නරින්ට කුකුළන් බාරදීම
Posted on May 9th, 2018

උපුටාගැණීම  මව්බිම

අල්ලසට හා දූෂණයට විරුද්ධව ලෝකයේ වැඩිපුරම කතා කරන රට කුමක්දැයි ඇසුවහොත් ඊට පිළිතුර “ශ්‍රී ලංකාව” යන්නය. ලෝකයේ අල්ලස හා දූෂණය වැඩිපුරම පවතින රටවල් අතළොස්ස අතරද ලංකාව ඉදිරියෙන්ම සිටී. අපේ රටේ අල්ලස් දීමත්, ගැනීමත්, දෙකම නීතිය ඉදිරියේ වරදක් බව නීති පොතේ තිබේ. පොතේ තිබීමේ කිසිම වැදගැම්මක් නැත. රථවාහන පොලිසියට අල්ලස් නොදුන් රියැදුරකු ලංකාවේ සිටී නම් එය ලෝක පුදුමයකි. අල්ලසට යට නොවූ රාජ්‍ය ආයතනයක් ඇඟිල්ල දිගුකර පෙන්වන්නැයි කීවොත් පෙන්වීමට එවැනි ආයතන තිබේද යන්නත් සැක සහිතය. අඩුම තරමින් කිරිහට්ටියක් හෝ අල්ලසක් ලෙස ගන්නට අතීතයේ සිටම ලොක්කෝ පුරුදුව සිටිති.

එක දිගට ලෝකයේ බලයේ සිටි ජනාධිපතිවරුන් තිදෙනකුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියන් දූෂණ, වංචා, නඩුවලට අසුවූ බව ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. අල්ලසට යටවී ඇත්තේ දේශපාලකයන්ම පමණක් නොවේ. අල්ලසට, දූෂණයට යටවූ නිලධාරි පැළැන්තියක්ද රටේ මුල් බැස සිටිති. ඔවුන් හිතන්නේ රට ගැන නොව සාක්කුව ගැනය. ඔවුන්ට තනතුරු පිරිනමන්නට දේශපාලනඥයෝද සැදී පැහැදී සිටිති. රාජ්‍ය ආයතන පරිහානිය කරා පල්ලම් බසින්නේ මේ දූෂිත නිලධාරි පැළැන්තිය නිසාය. අර්ධ රාජ්‍ය ආයතනවල, සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලවල අධ්‍යක්ෂ මණ්ඩල පිරී තිබෙන්නේ දේශපාලන හෙන්චයියන්ගෙනි. ඔවුන් පුටුවල වාඩි වෙන්නේම හොරකම් කරන්නට බලාගෙනය. කොයි ආණ්ඩුව මාරු වුවත් මෙරිගෝරවුන්ඩ් යනවා වගේ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්වන්නේ එකම පිරිසකි. ඔවුන්ට විරුද්ධව වෘත්තීය සමිති සහ සේවකයන් කොතෙක් පැමිණිලි ඉදිරිපත් කළද ප්‍රතිඵලයක් අත් නොවේ.

යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමේදී පෙරමුණ ගත් සමාජ ව්‍යාපාරයේ මූලික ඉල්ලීමක් වූයේද රාජ්‍ය ආයතනවලට අරක්ගත් දූෂිතයන් ඉවත්කොට සුදුස්සන්ට වගකීම් පැවරීමය. මාදුළුවාවේ සෝභිත හිමියන් එවැනි දූෂණයෙන් තොර, වගකීම් සහිත විෂය ප්‍රවීණයන්ගේ නම් ලැයිස්තුවක්ද නායකයන් දෙදෙනාට භාරදුන් බවද එකල දැනගන්නට ලැබිණි. එහෙත් මේ ආණ්ඩුව යටතේද සිදුවූයේ නම් දැරූ දූෂිතයන් රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පත්කිරීමය. අද එය නැවත නැවතත් සිදුවෙමින් තිබේ.

හොඳම උදාහරණය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති රුපියල් කෝටි ගණනක් අල්ලස් ගැනීම සම්බන්ධව අත්අඩංගුවට ගත් විට පැය 24 යන්නට මත්තෙන් එවැනිම චෝදනාවලට ලක්වූවකු හිස් වූ සභාපති ධුරයට පත්කිරීමය. මේවා නොදැන, ආවා-ගියාට සිදුවන්නේ යැයි තීරණය කිරීම ඥානාන්විත නොවේ. තමන්ට ඉදිරියේදී දේශපාලන වශයෙන් වාසි ගැනීමේ යටි අරමුණ ඇතිව දේශපාලන හෙන්චයියලාට තනතුරු පිරිනැමීමද අල්ලසකි. ලංකාවේ අර්ධ රාජ්‍ය ආයතනවල ඉහළ පුටුවල වැජඹෙන්නේ එසේ පත්කළ විශේෂ හැකියාවන් ප්‍රදර්ශනය නොකළ පුහු මිනිසුන්ය. ඔවුහු කඳ පණුවන් ලෙස මහජනතාවගේ ආයතන කා දමනවා මිස ප්‍රගතියක් පෙන්වීමට අසමත් වෙති. ප්‍රගතියක් පෙන්වීමට අවශ්‍ය නොවන්නේ එකී තනතුරු තමන්ට ලැබුණු වරදාන බව ඔවුන්ද හොඳින් දන්නා නිසාය.

අදාළ විෂයන් පිළිබඳව විශේෂඥ දැනුමැති, විනයක් සහිත උගත් බුද්ධිමත් ක්‍රියාශීලී රටට ආදරය ඇති තරුණයන් ඇතුළු සුදුස්සන් කොතෙක් සිටියත් ඔවුන්ට ඉහළ වගකීමක් දරන අවස්ථාව දෙන්නට ලංකාවේ දේශපාලනඥයන් සූදානම් නැත.

දේශපාලන ඇම්බැට්ටයකු ඉහළම පුටුවේ වාඩි කරවා සමස්ත ආයතනික ව්‍යුහයම කඩා වැටෙන්නට සැලැස්වීම පාලකයන් අනුදත් ක්‍රමවේදයයි. රටට ප්‍රේම කරන බුද්ධිමතුන් රට හැර යන්නේ, උගතුන් පිටුදකින මේ අපකීර්තිමත් ක්‍රියාව නතර කරන බවක් පේන මානයක නැති නිසාය. එය රටට ජාතියට ඔරොත්තු නොදෙන මහා සෝදාපාළුවකි. නරින්ට කුකුළන් භාරදීමේ අඥාන ක්‍රියාව දැන්වත් නතර කළ යුතුය. අල්ලසට දූෂණයට විරුද්ධ බව කන්‍ෙදාස්කිරියාවක් වන තරමට පුන පුනා ප්‍රකාශ කරමින් සොරුන් වැදගත් තනතුරුවලට පත්කිරීම දැන්වත් නතර කළ යුතුය.

4 Responses to “නරින්ට කුකුළන් බාරදීම”

  1. Hiranthe Says:

    Only Gota talks about using patriotic professionals and educationists in future administrations. His “Viyath Maga” programme is conducted aiming to gather educated and forward thinking professionals and educationists in every corner of the Island.

    He is organising workshops locally for these teams to come up with solutions in all the areas.
    Hope one day he can reverse all these negative attitudes in our people.

    In the past, we were told about bribe taking Indian policemen and we were laughing on them and even Indian films used to target them and create jokes on them. We had a clean police force until early 70’s at ground level.
    MR cannot do what Gota is thinking of doing due to the supporting circle around him. Majority of them are bribe prone. He cannot get rid of them since the whole support base is dependent on them.

    JVP have honest followers, but the leaders are all corrupt and are eating from funds from RAW. Their followers are blindly following with good faith in them due to the clean pictures portrayed by clever speeches of their leaders. Therefore JVP support circle is a wastage of valuable resource.

    Please watch the video on the following link to see Gota’s latest “Viyath maga” gathering in Panadura

    https://www.youtube.com/watch?v=wWe8YO7hfYE

  2. Christie Says:

    මැලේසියාවේ මහතියර් මොහමඩ් මැතිතුමා නැවත බලයට පැමින ඇත.

    ඩොලර් බිලියන පහක් පමන හොරකම් කල හොරුන් පරදවා.

  3. Christie Says:

    “මාදුළුවාවේ සෝභිත හිමියන් එවැනි දූෂණයෙන් තොර, වගකීම් සහිත විෂය ප්‍රවීණයන්ගේ නම් ලැයිස්තුවක්ද නායකයන් දෙදෙනාට භාරදුන් බවද එකල දැනගන්නට ලැබිණි. ”

    ෆේවරිට් මුදලාලිගෙ නමත් තිබුනද ඒ ලැයිස්ත්වේ?

    සෝබිතයගෙ ලොකුම දායකය. පගාව දීමත් වැරදි වැඩකි.

    Was Shewakrams on the list?

    Sobithayaas great supporter.

    Bribing is a criminal offence.

  4. Ratanapala Says:

    Patriotic SLFPers and UNPers – let us all join into a single political party headed by Gotabhaya to safeguard Sri Lanka!

    It is time all patriots unite to defend our Motherland from the Western Hegemonistic powers who are intent on creating mayhem in the rest of the world so that they can plunder world resources at their will and pleasure.

    What Yahapalanaya headed by the pansy Ranil with the traitor guttersnipe Sirisena in tow is doing is nothing but efforts to make Sri Lanka a failed state. For this it is essential for them to make the population at large entirely helpless. This is why they took the farmers subsidies away to destroy food security, why they are weakening the security apparatus, why they are bringing ‘US Peace Corps’ and also US Military to lay the foundations for a complete collapse of the nation state so that it can be balkanized to enable ‘divide and rule’. Robbing of the Central Bank was to finance and bankroll the expenses of regime change. This way they have got the whole nation to do fund their operations. Verily a plot hatched in the US and UK now self financing Sri Lanka to bring her own destruction. Idiots across the Palk Straits have no idea that their British Colonial Construct – Indis will be the next in their cross hairs after Sri Lanka!

    Only way ahead is for Mahinda faction to let go of the SLFP and the patriotic UNPers to leave the UNP and join one patriotic establishment to defeat all forces that are for the dissolution, dismemberment and balkanization of Sri Lanka. There are no major differences between the UNP and the SLFP voters and both parties per se are beyond their individual ‘use by dates’! Ranil hanging onto the power constitutes the very dying embers of unpatriotic party that is the UNP. UNP a Christian Conglomerate managed to hoodwink a larger portion of the Sinhala Buddhist population to kowtow to their Christian Agenda.

    The only good thing that this so called National Government has done is to show that there is no essential difference between the majority voters who support these two unpatriotic parties. The only reason the party leaders are sticking to these parties is to keep their positions and for the continuation of their individual political dynasties. Some of these aging politicians have shown that they are utterly corrupt and are looking at every opportunity to jockey themselves into positons of power.

    Joining into a new party will enable more educated, able, pragmatic, younger politicians to occupy positions of power
    and work towards a united Sri Lanka and a brighter future together. This was Lee Kuan Yew’s success in Singapore.

    Already this conversation is happening with a proven leader at the head. It is Gotabhaya and the party is already there with Pohottuwa. Pohottuwa must not the left in the hands of Mahinda Rajapakse alone for him to do more of the same ‘old party politics’. We need to bring discipline and show that nepotism is not entertained. Sri Lanka is an educated nation and there are enough and more good leadership material among the populace. They should be brought to the fore to take over future leadership of the nation regardless of race, creed or station in life if they are for one nation and eager to safeguard our cultures, common true history and values.

    If this happens, we need not worry about the racist and religious extremist becoming kingmakers of Sri Lanka any further.

    Maduluwawe Sobhita is a vain selfish person who used his position as a well known orator priest to advance his own image. He never had an ideology.

    Although he tried to play second fiddle to Most Ven Madihe Pannaseeha Maha Thero he was not accepted as trustworthy by the Buddhist hierarchy. He climbed onto any vehicle that gave him an audience. Finally he managed to find himself among those who gave him a platform and some sort of recognition – the traitors of Sri Lanka. It was unfortunate that his last victim was our Motherland itself. The irony is that he became expendable after the dark deed of Regime Change was done and the traitors enthroned.

    He surely must now be languishing in the darkest depths of hell!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress