ජනතා විමුක්ති පෙරමුණ හා විධායක ජනාධිපති ධූරය.
Posted on May 16th, 2018

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

මේ දිනවල, ජනතා විමුක්ති පෙරමුණ, රටපුරා මහා පරිමානයෙන් විධායක ජනාධිපති ධූරය, අහෝසි කරවා ගැනීමේ දැවන්ත මෙහෙයවුමක් අරඹා ඇත. ‍ජනතා ව්මුක්ති පෙරමුණ හා වර්තමාන යහපාලන රජය අතර ඇති බැදීම හා සහසම්බන්ධතාවයන්ට අනුකුලව මෙය ඉටු කරන බව වර්තමාන දේශපාලනය සම්බන්ධව අවබෝධ ඇත්තන් හොදින්ම දනී.

විධායක ජනාධිපති තනතුර යනු, මේ රටේ ව්‍යවස්ථාවට අනුව ගොඩනැංවී ඇති උත්තරීතරම පදවියයි. මෙම උත්තරීතර පදවිය, විනාශ කිරීම අරමුණු  කරගෙනම, එම පදවියට පුද්ගලයකු පත්කිරීමට ගිවිසුම් ගැසිම, කොතරම් නීත්‍යනුකූලද, ව්‍යස්තානුකුලද යන්න සම්බන්ධව, අප පලමු කොට සලකා බැලිය යුතු වැදගත්ම කරුණකි. නමුත් එම පදවියේ උත්තරීතර භාවය විනාශ කරන බව අගවමින් එම පදවියට පත්වෙමින් එම පදවියේ ඇති උත්තරීතරත්වයට හානි නොකර ඉවත්ව යාම, බලය ලද සෑම ජනාධිපතිවරයෙකුම සිදුකල කාර්යයයි. පදවියකට පත්වී ඒ පදවියේ තත්වය දුර්වල කර ඉවත්ව යාම කිසිදු ගෞරවනීය මිනිහෙකුට කල නොහැකි කටයුත්තකි. ජනාධිපති තනතුරේ එසේ කිරීම නීත්‍යානුකූල නම්, ඊට වඩා පහල මට්ටමේ ඇති ඕනෑම පදවියකට පත්වෙන ඕනෑම අයකුට එම පදවි විනාශ කිරීමේ පදනමින් එම පදවි ලබාගැනීමට ඉදිරිපත්විය හැක. ඒ සදහා ශුද්ධවූ අයිතියක්ද නිර්මාණයවේ.
සැබෑ ලෙසම මෙය දේශපාලන පක්ෂයක් තුලවූ පදවි සදහා, කුමන්ත්‍රණකාරී ලෙස ගිවිසගෙන, එම පදවි තුලවූ අරමුණු විනාශ කල හැකි වුවද, රාජ්‍යයක් සදහාවූ පදවි සදහා විවෘතව ගිවිසුම් සහගතව කලහැකි කාර්යභාරයක් නම් නොවේ. සත්‍ය ලෙසම විධායක ජනාධිපති ධූරය, මේ රටට මෙතරම් භයානක ධූරයක් ලෙස පෙන්වාදීමට වෙර දැරුවද, එය ඔය කියන තරමේ යක්ෂයෙකු නොවන බව අපි වසර 40ක අත්දැකීම් තුලින් අවබෝධ කරගෙන සිටින්නෙමු.
මෙම පදවිය අහෝසි කල යුතුයයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා කිසිදා ඉල්ලා සිටියේ නැත. ඔහු මෙම පදවිය සදහා තරග වැදුනේ, එම පදවියේ ඇති විධායක බලතල අහෝසි කිරීමේ අරමුණින් නොව එම විධායක බලතල උපයෝගීකරගෙන මෙරටට සේවය කිරීමේ අරමුණනි. ඔහුට අනුව මෙම පදවිය, ධනේශ්වර ව්‍යවස්ථාවේ තවත් එක් පදවියක් වූ අතර, වෙනස් කලයුත්තේ, ඔය කියන පදවියවත් ව්‍යවස්ථාව වත් නොව, මුළු මහත් ධනේශ්වර ක්‍රමයම බව දැඩිලෙස අවධාරණය කලහ.

ඉතිහාසයේ අපූරු සිදුවීම්,දැන් දැන් නිතර නිතර සිදුවෙමින් පවතී. අධිරාජ්‍යවාදී බලවේග මෙරට සිටින ඔවුනගේ මිතුරන් සමග එකතුව, මහා ගණිතමය සූත්‍රයකට අනුව සාදා, යලි කිසිදා, මෙරට බලය කිසිවෙකුටත් නොදෙමියි යන අධිෂ්ඨානයෙන් නිමකල මහා බලගතු මේ ව්‍යවස්ථාව, ඔවුනගේ පාලන කාලය තුලදීම, අණ්ඩ ගොඩක් දැමූ කඩමාල්ලක් බවට පත්විය. වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටින්නේ, මෙයට තවත් අණ්ඩයක් දමන ලෙසයි. එය මේ ව්‍යාවස්ථාවට දමන 20 වෙනි අන්ඩය බවට පත්වෙනු ඇත. අධිරාජ්‍යවාදී බලවේග වල ගණිතමය විසදීම් මිත්‍යාවන් බවට පරිවර්තනය කරනු ලැබුවේ පැරණි ජනතා විමුක්ති පෙරමුණ බව ‍ගෞරවයෙන් සිහිපත් කලයුතුව තිබේ. ඒ පක්ෂය අද ධනවාදයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය වෙනුවෙන් ආණ්ඩ දමන්නන් බවට පත්ව ඇත.

වර්ෂ 1983 සිට 1989 දක්වා මෙරට දේශපාලන පොරපිටියේ රැදී සිටියේ, එක්ෂත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පමණි. මෙම කාලය තුලදී තහනම් කලද, ධනේශ්වර ආඥාදායකත්වයට එරෙහිව සටන් වදින ආකාරය පැහැදිලිවම පෙන්නුම් කල එම පක්ෂය ධනවාදී සුනඛයන් ඉදිරියේ නිවටව දනින් වැටී දිවි ගෙවනවා වෙනුවට සටන් කොට මියයාමෙහි අගය පෙන්වාදුන් අතර, ඒ සටන්කාමිත්වය හමුවේ, ශ්‍රී ලංකාවේ අධිරාජ්‍ය ගැති, ධනේශ්වර ආඥාදායකත්වය ගරා වැටිමේ ආරම්භයද නිර්මාණය විය.

වර්ෂ 1971 අප්‍රේල් 5 වෙනිදා සන්නද්ධ අරගලයක් හරහා, සමාජවාදී නිර්ධන පාංතික ආඥාදායක සමාජයක් නිර්මාණය කරන්නට ක්‍රියාත්මක වූ පක්ෂය, එදා ජග්‍රහණය කලා නම්, මෙරට සියලුම දේශපාලන පක්ෂ අහෝසිව බෙදුම්වාදයේ මුලික අංගය වු පක්ෂ දේශපාලනයට නැවතීමේ තිත තැබීමට නියමිතව තිබුණි. එදා පවතින ව්‍යවස්ථාව විනාශ කර නව දේශයක් ගොඩනැංවීමට සුදානම්ව සිටි පක්ෂය, අද ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා, අණ්ඩ පිරුණ ව්‍යාවස්ථාවට, තවත් අණ්ඩයක් දමා, වෙස්ට්මිනිස්ට ක්‍රමයේ ව්‍යාවස්ථාවක් ස්ථාපිත කරන්නට වලිකන ජනතා විමුක්ති පෙරමුණ නම් නොවේ.
ව්‍යාවස්ථාවේ කුමණ සුන්දර වචන තිබුනද, කුමන සුන්දර වචන වලින් අලංකෘත කලද, නිර්ධන පංතික ආඥාදායක, සමාජවාදී සමාජයක් ගොඩනංවන තුරු, මෙරටේ පවතින්නේ ධනේශ්වර ආඥාදායක සමාජයකි.

නිදහස ලද වර්ෂ 1948 සිට වර්ෂ 1978 දක්වාවූ කාලය තුල මෙරට පැවතියේ, මොවුන් අද ඉල්ලා සිටින ආකාරයේ වූ රජයන්‍ වේ. එම රජයන් 1953 හර්තාලය මැඩපැවැත්වීමට ජනතාවට වෙඩි තැබූ අතර, වර්ෂ 1966 ජනවාරි මස 8 වෙනිදා, කොල්ලුපිටියේදී මිනිසුන් ඝාතනය කලේ, හදිසි නීතියවත් රටේ නොපැවති අවස්ථාවකය. තවද 1971 පහරදීමත් එයට එරෙහිවූ ප්‍රතිප්‍රහාරයත් සිදුවූයේ, මොවුන් ඉල්ලා සිටින ආකාරයේ ව්‍යාවස්ථාවක් පැවති රජයක් යටතේදීය.
ශ්‍රී ලංකාවේ ගරා වැටෙන ධනවාදයටද විධායක ජනාධිපති ධූරය හිසරදයක් බව දැනෙන්නට වුයේ, චන්රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති තනතුරේ සිටින කාලය තුලදීය. ඒ සුපිරි අධිරාජ්‍ය ගැති ධනපති පංතියෙන්, එම බලය ගලිහී ගියදාට පසුවය. කොල්ලුපිටියේ බටහිර තානාපති කාර්යාලතුල නිර්මාණය වූ මේ මේ ජනාධිපති විධායක බලතල වලට එරෙහි සටන, එවකට ජනාධිපතිවරියට එරෙහිව දියත් කරන ලදී. “ජනාධිපතිතුමියගේ තටු සිදීම” වශයෙන් නම් කර, සමාජගත කල මහා ව්‍යාපාරයක් අධිරාජ්‍යවාදීන් විසින් දියත් කලහ. මෙම ව්‍යාපාරය හරහා එවකට සිටි ජනාධිපතිතුමිය දැඩි මානසික පීඩනයකට භාජනය කොට මෙරට ව්‍යවස්ථානුගත ගත කැබිනට් රැස්වීම් වලට පවා ඇයට සහභාගි වීමේ අපහසු පසුබිමක් නිර්මාණය කරන ලදී. ඒ පසුබිම මත, පාර්ලිමේන්තුවේද අනුදැනුමකින් තොරව, විධායක ජනාධිපතිවරියක් සිටියදීම, යටත් නොදන්වා, මෙරට ඉතිහාසයේ මහා ආන්දෝලනයක් ඇති කල සටන් විරාම ගිවිසුම, ත්‍රස්තවාදී සංවිධානය හා අත්සන් කිරීම සිදුකරන ලදී. මේ සිදුවීම ඉතා පැහැදිලිවම පෙන්වා දෙන්නේ, ඔය විධායක බලතට ගණන්කාර අගමැතිවරයෙකු යටතේදී හැඟී මුත්තන් කෙලින තත්වයට පත්වෙන බවයි. ඉතිහාසයේ අති වැදගත් මේ සන්ධිස්ථානය සැහැල්ලුවෙන් අමතක කර විධායක ජනාධිපති බලතල ගැන කථාකල හැකි නොවේ.
මෙම සන්ධිස්ථානයේදී රටේ විධායක ජනාධිපති බලතල අභිබවා, පාර්ලිමේන්තුවටත් පිටින් ගොස්, අගමැතිතුමාගේද බලවත් අකමැත්ත මත, කුමන්ත්‍රණකාරී ලෙස, ඔහුගේම අත්සන, සටන් විරාම ගිවිසුම නම් වූ බෙදුම් වාදී උගුලට යොදාගන්නට තරම් අති ප්‍රබලවූ, ජනපති විධායක බලය දෙදරවූ, පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කල, අදිසි බලය සම්බන්ධව, මෙරට සියලු දේශපාලන පක්ෂ මීට වඩා අවධානයට ලක්කළ යුතුය.”විධායක ජනාධිපති ධූරය අහෝසි කරව්” යන හඩ නගන කුමන දේශපාලන පක්ෂයක් වුවද, මේ සන්දිස්ථානයේදී ජනපති විධායක බලය පලා ගියේ ඇයිදැයි පැහැදිලි කල යුතුය. ඒ අනුව අපි වර්තමානයේදී විධායක බලය අහෝසි කරව්! යයි හඩතලන ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටින්නේ,මේ සිදුවීමට බලපෑ හේතු පැහැදිලි කර දෙන ලෙසයි.
එදා ජනතා විමුක්ති පෙරමුණහි සිටි, දේශප්‍රේමී බලකාය පෙරට පැමිණ, ජනාධිපති තනතුරහි ඇති විධායක බලතල පෙන්වාදී, එම රජය පෙරලා නොදැමුවේ නම්, මේ වන විට ශ්‍රී ලංකාව යනු බෙදී වෙන්වී ගිය රාජ්‍යයකි.
එදා ජනතා විමුක්ති පෙරමුණ ඉටුකල ඒ කාර්යය භාරය වූයේ විධායක ජනාධිපති බලතල අභිබවා නැගීසිටි ඒ අදිසි අධිරාජ්‍යවාදී බලමුලු, විධායක ජනාධිපති සතු බලතල උපයෝගී කරගෙන නිෂේධ කිරීමයි. ඒ අනුව එදා පවතී රනිල් වික්‍රමසිංහ රජය පලවා හැරීමට ජනාධිපති විධායක බලතල උපයෝගී කරගත් ජනතා විමුක්ති පෙරමුණ, මේ අවස්ථාවේදී, එදාට වඩා අවුරුදු 34ක් මහලු රනිල් වික්‍රමසිංහ රජය මේ විධායක බලතලවලින් ආරක්ෂාකර ගැනීමේ සටනක නිරතව සිටි. මේ සිදුවීම පෙන්වා දෙන්නේ එදා සතුරාට මෙදා එම පක්ෂය යටත්ව ඇති බවයි.
එදා ජනතා විමුක්ති පෙරමුණ සිදුකල ඒ ක්‍රියාවලිය හේතුවෙන් කිපුණු අධිරාජ්‍යවාදීන්, එම ක්‍රියාදාමයත් සමග ගොඩනංවා ගන්නා ලද සන්ධාන රජයේ සිය ප්‍රථම ඇමති ධූරයන්හි කටයුතු නිසිලෙස කරගෙන යාමට අවස්ථාවක් ජනතා විමුක්ති පෙරමුණට ලබා නොදුන් අතර එම පරාජිත අදිසි බලවේගය, එම  වකවානුවේදීම, ජනතා විමුක්ති පෙරමුණ තවත් සන්දිස්ථානයකට තල්ලු කර දමන ලදී. ඒ තමන් විසින්ම විධායක ජනාධිපති බලතල උපයෝගී කරගෙන, ගොඩනැංවූ ඒ ජනාධිපති ප්‍රතිරූපය හරහා කොටි සංවිධානයට මහා කප්පමක් පිරිනැමීමට සූදානම් වීමයි. මේ සංසිද්ධියත් සමග ජනතා විමුක්ති පෙරමුණට එම රජයෙන් ඉවත්වීමට සිදුවිය. ඉවත්වී නිවටව නොසිටි එම පෙරමුණ පවතින නීත්‍යානුකූල පදනමින් සතුරු අරමුණු පරාජය කරන ලදී.

ඉන් නොනැවතී ඉදිරියටම ගමන් කල එම පෙරමුණ, මහින්ද රාජපක්ෂ මහතා හා ජනතා විමුක්ති පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමක්, ජනාධිපතිවරණය සදහා ඇතිකර ගත්තාය. පසුව සිය ධනය දසදහස් ගනනක් වූ සාමාජික, සාමාජිකාවන්ගේ ශ්‍රමය වැයකර, තමන් විසින්ම ගොඩනංවූ රජය සමග කටයුතු කිරීමටද ඒ අදිසි බලවේගය ඉඩ ලබා නොදෙන ලදී. ඉතිහාසය තුල වූ සිදුවීම මෙසේ ලඝු කොට දැක්විය හැක.

1. එදා ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රතිගාමිත්වයට එරෙහිව චන්ද්‍රිකා කුමාරතුග මැතිනිය සමග පරිවාස ආණ්ඩුවක් ගොඩනැංවූවාය.

1a. අදිසි බලවේගයක් වහා ඉදිරියට විත් එම රජය බිද දැමුවාය. ඔවුනට හිතවාදී රජයක්ද බිහිකර, සටන් විරාම ගිවිසුමක්ද නිර්මාණය කලහ.

2. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්ව, එවකට සිටි ජනාධිපතිතුමිය හරහා, ජනාධිපති විධායක බලතල උපයෝගී කරගෙන, එම රජය බිද දමන ලදී.
පසුව, සන්ධාන රජය ගොඩනංවා, එම රජය තුල ඇමතිකම්ද දරන ලදී.

2.a. වහා ක්‍රියාකාරීවූ අදිසි බලවේගය, එම ජනාධිපතිතුමිය හරහා එල්. ටී. ටී. ඊ. යට අධි බලය ලබා දෙන සුනාමි සහන මණ්ඩලය ප්‍රධානය කිරීමට කටයුතු සූදානම් කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණහි, රජය තුලවූ ස්ථාවර බාවය බිදින ලදී.

3. ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ඉවත්වී, නීත්‍යානුකූලව සුනාමි සහන මණ්ඩලය බල රහිත කරන ලදී. මහින්ද රාජපක්ෂ මහතාව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස පත්කර ගැනීම සදහා වූ ගිවිසුමකට එලඹියහ. ඒ මොහොතේ පටන් ජනාධිපතිවරණය අවසන්වූ දවසේ මධ්‍යම රාත්‍රිය තෙක්ම ජනතා විමුක්ති පෙරමුණට හා එහි සාමාජිකත්වයට, අඛණ්ඩව වැඩ කරන කාල පරිච්ඡේදයක් උදාවිය. වේදිකා නිර්මාණය, රතු දජ වලින් වීථි සැරසීම, පෝස්ටර් ඇලවීම, ජනතාව දැනුවත් කිරීමට ගෙන්ගෙට යෑම වැනි සෑම කටයුත්තකදීම පෙරමුණෙන්ම සිටියේ එම පෙරමුණයි. මහා සටනකින් පසු උත්සහය අති සාර්ථක විය. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස තේරී පත්විය.

3aවහා ක්‍රියාකාරී වූ අදිසි බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, මහින්ද රාජපක්ෂ රජය හා බද්ධ වීම අවලංගු කලහ. එය ජනතා විමුක්ති පෙරමුණේ තීරණයක් ලෙස සමාජගත කලහ.

‍මෙම සිදුවීම මුලුමහත් සමාජයේ මනෝකාය දෙදරවූ අතර, ජනතා විමුක්ති පෙරමුණහි, සියලුම සාමාජික සාමාජිකාවන් හා හිතවතුන් තුල කුකුසක් ඇති කිරීමට සමත්විය. එදා සමාජයේ හිනිපෙත්තේ සිටි මේ පක්ෂය කිසිදා වැරදි තීන්දු තීරණ ගන්නේ නැතැයි යන පදනමේ පිහිටා සියල්ලෝම සියල්ලක්ම ඉවසා වදාලහ. එහෙත් එම සිදුවීම හරහා ජනතා විමුක්ති පෙරමුණහි මුලු මහත් සාමාජිකයින්ම සමාජමය අවඥාවකට පාත්‍ර කිරීමට මෙම නව නායක පරපුරට හැකියාවක් උදාවිය.
එදා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා දේශපාලන වේදිකා තනද්දී, මංමාවත් දිගේ, රතු කොඩි සිටුවීමට වලවල් කපද්දී, ගෙයක් ගෙයක් ගානේ ගොස් ජනතාව දැනුවත් කරත්දී, ඔවුන් මේ සකල විධ කාර්යයන් පද්ධතියම කරන්නේ, පරිවාස රජය බිදලූ ඇමත්තන්ට යලි ඇමති කම් ලබාදීමට බව නොදැන සිටියහ. සටන් විරාම ගිවිසුමට පක්ෂව රටපුරාම හඩ නැගූ අයට මැති ඇමති කම් ලබාදීමට බව නොදැන සිටියහ, තවද සුනාමි සහන මණඩලය දෙනව දෙනවාමයි කියමින් පාර්ලිමේන්තුවේ හඩ තැලූ අයට ඉහල තලයන්ට තල්ලු කිරීමට බව නොදැන සිටියහ.
මහින්ද රාජපක්ෂ මහතාව බලයට පත්කල ජාතික බලවේගය මුහුණ දුන්නේ, එදා කාම්බෝජයේ ඇමරිකන් ගැති රූකඩ ලොන්නොල් රජය හා ඇමරිකන් බල මුලු පරදවමින් නොම්පෙන් අගනුවරට ලගාවූ එරට ජාතික බලවේග එදා මුහුණ පෑ තත්වයටමය. එම තත්වය මත එදා කාම්බෝජයේ ජාතික විමුක්ති බලවේගය ඇතුලු ලක්ෂ 22කට අධික ජනතාවක් ඝාතනය කලහ.

මෙම තත්වය පාලනය කිරීමේ පූර්ණ වගකීම අතැතිව සිටියේ, මහින්ද රාජපක්ෂ මහතා පමණි. ඔහු තමන්ව බලයට පත්කල ජාතික බලවේගය හා දැඩිව අත්වැල් බැද ගත්හ. යුද්ධයට නිවැරදිව මුහුණ දීමට තීරණය කලහ.
පාර්ලිමේන්තුවේ සිටින අති පිරිසිදු මන්ත්‍රී කණඩායම තමන් බව පවසන ජනතා විමුක්ති පෙරමුණ රජයට සම්බන්ධ නොවීම; රජයට වෙනත් කණ්ඩායම් හා බද්ධ වීමට හේතු පාදක විය. පලමුව ස්ථාවර රජයක් ගොඩනංවා ගත් අතිගරු ජනාධිපතිතුමා, ත්‍රස්තවාදයට මුහුණදීම අපූරුවට ආරම්භ කලේය.

අදිසි බලවේගය, තමන්ගේ ත්‍රස්තවාදය නම්වූ ව්‍යාපෘතිය, බලවත් තර්ජනයකට මුහුණදී ඇති බව වටහා ගත්හ. රජයේ අරමුණ වෙනතකට යොමුකිරීමට ඉටා ගත්හ. රට පෙරටු කොට ආ ජ. වි. පෙ. ශිෂ්‍ය පරපුර පෙරටු කොට පෙලපාලි ගියහ. වැඩි වැටුප් අරඹයා වෘත්තීය සමිති ක්‍රියා ආරම්භ කලහ.

මෙම ක්‍රියාදාමයන්ගෙන් කරගෙන යන යුද ක්‍රියාවලියට සිදුවෙන හානිය වටහා ගත් ජනාධිපතිතුමා, යුද ක්‍රියාන්විතයට සමාන්තරව මැතිවරණ ක්‍රියාන්විතයක්ද ආරම්භ කරන ලදී. සියලූම විරුද්ධවාදී බලවේග මැතිවරණ පිටියට ගැටගසා යුද්ධය කරගෙන යන ලදී.
හදිසි නීති විවාද වලදී,
1. එදා පරිවාස ආණ්ඩුව විනාශ කල මැති ඇමතිවරුද හදිසි නීතියට පක්ෂව ඡන්දය පාවිච්චි කලහ.
2. එදා සටන් විරාම ගිවිසුම වෙනුවෙන් පෙනී සිටි මැති ඇමතිවරුද හදිසි නීතියට පක්ෂව ඡන්දය පාවිච්චි කලහ.
3. එදා සුනාමි සහන මණඩලය දෙනව දෙනවාමයි කිවූ මැති ඇමතිවරුද හදිසි නීතියට පක්ෂව ඡන්දය පාවිච්චි කලහ.
4. ජනතා විමුක්ති පෙරමුණද හදිසි නීතියට පක්ෂව ඡන්දය පාවිච්චි කර, තමන් රජයට යුද්ධයේදී විශාල ලෙස උපකාර කරන බවට එම සාධකයම ඉස්මතු කලහ.
මෙරට දේශප්‍රේමී බලකාය අවුරුදු 504 කට පසු අධිරාජ්‍ය විරෝධී අරගලය ජය ගත්හ.

එදා ජ. වි. පෙරමුණ හා සිටි ජනතා බල කදවුර ඔවුන් හැරදා ගොස් ඇත. පාර්ලිමේන්තු ආසන 41ක් දරු ඔවුන් අද පාර්ලිමේන්තු අනාතයන්ව ඇත. මහින්ද රාජපක්ෂයන් සමග අදත් පෙළ ගැසෙන මිනිසුන් අතර එදා ජවිපෙට බලය පැවරු මිනිසුන් සෘජුවම සිටි. ඒ බලවේගයටද මෙරට විධායක ජනාධිපති ධූරය සතු බලතල මදිබව හැගී ගොස් තිබේ. ඉන් එහා ගිය බලතල රාශියක් සහිත නිර්ධන පාංතික ආඥාදායක රාජ්‍යයකට මංසලසන මාවතක් නිර්මාණය කලයුතුයයි ජනතාවට සිතේ. පිදෙල් කස්ත්‍රෝ යනු නිර්ධන පාංතික ආඥාදායකයෙකි. උතුරු කොරියානු නායකයාද නිර්ධන පාංතික ආඥාදායකයෙකි. මුලුමහත් ලෝකයේම අධික ජනගහනයකින් යුත් රාජ්‍යය වන චීනයේද ඇත්තේ නිර්ධන පාංතික ආඥාදායක පාලනයකි. මෙරට ජනතාව එවන්වූ රාජ්‍ය ව්‍යුහයක් මෙරට පිහිටවීමට දායක විය යුතුය.

මෙරට ජාතික නායකයින්, ජාතික වශයෙන් පුස්සන් නපුංෂකයින් බවට පත්කරන මහා අදිසි බලවේගයක් මේ රටපුරා පක්ෂයක් පක්ෂයක් ගානේ, සංවිධානයක් සංවිධානයක් ගානේ, මිනිස් මනසක් මිනිස් මනසක් ගානේ හොල්මන් කරයි. මෙම බලවේගය, එක්ෂත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමල ජාතික සන්ධානය හෝ ජනතා විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂ වල නායකයින් විටින් විට, දේශපාලන වශයෙන් නිරුවත් කොට, ඔවුනගේ අවශ්‍යතාවයන් උදෙසා, දේශපාලන කෝලමුන් බවට පත්කර, දේශපාලන වශයෙන් ඝාතනය කරන අතර, එසේ නැඹුරු කර ගත නොහැක්කන් සෘජුවම ඝාතනය කිරීම සංස්කෘතියක් බවට පත්කරගෙන තිබේ. සැබෑ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානම කාර්යය භාරය විය යුත්තේ, පවතින විධායක බලයට වඩා මේ රටට වින කරන මේ “අදිසි බලයට” එරෙහිව සටන් වැදීමයි. පැරණි ජනතා විමුක්ති පෙරමුණ ඉටු කල මේ කාර්යය ඉටු කිරීමට අද පෙරමුණ ගැනීමට ඉතිහාසය විසින් නිර්මාණය කර ඇත්තේ පොදුජන පෙරමුණයි. ඒ අනුව එදා ජනතා විමුක්ති පෙරමුණට උරුමව තිබු

“අධිරාජ්‍යවාදයට විනාශය- ජනතාවට විමුක්තිය” යන සටන් පාඨය ඔවුන්ගෙන් ගිලිහි ගොස් ඇත.

6 Responses to “ජනතා විමුක්ති පෙරමුණ හා විධායක ජනාධිපති ධූරය.”

  1. DR M D P DISSANAYAKE Says:

    Agreed with the writer. Fine analysis ( my Sinhala typing skills using current alphabet is limited, hence write in English).

    JVP is a fools paradise. Its current Chief is a corrupt person, so how can Mr Chandrasena we can expect “අධිරාජ්‍යවාදයට විනාශය- ජනතාවට විමුක්තිය” from him. Most of JVP murderers are either in Sydney, Melbourne or City of London. We know who they are, some of them are old, but not their vicious murderers ideas. Current leadership team consist of පුස්සන් නපුංෂකයින්.

    Anura hate educated people. How many times he failed his degree at Vidyalankara University, (if he has gone to a recognised Sri Lankan University at Peradeniya or Colombo ( not even Moratuwa Katubedda Tech), he must be still sitting for the admission test). As he hate educated people, he hate Dr Gotabaya’s new approach of recruiting Professionals to take up future leadership. That is why he call, Dr Gota is a WEEK LEADER.

    When ever the next Election, JVP will struggle to get past 5%.

    On a final note, I am surprised why these murderers have not been charged, they must be arrested and punished.

  2. Hiranthe Says:

    I totally agree with Chandra Pandithage and also Dr.Dissanayake.

    They are a parasite which kills Mother Lanka silently. Anura Kumara and the clan not only hates educated people, they really hate all capable leaders.

    Now, there is a lot of UNP supporting artists such as Sunil Perera and Movie actors openly supporting JVP to gather anti-UNP votes to JVP camp to stop them going towards Pohottuwa. It is clearly visible as a desperate move by the Yahap camp.

    At the same time innocent and true JVP supporters such as one of our famous singers T.M.Jayaratna are blindly supporting JVP. Are they not answerable to Mother Lanka for the free education they received??

    It is high time for those hard core supporters to realise the double game of their leaders and ditch this dying party.

  3. Christie Says:

    J V P is the Sinhala terrorist arm of India. Ask any Indian parasite in Pettah.

  4. epaasni Says:

    To change Sri Lanka from a presidential republic to a parliamentary one is a dumb move by JVP idiots and other idiots who ever supports them (remember the father of the this demand Sobitha) for a country that is in a permanent state contested homeland demands (north and East)and also because of the hostile neighbour for centuries ,tamil nadu by extension India.

  5. epaasni Says:

    To change Sri Lanka from a presidential republic to a parliamentary one is a dumb move by JVP idiots and other idiots who ever supports them (remember the father of the this demand Sobitha) for a country that is in a permanent state of contested homeland demands (north and East)and also because of the hostile neighbour for centuries ,tamil nadu by extension India.

  6. Ratanapala Says:

    JVP should be entirely rejected at the next election. Furthermore the elections laws must be revised not to allow anybody polling less than 5% representation in the parliament under whatever excuse. Current plan of the JVP is a send people on a fool’s errand. By now intelligent people should realize their cunning plan.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress