ගිය අවුරුදු තුනේදී දාපු සෙල්ලම්වලට හිරබත් කන්න කට්ටියම ලෑස්ති වෙන්න
Posted on May 17th, 2018

උපුටාගැණීම  මව්බිම

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරු වුණත් ඊළඟ ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට හැප්පෙන්නට සිදුවන්නේ එසේ මෙසේ බලවේගයක් සමඟ නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග පැවැසීය. ආණ්ඩුවේ සියලු බලවේග එක මිටට ගෙන පරාජය කිරීමේ හැකියාව ඒකාබද්ධ විපක්ෂයට ඇති බව පවැසූ රණතුංග මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දණින් වැටුණු ආණ්ඩුව ඊළඟ මැතිවරණයේදී හොම්බෙන් යැවීමට තමන් සූදානම් බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ උඩුගම්පොළදී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අද ආණ්ඩුවේ ලොකුම ප්‍රශ්නය බවට පත්වෙලා තියෙන්නේ ලබන අවුරුද්දේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට විපක්ෂයේ අපේක්ෂකයා කවුද කියන එකයි. ඒකෙන් පේනවා ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගිය අවුරුදු තුන තුළ රටේ ඇති කරපු මහා ප්‍රතිවිරෝධයට ආණ්ඩුව කොයිතරම් බයවෙලාද කියන එක.

අපේ අපේක්ෂකයා තෝරනකම් බලන් ඉන්නේ නැතිව තමන්ගේ අපේක්ෂකයා කවුද කියලා දැන්ම තෝරාගන්න කියලා මම ආණ්ඩුවට කියනවා. මොනවා වුණත් ඊළඟ ජනාධිපතිවරණයේදී හැප්පෙන්න වෙන්නේ එසේ මෙසේ අපේක්ෂකයෙක්, එසේ මෙසේ බලවේගයක් එක්ක නොවෙයි කියලා මතක තබාගත්තොත් හොඳයි.

අවුරුදු තුනකට ඉස්සර මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති ධුරයට තරග කරද්දී ජනතාවට දුන්නු පොරොන්දු දැන්වත් ඉටු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. තිස් වසරක යුද්ධය නිමා කරලා අති දැවැන්ත සංවර්ධනයක් කරා යමින් සිටි රට විනාශ කිරීමේ වගකීම වර්තමාන ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගිය සියලුදෙනා භාරගත යුතුයි. සරත් විජේසූරිය, ගාමිණි වියන්ගොඩලා වගේ විද්වතුන් කියාගන්නා අයගෙන් අහනවා තමුන්නාන්සේලාගේ කටවල්වල දැන් පිට්ටු හිරවෙලා ද කියලා.

රටක් දියුණු වෙන හැටි බලාගෙන ඉන්න බැරි වුණු කුහකයෝ රැළක් එකතු වෙලා මේ රට අගාධයට ඇද දැම්මා. දැන් ආණ්ඩුවෙන් ගන්න පුළුවන් වරප්‍රසාද අරගෙන සද්ද නැතිව හිටියට ජනතාවට තමුන්නාන්සේලා අමතක වෙලා නැහැ. ඒදා මේ ඊනියා වෙනස සිදුනොවුණා නම් අද ලංකාව ලෝක අර්ථිකයේ ඉහළම තැනකට පත්වෙලා ඉවරයි.

මේ රට ගොඩනඟන්න පුළුවන් යුද බිය නැති කළ නායකයෙක්ට පමණයි. මේ රට යළි නඟා සිටුවන්න පුළුවන් මහින්ද රජපක්ෂ නමැති අභීත නායකයාට පමණයි. අපි අද මේ වෙහෙසෙන්නේ ඒ අභීත නායකයාට ආයෙමත් වතාවක් මේ රට භාර දීමේ ඓතිහාසික කාර්ය භාරය ඉෂ්ට කිරීම සඳහායි.

කකුළුවා වතුර රත් වෙන තුරු නැටුවා වගේ මේ ආණ්ඩුවේ ලොකු ලොක්කොත් අවසාන නැටුම නටනවා. ඔය සතුට වැඩි දවසක් නැහැ. පසුගිය අවුරුදු තුනේ කරපු හොකරම්, දාපු සෙල්ලම්වලට ඒ උදවියට ඉතුරු ජීවිත කාලයම හිර බත් කන්න සූදානම් වෙන්න කියලා අපි කියනවා.

4 Responses to “ගිය අවුරුදු තුනේදී දාපු සෙල්ලම්වලට හිරබත් කන්න කට්ටියම ලෑස්ති වෙන්න”

  1. Hiranthe Says:

    Well said Mr. Ranathunga.

    Your brother has lost his metal and now marking time with the Yahaps otherwise with a true love for the country, no one can put up with these traitors.

  2. Dilrook Says:

    This will not happen. All politicians look after each other. They make sure their opponents are not punished. In turn, they are spared by them. As thick as thieves.

  3. Lionel Says:

    Spot on Dilrook. Your comments remind me how MR said he let go Premadasa’s daughter when she was caught by Customs at the BIA for a serious illegal act.

  4. Christie Says:

    සින්හල අපි බේද අතහැරල එකතුව ඉන්දියානු ජඩවාදයට එරෙහිව නැගී සිටිය යුතුය.

    සින්හලයන් එකිනෙකා කපා කොටා ගැනීමෙන් පලි ගැනීමෙන් ඉන්දියානු ජඩයෝ සහ ඉන්දියාවත් තව් තව තවත් බලගතු වන්නේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress