ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා දෙකෝටියක අල්ලසක් ගනින්දී අත්අඩංගුවට.. සීනි කතාවක් ගෑවේ.. චන්ද‍්‍රිකාගේ ලේකම්ද අත්අඩංගුවේ..
Posted on May 3rd, 2018

lanka C news

ජනාධිපති මෛත‍්‍ර‍්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයි. කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ ගලධාරී හෝටලයේදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝටි 10ක අල්ලස් මුදලකින් කොටි 02ක් අත්තිකාරම් ලෙස ලබා ගනිද්දීය.

මුලින් මොවුන් විසින් ඉල්ලා ඇති අල්ලස් මුදල රුපියල් කෝටි 56ක් යයිද වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් අල්ලස් කොමිසම විසිින් ප‍්‍රශ්න කරමින් සිටී.

පී. දිසානායක හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුද්ගලික ලේකම් ලෙසද කටයුතු කර ඇත.

ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා දෙකෝටියක අල්ලසක් ගනින්දී අත්අඩංගුවට.. සීනි කතාවක් ගෑවේ.. චන්ද‍්‍රිකාගේ ලේකම්ද අත්අඩංගුවේ..

මෙරටට සිනි ගෙන්වන ඉන්දීය ජාතිකයෙකු විසින් ලංකාවේ සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සදහා සම්බන්ධයෙන් වූ ගැටළු නිරාකණය කිරීම සදහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවත් දින කිහිපයක් තිස්සේම මෙම සාකච්චාව වූ බවත් හෙලිව ඇත.

මේ සම්බන්දයෙන් පරීක්‍ෂණ සිදු කරමින් යද්දී අල්ලස් කොමිසමේ ප‍්‍රධානියා විනින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ ඇතැමුන්ද අල්ලස් ගැනීමකට සම්බන්ධ බවට තොරතුරු ඇති බවයි.

ඊට ප‍්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා අල්ලස් කොමිසමේ ප‍්‍රධානියාට දන්වා ඇත්තේ එවන් චෝදනා ඇති ඔ්නෑම පුද්ගලයෙක් සම්බන්ධයෙන් නීතිය උපරිමව ක‍්‍රියාත්මක කරන ලෙසත් ඒ සදහා තමන්ගේ කිසිදු විරෝධයක් නැති බවත්ය.

කාර්ය මණ්ඩල ප‍්‍රධානියා අත්අඩංගුවට ගත් පසුද අල්ලස් කොමිසම විසින් ඒ බව ජනාධිපතිවරයාට දන්වා ඇති අතර ජනාදිපතිවරයා නැවත සදහන් කර ඇත්තේ මෙම පුද්ගලයා තමන් ලග සේවයට විත් මාස දෙකක්වත් නැති බවත් ඒ කිසිත් නොතකා නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress