අපි දහසය දෙනා ඉදිරියේදී සහාය දෙන්නේ මහින්දටයි
Posted on May 16th, 2018

කුරුවිට – කේ.ඒ.එස්. පියතිලක , රත්නපුර _ රුචිර අබේමාන්න උපුටාගැණීම  මව්බිම

විපක්‍ෂයේ අසුන්ගත් 16 දෙනා ඉදිරි මැතිවරණ සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සමඟ එකට එක්ව තරග කරන්න තීන්දු කර තිබෙන බව හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න පැවැසීය.

ඒ මහතා ඒ බව සඳහන් කර සිටියේ පසුගියදා (13දා) ඒ මහතා පිළිගැනීම වෙනුවෙන් කුරුවිට _ මිල්ලවිටිය හන්දියේ පැවැති ජන රැලියක් අමතමිනි.

පැමිණ සිටි ජනතාව අමතමින් සෙනවිරත්න මහතා මෙසේද පැවැසීය.

අපි දැන් ඉන්නේ අර්බුදකාරී තීරණාත්මක අවස්ථාවකයි. 2015 මහ මැතිවරණයෙන් පස්සේ එක්තරා අඳුරු කාලපරිච්ඡේදයකට මුහුණදෙන්න සිද්ධ වුණා. මොකද ඒ මැතිවරණයෙන් කිසිදු පක්‍ෂයකට තනිව ආණ්ඩුවක් පිහිටුවන්න බැරි විදියේ තත්ත්වයකට රට පත්වුණා. ඒ වෙලාවේ ගත්ත එක තීන්දුවක් තමයි අපි අවුරුදු දෙකකට සම්මුතිවාදී ආණ්ඩුවක් ඇතිකර මේ රටේ ජනතාවට යම්කිසි සේවාවක් කළයුතුයි කියා. අපි එදා කිව්වේ අවුරුදු දෙකකින් මෙම සම්මුතිවාදී ආණ්ඩුව අවසන් කර අපි පක්ෂය ඉස්සරහට අරගෙන යමුයි කියා. මම ඒ සම්මුතිවාදී ආණ්ඩුවේ තනතුරු භාරගත්තේ ජනතාවගෙන් අහලා. මම එහිදී කිව්වා මේ සම්මුතිවාදී ආණ්ඩුව අවුරුදු දෙකකට වඩා ගෙනයෑම රටට සුබදායී නොවන බව හා මේ රටේ ජනතාවටත් සුබදායී නොවන බව.

අපි නිතර නිතර ජනාධිපතිතුමාට කිව්වා මහ බැංකු කොල්ලයට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂය සමඟ වික්‍රමසිංහ අගමැතිතුමා සමඟ එකට කටයුතු කරන්න බැරි බව. ජනාධිපතිතුමාව දැනුවත් කර අපි විපක්ෂයේ මන්ත්‍රිවරු සමඟ සාකච්ඡා කර එක්සත් ජාතික පක්‍ෂයේ සමහර අයගේද සහයෝගය මත අගමැතිතුමාට විරුද්ධව ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්න අපි තීරණය කළා. මොකද එම විශ්වාසභංග යෝජනාවේ තිබුණේ මෙම මහ බැංකු කොල්ලයට සම්බන්ධ කරුණු 15ක් නිසා. මොකද ඒ මහා කොල්ලය නිසා අද මේ රටේ ආර්ථිකය විශාල ලෙස කඩාවැටී ඇති නිසා. අපේ පක්ෂයේ ලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙක් විශාල කුමන්ත්‍රණයක් කර එක්සත් ජාතික පක්ෂයත් සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළැක්වූවා. ඒක නිසා අපි එක්සත් ජාතික පක්ෂයේ මෙම විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දෙන්න හිටපු අයට කිව්වා මෙය දිනන්න අපහසු නිසා පක්‍ෂව ඡන්දය දෙන්න එපා, එහෙම වුණොත් ඔබලාගේ මන්ත්‍රි ධුරත් නැතිවෙන්න පුළුවන් කියා. ඊට පස්සේ අපි තීන්දු කළා තවදුරටත් අපිට මේ පක්ෂයේ ඉන්න බෑ. පක්‍ෂයෙන් යන්න ඕනි කියා. අපිට එළියට යන්න ජනාධිපතිතුමා අවසර දුන්නා. අපි මේ කාලය තුළ ආණ්ඩුවේ තනතුරු දැරුවේ කැමැත්තකින් නෙවෙයි. අපි කවදාවත් මේ ප්‍රගතිශීලී ක¼දවුරෙන් යන්න සූදානම් නෑ.

 

One Response to “අපි දහසය දෙනා ඉදිරියේදී සහාය දෙන්නේ මහින්දටයි”

  1. Ratanapala Says:

    These old politicians should be shown the ‘door’ at the next elections they contest by the voters. They are only good for looking after themselves. They belong to a history of our political process that need only be forgotten for good. They are a good for nothing lot.

    They got elected last time at the August 2015 elections only because they stood behind Mahinda Rajapakse and liberally used his image in their electioneering.

    They are a shame on our nation.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress