල බව කියමින් විනෝද සමයක්  ගෙන ආවේය.  මහාචාර්‍ය නලීන් ද සිල්වා නාථ පරියේෂණය පිලිබඳව මම යෝක් විශ්ව විද්‍යාලයේ පරියේෂණ මහාචාර්‍ය ඇල්ස්ටෙයාර් මැප් හට කීවෙමි. මහාචාර්‍ය ඇල්ස්ටෙයාර් මැප් දෑස් ලොකු කරගෙන මදෙස බලා සිටියා විනා කිසිවක් නොකීවේය​. 

ශ්‍රී ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල (ඊනියා)  උගතුන් හට බරපතල අර්බුධයක් තිබේ. එනම් තම ක්ශේත්‍රයේ අන්තර්ජාතික වශයෙන් පිලිගැනෙන පරියේෂණයක් , ග්‍රන්ථයක් , පත්‍රිකාවක් එළි දැක්වීමට තිබෙන නොහැකියාවයි. එම නිසා ලෝකය ඉදිරියේ තමන් නිකමෙකු බවට පෙනී යන විට මෙවැනි බහුරූ කෝලම් ඔවුන් විසින් පෙන්වනු ලැබේ. එමගින් අවම වශයෙන් ශ්‍රී ලංකාවේ ජීවත් වන විචාර බුද්ධිය  අඩු කොටස් අතර ඔවුන් ජනප්‍රිය වෙති. 

කොලඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙකු බව කියන මහාචාර්‍ය චන්දන ජයරත්න තමන් ගේ ක්ශේත්‍රයේ පිලිගැනෙන පරියේෂණයක් , ග්‍රන්ථයක් , පත්‍රිකාවක් කල බවක් අප අසා නැත​. එහෙත් ඔහු මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන්නෙකි. වරක් මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා  මට අපූරු කතාවක් කීවේය​. මේ 2003 පමණ කාලයේ සිදුවූ සිදුවීමකි. 

මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රතිකාර කරන ලද කාන්තා භින්නෝන්මාද රෝගියෙකු ඥාතීන් විසින් මානසික ප්‍රතිකාර සඳහා තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න වෙත ගෙන යන ලදි. කපුවෙකු මෙන් සුදු වතින් සැරසී සිටි චන්දන ජයරත්න  රෝගියාට මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් නිර්දේශ කරන ලද  ප්‍රති මනෝව්‍යාධික ඖෂධ සියල්ල නවතා දමන ලෙසට උපදෙස් දුන්නේය​. ඉන් පසු  රෝගී කාන්තාවට සහ ඇයගේ ඥාතීන්ට කියා සිටියේ යාබද නිවසේ අය විසින් කරන ලද කොඩි විණයක් නිසා භූත ආත්මයක් ඇයගේ ශරීර ගතවී සිටින බවකි. ඉන් පසු සිදු වූයේ ජන්ජාලයකි. ඔවුන් අසල් වැසියන් සමග උරණව දබර කර ගත්තෝය​. ඖෂධ නොමැති වීම නිසා භින්නෝන්මාද රෝගී කාන්තාවගේ මනෝව්‍යාධික තත්වය උත්සන්න වූවාය​. අවසානයේදී ඇය දිවි තොර කර ගැනීමට පවා ගියාය​. කෙසේ නමුත්  යලිත් අංගොඩ රෝහල වෙත රෝගී කාන්තාව ගෙන ඒමෙන් පසුව යලිත් ඇය නිසි ප්‍රතිකාර ලැබුවාය​. 

මේ කතා වලින් පෙනී යන්නේ අද ශ්‍රී ලංකාවේ  ශ්‍රී ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල වල ආචාර්‍ය, මහාචාර්‍ය වරුන් පත්ව සිටින දුක්ඛදායක තත්වයයි. ඔවුන් දැණුම සොයා නොයති. දැණුම ලැබෙන සාකච්ඡා නොපවත්වති. අන්තර්ජාතික ප්‍රජාව සමග සම්බන්ධ වී දැණුම ගවේශණය නොකරති. මේ නිසා සීමිත දැණුමක් සමග  කොටු වෙන ඔවුන් විචාර බුද්ධිය  අඩු කොටස්  අතර පණ්ඩිතයන් මෙන් පෙනී සිටීම සඳහා බහුරූ කෝලම් කතා කියමින් ගැලරිය පිනවති.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

3 Responses to “ ඇකඩමික් අර්බුධය”

  1. Ancient Sinhalaya Says:

    This guy has shamed that great university as well as his profession. Only an insane person will say a mass murderer
    has become a god. Any two legged creature with brain cells>0 will say traitor alugosuwa (to Sinhalese only) lk r@
    porisada is good for a job in hell.

    This brainless, traitor seems to have very short memory. Where was he when lk porisada
    sent 600+ policemen in the east to catholic tigers of tamil drealam bullet
    when lk porisada gave weapons to kill our own soldiers/100,000+, mainly Sinhalese to catholic tigers of tamil
    drealam bullets, bombs etc. as canon
    fodder/60,000+ Sinhalese jvpers in tyre pyres, headless corpses in rivers etc./numerous artists, political opponents
    who disliked the alugosuwa etc. etc. Was the professor insane or on palent mars during that time? Shame on you!
    Call yourself a Sinhalese? Call yourself a professor to utter this sort of non-sense?

  2. NAK Says:

    God ‘Natha’ and the so called soul of R. Premadasa are two entirely different entities.
    Wise people do not dismiss out of hand what they do not understand just because of that and Prof. Maps reaction seems proof of that.
    But it is true that most of the so called academics in this country are nothing more than jokers!

  3. NeelaMahaYoda Says:

    Professor Nalin de Silva, the team leader told National newspaper that it was the “Natha Deyyo”, who communicated to a member of his research team that arsenic in water was the cause of the kidney disease. The lady who believed to be dealing with Gods has recently given an interview to a local media. Professor Nalin de Silva was the head of the science department at Kelaniya University at that time and now you can see our standards in teaching of science at the undergraduate level.

    The Cult of God Natha

    Not very much is known about the history of worship of God Natha. The name literally means ‘no form’ and ‘no shape’, and is therefore generally associated with the unknown Maitreya or Buddha to come.
    Natha was once considered a guardian deity of this island. We know this because in the third century when King Gajabahu returned after defeating the Choleans in South India, he held a grand procession to honour Natha and the other two guardian deities Vishnu and Skanda (Kataragama), who he claimed were responsible for his triumph.
    He added the Goddess Pattini as a new guardian deity to this procession, because he had been much taken with her cult when in India and had secured her golden anklets. The kings who followed Gajabahu continued this religious tradition.
    Mahayanist traditions during the fourth to tenth centuries gave Natha a special identity as the Bodhisatva Avalokiteswara, the most popular of the Buddhas to be.
    The Tissara Sandesa, a Sinhala poem in the 15th century, describes the image of Natha in a Buddha shrine at Dorawaka in the Kegalle District as having two arms like trunks of white elephants and exhibiting the splendour of a pair of streams flowing down the sides of a white mountain. This reference to a white image confirms the description of Avalokiteswara who is always represented in white.

    Then again at the Natha Dewala, Vesgiriya, off the Kandy to Gampola road, which is supposed to have been built in the time of the Gampola King Buvanakabahu IV (1341-1355), there are beautiful figures of god Natha and goddess Tara. And goddess Tara we know is the spiritual consort of Avalokiteswara. She is said to have sprung from his tears as he pondered the sufferings of humanity.
    It is very possible therefore that Natha was asssciated with the bodhisattva Avalokiteswara during the Mahayanist period. And that with the return to the Theravada traditions after Parakramabahu I, Natha came to be thought of as the Maitreya or Buddha to come. Certainly in the most famous Natha Dewala in Kandy, sited right opposite the Dalada Maligawa, Natha is known as the Maitreya.
    The gateway to the Devale premises is one of the most excellent pieces of Kandyan architecture found in Kandy today. It consists of a traditional double hipped roof and some good spirit sculptures under a makara arch.
    The Natha Dewala originally assumed leadership in the Kandy Esala Perahera. It was only in the 18th century, during the reign of King Kirti Siri Raja Simha, that the Maligawa procession was added to the annual pageant and became the dominant focus superceding the Natha Dewala and other dewala processions.
    When you look at the principal elephant in the Natha procession today, you will see that in the karanduwahe carries on his back there is a decorated sword to remind us that this procession originated as a victory pageant of war. This same symbol has been used to signify victory in war as well.
    The insignia of the sword is also a reminder that the Natha Dewala played an important role in the inauguration ceremony of the Kandyan kings.
    A new king had to be given a name before he had the sword of state girded on him. The ‘naming’ and ‘girding’ ceremony was carried out at the Natha Dewala, Kandy.
    It was the duly of the royal astrologers to choose a fortunate (necath) period and a fortunate name for the king. Each name was written on a gold plate set with precious stones and deposited in the Dewala.
    On the ‘necath’ day declared by the astrologers the king would go to the Natha Dewala and make the necessary religious offerings. Then he would choose a name.
    The chosen name would be loudly proclaimed by the First Adigar and then bound to the king’s forehead. Next the sword of state, having received the blessings of Natha, would be girt to the belt in the king’s waist.
    Backed by the grace of the Buddha to be, the king was now ready to serve his people as their defender and their ‘Solomon’ of justice

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress