රාජපක්‍ෂවරයෙකු ඉදිරි ජනාධිපතිවරණයේ දී තරග කිරීම ඇමරිකාවේ අභිලාෂය මතයි… එරට පුරවැසිභාවය ලෙහෙසියෙන් අවලංගු කල නොහැක.. ඇමරිකානු නිල නිවේදනය මෙන්න..
Posted on May 29th, 2018

lanka C news

මීලග ජනාධිපතිවරණය 2019 ජනවාරි 9 වෙනිදායින් පසුව වර්තමාන ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ඕනෑම අවස්ථාවක පැවත්විමට ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රතිපාදන ඇත.

එසේ නොවුවද 2019 නොවැම්බරයෙන් පසුව මැතිවරණ කොමිසම විසින් අනිවාර්යෙන්ම ඉදිරි ජනාධිපතිවරණයක් සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කල යුතු අතර කොමිසම විසින් 2020 ජනවාරි 8 වෙනිදාට පෙර නව ජනාධිපතිවරයා දිව්රුම් දීම සඳහාද අවශ්‍ය කටයුතු සූදානම් කල යුතුය.

වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය එදින අවසන් වෙයි.

කරුණු එසේ හෙයින් තව මාස 7 ක් වැනි කෙටි කාලයකින් පසු ඔ්නෑම මොහොතක කැදවිය හැකි ජනාධිපතිවරණයක් පැවත්වීමේ සටන සඳහා මෙරටේ ප්‍රධාන පක්ෂ විසින් තමන්ගේ අපේක්ෂකයන් සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ගත යුතුය.

රාජපක්‍ෂවරයෙකු ඉදිරි ජනාධිපතිවරණයේ දී තරග කිරීම ඇමරිකාවේ අභිලාෂය මතයි… එරට පුරවැසිභාවය ලෙහෙසියෙන් අවලංගු කල නොහැක.. ඇමරිකානු නිල නිවේදනය මෙන්න..

මේ වනවිට මෙරටේ ලාබාලම පක්ෂය මෙන්ම රටේ ජනතාවගෙන් බහුතර බලය දීනාගැනිමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් යුතු ශ්‍රීලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව සමත් වී ඇති අතර මෑතකදී පැවැති පලාත් පාලන මැතිවරණයේ දී දිවයින පුරා පිහිටි පලාත්පාලන ආයතන 341 න් 238 න් දීනගෙන 2/3 කට වඩා බලයක් ලබාගෙන ඇත.

ජනාධිපතිවරණයකදී එම එම පක්ෂයේ අපේක්ෂකයන් ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත පුද්ගලයෙකු නම් කෙරෙනු ඇති බවත් එම පුද්ගලයා රාජපක්‍ෂවරයෙකු වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවද දැනටමත් තොරතුරු හෙලිව ඇත.

කෙසේ වෙතත් ගෝටාභය රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන් දෙදෙනාම ශ‍්‍රි ලංකාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියන් වෙයි.

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මීට මාස 6 කට පෙර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රීලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා තම ඇමරිකානු පුරවැසිභාවය අත් හැරිමට අයදුම් කර ඇත.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඊට හිමි වනුයේ ඊට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇද්ද යන්න පරීක්ෂාකොට බලා අවසන් වශයෙන් ඇමරිකානු බලධාරීන් විසින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයකින් පසුව බව පැහැදිලිව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් දැකගත හැකිය. එම වෙබ් අඩවිය මෙතනින්

ඒ අනුව එරටෙහි රාජ්‍ය බදු සම්බන්ධයෙන් මෙන්ම දේශපාලන හා ආරක්ෂක වශයෙන් එරටට එම පුරවැසියාගෙන් සිදු විය හැකි තක්සේරුවක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙන්ම ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු අතර ඒ සඳහා අවම වශයෙන් වසරකට නොඅඩු වැඩි කාලයක් එරටෙහි අවශ්‍යතාවය සහ අදාළ පුද්ගලයාගේ අරමුණ සම්බන්ධයෙන් සිදු කරනු ඇත.

එමෙන්ම මොනයම් හේතුවක් නිසා හෝ ඇමරිකානු පුරවැසිභාවය අත්හරින්නෙකුට නැවත ඇමරිකාවට ඇතුලුවිමට අවශ්‍ය පහසුකම් සීමා කෙරෙනු ඇති බව ද එහි සඳහන් වේ.

මීට හොඳම උදාහරණයක් ලෙස මෙරටේ ඇමතිවරයකු ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ පසුගියදා එක්සත් ජාතින්ගේ සංවිධානය මහා සමුළුවට සහභාගි වීමට හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා විසා පහසුකම් ඉල්ලූ අතර ඒ සඳහා හෝ ඔහුට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා නොදුනි. දැනටත් ෆොන්සේකා අමාත්‍යවරයාගේ පවුලේ පිරිස ඇමරිකාවේ ජීවත්වන අතර මේ දක්වා ඔහුට ඇමරිකාවට ඇතුළුවීමට එරට ඉඩ ලබාදි නොමැත.

ඉහත කරුණු සලකා බැලීමේදී මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ පවුලේ සමාජිකයින් සිය දරුවන් ඇතුළු දැනට ඇමරිකාවේ පදිංචිව සිටින අතර පුරවැසි කම අතහැරියහොත් නැවත ඇමරිකාවට ඇතුළුවීම ඇහිරෙනු වනු ඇත.

එබැවින් ඉදිරි ශ‍්‍රි ලංකාවේ මීලග ජනාධිපතිවරණය සඳහා ඇමරිකානු පුරවැසිකම දරන්නෙකු ඉදිරිපත් වන්නේ නම් ඉදිරිපත් වන්නේ නම් එය රදා පවතින්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හා එරට ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කැමත්ත මත වනු ඇත.

2 Responses to “රාජපක්‍ෂවරයෙකු ඉදිරි ජනාධිපතිවරණයේ දී තරග කිරීම ඇමරිකාවේ අභිලාෂය මතයි… එරට පුරවැසිභාවය ලෙහෙසියෙන් අවලංගු කල නොහැක.. ඇමරිකානු නිල නිවේදනය මෙන්න..”

  1. Hiranthe Says:

    Chamal Rajapaksa will be an option with Gota taking the charge as his Secretary of State Affairs.

    Not a big problem!!

  2. Dilrook Says:

    If executive presidency stays, it is best to field a candidate from a fresh clan. Sri Lankans have so far not elected to president someone from a past clan. If Sajith contests against Chamal, Gotabaya or Basil, they cannot claim patriotic credentials as Sajith’s family have made far more sacrifices than them. LTTE killed his father.

    Even if 60% of Sinhalese reject the UNP candidate, he/she can still win the presidential election. This is the “beauty” of the presidential election.

    North and east will shut out local rival party (SLPP) election observers in the north and parts of the east as they did in 2015. UPFA could not find anyone to sit in those polling booths fearing for their lives. International observers and NGO observers support the UNP candidate and they will turn a blind eye to vote rigging in the north. It makes it even easier as the army has been pushed out of the north and east since 2011.

    There is also a move to give Sri Lankan citizens resident abroad voting rights – note the Tamil Diaspora. If this goes ahead, it will give the UNP candidate a tremendous advantage. If executive presidency stays, UNP will seriously consider this option.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress