රනිල් වික්‍රමසිංහ පොරොන්දු කඩ කළා අපිව රැවැට්ටුවා රට රවට්ටන එකත් එතුමා නතර කළ යුතුයි-බදුල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි
Posted on May 26th, 2018

ප්‍රගීත් සම්පත් කරුණාතිලක උපුටාගැණීම  මව්බිම

ඔබ පාර්ලිමේන්තුවට ඇවිත් කෙටි කාලයයි. මේ කෙටි කාලය තුළ විප්ලවයක් කරන්නයි හදන්නේ. ඇත්තටම මොකක්ද මේ විප්ලවය..?

අපි ගොඩනැඟුණේ ප්‍රාදේශීය ජනතාවගේ ඡන්දයෙන්. එයාලගේ ඉල්ලීම්වලින්. අපි හැමදාම කරන්න ඕනෑ ඒ ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන එකයි. එහෙම නැතිව ඒ ජනතාව රවටලා දේශපාලනය කරලා අපට හුරු නැහැ. ඒ ජනතාවගේ ඕනෑ එපාකම් එක්ක සටන් කරලා ඒ සියලු දේ ලබා දෙන්නයි අපි කටයුතු කරන්නේ. මේ වෙනස තමයි විප්ලවයක් ලෙස ඔබතුමාලා දකින්නේ. ප්‍රාදේශීය සභාවේ සභාපතිවෙලා, නගරාධිපති වෙලා, පාර්ලිමේන්තු එන්න ජනවරමක් අපට ලැබුණා. ජනතාව අපි කෙරේ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

එජාපය ගම හදන්න ගෙනියන වැඩපිළිවෙළ සාර්ථකයි කිව්වට ඇත්තට සාර්ථක නැහැ. ප්‍රායෝගික නැහැ නේද..?

ඇත්තටම ප්‍රායෝගික නැහැ. අපි 2015 ජනවාරි 8 බලයට ආවේ සැබෑ වෙනසක් කරන්න. අද ඒ පොරොන්දු ඉටු කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වෙනුවට ජනවාරි 8 වැඩපිළිවෙළ කඩාකප්පල් වුණු වැඩපිළිවෙළක් විදියටයි මම දකින්නේ.

ජනවාරි 8 තනි ආණ්ඩුවක් හදලා යන්න තිබුණ ගමන හවුලේ ගිහින් වැඩේ අවුල් වුණාම දැන් බොරුවට කෑගහනවා..?

කෑ ගහනවා නෙවෙයි. අපි දැන් කියන්නෙත් එදා කිව්වෙත් තනි ආණ්ඩුවකට යමු කියලයි. යහපාලනය, ජාතික ආණ්ඩුව හොඳයි. නමුත් ඒක ප්‍රායෝගික නැහැ. මේ ආණ්ඩුව ප්‍රායෝගික කරන්නේ කවුද..? එජාපයේ අපි දුන්න පොරොන්දු එක්ක අලුත් වැඩපිළිවෙළක් එක්ක රට ගෙනියන්න හදනකොට අපෙන් පත්වෙච්ච අපි පත්කරපු ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලනිපය කකුලෙන් අදිනවා. 16 කල්ලිය ආණ්ඩුවේ ඉන්නකම් කළේ ජාතික ආණ්ඩුවේ වරප්‍රසාද විඳලා දැන් කියනවා ජාතික ආණ්ඩුව හොඳ නැහැ කියලා. ඉතින් එතැනින්ම පේනවා ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න බැහැ කියලා. ජාතික ආණ්ඩුව හරියට පඹයෙක් වගේ. කුඹුරේ හිටෙව්වොත් බය වෙනවා. රට හරියට ගෙනියන්නනම් එජාප තනි ආණ්ඩුවක් හදන්න ඕන. මම නායකයාටත් ඔය කතාව කිව්වා.

නායකත්වය කතාව පිළිගත්තද..?

නැහැ. නමුත් අපි තනිවම මේ ගමන යා යුතුයි කියන මතයේ අපි ඉන්නවා.

ශ්‍රී ලනිපයත් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියනවා. එහෙම වුණොත් මාස 18න් එජාපයට තනි ගමනක් යන්න පුළුවන්ද..?

ඔව්. පැහැදිලිවම ඒ කාලය ඇති. වංචා දූෂණයෙන් තොරව කාර්යක්ෂමව නිලධාරි පිරිසක් එක්ක මේ ගමන අපට යන්න පුළුවන්. අපි රටේ ජනතාව ගැන හිතන රටට වැඩ කරන කණ්ඩායමක්. ඒ නිසා දැන් තියා අපි තනි ගමනක් ගියොත් අපේ ඉලක්කවලට යා හැකියි. තව ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න අපට කාලය මදි වෙයි. මේ කාලය මදිවීමේ ප්‍රතිඵලය පරම්පරා ගණනකට භුක්ති විඳින්න සිදුවෙයි.

වියත්මඟ හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනපති සටනට එන්න ලෑස්තියි. කෝ එජාපයේ එහෙම දැක්මක්…?

එජාපයට එහෙම දැක්මක් තවම නැති එක තමයි අපට තියෙන ප්‍රශ්නය. මේ රට විනාශ කරපු කොටස මොන සිල් රෙදි පොරවාගෙන ආවත් ආයෙ දිනන්න බැහැ. රටේ ජනතාව ඒ යුගයට යන්න හදනවා නම් ඒක රටේ අඳුරුම යුගය වෙයි.

රටේ ජනමතය නම් එජාප ආණ්ඩු සමය තමයි අඳුරුම යුගය කියලයි.

එජාප ආණ්ඩුවක් කියන්නේ මේ රටේ දැවැන්ත සංවර්ධනයක් කළ ආණ්ඩුවක්. එහෙම සංවර්ධන වැඩ කළ ආණ්ඩුවකට අද ජනතාව අතරට යන වැඩපිළිවෙළක් හදාගන්න බැරිවීම ඇත්තෙන්ම කනගාටුයි.

එජාපය කොන් වෙලාද..?

අපි කොන්වෙලා නෙවෙයි අපි කොන් කරලා. අපේ නායකත්වයට කොන්ද පණ නැහැ ඒකයි ඇත්ත.

පක්ෂය විනාශ වෙන්නේ නායකයාගේ වරදින් එහෙමද..?

ඔව්. අපි ඒකට තමයි සටන් කරන්නේ. නායකයාගේ වැරැද්ද නිසා තමයි පක්ෂයට මෙහෙම වුණේ. අපේ නායකයාගේ මතයට ජනාධිපති එකඟ වෙන්නේ නැත්තම් අපි රට ගැන හිතලා පක්ෂය ගැන හිතලා තීන්දු තීරණ ගන්න ඕන. අපි තවම හිතනවා අපේ නායකයා මේ වෙලාවේ සෘජුව ජනාධිපති එක්ක අදාළ කාරණා කතා කරයි කියලා. ඊට පස්සේ රටට හරිදේ කරයි කියලා.

නායකයා හොඳ නැත්තම් ඒ කාරණා පක්ෂය ඇතුළේ නේද විස¼දාගන්න ඕන..?

ඔව්. අපි ඒක තමයි කරන්නේ.

එහෙම නම් පක්ෂයේ පසුපෙළත් එක්ක විපක්ෂයට යනවා කියන්නේ. වෙනත් බලවේගයක් හදන්නද උත්සාහ ගන්නේ..?

අපි මේක ඊයේ පෙරේදා ගත්ත තීන්දුවක් නෙවෙයි. අපි දීර්ඝ කතිකාවක් කරලා දීර්ඝව සාකච්ඡා කරලා දීර්ඝ කාලයක් පක්ෂය තුළ හැලහැප්පීම් කරලා ගත්ත තීන්දුවක්. අපේ හඬට ඇහුම්කන් දෙන්නේ නැති නිසා තමයි අපි මෙහෙම හැසිරෙන්නේ.

පක්ෂය තුළ අර්බුදයක් නිර්මාණය කිරීමේ උත්සාහයක ප්‍රතිඵලය නෙවෙයිද මේ වෙන්නේ..?

නැහැ. අපට පක්ෂය තුළ අර්බුද නිර්මාණය කරන්න අවශ්‍ය නැහැ. ඒක පක්ෂ නායකත්වය තේරුම් කර ගන්න ඕනෑ. අපේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න අපට අවස්ථාවක් දෙන්න ඕන. අපේ හෘද සාක්ෂියට මුවාවෙලා විශේෂයෙන්ම පක්ෂ නායකත්වය ආරක්ෂා කරනවා කියා හිතාගෙන පක්ෂය, රට විනාශ කරනන් දෙන්න බැහැ. මේක අපේ පක්ෂයක් නෙවෙයි. රට අපට විතරක් අයිති එකක් නෙවෙයි. ඒ ගැන හිතලයි කටයුතු කරන්නේ. ඒකයි අපි එළියට බහින්නේ.

එජාපයෙන් කී දෙනෙක් එළියට බහිනවද..?

තවම ඒක කියන්න බැහැ.

විශ්වාසභංගයේදී හිටපු පසුපෙළ මන්ත්‍රිවරු සියලු දෙනාම ඉන්නවද මෙතැන..?

එතැන ඒ සියලු දෙනාම නැහැ. සමහර අය සටනේ ඉඳලා විවිධ වරදාන වරප්‍රසාද එක්ක සටන පාවා දුන්නා. නමුත් බහුතරයක් අපි එක්ක ඉන්නවා.

කී දෙනෙක්ද..?

ඒක දැන්ම කියන්න බැහැ. මේ බහුතරය පසු පෙළේ ඉන්න අය තමයි. පක්ෂය තුළ කණ්ඩායම් රැස්වීමේදී මේ කණ්ඩායමේ කිහිපදෙනෙක් එළියට ආවා. ඒ රැස්වීමේදී පසුපෙළ මන්ත්‍රිවරු කතා කළේ ඉතාම ආවේගයකින්, කනගාටුවකින්, කලකිරීමකින්. ඒ නිසා කවදාවත් පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී නොතිබුණු අදහස් ප්‍රකාශ කිරීමක් තමයි සිද්ධ වුණේ.

ඔබලාගේ සහායට මැති ඇමැතිවරු ඉන්නවාද..?

ඔව්. දෙවැනි පෙළ සහ ඉදිරිපෙළ මැති ඇමැතිවරු අපේ සහායට ඉන්නවා.

එජාපයෙන් වෙන්වෙන කොටස යන්නේ පොහොට්ටුවටද..? ශ්‍රී ලනිපයටද..? නැත්තම් එස්.බී. ඇමැතිවරයා කියන පරිදි එජාපයේ ඉවත්වන 16 දෙනාට එකතුවෙනවද..?

අපි කවදාවත් 16 කණ්ඩායමට යන්නේ නැහැ. 16 කණ්ඩායමට අද යනඑනමං නැහැ. 16 කණ්ඩායම සෙල්ලම් කරපු විදිය කොහොමද කියලා මුළු රටේම ජනතාව දන්නවා. ඔවුන් 16 දෙනාගෙන් බහුතරය එස්.බී. වගේ ලැයිස්තුවෙන් ආපු අය. ඩිලාන් පෙරේරා පින් ඇමැතිවරයෙක් විදියට ඒ බලය භාවිත කරන්නේ තමන්ගේ වාසියට. ඒ කණ්ඩායම දකින හීන සම්පූර්ණ කරන්න එජාපයේ මැති ඇමැති කණ්ඩායම කොහොමත් එකඟ වෙන්නේ නැහැ. අපි පොහොට්ටුවට යන්නෙත් නැහැ. ශ්‍රී ලනිපයට යන්නෙත් නැහැ.

ශ්‍රී ලනිපයේ අයත් ඔබලා සමඟ එකතුවෙනවා නේද..?

ශ්‍රී ලනිපයේ ඉන්න මැති ඇමැතිවරු 8 දෙනෙක් පමණ එජාපයෙන් ඡන්දය ඉල්ලලා ආණ්ඩු පිහිටුවන්න අනාගතයේදී කටයුතු කරයි.

ශ්‍රී ලනිප මහ ලේකම් සන්ධාන, මහ ලේකම් ඒ 8 දෙනා අතර ඉන්නවාද..?

ඒ දෙන්නයි තවත් බොහෝ දෙනෙක් එතැන ඉඳියි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධ වුණු මහින්ද රාජපක්ෂ ගාවට යන්න බැරි කණ්ඩායමක් ශ්‍රී ලනිපයේ ඉන්නවා. ඒ අය එජාපය සමඟ ඉදිරියට යයි.

ඒ අයත් එජාප පසුපෙළ සමඟ එකතු වෙනවද..?

අපි වෙනම ඉන්නවා.

ශ්‍රී ලනිපයේ අයත් ඔබලා සමඟ ඉන්නවාද..?

අපි හරිමඟ ගියොත් අපට සහාය දෙයි කියන විශ්වාසයෙන් අපි ඉන්නවා.

ඔබ කණ්ඩායමේ නායකත්වය කවුද ගන්නේ..?

මෙතැන සියලු දෙනාම නායකයෝ. සියලු දෙනාගේම අරමුණ තියෙන්නේ රටේ අනාගතය ගොඩගන්න පුළුවන් අත්වල කුණු ගෑවුණේ නැති කැත ගෑවුණේ නැති පැහැදිලි වූ නායකත්වයක් තමයි අපි 2020ට ඉදිරිපත් කරන්නේ. අපට ඒ මොහොතේදී පක්ෂයක් පාටක් නැහැ. රටේ ඉදිරිය දකින නායකයකුයි අපට ඕන. කැනඩාවේ නායකත්වයට පත්වුණේ සුළු පක්ෂයක සිටි අවුරුදු 35ක තරුණ අයෙක්. ඒ වගේ නායකයෝ අපට ඉන්නවා. ඒ වගේ දේශපාලනය කරන කෙනෙක් අපට ඉන්නවා. ඒ හැමදේම ඇති නායකයෙක් 2020ට අපි ඉදිරිපත් කරනවා. මේ නායකයා තෝරා ගන්න අපි සතුව විශාල යෝජනා මාලාවක් තියෙනවා. වැඩපිළිවෙළක් තියෙනවා. ඒ යෝජනා මාලාවට අපේ වැඩපිළිවෙළට එකඟ නායකයෙක් අපි 2020ට ඉදිරිපත් කරනවා.

අන්තිමට රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස වගේ චරිතයක් ඔය වැඩපිළිවෙළින් ඉදිරිපත් වෙයිද..?

නැහැ. සමහර විට ඔය තුන්දෙනාගෙන් කවුරුත් නොවෙන වෙනස් චරිතයක් වෙන්නත් පුළුවන්.

2015 පොදු අපේක්ෂකයා ගෙනාවෙත් ඔහොම තමයි. ආයිත් පොදු අපේක්ෂකයෙක්ගෙන් වැඩේ අනාගන්නද හදන්නේ..?

2015 පොදු අපේක්ෂක වැඩේ අපට වැරැදුණා. ආයෙත් ඒ වැරැද්ද ඇති නොවන්න ශක්තිමත් වැඩපිළිවෙළක් එක්ක ගිවිසුමක් ගහලා මහ නායක හාමුදුරුවන්ගේ ආශීර්වාදය එක්ක දෙන පොරොන්දු රටට හෙළි කරලයි මේ පාර වැඩේ කරන්නේ. මොකද අපි මේ තරම් කාලයක් දැක්කේ පොරොන්දු දෙනවා විතරයි. ඉටු කරන විදියක් දැක්කේ නැහැ. ඒ නිසා අපේ අලුත් අපේක්ෂකයත් පොරොන්දු කඩකළොත් ඔහුට රටේ ජීවත්වෙන්න බැරි විදියේ කොන්දේසි මාලාවක් තියෙනවා. අලුත් නායකයා එක්ක ගිවිසුමකින් උසාවියක් ඉදිරිපිට හෝ අස්සන් කරලා වැඩේ පටන් ගන්නවා.

වැඩේ හරියට කරගන්න පුළුවන් වෙයිද..?

ඔව් ගිනිපෙල්ලෙන් බැට කාලා ඉන්න අපට කලාමැදිරි එළිය දකිනකොටත් බය හිතෙනවා. ඒ නිසා අපි මේ පාර කරන වැඩේ හරියට කරනවා.

එජාපයෙන් අයින් වෙනවා නම් වෙනත් පක්ෂයක් හෝ සලකුණක් තිබිය යුතුයි. මොකක්ද අලුත් පක්ෂය..?

දැනට අපි එජාපය තුළ රැඳෙනවා. එජාපය තුළ ඉඳිමින් අපි නිර්මාණය කරන්නේ ඕනෑම පක්ෂයකින් අපේක්ෂකයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා 2020ට ඉදිරිපත් වෙන නායකයා කිසිදු චෝදනාවක් නැති වැරැදි නොකරපු කෙනෙක් වෙනවා. ඔහු රටේ දේපොළ අයථා විදියට පාවිච්චි කළ කෙනෙක් නෙවෙයි. ප්‍රාදේශීය සභා, පළාත් සභාත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වරප්‍රසාද වැඩිපුර නොදෙන ඒ අයගෙන් රටට වැඩක් ගත හැකි අයෙක් මේ රටට අවශ්‍යයි. එහෙම නායකයෙක් තමයි අපට ඕන.

ඔබ කියන තැනට යන්න පක්ෂයක් වෙනම ජනමතය ශක්තිමත් අත්තිවාරමක් ඕන. ඒත් එජාපයෙන් එළියට ගිහින් ජනමතයක් ගොඩනඟාගන්න පුළුවන්ද..?

අපි මෙතැනදී හැමෝගෙම සහාය ගන්නවා. මේ වනවිට සිවිල් සංවිධාන කිහිපයක් දැන් අප එක්ක එකතු වෙලා තියෙනවා. මෙතැනදී සියලු දෙනාගේ ඒකායන අරමුණ වන්නේ පක්ෂ පාට මොකක්ද කියන එක නෙවෙයි. මේ රට ඉදිරියට ගොඩගන්න පුළුවන් කාටද කියන කාරණා අප තේරුම් ගත යුතුයි. ඒ නිසා රටේ ජනතාව බලාගෙන ඉන්නේ වර්තමානයේ රට ඉදිරියේ තියෙන අභියෝග ජයගන්න පුළුවන් කාටද කියායි. දැන් ඉන්න නායකයෝ කාටවත් රට ගොඩගන්න බැහැ කියන එක රටේ ජනතාව දන්නවා. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහව ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ඒ නිසා රටේ ජනතාව ඉල්ලන්නේ පක්ෂය කියන කාරණාව නෙවෙයි. රටට හොඳ රට ගොඩගන්න හැකි තරුණ නායකයෙක් තමයි රටට ඕන.

ඒ නායකයා තෝරාගෙනද ඉන්නේ..?

අපට නම් කරන්න බැහැ. අපි පුද්ගලවාදී වෙලා නැහැ.

එහෙම නායකයෙක් ගැන හිතල තියෙනවාද..?

තවම නැහැ. එක එක්කෙනා ළඟ එක එක අදහස් තියෙන්න පුළුවන්. අපට අවශ්‍ය අපේ වැඩපිළිවෙළ එක්ක අපේ අරමුණු එක්ක අලුත් නායකයෙක් එක්ක ඉදිරි ගමන යන්නයි.

කවද්ද එජාපයෙන් ඉවත් වෙන්නේ…?

එජාපයෙන් ඉවත් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. සමහර විට ශ්‍රී ලනිපය තුළ ඉන්න පුළුවන්. කොහොම හිටියත් අලුත් වැඩපිළිවෙළ අලුත් නායකයා එක්කයි යන්නේ.

එජාප ආණ්ඩුව යටතේ ජනතාව මත බදු ගහලා බර පටවලා මේ විදියට ඉදිරි මාස 18 යන්න පුළුවන්ද..?

බදු ගහලා යන ගමන තුළ ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙලා තියෙනවා.අපි ගෙන ආපු සමහර යෝජනාවලට ශ්‍රී ලනිපයෙන් බාධා ආවා. ආර්ථික කමිටුව අගමැතිවරයා යටතේ තිබුණේ. නමුත් ලහි ලහියේ ජනාධිපතිවරයා ගැසට් එකකින් පවරා ගත්තා. මීට අමතරව අපේ වැඩපිළිවෙළවල් රාශියක් නැවතුණා. ඒක පුද්ගල සහ පක්ෂ ජයග්‍රහණය වෙනුවෙන් වෙච්ච දේවල්. ඒකෙ බලපෑම ජනතාවටයි මුහුණ දෙන්න සිදුවුණේ. 2015ට පෙර මේ රටේ තිබුණු බඩු මිල ගැනත් හිතන්න ඕන. අපි රට භාරගත්තේ විශාල ණය කන්දක් එක්ක. ඒ නිසා අපේ තිබුණ දුර්වලකමත් එක්ක ජනතාව මත බර පැටවිලා. අපි කිව්ව දේවල් හරියට කළා නම් මේ රට මීට වඩා හොඳ තැනක තියෙනවා.

කැබිනට් සංශෝධනය ගෙන ආවේ හරියට වැඩේ කරන්න. ඒත් වෙනසක් නෑනේ..?

පැහැදිලිවම කැබිනට් සංශෝධනයෙන් වුණේ හිසේ ඇම්මට කොට්ට මාරු කරනවා වගේ දෙයක්. මේක කරන්න තිබුණේ මෙහෙම නෙවේ. මේ ආණ්ඩුව ගේන්න කැපවුණු මේ ආණ්ඩුව රැකගන්න අපේ අයට කිසිදු දෙයක් අද ලැබිලා නැහැ. ඔවුන්ට තමයි ආණ්ඩුවේ අයිතිය තියෙන්නේ. නමුත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමාගේ හීනය සැබෑ කරගන්නයි හදන්නේ. එතුමා අවුරුදු 5යි කියලා ඇවිත් දෙවැනි පාර ගැනත් හීන මවනවා. ඒ අරමුණ තුළ එතුමාගේ අදහස් ඉෂ්ට සිද්ධ කරගන්න කරපු කැබිනට් සංශෝධනයක් තමයි මෙවර කළේ.

විශ්වාසභංගයෙන් අගමැතිවරයාව බේරාගත්ත එක අපරාධයක් කියලා හිතෙන්නෙත් නැද්ද..?

පක්ෂයක් විදියට පක්ෂය නියෝජනය කරන අපේ නායකයාව ජයග්‍රහණය කෙරෙව්වා. මොකද අපේ ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කළ යුතු නැහැ කියන මතයේ හිටියා. ඒ නිසා අපි ඒ තීන්දුව ගත්තා. පක්ෂ නායකයා පක්ෂය විසින්ම එළවා ගත්තා කියන කාරණාව ඉෂ්ට කළ යුතු නැහැ. අපි ඒ වෙලාවේ ආපු බලවේග පරාජය කළා. අපි ඒ වෙලාවේ නායකයා බේරාගත්තා. එසේ නම් නායකයාගේ යුතුකම තමයි පාක්ෂිකයා සහ අපිව බේරාගන්න එක.

පොරොන්දු ගොඩක් දුන්නනේද..?

ගොඩක් පොරොන්දු දුන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ පොරොන්දු කඩ කළා. අපිව මුළා කළා. අපිව රැවැට්ටුවා. අපිව රැවැට්ටුවා ඇති. දැන් රට රවට්ටන එක එතුමා නතර කළ යුතුයි. මම ඒක එතුමාගෙන් කණ්ඩායම් රැස්වීමේදී ඇහුවා. නමුත් අපට පිළිතුරු දුන්නේ නැහැ. මේ නායකත්වය සමඟ ඉදිරි ගමන යනවා නම් නායකත්වය අපේ යෝජනාවලට රටේ ඉදිරි වැඩපිළිවෙළට සවන් දෙන්න ඕන.

පක්ෂයට කළු පැල්ලම එකතු කරන්න අකැමැති නිසා විශ්වාසභංගයට සහාය දුන්නට දැන් පක්ෂය ඇතුළේ කරන සටනින් කළු පැල්ලමක් එකතු වෙන්නේ නැද්ද..?

අපි පක්ෂ නායකයා ඉවත් විය යුතුයි කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදීව. එක හෙළාම කිව්වේ නැහැ ඔබතුමා අයින් වෙලා ගෙදර යන්න කියලා. අපි කිව්වේ පක්ෂ නායකකම කෘත්‍යාධිකාරි මණ්ඩල සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඡන්ද විමසීමකින් තෝරමු කියලා. අපි ක්‍රමවේදය කිව්වා. නමුත් නායකයා එක්ක සටනට එන්න එජාපයේ ඉන්න සමහර අය බිය වුණා. නමුත් අපි හිතුවේ පක්ෂය තුළ ඉන්න දෙවැනි පෙළ නායකයා සටනට එයි කියලා.

සජිත් ප්‍රේමදාස ගැනද කියන්නේ..?

කවුරු හෝ සටනට එයි කියලා. අපි හිතුවා මම නායකත්වය භාරගන්න සූදානම් කියලා. නමුත් එහෙම දෙයක් සිදුවුණේ නැහැ. ඒක නිසයි අපි අලුත් වැඩපිළිවෙළකට යන්නේ. දෙවැනි පෙළ නායකයාට පක්ෂ නායකකම අරගෙන රටේ නායකයා වෙන්න වුවමනා නැත්තම් අපි වෙනත් බලවේගයක් හරහා රටට පිළිගත හැකි නායකයෙක් සොයා ගත යුතුයි.

ගමේ ජනතාව ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහතාව. එතකොට මොකද වෙන්නේ..? සජිත්ට එජාපය පසුපෙළ මන්ත්‍රි සහාය ලැබෙන්නේ නැද්ද..?

එතුමා ආවොත් දිනනවා කියන එක අපේ හදවතෙත් තියෙනවා. හැබැයි එතුමත් මේ මොහොතේ එජාප පාක්ෂිකයාගේ ඉල්ලීමට ඉදිරිපත් වෙන්න ඕන. එතුමා ඉදිරිපත් නොවී එතුමා කල් වරනවා නම් අපට ඒ මත්තේ නහින්න බැහැ. අපට ඕනෑ 2020 වෙද්දී නායකයෙක්. අපට විකල්පයක් ඕන. සජිත් මහත්තයාටත් බාධක ඇති. නමුත් එතුමා ඒ බාධක බිඳලා ආවොත් අපේ වැඩපිළිවෙළට එතුමා කැමැති නම් එතුමත් සුදුස්සෙක් වෙයි ඉදිරියට.

සටන් කරලා අන්තිමට තනි වෙන්න වුණොත් මොකද වෙන්නේ..? දේශපාලන අනාගතයට මොකද වෙන්නේ..? පටන් ගත්ත තැනින්ම වැඩේ අවසන් කරන්න වෙයිද..?

දේශපාලනය ආරම්භ කරනකොට මට වට කරලා ගැහුවා. දැනුත් ඒක සිදුවෙනවා. දේශපාලනයේදී අත් උදවු දුන්නා කියන්න වැඩි පිරිසක් මට නැහැ. මම මුල ඉඳලම අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. මට වරප්‍රසාද නැහැ. මම ඉන්නේ ලොකු ආර්ථික අපහසුතා මැද්දේ. මම තාම ඉන්නේ කුලී ගෙයක. නමුත් ඒවා ප්‍රශ්න නෙවෙයි.

ඊට එහා ගිය රටේ ප්‍රශ්න ගොඩක් අපට විස¼දා ගන්න තියෙනවා. මට එන ප්‍රශ්න මට ප්‍රශ්නයක් නෙවෙයි. දේශපාලනය කියන්නේ මගේ සමාජ සේවය. ඒ සමාජ සේවය වෙනුවෙන් ඕනෑම දෙයක් මට කැප කරන්න පුළුවන්.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක

2 Responses to “රනිල් වික්‍රමසිංහ පොරොන්දු කඩ කළා අපිව රැවැට්ටුවා රට රවට්ටන එකත් එතුමා නතර කළ යුතුයි-බදුල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි”

  1. Ratanapala Says:

    None of these idiots can understand that the agenda of the UNP is to make Sri Lanka a cat’s paw of the Western Christian powers. Bills get passed in parliament that slowly but surely diminish our sovereignity by handing over our freedoms to these powers.

    The promises given are just that – promises to mislead the idiotic voters and surely idiots such as this young politician who is extremely naive to what Ranil Wickramasinghe has in mind. Slowly but surely the Yahapalana team which has been put in place with the express intent of getting the necessary two thirds majority in parliament. EVEN THE UNP DOES NOT KNOW WHAT RANIL HAS IN MIND. HIS TRAITOROUS AGENDA IS ON THE MARCH.

    The Central Bank Bond Scam was just the beginning. It was carried out for the express purpose of financing – or rather bribing politician to get their votes to pass these bills in parliament. Idiots in Sri Lanka think that the Bond Scam happened on 27 Feb 2015. If properly investigated it will come to light that it was planned well ahead of the 2015 Presidential Elections and at the same time they were looking for the “Common Candidate”! Sirisena who became the Common Candidate is just the cat’s paw they needed to get the agenda moving. This simpleton of a lack lustre politician still cannot understand that he is only a decoy; that the votes he got in Jan 2015 were not for him, but simply anti- Mahinda Rajapakse votes capped at the end with Minority Racist Tamil votes and Islamic religious extremist votes.

    They are in the process of accomplishing this agenda. Bills that are inimical to the future wellbeing of Sri Lanka are getting through the parliament without parliament and sometimes not even the Cabinet knowing. I was flabergasted to hear how the recent trade agreement with Singapore got through to signing – all behind the back of the nation, back of the parliament and the back of the Cabinet.

    This government is slowly in the process of making Sri Lankans paupers and helpless in the face of the world – their food security gone, national security gone. Only thing they have inherited are extra loans and a hefty tax burden. When the nation goes to pieces with Tamil racism raising its head in the North and Islamic economic clout, land grabbing following closely behind, it becomes a recipe for disaster and the end of Sri Lanka as we know it.

  2. Ancient Sinhalaya Says:

    This spineless traitors are too scared to get rid of the biggest traitor ever in the history of the country traitor chief die
    hard catholic token Buddhist Bay gal karaya mega thief mega thakkadiya walking crime bomb with the timer set for
    10-20 years Batalande Wandakaya Pol Pot r@ni_leech wickrama Sinhala killer. The fear these traitor have shows
    when they address the YAMA PALLA ‘ethuma’. Ethuma to a traitor low life who has done only destruction of Buddhism,
    Sinhalese race and Sri Lanka in the last 40 years. Sadly traitor YAMA PALLA isn’t finished yet. It will dismember
    Mother Lanka before traitor low life leave this world to rot in hell for 100s of 1000s of years for the sins it has
    committed.

    Traitor YAMA PALLA’s hands are soaked with Sinhalese blood, pockets are full of stolen money, mouth
    is full of garbage (every time the low life opens its mouth, it’s lies, lies and more lies; still a lot of Sinhala modayas
    revere the monster). These anti Sinhalese, anti Buddhist, anti Sri Lanka catholic run UNPatriotic_rats should get rid
    of this murderous, thieving, lying low lives for good if Sinhalese race, Sri Lanka and Buddhism to survive. So without
    beating about the bush, if you aren’t bold enough to get rid of traitor low life, at least leave this anti Sinhalese, anti
    Buddhist, anti Sri Lanka catholic run traitor UNPatriotic_rats if you are a Sinhalese!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress